IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


බුද්ධගයාවට යන්නෙත් පයින්

ඇමැති සජිත් ප්‍රේමදාස මහනුවර ශ‍්‍රී දළඳා වහන්සේ වැඳ, අස්ගිරි මල්වතු මහ නාහිමිවරුන් හමුවී නව රජය ක‍්‍රියාත්මක කිරීමට යන නිවාස යෝජනා වැඩ සටහන සම්බන්ධව දැනුම්වත් කර අවවාද අනුශාසනා ලැබුවේය.

සජිත් පේ‍්‍රමදාස මහතා අස්ගිරි පාර්ශවයේ මහනායක උඩුගම බුද්දරක්ඛිත මහනාහිමියන් හමුවේ පවසා සිටියේ මින් ඉහතදි රජයන් විසින් නිවාස ලාභින් සදහා රජයට අවශ්‍ය ආකාරයට නිවාස සැදුවත් නිවාස 50000 නිවාස යෝජනා ක‍්‍රමය යටතේ එම නිවාස හිමියාට අවශ්‍ය ආකාරයට පහසුකම් සියල්ල ලබා දෙන බවත්ය.

දළඳා මාළිගාව අසලින් ඇති මාර්ගය වත්මන් ජනාධිපති විවෘත කිරීමට යන බවට මතයක් ඇති නමුත් එම මාර්ගය විවෘත කිරීමට අවශ්‍යව ඇත්තේ නීතිඥරුවන්ටත්, වෛද්‍යවරුන්ටත් බව නා හිමියෝ කීහ. වාහන ඇති අයට මේ මාර්ගය විවෘත කර ගැනිමට වුවමනාවී ඇති බව නොබියව ප‍්‍රකාශ කරන බවත් බුද්ධරක්ඛිත හිමියෝ ඇමැතිවරයා සමග පැවසූහ.

‘‘ඉන්දියාව වගේ රටවල බුද්ධගයාවට පැය භාගයක් පයින් යන්න ඕන. ලූම්බිණි විහාරයට එදා වගේ නෙමේ හැතැම්ම භාගයක් විතර පයින් යන්න ඕන.ටජ්මහල් වගේ දේවල් ආරක්ෂා කරල තියෙන්නෙ අන්‍ය ආගමිකයින්. නමුත් අපේ රටේ බෞද්ධයින් යැයි කියා ගන්නා කොටසකට ඕන සිද්ධස්ථානය ළඟටම ගිහින් බහින්න.පොලිස්පතිතුමා මට ඇවිල්ල කතා කළා මේ මාර්ගය අරින්න ඕන කියලා. මම එවෙලෙම ජනාධිපතිතුමාගෙන් ඇහුව ඔබතුමා කිවුවද කියල එතුමා කිවුව නැහැ කියලා. එවෙලෙම ඒ ක‍්‍රියාව ජනාධිපති තුමා නතර කළා‘‘

 



අදහස් (0)

බුද්ධගයාවට යන්නෙත් පයින්

කෝසල Tuesday, 17 February 2015 07:22 AM

එතකොට හාමුදුරුවනේ සිරිපාදේ නගින්නෙත් පයින් සිගිරි ගල නගින්න යන්නෙත් පයින්නේ. කළුතර බෝධිය ළඟිනුත් පාර වහල දමාවිද? මෙතන කරදරයට පත්වෙලා තියෙන්නේ සාමාන්‍ය ජනතාව පමණයි. ඔබ වහන්සේලා නම් බෙන්ස් එක මාලිගාව ඇතුලටම යන නිසා ඒ ගැන තැකීමක් නැහැ. අඩුම තරමේ ගිලන් රථ, පොලිස් රථ, ගිනි නිවන හමුදා රථ වත් මෙතනින් යන්න දුන්නොත් බුදුන්ගේ දර්ශනයට ගෞරවයක්. මාලිගාවේ සිදුවෙන දුෂිත කටයුතු වලට ඔබවහන්සේ කිසිම දෙයක් කියන්නේ නැහැ. මාලිගාවේ වටේ අඩියක් අඩියක් ගානේ තියෙන බාර් ගැන සද්දයක් වත් නැහැ. අනෙක මේ පාර විවුර්ත කරන්න කියල මල්වතු හාමුදුරුවොත් ඉල්ලුවා නේද? (නදී)

:       0       0

ඩිල්ෂාන් Tuesday, 17 February 2015 07:28 AM

ඉතින් විකල්ප පාරක් හදන්න බැරි මොකද? දළදා මාලිගාවට මිනිස්සු පයින් යන්න ඕනෑ. ජයවර්ධන පුර ළඟ පාරවල් වහන කොට හැමෝම කටවල් වහනවා. හාමුදුරුවෝ හරි. අලුතෙන් නගරයක් හදන්න පුලුවන් නමුත් අලුත් දළදා මාලිගාවක් හදන්න බැහැ.(නදී)

:       0       0

පැල්ෂියානි Monday, 16 February 2015 02:54 PM

පොලිස්පති තුමාට නියම පාර පෙන්නුවාට පින් හාමුදුරුවනේ. (අ)

:       0       0

හිත්තාගෙදර කුලරත්න Tuesday, 17 February 2015 07:31 AM

මහනායක හාමුදුරුවනේ අහිංසක රෝගීන් ගැනවත් හිතා මෙය විවෘත කරන්න (නදී)

:       0       0

කීර්ති- නුවර Monday, 16 February 2015 03:34 PM

අපේ හාමුදුරුවනේ ඔතනින් පාර අරින්න කියන්නේ මාලිගාවට යන්න නෙවේ. ඔය පාර වහල තියනනිසා නුවර මිනිසුන් පුදුම වදයක් විදින්නේ. වැව රවුමේ පාරේ පුදුම තදබදයක් තියෙන්නෙ. වෙන විකල්ප පාරවල් නැහැ. සිහින ව්‍යාපෘති ගැන බලා ඉන්නේ නැතුව මහජනතාවගෙ පැත්තෙන් බලමු. මේකේ කමෙන්ට් කරණ කීදෙනෙක් නුවර වාහන තදබදය ගැන දන්නවාද? (අ)

:       0       0

ගයන්ත Tuesday, 17 February 2015 02:04 PM

අදහස් කියැවූවිට මේ රට ගැන දුක හිතෙනවා. (නි)

:       0       0

සරත් Monday, 16 February 2015 03:46 PM

කීර්ති, ඒකට උදේ 7-8, දවල් 1-3, හවස 4-6 වෙලාවන් වලදී නුවර ඉඳලාම බලන්න ඕනෑනේ නේද? (නි)

:       0       0

හනීෆ් Monday, 16 February 2015 04:33 PM

මහනුවර මාතලේ දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම නවීකරණය කර කඩුගන්නාව සිට මහනුවරට ද්විත්ව දුම්රිය මගක් ඉදි කර කොලඹ මාතලේ දුම්රිය වාර කිහිපයක් වැඩි කලොත් මේ තදබදය සෑහෙන්න අඩුකළ හැකිය (නදී)

:       0       0

තරංග Tuesday, 17 February 2015 07:45 AM

මේ රටේ ඉන්න අයට අපේ කමට හෙන ගැහුවත් කමක් නැහැ ලාබෙට කන්න තියනවා නම්. දැන් පාර ඇරියම ඔක්කොම තදබද ප්‍රස්න විසදෙයි. ලංකාවේ ප්‍රදාන තම උරුමයක් රැක ගැනීම හා නිසි ගෞරවය වෙනුවෙන් පාරක් වැසීම හා එම අපහසුව විද ගැනීමටවත් හිත නතර වෙන්නේ නැහැ. විසදුම පාර ඇරීම නෙවේ විකල්පයක් කඩිනමින් ස්තාපිත කිරීමයි. මේකේ කොමෙන්ට් දාන පාර අරින්න හදන අයට එ්ක තේරෙන්නේ නැද්ද ? (නදී)

:       0       0

චූලා Monday, 16 February 2015 04:47 PM

කීර්තිගේ අදහස අනුමත කරනවා. මහනුවර සිට දිගන පැත්තට යන සහ එන වාහන පාසල් / කාර්යාල වෙලාවට පැය ගණන් වැව රවුමේ රස්තියාදු වෙනවා. දැවෙන ඉන්ධන ප්‍රමාණය අධිකයි. හදිසි ලෙඩෙක් ඒ වෙලාවේ මඟ මැරෙනවා. මහනුවර නගරයේ වායු අපවිත්‍රතාවය ඉතා ඉහළයි. මෙම පාර වැහුවේ කොටි තර්ජන කාලේ, දැන් ඒ ප්‍රශ්න නැති නිසා අරිනවා නම් හොඳයි (නි)

:       0       0

අබේ-ටෝකියෝ Monday, 16 February 2015 04:56 PM

මහනායක හාමුදුරුවනේ, ඔබ වහන්සේගේ අදහසට අපේගේ ප්‍රණාමය! දළදා මාළිගාව බොදු අපෙගේ මුදුන් මල්කඩකි. එය රැකගැනීම අපගේ වගකීමකි (නි)

:       0       0

ඇසිලින්නෝනා Monday, 16 February 2015 05:04 PM

තදබදය ගැන දන්නවාද? (ස)

:       0       0

අසෝක Monday, 16 February 2015 05:11 PM

ඔබ වහන්සේගේ අසපුව ළඟ තියෙන ට්‍රිනිටි කලබ් එකේ අරක්කු විකුණන්න නම අවසර ලැබිලා. හදිසියකට ලෙඩෙක් රෝහලට ගෙනියන්න පාර අරින්න බැහැ. ඔබවහන්සේ නම් පයින් යන්නේ නැහැනේ. මාලිගාව ඇතුලටම බෙන්ස් එකෙන්නේ යන්නේ. මල්වතු හාමුදුරුවොත් කියුව මේ පාර අරින්න කියල. මෙහෙම කරණ එක හරිද ? (ස)

:       0       0

මනෝජ් Tuesday, 17 February 2015 08:12 AM

වැව රවුමේ පාර අයිනේ සුදු ඉර වහගෙන නවත්වල තියන වාහන ඉවත් කරලා කොට කොට යන බස් වල වේගය වැඩි කරානම් නිකන්ම තදබදය අඩු වෙනවා. මමත් වැව රවුමේ වැඩ කරන කෙනෙක්. පොඩ්ඩක් බලන්න පුද්ගලික වාහන වැව රවුමේ නවත්වල තියෙන විදිය. ලොකු ලොක්කන්ගේ වාහන වලට දඩ කොළ දෙනවා නම් පොලිසියේ මහත්වරුනට තදබදයට ඉක්මන් පිළිතුරක්. (නදී)

:       0       0

ධම්ම Monday, 16 February 2015 05:53 PM

උන්වහන්සේ කියන දේ හොඳින් අහන්න. බාගෙට අහන්නේ නැතුව. විකල්ප මාර්ග ගැන උන්වහන්සේ යෝජනා කරනවා. ඒ ගැනයි අවධානය යොමුකරන්න ඕනෑ. (නි)

:       0       0

සහන් Monday, 16 February 2015 06:13 PM

ශාසනය විහාරස්ථාන තියෙන්නේ මිනිසුන්ට ධර්මය, හරිමඟ කියලා දෙන්න මිසක් මිනිසුන්ට කරදරයක් වෙන්න නෙමෙයි. වටරවුම නිසා ඉන්ධන කොච්චර පිච්චෙනවද. වැඩකරන වෙලාව කොච්චර නැතිවෙනවද. අනවශ්‍ය කරදරයක් නිසා මනස කොච්චර කිළිටි වෙනවද. බුද්ධ ධර්මය නම් මෙය නොවේ. මිනිසා දුකෙන් මුදාගැනීමයි (නි)

:       0       0

දයාල් Monday, 16 February 2015 07:22 PM

අශෝක, තවවරක් කියවලා වීඩියෝ පටියත් බලන්න. මට තේරුනේ නම් පුරාණ දේ රැකගන්න පාරවහලා තියන්න කියලා. දුහුවිල්ලෙන්, ත්‍රස්තවාදයෙන්, ශබ්දයෙන් ආරක්ෂා කරගන්න. (නි)

:       0       0

සුදත් Tuesday, 17 February 2015 05:01 PM

නුවර ඉන්න අය නම් එයාලගේ වාසියට ඕනෑම දෙයක් කියයි. නමුත් දළදා මාළිගාව කියන්නේ අපේ රටේ මුදුන් මල්කඩ. එතන කොහොමත් අපි ආරක්ෂා කරන්න ඕනෑ. ඔතන පාර ඇරියහම වෙන පරිසර දුෂණය , ඒ වගේම වාහන දුම, නලා ශබ්දය , පුජා භූමියක් වෙන්නේ නැහැ දළදා මාළිගාව. අපේ මිනිසුන්ට ඕනෑ තමන්ගේ වැඩේ කරගන්න (නි)

:       0       0

කිරින්දහේන Monday, 16 February 2015 09:12 PM

පාර අරින්න. උදේට සහ හවසට කාර්යාල වලට යන අයටත්, පාසල් යන ළමයින්ටත් ලොකු සහනයක්. කිලෝමීටරයක් වැව වටේ වාහනයක් යන්න විනාඩි හතළිහක් යනවා. වදවිඳින මහජනයාට පාර ඇරලා සහනයක් දෙන්න (නි)

:       0       0

කුමාර Monday, 16 February 2015 09:21 PM

අපේ මුදුන් මල්කඩ වූ ශ්‍රී දළදා සමිඳුන් අපි ආරක්ෂා කළයුතුයි. ඔබ වහන්සේ සමඟ අපි නමස්කාර පුර්වකව ඉන්නවා. අශෝකලා වගේ අයට මෙය වැදගත් නැහැ. (නි)

:       0       0

කිරින්දහේන Monday, 16 February 2015 09:28 PM

මල්වතු හාමුදුරුවෝ හොඳින්ම දන්නවා පාර වහලා තියන නිසා මිනිස්සු විඳින දුක. අඩුමගානේ විකල්ප මාර්ගයක් හදනතුරුවත් මේ මාර්ගය අරින්න.කවුරුත් බැලිය යුත්තේ දුක්විඳින මහජනයාගේ පැත්ත (නි)

:       0       0

පාලිත Monday, 16 February 2015 09:37 PM

දැන් රට සාමකාමීනේ. එනිසා පාර අරින්න (නි)

:       0       0

ඉරෝෂ් Tuesday, 17 February 2015 09:03 AM

100% එකඟයි තාරකීගේ ප්‍රතිචාරය එක්ක (නදී)

:       0       0

සමන්ති Monday, 16 February 2015 11:55 PM

රාත්‍රී කාර් රේස් තියනකොට ඇයි මෙහෙම විරුද්ධ වෙන්න නොහැකිවුණේ? (නි)

:       0       0

පැහැසර Tuesday, 17 February 2015 12:46 AM

සජිත් මහත්තයා හැරෙද්දී දින 100 අවසන්වෙලා තියෙයිද දන්නෙ නැහැ. 50,000 පැත්තකින් තියලා ගෙවල් කිහිපයක්වත් හදන්න බලමු අපි. (නි)

:       0       0

ආනන්ද Tuesday, 17 February 2015 01:17 AM

කොටි ත්‍රස්තවාදයේ උග්‍ර අවස්ථාවට එනතෙක් ඉතා දීර්ඝ කාලයක් ඔය පාර ගමනාගමනයට විවෘතව තිබුණා නේද? මහජනතාවගේ ගමන් පහසුව පිණිස ඔය පාර විවෘත කිරීම ඉතාම අවශ්‍ය කරුණක් කියලයි මමත් හිතන්නේ. (නි)

:       0       0

අනුරුද්ධ Tuesday, 17 February 2015 02:09 AM

මේ පාර අරින්න අපේ හාමුදුරුවනේ. අධික ලෙස දුම්බොන මිනිස්සුන්ට හැදෙන ශ්වසන රෝග දැන් නුවර පාසල් වල ගැහැණු දරුවන්ටත් හැදෙන්න පටන් අරගෙන වාහන දුම නිසා. නිරෝගිමත් ජාතියක් රැකගන්න ඔය පාර ඇරලා පාසල් දරුවන්ට පිරිසිදුවට හුස්ම ඩිංගක් ගන්න දෙන්න. නුවරට හොඳටම ගැළපෙන්නේ ටෝකියෝ වල "යමනොදේ-සෙන්" වගේ රවුමට දුවන පුංචි විදුලි දුම්රිය ක්‍රමයක්. ඒත් ඒවා අවුරුදු 10ක‍ටවත් හැදේවි කියලා හිතන්න බැරි නිසා මේ වෙලාවේ කරන්න හොඳම දේ තමයි පාර ඇරලා වාහන තදබදය අඩුකරන එක. (නි)

:       0       0

නිපුණ Tuesday, 17 February 2015 02:14 AM

ආගම තියෙන්නේ මිනිසුන්ට පිහිට වෙන්න. (නි)

:       0       0

අශෝක Tuesday, 17 February 2015 02:28 AM

මමත් හිතන්නේ මේ පාර විවෘත කිරීමෙන් දළදා මාළිගාවට කිසිම අවහිරයක් වෙන්නේ නැහැ. දැනටත් උස යකඩ වැටක් ගහලා තියෙන්නේ. ඒක තවත් ශක්තිමත් කරලා නලා නාදකිරීම තහනම් කරලා පාර විවෘත කළා නම් වාහන තදබදය ගොඩාක් දුරට නතර වෙනවා. මහියංගණයට යන්න පැය දෙකහමාරක් යනවා. එයින් පැයක් විතර යනවා වැව රවුමේ යන්න වාහන තදබදය තියන වෙලාවට. (නි)

:       0       0

නඩරාජා Tuesday, 17 February 2015 10:07 AM

බුද්දගයාවේ පයින් ගියාට අපේ රටේ ඇමතියෙක් ලඟකදී කතරගම ගියේ හෙලිකොප්ටරයෙන් , ඡන්දෙට කලින් බන කියපු උදවිය, කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි (නදී)

:       0       0

පැතුම් Tuesday, 17 February 2015 02:48 AM

බුදු බණ අනුව අප වැඩ කළයුත්තේ ලෝකවාසීන් කෙරෙහි කරුණාවෙනි.මෙතන පාර වැසීමෙන් දුක්විඳින්නේ උදේ හවස රැකියාවට දුවන මිනිස්සුත්, පාසල් දරුවනුත්ය. අපිට කාලය ඉතාම වටිනවා.වාහන දුම වැඩිවීමෙන් නුවරට විශාල හානියක්ද සිදුවී තිබෙනවා. මෙයට තවම අවසර නැත්තේ ඔබවහන්සේගෙන් පමණයි.අප කෙරෙහි මෙත් සිතින් බලත්වා! (නි)

:       0       0

විද්‍යාචක්‍ර Tuesday, 17 February 2015 03:01 AM

නුවර ට්‍රැෆික් එකට වැඩිය සිංහල අපිට අපේ මුදුන් මල්කඩ වටිනවා. අපේකම වෙනුවෙන් අනාගත පරපුර වෙනුවෙන් පොඩ්ඩක් ඉවසන්න (නි)

:       0       0

රෝහණ මහලියනාරච්චි Tuesday, 17 February 2015 03:03 AM

මේකට විරුද්ධ වෙන්නේ නුවරින් පිට බොරු බෞද්ධයෝ (නදී)

:       0       0

එස්. කල්පගේ Tuesday, 17 February 2015 10:25 AM

පසුගිය කාලේ ධර්මයත් තමන්ගේ වාසියට යොදා ගත්තා. එතකොට කිසි කෙනෙක් කට ඇරියේ නැහැ (නදී)

:       0       0

පලිහක්කාර Tuesday, 17 February 2015 03:04 AM

ආගම නෙමෙයි මිනිස්සු හැදුවේ. මිනිස්සු එකතු වෙලයි ආගම් හදාගත්තේ. ඒ නිසා ආගම තියෙන්නේ ඕනි මිනිසාගේ යහපතට. කරුණාකර නුවර ඇති ඔය මාර්ගය විවෘත කර ජනතාවට යහපතක් කරන්න. බුදුහාමුදුරුවෝ කවදාවත් අන් අයට බාදාවක් වෙන දෙයක් කරපු උත්තමයෙක් නෙමෙයි. (නදී)

:       0       0

පුබදු Tuesday, 17 February 2015 03:05 AM

මේක වන් වේ කරලා එක මන් තීරුවක් ඇරියනම් හරි තල්වත්ත පැත්තේ ඉඳලා එන්න විතරක් මේ පාර ඇරියනම් කිසිම ප්‍රශ්නයක් නැ ඒක තමා හොඳම විසඳුම (නදී)

:       0       0

විජේසුන්දර Tuesday, 17 February 2015 03:13 AM

කීර්තිගේ අදහස අනුමත කරනවා. (නි)

:       0       0

කිත්සිරි Tuesday, 17 February 2015 03:19 AM

මහනුවර ජනතාව මේ රජය බලයට ගෙනඑන්න බොහෝ දායකවුණා. එනිසා ඒ මිනිසුන් ගැන ටිකක් හිතන්න (නි)

:       0       0

රෝයි Tuesday, 17 February 2015 03:27 AM

ඔබවහන්සේ විරුද්ධ වෙන්නේ ජනතාව පැත්තෙන් ජනතා බලාපොරොත්තුවකට. ඔය අවට තිබෙන බාර් ටික වහන්න. රේස් යනවිට ජනතාවට දැනෙන බලපෑමක් රජයට කළේ නැහැ නේද? ඔය පාර වැහුවේ මෑතකදී. කොටි ප්‍රහාර නිසා. ඊට පෙර ඉතිහාසය පුරා ඔය පාර භාවිතයට ගත්තා. ඉතිහාසයේ සිදුනොවුණු අගෞරවයක් දැන් සිදුවන්නේ කොහොමද? (නි)

:       0       0

පහන් Tuesday, 17 February 2015 03:33 AM

ලැබෙන ආධාර වලින් සියලු පහසුකම් සහිත තව බෞද්ධ පාසල් කීපයක් හදන්න පුලුවන් නම් හොඳයි (නි)

:       0       0

පද්මේන් Tuesday, 17 February 2015 03:41 AM

හැමෝම වාහන වලින් නොගිහින් පයින් ගිහින් ආදර්ශමත් වුණානම් හොඳයි නේද? (නි)

:       0       0

මහේෂ් Tuesday, 17 February 2015 04:10 AM

මෙම ප්‍රශ්ණයෙදි නුවර ඉන්න අයගේ අදහස් වැදගත්. මම නුවරින් පිට හිටියත් මම දැකලා තියෙනවා වැව වටේ යන්න කොච්චර අමාරුද කියලා (නදී)

:       0       0

මේනක Tuesday, 17 February 2015 04:22 AM

පාර පැත්තකින් තියන්නකෝ. දැන් මාලිගාව ඉස්සරහ කාර් රේස් යනකොට, සංදර්ශන තියනකොට ඔය පාර විවෘත කිරීමට විරුද්ධ වෙන කට්ටිය එක වචනයක් වත් කිව්වද? ඒවා කමක් නැහැ. කලින් ලොක්කා ඇවිත් මේ පාර විවෘත කරනවා කිව්වා නම් සාධු කාරයක් දීල හා හා හා කියාවි. (නදී)

:       0       0

දිලිප් Tuesday, 17 February 2015 04:26 AM

බෞද්ධයන් හැටියට අපි ලෝක උරුම ලෝක පුජිත දළදාව ආරක්ෂා කර ගත යුතුයි. ඒ ගැන විවාදයක් නැහැ.මෙය බෞද්ධයන්ගේ පමණක් නොව ලාංකික අප සැමගේ උරුමයක්.ගෞරවයක්. මාලිගාව හරහා වාහන ගමනාගමනය තුලින් පාරිසරික හා දිගුකාලින පැවැත්මට යම් බලපෑමක් වන බවට වන තර්කත් බැහැර කරන්නත් බැහැ. එසේනම් විකල්ප මාර්ග හා නව මාර්ග කෙරෙහි අවධානය යොමු කල යුතු වෙනවා. ද්විත්ව දුම්රිය මාර්ගයත් හොද යෝජනාවක්.(නදී)

:       0       0

අනුරුද්ද Tuesday, 17 February 2015 05:19 AM

මහනුවර කියන්නේ වායු දුෂණය ඉතාමත්ම පහසුවෙන් බිලිවෙන නගරයක්. කඳු වලින් වටවෙලා තියෙන්නේ. මේ නගරයට පා ගමන් කරුවන්ගේ නගරයක් කරන්න පුළුවන් නම් හොදයි. (ර)

:       0       0

විදුප Tuesday, 17 February 2015 05:55 AM

මේ පාර වසා දැමීම ශ්‍රී දළදා සමිඳුන්ට ලොකු ආරක්ෂාවක්. (ර)

:       0       0

ජගත් Tuesday, 17 February 2015 06:27 AM

ඔය යන විදීහම හොඳයි. බුද්ධාගම අදහන අපිට මුදුන් මල්කඩ අපේ දළදා සමීදු එ්ක නිසා හොඳට හිතන්න (බ)

:       0       0

ජගත් Tuesday, 17 February 2015 06:28 AM

ඔය යන විදීහම හොඳයි. බුද්ධාගම අදහන අපිට මුදුන් මල්කඩ අපේ දළදා සමීදු එ්ක නිසා හොඳට හිතන්න (බ)

:       0       0

විජයබාහු Monday, 16 February 2015 01:19 PM

පොලිස්පති තුමාට නිකන්ම හිතෙන්න ඇති මේ පාරත් අරියනම් හොඳය කියල. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

IIFA හොඳම නළුවා ෂාරුක්
2024 ඔක්තෝබර් මස 01 292 0

24 වැනි අයිෆා IIFA - International Indian Film Academy Awards සිනමා සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් පසුගිය දා අබු ඩාබි හිදී පැවැත්විණි. IIFA යනු ඉන්දියාවෙන් පිට පැවැත්වෙන ඉන්දීය සම


ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි
2024 ඔක්තෝබර් මස 01 295 0

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන


මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ
2024 ඔක්තෝබර් මස 01 316 0

‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි


ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 415 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 696 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


ඊශ්‍රායලයට පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 01 871 0

ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38329 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25256 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 857 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 311 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site