IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


බැඳුම්කර කොමිසමට එරෙහිව ආණ්ඩු පක්ෂයෙන් පැමිණිල්ලක්

(හර්ෂණ තුෂාර සිල්වා)

ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් පත් කර තිබෙන ජනාධිපති කොමිසමේ කටයුතු කරන නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් දෙදෙනකු සම්බන්ධයෙන් රජය දරන ස්ථාවරය ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලමින් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍ය කාර්යාලයට අද (11) ලිපියක් බාර දී ඇත.

යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණු ජාතික ආණ්ඩුවේ, ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉහත ලිපිය අගමැති කාර්යාලයට බාර දුන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ සමස්ත ක්‍රියාවලිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් පසුවය.

ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අග්‍රාමාත්‍යවරයා අතර වූ සාකච්ඡාව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (10) පස්වරුවේ පැවැත්විණි. 

නීතිපති දෙපාර්තමේන්තුවේ සමස්ත ක්‍රියාවලියත්, බැඳුම්කර කොමිසමේ කටයුතු කරන නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් දෙදෙනකුගේ ක්‍රියාකලාපයත් සම්බන්ධයෙන් ඉහත සාකච්ඡාවේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍යවරයා හමුවේ තොරතුරු රැසක් අනාවරණය කර තිබේ. 

බැඳුම්කර කොමිසමේ කටයුතු කරන නීතිපති දෙපාර්තමේන්තුවේ එක් ඉහළ නිලධාරියකු පසුගිය රජය සමයේ දෙපාර්තමේන්තුවෙන් වැටුප් ගන්නා අතරම අධික මුදලක් ලබමින් ශ්‍රී ලංකා මහ බැංකුවට උපදේශන සේවා සපයා ඇති බවට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු අග්‍රාමාත්‍යවරයා හමුවේ සාක්කි සහිතව තොරතුරු ඉදිරිපත් කර ඇතැයි වාර්තා විණි. 

නීතිපති දෙපාර්තමේන්තුවේ බලතල උපරිම ලෙස යොදා ගනිමින් ස්ත්‍රී දූෂණයක් යටපත් කිරීමට ගැනුණු සංවිධානාත්මක වැඩපිළිවෙළක් පිළිබඳව ද ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ට කරුණු දක්වා තිබේ. 

බැඳුම්කර කොමිසමේ ක්‍රියා කරන නීතිපති දෙපාර්තමේන්තුවේ තවත් ඉහළ නිලධාරියකු සුනාමි මුදල් වංචාව හමුවේ ක්‍රියා කළ ආකාරය පිළිබඳව ද ඉහත සාකච්ඡාවේදී තොරතුරු ගණනාවක් අනාවරණය වී ඇත.  

ඉහත සියලු තොරතුරු සැලකිල්ලට ගනිමින් බැඳුම්කර කොමිසමේ ක්‍රියාකරන නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් දෙදෙනා සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුව දරන ස්ථාවරය රටට ප්‍රකාශ කරන්නැයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුව් අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ. 

 



අදහස් (23)

බැඳුම්කර කොමිසමට එරෙහිව ආණ්ඩු පක්ෂයෙන් පැමිණිල්ලක්

Mahesh Friday, 11 August 2017 05:28 AM

හොරු අල්ලද්දී දේශපාලන ඇගිලි ගැහීම් කරන්නෙම නැහැ මේ යහපාලන ආණ්ඩුව.

:       0       116

raveendra Friday, 11 August 2017 05:52 AM

කොච්චි පාරේ බින්ගේ තුලින් ලොකු එළියක් එනවිට ඒ එන්නේ කෝච්චියක් මිස කරත්තයක් නොවන බව කුඩා දරුවෙකුටත් තේරෙන දෙයකි.

:       137       285

sachith Friday, 11 August 2017 05:58 AM

නීතිපති දෙපාර්තමේන්තුවේ මෙච්චර වැරදි කරපු නිලධාරීන් ඉන්නවනම් මෙච්චර කල් ඕක දැනගෙන හිටියේ නැද්ද? බැඳුම්කර කොමිසම පත් කරලත් දැන් මාස ගානක් වෙනවා. පල ඇති රුකටනේ ගල් ගහන්නේ. ඔහොම යමුකෝ මේ මෙගා ටෙලිය කොහෙන්ද ඉවර වෙන්නේ කියල බලන්න.

:       463       540

Chandra Friday, 11 August 2017 06:02 AM

මගේ මතකයට එනවා ජයවර්ධන යුගයේදී එවක අගවිනුසුරු නෙවිල් සමරකෝන් මැතිතුමාගේ නිල නිවසට ගල් ගසූ සිද්දිය.

:       514       542

raveendra Friday, 11 August 2017 07:36 AM

එම සිදුවීම මා හටද හොඳින් මතකය. එවකට සිටි රජය ඒ සඳහා දුන් පිළිතුරද ඔබට මෙන් මටද මතකය. එබැවින් රටට හෙණ වැදුණත් කම් නැත. අපේ පක්ෂය පමණක් සිටිය යුතුය... යන මතයේ සිටින අසීලාචාර ඡන්ද දායකයන් පුරවැසියන් ලෙස ලෝකයේ සිටින එකම රට අපරට වියයුතුය. හොර තක්කඩින්ව කම්බ හොරුන් විසින් ආරක්ෂා කරනවා යන්න මෙයද තවත් එක් නිදසුනකි.

:       1       118

Shanaka Friday, 11 August 2017 06:11 AM

මමනම් හිතුවා මේක වෙයි කියලා

:       230       266

sanju Friday, 11 August 2017 07:09 AM

දැන් මේ හොරවැඩ අහුවෙනවට බය වෙලා අවංකව වැඩ කරන නිලධාරීන්ට කරදර කරන්නයි හදන්නේ. අර මංගලට වැඩ කරන කෙනාගේ වාහනේ තිබ්බ මතධාරියා අල්ලපු එස්.ටී.එෆ්. නිලධාරියටත් කරදර කරනවලු. අනේ මෙහෙමත් දේශපාලකයෝ. අනාගෙන ඇවිල්ලා බොරු කියනවා අපි අවංකයෝ කියලා.

:       0       52

roshan Friday, 11 August 2017 07:10 AM

මේක මර්ධනයේ ආරම්භයද?

:       53       79

sanju Friday, 11 August 2017 07:11 AM

මේකේ ඉන්න නිලධාරීන්ට අත තියන්න එපා. ජනාධිපති තුමෝ.., එහෙම කළොත් ඔප්පු වෙනවා. හොරු තමයි කියලා....

:       62       101

මල්කි Friday, 11 August 2017 07:30 AM

හරියට හිතුව විදිහටම අද උදේ වෙබ් අඩවිවල පළවූ ප්‍රවෘත්ති බැලුවහම දැන් අපි මේවාට රැවටෙන්නත් ඕනෙද කියලා ගරු අගමැතිතුමාටම කිව්වොතින් තමයි හොඳ...

:       37       12

පිටිගල මිලානෝ Friday, 11 August 2017 07:31 AM

බැඳුම්කර හොරාව අත්අඩංගුවට ගන්නේ කවදාද?

:       16       59

පිටිගල මිලානෝ Friday, 11 August 2017 07:31 AM

බැඳුම්කර හෝරාව අත්අඩංගුවට ගන්නේ කවදාද?

:       56       78

sudes Friday, 11 August 2017 07:43 AM

පාර්ලිමේන්තුවේ ඉන්න හොරු සහ කම්බ හොරු බොහෝ සෙයින් බිය වී ඇති හැඩයි.

:       0       26

smith Friday, 11 August 2017 07:58 AM

අනුන්ට කපපු වලේ තමන් වැටෙනකොට ඔහොම තමයි.

:       33       76

බණ්ඩාර-(කැකිරාව) Friday, 11 August 2017 08:15 AM

මේක තමයි ගමේ විදිහ... දැන් හොරු නිදොස් කරලා, නීතිපති දෙපාර්තමේන්තුවේ..නිලධාරීන් වැරදි කාරයෝ කරන්නයි හදන්නේ.. මේක නම් අපූරු යහපාලනයක්.. හොඳයි හොඳයි ඔහොම යමුකෝ..

:       49       90

රොමේෂ් Friday, 11 August 2017 08:54 AM

බැඳුම්කර නඩුව දිගටම කරගෙන යන්න දුන්නොත් අගමැතිතුමාගේ නමත් කොයි මොහොතේ හෝ එළියට එන බව යු.එන්.පී ය හොඳටම දන්නවා. එහෙම වුණොත් මේ ගත්ත ඡන්ද ටිකවත් ඊළඟ සැරේ ලැබෙන්නේ නැහැ. තනි ආණ්ඩුවක් හදන සිහිනේ සදාකාලේටම වැලලෙනවා. බැඳුම්කර වංචාව වහන්න මුල ඉඳන්ම දතකාපු හැටියෙන් අපි නම් දැනගත්තා මේකට මහ අයගේ ඉඳන් පොඩි අය වෙනකම් හැමෝම හව්ල් කියලා. නැත්තම් කෝප් වාර්තාවට ෆූට් නෝට්ස් දාන්න ඕනෑද? සුජීව සේනසිංහව කෝප් එකට හදිසියේම පත්කරන්න ඕනෑද? මේ වංචාව පුළුවන් තරම් යටගහනවා. මහා භාණ්ඩාගාර බැඳුම්කර වංචාවේ තිඹිරිගේ වෙන්නේ සිරිකොත. මේක මෙතරම්වත් ඉදිරියට අාවේ ජනතාවගේ උනන්දුව නිසා. ඒ උනන්දුව මේ හොරුන්ව දඬුකඳේ ගහනකම් තියාගන්න අවශ්‍යයි.

:       518       1131

raveendraFriday, 11 August 2017 09:38 AM

"කොයි මොහොතේ" නොවේ... මේ පුද්ගලයාගේ නම ඉහළින්ම තිබෙන බව ලංකා මාතාව ඉතා හොඳින් දන්නා ප්‍රසිද්ධ රහසකි. එබැවින් මේ උන්නැහේටත් නුදුරේදේ "වෙනදාටත් වඩා බොරු කප්පරක් කීමට" සිදුවනු නියතය. මොනදේ වුණත් මෙම හැම සිදුවීමකින්ම අපහට ගතහැකි එකම පාඩම නම් මීට පෙර බලයේ සිටි සහ දැනට බලයේ සිටින හැම පක්ෂයකම ඉන්නේ හොර තක්කඩින් පිරිසක් බවය.

:       135       266

nisa Friday, 11 August 2017 09:22 AM

චෝදනා අාවගමන් නිලධාරීන් ඉල්ලා අස්වේවිද?

:       0       6

vipula Friday, 11 August 2017 09:36 AM

දැන් මෙයා ගත්ත සල්ලි අාපහු ගන්න එක ගැන කතාවක් නැහැ නේ...

:       12       89

siri Friday, 11 August 2017 09:54 AM

කට්ටිය දැන් හොඳටම බයවෙලා වගේ. කරන්න දෙයක් නැහැ "කුම්බල මාළු කෑවනම් දුක විඳපන් " කිවුවාලු.

:       1       24

rohana Friday, 11 August 2017 09:54 AM

නීතිපති දෙපාර්තමේන්තුවේ.. නිලධාරීන් වැරදි කාරයෝ කරන්නයි හදන්නේ. ජනතාව පෙළගැසෙන්න ඕනෑ මේ අසාධාරණයට...

:       1       18

විජයභාහු Friday, 11 August 2017 10:19 AM

බ ....බ....බ....බයවෙලාද ???

:       1       2

mahee Saturday, 12 August 2017 10:19 PM

අර කමිටුවේදී ෆුට් නෝට් දාපු අය ඒක කලේ මහ හොරාගේ උපදෙස් මත බව නොදන්නේ කවුද? විගණකාධිපතිට කට්ටිය ලවා බැන්නේ මහ හොරාගේ උපදෙස් මත බව නොදන්නේ කවුද? දැනුත් හොරා අහුවෙනකොට ඒක කරවන නිලධාරීන්ට ලෙඩ දාන්න හදන්නේ මහ හොරාගේම උපදෙස් මත බව නොදන්නේ කවුද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඔස්මන් ඝාතනයට සැලසුම් කළ නවයක් අල්ලයි
2025 අප්‍රේල් මස 20 48 0

ව්‍යාපාරිකයකු වන ගම්පහ ඔස්මන් ගුණසේකර නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් නව දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ


වී මිල බැස්සොත් අපි ගන්නවා- ඉහළ ගියොත් ඒ ගොල්ලො ගනියි
2025 අප්‍රේල් මස 20 247 0

නැවත කිසි දිනක ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන තුට්ටු දෙකට විකුණන්න ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොළොන්නරුව ජන හමුවකදී පැවසීය.


තෙවැනි දින දළදා වන්දනාව ආරම්භ වේ
2025 අප්‍රේල් මස 20 75 0

’සිරි දළදා වන්දනාව’ තුන්වන දිනය අද (20) දහවල් ආරම්භ කළේය. දළදා වන්දනා කිරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මහනුවර නගරයේ පෝලිම්වල රැඳී සිටින බව අප වාර්තාකරුව


ලාල් කාන්ත ඇත්ත කියන මිනිහෙක්
2025 අප්‍රේල් මස 20 609 0

ලාල් කාන්ත මහත්තයා ඇත්ත ප්‍රකාශ කරන මිනිහෙක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පැවසීය.


‘මාලිමා රජයේ පොරොන්දු - ප්‍රතිපත්ති පුස්සක්‘
2025 අප්‍රේල් මස 20 295 0

මාලිමා රජයේ මැතිවරණ ප්‍රතිපත්ති සහ පොරොන්දු අද වන විට පුස්සක් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


පාස්කු කොමිෂන් වාර්තාවේ සැඟවූ කොටස් සී.අයි.ඩීයට
2025 අප්‍රේල් මස 20 1377 0

පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඟවා තැබූ කොටස් ඇතුළු සම්පූර්ණ වාර්තාව පරීක්‍ෂණ සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට තමා අද බ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 308 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 250 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 406 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site