IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


බදුලු ආසන අඩුව ගැන එජාපය මැකො හමුවෙයි

ඌව පළාත් සභාවේ බදුල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන තුනක් අඩුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂය අද (04) උදේ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා හමු විය.

  ජෝසප් මයිකල් පෙරේරා සහ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරු ද, නීතීඥ දයා පැල්පොල මහතා ද ඊට සහභාගී වූහ.

ඌව පළාත් සභාවේ පෙර පැවැති ආසන විසි එක නව සංශෝධනයත් සමග 18 දක්වා අඩු වී ඇති අතර මොණරාගල දිස්ත්‍රික්කයට හිමිව තිබූ මන්ත්‍රී ආසන 11 දැන් 14  දක්වා වැඩි වී ඇත.

මොණරාගල දිස්ත්‍රික්කයේ ජන ගහණය වැඩිවීම නිසා මන්ත්‍රී ආසන වැඩි කළ බව මැතිවරණ දෙපාර්තමේන්තුව කියයි.



අදහස් (0)

බදුලු ආසන අඩුව ගැන එජාපය මැකො හමුවෙයි

චමින්ද Friday, 04 July 2014 08:13 PM

මට නම් පෙනෙන විදියට මෙතන ගණිතමය ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. ඉදිරි මැතිවරණයකදී ඇති වෙයි කියා සිතන ගැටළුකාරී තත්ත්වයන් ගැන ඇතිවූ වාකතාවරණයක් වගෙයි (නි)

:       0       0

ෂෙහාර් Friday, 04 July 2014 08:30 PM

මම නම් කියන්නේ මෙවර එජාපයෙන් පිබිදීමක් එනවා (නි)

:       0       0

කළණ Friday, 04 July 2014 08:36 PM

නිශාන්තගේ ගණිත දැනුම පෙනෙනවා දාො තියෙන අදහසින්ම. කවුරුත් කියල නැහැ බදුල්ලේ ඡන්ද අඩු වෙලා කියලා. ආසන බෙදන්නේ ජන අනුපාතයට. ඒක වෙනස් වුණාම ආසන ගණන බෙදීයාම වෙනස් වෙනවා. ඒක මොන ආණ්ඩුව යටතේ වුණත් එකම විදිහට වෙන්නේ. (නි)

:       0       0

සුගත් Friday, 04 July 2014 08:39 PM

පාට කණ්ණාඩි දාගෙන බලන්න එපා ඒ දිහාත් (නි)

:       0       0

රාජු Friday, 04 July 2014 01:39 PM

මේ පාර බදුල්ලේ මිනිස්සු බහුතරයක් එ.ජා.පයට ඡන්දෙ දෙන නිසයි මෙහෙම උනේ. (නදී)

:       0       0

ජෙරාඩ් Friday, 04 July 2014 09:27 PM

චමින්ද, එක එක්කෙනාට ඕනෑ ඕනෑ විදිහට ඕක වෙනස් කරන්න බැහැ. පදනමකින් තොරව එහෙම කරනවා කියලා ඔයාට තේරෙනවා නම් අධිකරණයට ගිහින් වරද පෙන්වා දෙන්න. (නි)

:       0       0

චමින්ද Saturday, 05 July 2014 03:41 PM

සුනිල් ගම්පොල,මුණසිංහ, ඔබ දෙපලට තේරුනා කාරණය. ජෙරාඩ්, ශ්‍රී ලංකාවේ වෙනස් කරන්න බැරි මොනවද ? වෙනස් නොකරන්නේ මොනවාද ? මට ඕවා විස්තර ඇතුව මෙතන ලියන්න පුළුවන්. නමුත් අපිට මෙතන ලිවිය හැකි කරුණු, යම් කිසි සීමාවකට යටත් වෙන බව, ඔබත් දන්නවා නේද ? ඒ වගේම ඔය කරුණු අරගෙන අධිකරණයට යාමට තරම්, ඔබ මෙන් ,මම මෝඩයෙකුත් නොවන බවත් ඔබට පැවසිය යුතුයි. මම දරු පවුල් කාරයෙකි. (නදී)

:       0       0

වසන්ත Friday, 04 July 2014 02:26 PM

මගෝඩිස් වැඩ තමා. (නදී)

:       0       0

ගිහාන් Friday, 04 July 2014 02:39 PM

මැතිවරණ කොමසාරිස් තුමා ආවාට ගියාට තීරණ ගන්න කෙනෙක් නොවෙයි. (අ)

:       0       0

ඩිසීඩී Friday, 04 July 2014 03:21 PM

මැකෝගේ පක්ෂය ඒ ජ නි පෙ ද කොහේදෝ ? (නදී)

:       0       0

මිලාන් Friday, 04 July 2014 03:31 PM

ආණ්ඩුව දන්නවා මේ පාර මිනිසුන්ව ගොනාට අන්දන්න බැහැ කියලා (ස)

:       0       0

තරිඳු Friday, 04 July 2014 03:47 PM

මොවුන්ට ආසන අඩු වුණාම තියෙන කැක්කුම නැහැ වකුගඩු රෝග වලින් මිනිස්සු මැරෙන කොට. (නදී)

:       0       0

නිශාන්ත Friday, 04 July 2014 04:47 PM

මොණරාගල දිස්ත්‍රික්කයේ ජන ගහණය වැඩිවීම නිසා මන්ත්‍රී ආසන වැඩි කළ නම් බදුල්ල දිස්ත්‍රික්කයේ ජනගහනය අඩු වෙලා වෙන්න ඇති (නදී)

:       0       0

ගිහාන් Friday, 04 July 2014 04:49 PM

වැරදි දෙයක් හරි වෙන්නේ නැහැ. තමන්ට අවාසි නම් ඉල්ලීම් කර බලන්න. සටනක් දෙන්න අමාරු වෙයි. ඒත් උත්සාහ කරලා බලමු නේද? (නි)

:       0       0

සඳුන් පෙරේරා Saturday, 05 July 2014 05:38 AM

හරියට කරනවා නම් සරල අංක ගණිතමය දැනුමෙන් කරන්න පුළුවන්. මම දන්නා තරමින් ලංකාවේ මැතිවරණ ක්‍රමයේ එහෙම වෙනස් කරන්න ප්‍රතිපාදන තියෙනවා. කලකට ඉහත කුරුණෑගල ආසන ගණන වැඩි කලා. කොහෙන් හරි අඩු වෙන්න ඇති. මූලික පදනම ජනගහනය. දැන් වෙන දේවල හැටියට මේකත් සැකයි. (නදී)

:       0       0

සුනිල් ගම්පොළ Saturday, 05 July 2014 06:38 AM

මේ දහං ගැට දාන්නේ හැමදා අපේ කටු ලෙවකන්නයි බලේ ඉන්නයි. අනිත්‍ය අවබෝද කරලා දෙන්න උෘවට ශක්තිය හා ධෛර්‍ය ලැබෙිවා (නදී)

:       0       0

මුණසිංහ Saturday, 05 July 2014 07:22 AM

ඒ කියන්නේ ඌව දිනනවා කියන එකද? දිනනවා නම් ඔය ආසන කොහාට ගියාම මොකද? (නි)

:       0       0

මුණසිංහ Saturday, 05 July 2014 07:34 AM

මගේ අදහස උනේ ඌව දිනන්න බැරි නිසා මෙවැනි දෙයක් කරන බවයි (නදී)

:       0       0

රොහාන් දයාදර පැරිස් Friday, 04 July 2014 06:12 PM

බදුල්ල දිස්ත්‍රික්කයේ ආසන තුනක් අඩු වුණා කියන්නේ විශාල ඡන්ද ප්‍රමාණයක් අඩු වුණා කියන එක නේද? එමනිසා අප්‍රමාදව මීට පිළියම් සෙවිය යුතු නොවේද? (නි)

:       0       0

අජන්ත Friday, 04 July 2014 06:24 PM

බලමුකෝ වෙන්නෙ මොකක්ද කියලා (නි)

:       0       0

සමන් Friday, 04 July 2014 07:09 PM

මේකේ ඔහේ කොමෙන්ට් දාන සමහරුන්ට කිසිම ගණිත දැනුමක් නැති බව නම් පේනවා. කරුණාකරලා පදනමක් නැතිව මැතිවරණ කොමසාරිස්ට දොස් නොකියා ජන හා සංක්‍යා ලේඛන කාර්යාලයට ගිහින් පළාත් දෙකේ තොරතුරු අරන් ගණනය කරලා බලන්න. දන්නේ නැත්නම් දන්නා කෙනෙක්ගෙන් අහගන්න. ඉන් පස්සේ කොමෙන්ට් දාන්න. (නදී)

:       0       0

සනත් දිසානායක Friday, 04 July 2014 07:17 PM

ඌව පළාත් සභාවට යවන්න තව කව්රුහරි ඉන්නවද ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ටී පනස් හයක් සමඟ අබාධිත සෙබළා අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 27 278 0

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ


ජනපති සන්නද්ධ හමුදා කැඳවයි
2024 සැප්තැම්බර් මස 27 2055 0

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්


වැස්ස වැඩිවෙයි
2024 සැප්තැම්බර් මස 27 228 0

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත


දේශපාලකයන් පාසල් උත්සව වලට එපා
2024 සැප්තැම්බර් මස 27 929 0

දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.


ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 1016 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 1243 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37580 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24769 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 700 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 255 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site