බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේ ඇතුළු පන්සියයක් මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේ, සිංගප්පුරුවේ සිට අද (22) ශ්‍රී ලංකාවට වැඩම කරනු ලැබූහ.
පසේ බුදුවරයකුගේ ද, සැරියුත් මුගලන් අගසවු දෙනමගේ ද, පස්වග මහරහතන් වහන්සේගේද, ආනන්ද මහරහතන් වහන්සේ ද නන්ද මහරහතන් වහන්සේගේ ද ශාරීරික ධාතූන් වහන්සේ මේ අතර වෙති.
කටුනායක අන්තර් ජාතික ගුවන්තොටුපොළේ සිට කොළඹ තුන්මුල්ලේ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරය වෙත වැඩම කරවීමෙන් අනතුරුව ඌරාපොළ රතඹලේ ශ්‍රී නාථාරාම පුරාණ විහාරය වැඩම කරවීය. බෞද්ධ බැතිමතුනට වන්දනා මාන කිරීම සඳහා ධාතූන් වහන්සේ දින නවයක් පුරා එහි තැන්පත් කර තිබෙනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජින්ද, වැදීම් හා බුදුදහම අතර කිසිම සම්බන්ධයක් නැහැනේ. කවරදාකවත් බුදුහාමුදුරුවෝ කියලා නැහැ එතුමාට වදින්න කියලා (නි)
සමහර පුද්ගලයන් ගේ ප්‍රතිචාර දැක්කම ඇත්තටම කණගාටුයි. ලංකාවෙද ඉපදුනේ කියලා හිතෙනවා. බලන්නෙම හොද පැත්ත නෙමෙයි වැරදි දෙයමයි. අනේ මෙහෙමත් මිනිස්සු (නි)
අනේ ඇයි බෞද්ධ දර්ශනයේ ඇති ගැබුරු ධර්මය තේරුම් නොගෙන මෙවැනි දේ පසුපස යන්නේ? අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වටහා ගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගනීමට උත්සුක වන්න. (නි)
සුභාෂ , ඔබ හරි. බුදු දහම වටහාගෙන කතා කරන කවුරුත් මෙතන නැත (නි)
අදහස් කියපුවහම ලංකාවේ මිනිස්සු ගැන හරිම ලැජ්ජයි. බුදු දහමක් දන්නෙත් නැහැ, වෙන දෙයක් දන්නෙත් නැහැ.හොඳ දෙයක් දැකලා සතුටු වෙන්න බැරි පවුකාරයෝ ඉන්නේ. (නි)
රජින්ද ඔය කියපු දේ හරි කියල මමත් පිලිගන්නවා. ඒත් ඔය වගේ දෙයක් වෙන ආගමක කෙනෙක් කිව්වා නම් බහුතර බෞද්ධයෝ අපහාස කරනවා මිත්‍යාදෘෂ්ටිකයෝ , රූප වන්දනා කාරයෝ කියලා. කවුරුත් පිලිගන්නෙ නැහැ හැම ආගමකම විශ්වාසයෙන් බැලිය යුතු තැේ තියෙනවා කියලා. (නි)
බුදුරදුන්ට මෙන්ම අනෙකුත් බුද්ධ පුත්‍රයන් වහසේලාට වන්දනා කිරීම හොඳ දෙයක්. ඒත් දැන් ලාංකික බෞද්ධ අපි කරන්නේ ආමිශයෙන් වන්දනා කිරීම පමණක් නේද? එලෙස කරන ගමන් ප්‍රතිපත්තියෙන් ඊට බොහෝ නොගැලපෙන ලෙස ඊර්ෂාවෙන්, ක්‍රෝධයෙන්, තණ්හාවෙන් පෙළෙමින් තමන් බෞද්ධ යැයි කියාගන්න එක නේද ? බෞද්ධ අපි කොයිතරම් සුළු පිරිසකටද අපේ ආගමේ හරය කුමක්ද කියා වෙනත් ආගමිකයෙක් ඇසුවොත් නිවැරදි පිළිතුරක් දෙන්න පුළුවන්. පරලොව සැප සම්පත් ප්‍රාර්ථනා කරමින් ආමිෂය පුජා කිරීම පමණක් නේද ඔය පෝලිමේ ගිහින් වන්දනා කරන අය කරන්නේ. තේරුම් ගන්න බලන්න උප්පැන්න සහතිකේ තිබුනට මල් පහන් පුජා කළාට ධාතු වන්දනා කළ පමණින් බෞද්ධයෙක් වෙන්නේ නැති බව. ඒවා කරන ගමන්ම ප්‍රතිපත්ති පුජාව ටිකෙන් ටිකවත් වැඩි දියණු කරගන්නේ නැති නම් මිත්‍යා දුෂ්ටිකයෝ වගේමයි අපිත්! (නි)
බුදු දහමට වෙච්ච දෙයක්? අද තියෙන්නේ බොද්ධ සංස්කෘතියයි,බෞද්ධ සාහිත්‍යයයි විතරයි.වරද්ද ගන්න එපා බුදු දහම නැහැ.බුදු හාමුදුරුවෝ කිව්වේ සසරෙන් එතෙර වෙන්න කියලා විතරයි.වෙන මුකුත්ම වැඩක් නැහැ අපිට.බුදු දහම අවබෝධ කරගන්න ඕනෑ දේ කරනවා නම් හරියට කරන්න,නොකර හිටියට කමක් නැහැ. හැබැයි වැරදියට කරලා සසර දික් කරගන්න නම් එපා. (නි)
මෙතන අදහස් දක්වලා තියන සමහරක්ට සේනාවට කියලා වේවෑල් වලින් ගහන්න ඕනෑ (නි)
පුදීප්,වරුණ,ඔය කියන නීතිය ක්‍රියාත්මක කරන්න කරන ඉල්ලීමත් බෞද්ධයාට නිගාවක්. දැනගන්න ලංකාවට බෞද්ධ ධර්මය ආවේත් සංක්‍රමනිකවයි. අනිකුත් ආගම් ආවේත් ඒ විදිහටමයි. වෙනස බෞද්ධ ධර්මය ඉස්සර වී බහුතරයක් එය වැළඳ ගැනීම තුල සිංහලයාව, සිංහල බෞද්ධයා ලෙස හදුන්වා ගැනීම පමණයි.අනික කතෝලික හෝ ක්‍රිස්තියානි හෝ වේවා ඔවුන් තම ආගමට ආවඩනවා අදහනවා මිසක් බෞද්ධ ධර්මය වැළඳ ගන්නද කියන්නේ? අනික වරුණ ඔබ ඔබේ ආගමට ගෞරව කිරීමක් වශයෙන් ඔබේ අදහස සටහන් කළාට බුදු දහම උපදින්න කලිනුයි කතෝලික ආගම ආවේ. ඒ (නි)
බුදු දහම හා මේවා අතර කිසිම බැඳීමක් නැහැනේ. මේවා ලංකාවේ මිනිස්සුන්ගේ විකාර වැඩ. බෞද්ධ දර්ශනයට නිගා කරනවා, මම දන්නා විදිහට නම්. "සෑම බෞද්ධයකුගේම අපේක්‍ෂාව මේ අනන්ත වූ සසර ගමනේ කෙළවර 'නිවන් සුව' අත් කර ගැනීමයි. ඒ සඳහා ඉපදෙමින්, මැරෙමින් සසරේ දිගු ගමනක් යා යුතුය. මේ අප ගත කරමින් සිටින්නේ එම සසර ගමනේ එක් භවයක් පමණය." (නි)
මම නම් රජින්දගෙ අදහස් 100% ක් අනුමත කරනවා. මෙතන හුගක් අයට ශ්‍රද්ධාව පිලිබද ප්‍රශ්නයක් තියෙන්නෙ. මට තෙරුවන් නමින් ගඩොල් කැටයක් දුන්නත් මම ඒකට නමස්කාර කරනව. මොකද මම වදින්නෙ ඒ ශ්‍රී නාමයට.ගඩොල් කෑටයට නෙමෙයි (නි)
රූපා කියන අදහස තමයි මටත් හිතෙන්නේ (නි)
ප්‍රශ්න,අදහස් දරන, අවිශ්වාසයේ එල්බගෙන සිටින්නවුන් වෙත... ඔබ විහාරස්ථානයේ තබා ඇති බුදු පිළිමයකට වන්දනා කරන්නේ නිර්මල ගෞතම බුදුරජාණන් වහන්සේ සිහියේ තබාගෙන නම්, ඔබ බෝ රුකකට වන්දනා කරන්නේ එය බුදුවරයෙකුට පිටදුන් වෘක්ෂ කුලයේ නිසා නම්, ඔබ පිරුවානා පොත් වහන්සේට වදින්නේ අසු හාරදහසක් ධර්මස්ඛන්ධය දරා සිටිනා බැවින් නම්, එයයි විශ්වාසය. මේ ධාතුන් වහන්සේලාද උන්වහන්සේලාගේම ධාතුන් යයි සිහියේ තබාගෙන වන්දනා කරන්නේ නම් එයයි විශ්වාසය. (නි)
එතකොට නුවර වැඩ සිටින දන්ත ධාතු වෙන බුදු කෙනෙක්ගේද? (නි)
ඇත්තටම හොද වැඩක්. සාදු...!!!...සාදු ...!!!...සාදු...!!! (නි)
මේවට උත්තර දෙන්න මම දන්නේ නැහැ. නමුත් තුන් ලෝකයේම බුද්දීමතුන්ට ගෝචර වන්නේ බුදු දහමයි. ක්‍රිස්තියානි හෝ වේවා මුස්ලිම් හෝ වේවා හින්දු හෝ වේවා, අන් ඕනෑම ආගමක වේවා, අඩංගු හරය සැදී ඇත්තේ බුදු දහමේ අභාශයෙනි. මේ නිසා කවර ආගමක් අදහන්නෙක් උවත්, බුද්දීමතෙක් නම්, බුදු දහමේ කරුණු නිසි පරිදි පිලි පදියි. බුදුන් සරණ ගිය පුද්ගලයා ආගමික ලේබල් ගසා ගත්තෙක් නොවන්නේමය. පිලිපදින්නෙක් වන්නේමය.(නදී)
කුරුනේරු, ඔය ඔබතුමා දන්න තරම තමා. අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
දැන්වත් අපි සැමට බුදු පියෙක් උපදින බවයක ඉපදීමට අඩු තරමින් පෙරුම් පුරන්ටවත් පින් ඇතිවේවා! බෞද්ධයන් වශයෙන් මෙහි අදහස් දමන හුග අයෙක්ගේ බුද්ධාගම ගැන ඇති දැනුම සහ ගෞරවය ගැන කලකිරෙනවා (නි)
සජිත් හිතන දේ තම මටත් හිතෙන්නේ. මේ විදියට අදහස් දමනකොට දෙව්දත් අයගේ කට්ටිය කියලා අපහාස කරන්න අයත් ඉන්නවා .ඒත් නොපෙනන දේවල් ගැන නම් මට විශ්වාසයකින් බලන්න අපහසුයි.අපි යන ගමන කවදා කොතනින් කෙලවර වෙයිද කියලා කොහොමද හිතන්නේ?අන්න ධාතු මෙන්න සාදු කිවුවට මොකක්ද තියෙන ප්‍රගතිය ?හැමදාම මිනිමරනවා (නි)
වටිනා ලිපියක්
සාධු....සාධු....සාධු....
මේ අසන්කෙයිය හතරකුත් කල්ප ලක්ෂයක් මුළුල්ලේ පුරුදු කරපු පාරමී ගුණ නුවනක් එක්ක මේ අවරුදු දහයක පහලවක දැනීමක් ඇති උදවිය හැප්පෙන එක බරපතලයි. තර්ක විතර්ක මතු කර කර ඒ ඇත්තෝ මේ ශ්‍රත්ධාවෙන් පිරිහිලා යන්නේ. එහෙව් පිරිස් තලේ ශ්‍රත්ධාව ඇති බොහෝ දෙනා සැනසිල්ල රැකගෙන යනවා බුදු සිරිත සිහිකර කර.(නදී)
අසල මහතාණෙනි, බුදුන් දෙසු පරිදි අප යමක් පසක් කර ගත යුත්තේ විචක්ෂණ බුද්ධියෙන් ඒ දෙස බල ප්‍රත්‍යක්ෂ කර ගැනීමෙනි. දරුවෙක් මව හා පීයා දක්වන ආදරයෙන්ම තේරුම් ගන්නවා ලොව ඔහුට වඩාත්ම ආදරය කරන්නේ ඒ දෙදෙනා කියා, එය දරුවට කවුරුත් කියා දිය යුතු නැත. විචක්ෂණ බුද්ධියෙන් ඔහු එය තේරුම් ගන්නවා. මම ප්‍රශ්න කලෙත් මෙම ධාතුන් වහන්සේලා ගේ අයිතිය හරියටම තහවුරු කර ගැනීමටයි. එය දහමට නිගා කිරීමක් නොවේ.(නදී)
ඔය මහා ලොකුවට ප්‍රතිචාර කරන අය අඩු ගානේ පන්සිල්වත් ආරක්ෂා කරනවද?ශ්‍රද්ධාව ඇති අය හිත පහදවාගෙන වන්දනා කරනො.මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි (නි)
බුධාත්වයට පත් වුනා කියන්නේ බුද්ධිය ලබා ගත්තා කියන අරුතය. නමුත් අද බොහෝ දෙනෙක් බුද්ධියට නිගා වෙන වැඩ කරන්නේ බුදුන්ගේ නාමයෙන්ය. ප්‍රතිපත්ති පුජාව උතුම් කිව්වා බුදුන් වහන්සේ. නමුත් අද එය නොවේ සිදුවන්නේ(නි)
මා දන්නා බුදු දහම අනුව නම් ඉතාමත් උත්තරීතර ක්‍රියාව වන්නේ ධර්මය අනුව ජිවත් වීමයි. සියලුම දානවලට වඩා ධර්ම දානය (සබ්බ දානං ධම්ම දානං ජිනාති) යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කලේ ඒ නිසයි. යමෙක් පන්සිල් පද පහම කඩ කර, දස අකුසල් වල නියැලෙමින් සිට ධාතුන් වහන්සේලා වැඳීමෙන් පලක් නැත. සමහර ආගම් වගේ කළ පව්වලට සමාව දීමක් බුදු දහමේ නැත. ගොනා බැඳී කරත්තය මෙන් කළ පව් තමන් පසුපස එයි (චකඛන්ච වහතෝ පදං). (නි)
නෙතුමි, බුද්ධ ශාසනය පිහිටවීම යනු බටහිර ක්‍රිස්තියානි සංකෘතිය බලෙන් පැටවීමට සම්පුර්ණයෙන්ම වෙනස් දෙයකි. බටහිර ක්‍රිස්තියානි අධ්‍යාපනය, විද්‍යාව දේශපාලනය හරහා සිදුවන්නේ සස්කෘතික මුළු ලොවම ක්‍රිස්තියානි කිරීමය. (නි)
අපට කිසිවකුත් බුදුදහම ඇදහීම ගැන උපදෙස්දීමට අවශ්‍ය නැත.(නදී)
ප්‍රදීප්, ආගමක් බලෙන් පටවන්න කාටවත් බැහැ. අධ්‍යාපනයේ සංකල්ප වනාහි මිනිසා ගොඩනගාගත්තු දෙයක්.බහුතරයක් අධ්‍යාපනික,විද්‍යාත්මක,දේශපාලනික සංකල්ප ගොඩ නැගුවේ බටහිර ජාතින් නිසා ඒවායේ ආගමික ස්වරූපයක් ගත්තාට එයින් ආගමක් බලෙන් පැටවීමක් සිදු නොකරයි. ලංකාවේ ඉහත සඳහන් හැම දෙයක්ම බෞද්ධ ක්‍රියා පටිපාටියට සිදුවීමත් එහෙනම් ඔබකියන දේට වලංගු විය යුතුයිනේ. ඔබ කිනම් හෝ ආගමකට විරුද්ධව හඬ නගන්න මත්තෙන් තරමක් සිතන්න එහි සුදුසු භාවය (නි)
මෙතන ඇතැමුන්ව විවේචනය කරන්න මට වචන නැහැ. ඒ තරමටම නීචයි අන්තයි අදහස් දානවා (නි)
නෙතුම් , ඔබේ සත්‍ය දැකීමේ හැකියාව ඉතාම පටුයි සිතමි. ඔබ බටහිර දැනුමින් අන්දවී ඇත. නැතිනම් නොදන්නාකමය. එසේත් නැතිනම් ඔබ බටහිර සන්ස්කෘතිය වෙනුවෙන් කඩේ යන්නෙකි. නැතිනම් සිංහල බෞද්ධ සංස්කෘතිය නැසීමට බලා සිටින කලු සුද්දෙකි.(නදී)
ප්‍රදීප්, ඔබේ අදහස් හමුවේ තවදුරටත් තර්ක කිරීමට මම අකමැතියි. හේතුව යමක් තේරුම් ගැනීමේ ශක්තියක් ඔබ සතුව නොපවතී. පටුලෙස සිතන්නේද ඔබමය. තම ධර්මයේ උතුම් කටයුත්තක් හමුවේ වෙනත් සංස්කෘතීන් ආඳා ගෙන ඔබ පලකරන අදහස් නිෂ්පලයි. ඔබ පටලවා ගත්තේ බටහිර සංස්කෘතිය නොව ආගම් බේදයයිත යතාර්ථය තේරුම් ගන්න. අපේ කම මවාපාන්න ඔබ ගන්නා උත්සාහයට මෙවැනි දේ අනුවනයි. පටු කෝනයක සිට සත්‍ය සොයන තාක් ඔබට මෙවැනි අදහස් නීරස වැඩියි.(නදී)
පුදුමයි මේ ශාරීරික ධාතූන් වහන්සේලා කාගේ කාගේද කියලා හඳුනාගෙන තිබීම. (නි)
බුදුන්වහන්සේගෙන් පසු උන්වහන්සේගේ තැන හිමිවී ඇත්තේ බුදුදහමට පමණයි. දහම නොදකින්නා ඒ හැර අන් සියලු දේ දකී. (නි)
සාදු! සාදු ! සාදු! (නි)
අනිවාර්යෙන්ම තව මොනවගේ හරි බඩුමිල නගිනවා අද හෙටම..... (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. විදුලි බිල අමතක කරන්න නෙමෙයි නේද මහත්තයෝ, මේවා ගෙන්නුවේ? (නි)
අද බුද්ධාගම කියන්නේ ලොකුම පිළිම හදන එකයි, පෙරහැර කරන එකයි, බෞද්ධ කොඩි, විදුලි බුබුළු දාන එකයි, ලොකු ලොකු තොරණ සහ ගොඩනැගිලි හදන එකයි විතරයි. ලංකාවේ කොපමණ දුප්පත් පන්සල් කරදර මැද ජීවත් වෙන හිමිවරු කොපමණ ඉන්නවද? ඒ ගැන හිතලා වැඩ කරන බෞද්ධයො ඉන්නේ කීයෙන් කීදෙනාද ? (නි)
සාදූ සාදූ සාදූ ...(නදී)
බුදුරදුන් සමග අනික් රහතුන් වහන්සේලා ලංකාවට වැඩම කිරීම අප බෞද්ධ රටක් වශයෙන් හැම දෙන ලද ලොකු භාග්‍යයක්. (නි)
එදා කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලයේදීම අප මහා බෝසතානන් වහන්සේට අරහත් වෙන්ඩ පුළුවන්කම තියෙද්දිත් උන්වහන්සේ කල්පනා කළා මවක් තම දරුවන් බඩගින්නේ කිරි ඉල්ලා හඬා වැලපෙද්දී තමා පමණක් ආහාර ගෙන කුස පුරවාගත්තයි සිතා මේ අති භයානක සසරට වැද අනන්ත වූ දුක් වේදනා විඳ ලොව්තුරා සම්බුද්දත්වය ලබාගත්තේ.(නදී)
සාදූ සාදූ සාදූ සාදූ...! (නි)
බූදූ සසූණ බැබලේවා! (නි)
මේ ධාතුන් වන්සේලා සිංගපූරුවට ලැබුනේ කොහොමද? අපි කොහොමද හඳුනා ගත්තේ පිරිසිදු ධාතුන් වහන්සේලාද යන වග. (නි)
සාදු සාදු සාදු! මෙම ධාතුන් වහන්සේලා ශ්‍රී ලංකාවට වැඩමවීමට කටයුතු සංවිදානය කළ සැම දෙනාටම බොහොමත් පින් (නි)
සැනසිල්ලේ මුල බුදුරජාණන් වහන්සේයි.දුක්විඳින ලෝකයාට බුදුරජාණන් වහන්සේ වැනි උතුමෙක් හමු නොවුනා නම් සැනසිල්ල සොයායන මග තව දුර නොපෙනී ඈතට විහිදිලා යන්න ඉඩ තිබුනා.දුගතියට වැටෙන්න නොදී ආත්මභාව සුරක්ෂිත වුනානම් වුනේ බුදුරජාණන් වහන්සේ නිසයි.භාවනිස්සරණයට සත්වයා පත්වුණේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නිසාමයි.සහමුලින්ම ලෝකය දුකෙන් පිරිලා බව බුදුරජාණන් වහන්සේ දුටුවේ අවබෝධයෙන්.දුක්විඳින අපිට වැඩිය දුකේ යථා ස්වභාවය බුදුරජාණන් වහන්සේ හරි අගේට වටහාගෙනයි තිබුනේ.ඒ නිසයි දුකෙන් මිදෙන මගක් ලෝකයාට තේරුම් කරලා දුන්නේ.බුදුරජාණන් වහන්සේ දුක දැක්කේ කරුණාවෙන්.දුකට පිහිට වුනේ ප්‍රඥාවෙන්. (නි)
බොහොම වගකීමෙන් අහන්නේ...අහවල් ධාතුව අහවල් රහතන් වහන්සේගේ හෝ ශ්‍රී ගෞතම බුදුන් වහන්සේගේ , එහෙමත් නැත්නම් පසේ බුදුවරයෙකුගේ යැයි මෙතරම් විවෘතව ප්‍රකාශ කරන්නේ කිනම් පදනමකින්ද? කුමන සාක්ෂි මතද? (නි)
සාදු සාදු! (නි)
අපිටත් වෙසක් බලන්න ආසයි. ඒත් මේ කාන්තාරේ කොහෙද වෙසක්? (නි)
ඇති උතුම් ජීවමාන බුදු රදුන් ප්‍රමුක මහා සංඝ රත්නය අපේ රටට වැඩියා වාගෙයි. සාදු! සාදු!! සාදු!!! (නදී)
මාකොළ මංගල, පිටිගල මිලානෝ, මමත් බොහොම වගකීමෙන් අහන්නේ. තමුන්ට දෙමවුපියන් සිටිනවාද? තමන්ගේ පියා යැයි කියන තැනැත්තාව හදුනාගතේ කෙසේද? මව මේ උබේ පියා යැයි කියපු නිසා පියා කියනවද? නැතිනම් ජාන පරික්ෂා කළාද? කෝටි ගණනක් ජනතාව පිළිගත් වන්දනාමාන කරන නිර්මල බුදු දහමට අගරු නොකරන් මොඩයිනේ. (නි)
මේ හරියටම දැනගන්නයි මේ අහන්නේ. හරියටම කොහොමද මේ ඒවාම බව නිසැකයෙන්ම කියන්නේ (නි)
බුදු හාමුදුරුවෝ මේ මෝඩවැඩ දැක්කා නම් සියදිවි නසා ගන්නවා.(නදී)
මම නම් කියන්නේ මේවා ඡන්දයක් එන වගට පෙර ලකුණු. (නි)
දැන් කියයි ඉස්සර කාලේ සිංගප්පුරුවත් බෞද්ධ රටක් කියලා. සිංගප්පුරුව කියා රටක් අවුරුදු 80 විතර කලින් ලෝක සිතියමෙවත් තිබුනේ නැහැ හොදේ... (නි)
වැඩියෙන්ම දාන ලැබීම වැඩි සීවලී හමුදුරුවන්ටයි කියලා මන් නම් අහල තියෙන්නේ. දැන් ඔය හැමතැනම වගේ බුදු හාමුදුරුවන්ගේ පින්තුරේ නැතත් සීවලී හාමුදුරුවන්ගේ පින්තුරේ තියනවානේ. තව ලැබියන් තව ලැබියන් කියලා. ඉතින් බැරිද සීවලී හාමුදුරුවන්ගේ දාතු ගෙනෙන්ට.(නදී)
බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියට ආවඩන මේ නපුන්සක ප්‍රකාශ කාරයිනුන් එල්ලා මැරිය යුතුය . මේවැනි පින්කම් මේ සිංහල බෞද්ධ දේශය තුල වඩ වඩාත් සිදුවේවා.(නදී)
තවත් ඡන්දයක්. හුරේ.ඔහොම යන් ඔහොම යන්.(නදී)
බුදුන්වහන්සේගේ වාම දන්ත ධාතුව තිබෙන නුවර දළදා මාලිගයෙත් දක්ෂිණ දන්ත ධාතුව තිබෙන සෝමාවතියෙත් ප්‍රාතිහාර්යයන්ගෙන්ම පේනව ඒවායේ සත්‍ය පැවැත්ම. මේ ධාතුන්වහන්සේලා මැරිච්ච කොණ්ඩෙ බැඳපු චීන්නුන්ගෙ වෙන්න ඇති. මෙතන තියෙන්නෙ බොරු කීමත් බොරු කිරීමත් ඒ හරහා සල්ලි හොයන නිසා හොරකම් කිරීමත්. ඒකත් ගිහියො කරනව නම් කමක් නැහැ, නම තියෙන ගුණ නැති භික්ෂු ස්වරූප දරන සැබෑ බුද්ධ පුත්‍රයෝ නොවන අයගේ හොර වැඩ මේවා. වෙසක් විකුණගෙන කනවා. අපේ මිනිස්සුන්ට නුවන පහල වේවා! මෙවාට වඳින්න පුදන්න නොයේවා!(නදී)
සුදීර , සිංගප්පූරුව බිහි වුණේ 1965. (නි)
බුදුහාමුදුරුවෝ කියන එකේ අර්ථය ඔය ඇට කැබලිද? බුදුහාමුදුරුවන්ගේ ඇට කැබලි සහ අනෙක් මිනිස්සුන්ගේ ඇට කැබලි අතර වෙනස මොකක්ද? (නි)
බොදු බළසේනාව ඇයි නිහඩ. (නි)
මෙවන් කටයුතු ගැන බොදුබල සේනාව ඇයි පියවරක් නොගන්නේ? (නි)
බුදු පසේබුදු මහරහතන් ඇතුළු පස්වග මහණුන්ගේ ශ්‍රී ධාතු සිංගප්පූරුවට ගෙනිච්චේ කවුද?