ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ බුද්ධගයාවේ මහාබෝධි පන්සල ඉදිරිපිට බෝම්බ හයක් පිපිරීයාමෙන් ටිබෙට් ජාතිකයන් දෙදෙනකු තුවාල ලැබූ බව ඉන්දියා පොලීසිය කියයි. මහාබෝධි විහාරයට හෝ එහි ගොඩනැගිලි කිසිවකට හානි සිදුව නැතැයි පොලීසිය පවසයි. රජයේ අධිකරණ වෛද්‍ය නිලධාරින් හා රස පරීක්ෂකවරු ද පැමිණ පරීක්ෂණ ආරම්භ කැර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාව යනු බුදුන් වැඩ සිටි දේශයයි. එවන් පුණ්‍ය භූමියක මේ කරන අපරාධ වලට නිසි දඩුවම් නුදුරේදීම ලැබෙනු ඇත (නි)
ඇත්තටම මේ මොකද්ද මිනිස්සු ධාතු ධාතු කියාගෙන මෝඩකම් කරන්නේ? බුදුහාමුදුරුවන්ට ඕනෑ කලේ එයාගේ ධාතු තියාගෙන පුද පුජා ලබන්න නෙමෙයි. එතුමා කියා දුන් දර්ශනය අනුව ජීවත් වෙන්නයි. මේ රටේ මෙතරම් දුරාචාර සිදුවන්නේ මිනිස්සු බුදුදහම වැරදියට තේරුම් ගත්ත හින්දයි (නි)
ආ... ඉන්දියාවේද? බෝම්බද? නෑ මුකුත් නෑ. රතිඤ්ඤා වගේ විනෝදෙට සද්ද පුජාවට පත්තු කොරලා වෙන්ට ඇති. (නි)
ලංකාවෙත් මෙහෙම දෙයක් වුනානේ (දඹුල්ලේ ) ඒකේදී නම් බෝම්බ නෙමෙයි වෙන විදියකට වුනේ. ඒ වගේම වෙන ආගමකට වුනේ. අනේ ඉතින් කල කල දේ පල පල දේම තමයි ඉතින් (නි)
ඉන්දියාවෙ ගිහින් ඒ තැන් බලාගත්තම දැනෙන්නෙ පුදුම සැනසීමක්. ඒක තේරෙන්න නම් ගිහිල්ලම බලන්න ඕනෑ. මේ ප්‍රශ්න හැමදාම තියෙන්නෙ නැහැනේ. ඒව අඩු වුනාම පුලුවන් හැමෝම යන්න. (නි)
මේවායේ වගකීම ගන්න ඕනෑ අහිංසක ජනතාව නෙමෙයි, ජනතාවට සේවය කරන්න ආවා කියන වංචාකාර දේශපාලුවෝ (නි)
දෙවිවරු ඉන්න තැනක නම් ඇයි මේවා වෙන්නෙ? (නි)
පුජනීය ස්ථාන වලට බෝම්බ ගහන්න තරම් මිනිස්සු පහත් තත්වයට වැටිලා. කණගාටුයි (නි)
බුද්ධගයාව ඉන්දියාවට දැන් එපා වෙලා වගේ. අර කිවුවත් වගේ මොකද අපිට ලංකාවේ වන්දනා මාන කරන්න බැරී. (නි)
ගෞතම බුදු මහිමයෙන් ආරක්ෂා වෙලා, තුවාල ලැබූ අයට ඉක්මන් සුවය ලැබේආ!! ඒ වගේම මේක කරපු අයට මේ සසරෙදීම මෙහි ප්‍රතිවිපාක අත්වේවා!! (නි)
කරන කලට පව් මිහිරිය මී සේ විදින කලට දුක් දැඩි වෙඉ ගිනි සේ (නි)
ඉන්ධිය වන්දනා ගමන වහාම නවත්වන්න,ලංකාවේම වන්දනාමාන කරන්න. (නි)
ඉන්දියාවට පැනපු කොටි හොල්මන් තමයි මේ. කනගාටුව මේ ගැහුවේ සිංහල බෞද්ධ අපට නොව බලගතු ඉන්දියාවට නිසයි. කරපු කට්ටිය පරෙස්සමෙන්. දිට්ට දම්ම වේදනීය කර්මේ දන්නවා ඇතිනේ (නි)
බුදුගුණ අනන්තයි! (නි)
මෙවැනි දේවල් වෙන්න පුළුවන් කියලා මම කලින් කිවුවහම මට බැනලා ප්‍රතිචාර දාලා තිබුණා. කොහොම වුනත් ජීවිත හානි නොවීම සතුටට කරුණක්. තුවාල ලද්දවුන්ට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු! (නි)
ගෞතම බුදුන්ගේ සියළුම ධාතූන් වහන්සේලා වැඩ සිටින සිරි ලංකාවේ බෞද්ධ පුදබිම් වන්දනා මාන නොකර ඉන්දියාවේ මොනවා බලන්න යනවද මන්දා? (නි)
දළදා මාලිගාවට බෝම්බ ගහපු පවුකාරයන්ට වෙච්ච වැඩේ අපි කවුරුත් දන්නවනේ.කර්මය තමන්ගේ හෙවනැල්ල වගේ පස්සෙන් එන බව නොදන්නා කට්ටිය ඕක කරනවා.කර්මය අත්දුටුවයි.ප්‍රත්‍යක්ෂයි (නි)