(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා පත්කෙරුණු ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කාලය ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් ලබන 31 වැනිදා දක්වා දීර්ඝ කර ඇත.
කොමිසමේ අවසන් වාර්තාව සකස් කිරීමට වැඩිපුර කාලයක් අවශ්‍ය වන නිසා ලබාදී ඇති කාලය දීර්ඝ කරන ලෙස කොමිසම කළ ඉල්ලීමක් අනුව ජනාධිපතිවරයා විසින් කොමිසමේ කාලය මෙලෙස දීර්ඝ කොට ඇතැයි වාර්තා වේ.
භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබ`දව සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් මෙම කොමිසම පත් කරන ලද්දේ පසුගිය පෙබරවාරි මාසයේදීය. ඉන් අනතුරුව අවස්ථා දෙකකදී මාස තුන බැගින්ද එක් අවස්ථාවකදී මාස 1 1/2ක් වශයෙන්ද කොමිසමේ කාලය දීර්ඝ කළ අතර එහි කාලය අදින් (8) අවසන්වීමට නියමිතව තිබිණි.
විශාල සාක්කි ප‍්‍රමාණයක් හා ලේඛන විශාල ප‍්‍රමාණයක් කොමිසමට ඉදිරිපත් වූ අතර මෙහි වාර්තාව සැකසීමේදී ඒ සියලූ කරුණු සලකා බැලීමට අවශ්‍යවීම හේතුවෙන් අපේක්ෂිත දිනවලදී එම කටයුතු සම්පූර්ණ කරගැනීමට නොහැකිවීම නිසා එහි කාලය දීර්ඝ කරන්නැයි ද කොමිසම ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබූ බවද කියති.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
කොටිකුවිආරු රක්ෂිතයේ නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කිරීමේදී ටිපර් රථයට වෙඩි තබා රියැදුරු ඇතුළු දෙ
මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපද
චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැ
හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පැය 7 කට පමණ ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගියේය.
නිලධාරීන් කුමන දේශපාලන මත දැරුවත් රජයට එය ගැටලුවක් නොවන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බැඳුම්කර කොමිසමේ වාර්තාව දෙන්න 31 දක්වා කල් ඉල්ලයි
Raveendra Friday, 08 December 2017 06:29 AM
හොරකම් කලේ මහජන මුදල් බව දන්න නිසා........ දැම්ම කොමිසමක් හොරුටික කපටි නිසා ....... ඉල්ලුව දිගුව හොරු ටික " මහ ගොඩක් " නිසා..... ලැබුන දිගුව 31 වසරත් ඉවර නිසා........
සන්ජේ ද සිල්වා. Friday, 08 December 2017 06:33 AM
මෙම කොමිසමට මුලින්ම කියන්න බරිවුනාද ලබාදුන් දින ප්‍රමාණවත් නොවන බව. ඒ මොනවත් නෙමේ, මේ වාර්තාවෙන් ජනාධිපති දේශපාලන වාසියක් ගන්නයි බලන්නේ. ඇලෝෂියස්ට දුරකථන ඇමතුම් දුන්නේ එජාප අය විතරද, නම් එළියට ආවේ ඔවුන්ගේ විතරයි. හරිම විදිහ සියලුම දෙනාගේ තොරතුරු මාධ්‍යට දීමයි. නැත්නම් ඡන්දය ඉලක්ක කරගෙන වාසි ලබාගන්න මේක උපයෝගී කර ගන්නවා නියතයි.
dahamFriday, 08 December 2017 07:56 AM
යූ.එන්.පී. හොරු ගැන හිතට අමාරුයි වගේ. මොනවා කරන්නද? පනින්නට පෙරයි, හිතා බලන්නට තිබුනේ.
HafeelFriday, 08 December 2017 08:40 AM
පාට පක්ෂ මොනවා වුණත්, ටයි කොට් ඇන්දත් හොරු හොරුමයි. මෙච්චර කල් මිස්ටර් ක්ලීන් කියලා කියාගත්ත උදවියට අද මොකද්ද වෙලා තියෙන්නේ? කෝටි ගණන් වටිනා නිවසක් තෑගි ගත්ත මිනිහට එ්කත් අමතක වෙලා. කොහොමද ගැහිල්ල සර්?
Muhan Friday, 08 December 2017 08:00 AM
බැඳුම්කර ගනුදෙනු 2008- 2015 සඳහා කෝ කොමිසමක්?
sena Friday, 08 December 2017 08:32 AM
ඔව් ඉතින් ඡන්දේදි කියන්න දෙයක් ඕනෑ නේද?