IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


බදුල්ලෙන් තුනක් කැපෙයි : මොණරාගලට තුනක් වැඩිවෙයි

ඌවේ ඡන්දය සැප්තැම්බර අග දී පැවැත්වීමට නියමිතය.

ඡන්දය පැවැත්වෙන දිනය අගෝස්තු හය වැනි දා ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා කියයි.

ඌව පළාත් සභා ඡන්දයේ ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම ඇතුළු සියලු කටයුතු සිදුවනුයේ බදුල්ල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයයේ දීය. රාජගිරියේ මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් සුපුරුදු පරිදි ප්‍රතිඵල නිකුත් නොවන බව මැතිවරණ කොමසාරිස් පවසයි.

මෙවර බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආසන තුනක් මොණරාගල දිස්ත්‍රික්කයට එක් වේ. ඒ අනුව ආසන 21ක් වූ බදුල්ලට ආසන 18ක් ද, ආසන 11 වූ මොණරාගලට ආසණ 14ක් ද වශයෙන් තෝරා පත් කර ගන්නා මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 32ක් බව කොමසාරිස් පවසයි.

 වැඩි ජනගහනයක් සිටිනුයේ බදුල්ල දිස්ත්‍රික්කයේය. එහෙත් වැඩි භූමි ප්‍රමාණයක් ඇත්තේ මොණරාගල දිස්ත්‍රික්කයේය.

හිටපු මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ   සන්ධානයෙන් ද, බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු එජාපයෙන් ද, සමන්ත ව්‍යාරත්න ජනතා විමුක්ති පෙරමුණෙන් ද මහ ඇමැති අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වීමට නියමිතය.

 

 



අදහස් (0)

බදුල්ලෙන් තුනක් කැපෙයි : මොණරාගලට තුනක් වැඩිවෙයි

රංජිත් Friday, 18 July 2014 07:05 AM

වෙනස් කරන්නේ නැහැ කියා කව්දෝ එක්කනෙක් වගකීමෙන් කියනවා මටත් ඇසුණා (නදී)

:       0       0

ශාන්ති Friday, 18 July 2014 07:08 AM

අපි බලමු මොකද වෙන්නේ කියා (නදී)

:       0       0

ඇනස්ලි Friday, 18 July 2014 07:40 AM

3ක් නෙවි ගොඩක් කැපෙයි මේ පාර. (නදී)

:       0       0

රොහාන් දයාදර පැරිස් Thursday, 17 July 2014 07:15 PM

බුද්ධියට ඉඩ දී, ඉදිරියට ඡන්දය පාවිච්චි කිරීම බුද්ධිමත් ජනතාවට පැවරී ඇති බරපතල වගකීමකි. (නි)

:       0       0

සුසන්ත Thursday, 17 July 2014 08:53 PM

මිගාර, බණ කතාකරනවද? අපිට දරු මල්ලන් ඉන්නවා,රකින්න පවුලක් තියෙනවා. (නි)

:       0       0

රුවන් Friday, 18 July 2014 01:05 AM

ඌවේ අය ගැන අපිට මේකෙන් දැනගන්න පුලුවන් (නි)

:       0       0

සාගර Friday, 18 July 2014 03:13 AM

බදුල්ලේ ජනතාවට කරපු අසාදාරන වැඩක්. දැන් බදුල්ලේ කෙනෙක් මන්ත්‍රී කෙනෙක් වීමට ඡන්ද 45000 ගත යුතු අතර මොනරාගල අයුකුට ඡන්ද 32000 කින් මන්ත්‍රී කෙනෙක් විය හැක. මෙය බදුල්ලේ ජනතාවට කරපු ඉතාමත් අසාදාරන ක්‍රියාවකි. මේ ගැන බදුල්ලේ සියලුම පක්ෂ විපක්ෂ දේශපාලකයන් තමන්ගේ මතය ප්‍රකාශ කල යුතුය. (නදී)

:       0       0

නිහාල් Saturday, 19 July 2014 04:36 AM

තුනක් කපලා තුනක් දැම්මහම උත්තරේ බින්දුවයි! හැමදාම මේ උත්තරය අපිටමයි. (නි)

:       0       0

ජනිත් Friday, 18 July 2014 03:55 AM

බදුල්ලට කල අසාදාරනය ජනතාවට තේරුම් කර දීම කාගේත් වගකීමත් , එවිට බදුලු ජනතාව ආණ්ඩුවට සලකාවි. (නදී)

:       0       0

අජිත් කරුණාරත්න ලියනගේ Friday, 18 July 2014 04:45 AM

මොණරාගල භුමිය වැඩි නිසාලු එහෙම කොරන්නේ. එතකොට ජනගහනය පදනම් කරගෙන නොවෙයිද මන්ත්‍රී වරු පත් කරන්නේ. අනේ මන්ද? මේකත් කොම්පියුටර් ජිල්මාර්ට් එකේ තවත් අලුත් වර්සන් එකක් වගේ. (නදී)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Thursday, 17 July 2014 01:00 PM

කොහොමහරි සියල්ල වෙනස් වෙනවා. (නි)

:       0       0

ප්‍රදීප් Thursday, 17 July 2014 01:19 PM

ඌවේ කට්ටියත් කොහොම අයද කියලා බලන්න පුළුවන් අපිට (නි)

:       0       0

සමන් Thursday, 17 July 2014 01:29 PM

මෙදා පොඩි වෙනසක් වෙයි වගෙයි (නි)

:       0       0

හැරිසන් Thursday, 17 July 2014 01:30 PM

දැන් මේක හරි කියලා කියන්නේ කවුද? (නි)

:       0       0

මිගාර Thursday, 17 July 2014 01:31 PM

ඉතින් මේක වැරදි වැඩක් කියලා කවුරුහරි කියනවා නම් නීතිමය ක්‍රියාමාර්ගයකට යන්න පුළුවන්නේ. (නි)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Thursday, 17 July 2014 01:53 PM

මිගාර, කාටද නඩු කියලා දිනන්න පුළුවන්? (නි)

:       0       0

සේනක Thursday, 17 July 2014 02:04 PM

ප්‍රජාතන්ත්‍රවාදය මහජනතාව සඳහාද? (නි)

:       0       0

හසන්ත Thursday, 17 July 2014 02:07 PM

බලමුකෝ ඉදිරියට වෙන දේ (නි)

:       0       0

ගාමිණි Thursday, 17 July 2014 02:20 PM

තුනක් අඩු කලාට අනිත්පැත්තට තුනක් දීලනේ ඉතින් වැරැද්ද මොකක්ද? (අ)

:       0       0

පියුමි Thursday, 17 July 2014 02:42 PM

වෙන දේ දන්නවා.(අ)

:       0       0

ගාමිණී - සිරි Thursday, 17 July 2014 02:58 PM

කව්රු ,කොහොම පොහොසත් උනත් කමක් නැහැ .ජනතාවටත් එයින් ටිකක් හෝ දීලා ඔවුන්ගේ මනදොල සැපිරීම කළහොත් , ඌවට පමණක් නොවන අතර සමස්ත ජනතවාටම කරන සේවයක් වන්නේය !එවිට ජයග්‍රහණයක් ලැබෙයි !(අ)

:       0       0

මුර Thursday, 17 July 2014 03:03 PM

මේකට කියන්නේ තමන්ට වාසි ප්‍රජාතන්ත්‍රවාදය කියල නේද? (අ)

:       0       0

කුසුම් Thursday, 17 July 2014 03:09 PM

අතට වැඩිය කකුල ලොකුයි කියල අතෙන් ඇඟිලි කපල කකුලට හයි කරනවා වගේ, බලයට කෑදර පාලකයෝ මැතිවරණ කොමසාරිසලා එක්ක එකතු වෙලා ඔය වගේ ශල්‍ය කර්ම කලාට, මෝඩකම නැතිකරන කරන ශල්‍ය කර්මය නම් වෛද්‍ය විද්‍යාවේ තවම හොයාගෙන නැහැ ගාමිණී මහත්තයෝ. ඒක හොයාගත්තු දාට වැරැද්ද මොකක්ද කියල තේරෙයි.(අ)

:       0       0

ප්‍රියන්ත Thursday, 17 July 2014 03:12 PM

යාල ඉන්න සත්තුන්ටත් ඡන්ද අයිතිය දුන්නා නම් මේක හරි. එක අතකින් මෙයාලට ඡන්දෙ දෙන්නෙත් ඒ වගේ අයනේ (අ)

:       0       0

බවර් පැරිස් Friday, 18 July 2014 06:27 AM

මේ මැක්කගේ හැටිද නැත්තම් පිස්සුද ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 872 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 402 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 264 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 805 2

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වංචා දූෂණ මඩින්න කොරියා ණය ආධාර
2024 සැප්තැම්බර් මස 27 703 1

ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.


කොළඹ පොත් මංගල්‍ය ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 27 318 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37742 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24883 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 260 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site