(විනීතා එම් ගමගේ)
බැඳුම්කර කොමිසම ඉදිරියට පැමිණ කරුණු පැහැදිලි කිරීමට කැමති බව අගමැතිවරයා පවසන්නේ එම කොමිසම ඉදිරියට ළඟදීම සාක්කි දීමට කැඳවන බවට හෝඩුවාවක් ලැබුණු නිසා විය හැකි යැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර මහතා ප‍්‍රකාශ කළේය.
අර්ජුන් මහේන්ද්‍රන් කිහිප අවස්ථාවක දීම නිර්දෝෂී බව පෙන්වන්නට අගමැතිවරයා උත්සාහ කළේ යැයි ද ඔහු කියා සිටියේ බොරැල්ල එන්. එම්. පෙරේරා මධ්‍යස්ථානයේ අද(16) පැවති සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය හමුව අමතමිනි.
‘‘මහ බැංකුවේ බැඳුම්කර වංචාවට අගමැතිගේ සම්බන්ධයක් තිබෙන බව මා විසින් දිගින් දිගටම කියා සිටීම දැන් අවධානයට යොමුවී තිබෙන බව පෙනෙනවා. මම 2015 අපේ‍්‍රල් මාසයේ පමණ බැඳුම්කර වංචාවේ දී අගමැතිත් විත්තිකාරයෙක් බව කියමින් පොලිස්පතිට ලිපියක් යැව්වා. මහ බැංකු අධිපති ගෙනාවේ ඔහුගේම වුවමනාවට. ඔහුගේම කැමැත්තෙන්. වෙනදා මුදල් අමාත්‍යංශය යටතේ තියෙන මුදල් අමාත්‍යංශ්‍ය ඔහුගේ යටතට ගත්තා. ඊළඟට මේ ප‍්‍රශ්නය මතුවූ අවස්ථාවේ ඔහු පාර්ලිමේන්තුවේ නැගිටලා අර්ජුන් මහේන්ද්‍රන් ආරක්ෂා වන පරදි ලොකු ප‍්‍රකාශයක් කළා. ඉන් අනතුරුව කෝප් කමිටුව තීරණය කළා මේකෙ වගකිවයුත්තා ඔහු බවට. දැන් ජනාධිපති කොමිසමෙන් එළිවෙන කරුණු වලිනුත් පෙනෙනවා මේකෙ වගකිවයුත්තන් කවුද කියන එක‘‘ යැයි ද නානායක්කාර මහතා කීය.
‘‘ඇමතිවරු දෙදෙනෙක් විරුද්ධ වෙද්දි ඇයි මේ තැනැත්තා මහ බැංකු අධිපති කළේ කියා අගමැති වග උත්තර බැඳිය යුතුයි. කරුණු එළිදරවු වෙද්දිත් කොහොමද මොහු ධූරයේ තබාගෙන රකින්න කටයුතු කළේ කියා කිව යුතුයි. ඔහු දිවුරුමකට භාජනය නොවන පරිදි තනතුරකට ගෙනාවේ කොහොමද? ව්‍යවස්ථා මණ්ඩලයෙන් නම්කළ යුතු තනතුරක් වන මහ බැංකු අධිපති තනතුර හුදෙක් අගමැති ගේ කැමැත්තට නම් කළේ කොහොමද කියා හෙළි කළ යුතුයි‘‘ යැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.
ශ්රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්
එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය
මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්රකාශ
මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
‘බැඳුම්කර වංචාවට අගමැති වගකිව යුතුයි‘ - වාසු
kap Monday, 16 October 2017 11:27 AM
දැන්ද නින්දෙන් නැගිට්ටේ?
SLMonday, 16 October 2017 01:44 PM
‘බැඳුම්කර වංචාවට අගමැති වගකිව යුතුයි‘ - අපි නම් ඕක 2015 ඉඳලා කියනවා. මේ පත්තරවල යන්නේ දැන් තමයි!
Athula kMonday, 16 October 2017 01:56 PM
කැප්, මට පේන්නේ ඔබ නින්දෙන් නැගිටලා වගෙයි. මේ පුද්ගලයා ඕකට කෑ ගහන්නේ කොයි කාලේ ඉඳලද?
සමන් - ඕමානයMonday, 16 October 2017 03:04 PM
වාසුදේව මැතිතුමා කියන කතාව සම්පුර්ණ ඇත්ත. ඔහු මෙය පිළිබඳව හඬ නගන්නේ සිදුවීම වුණු කාලයේ ඉඳලා. ඇයි මතක නැද්ද අගමැති තුමා තමන්ගේ හෙන්චයියන් කීපදෙනෙකුගේ කමිටුවක් දාලා අර්ජුන් මහේන්ද්‍රන් නිදොස් යයි පාර්ලිමේන්තුවේදී බෙරිහන් දීපු හැටි? ඔහු කරන දේවල් ගැන තමන් වගකීම බාරගන්නවා කියූ හැටි? කෝප් කමිටුවේ වාර්තාව එන්න කලින් එය නවතන්න අගමැති ඇතුළු පිරිස කල දේවල්... ඒ පිළිබඳව වාසුදේව මහතා ඇතුළු පිරිස හඬ නගපු හැටි ඔබට අමතකද? නින්දෙන් මේ දැන් නැගිටලා තියෙන්නේ ඔබ බවයි මට නම් පෙනෙන්නේ.
RaveendraMonday, 16 October 2017 03:15 PM
කප් මයා වෙත, ඔබගේ නිවැරදි අදහසට අපද එකඟ වන්නෙමු. මේ මහත්තයා දැන් තමයි දැනගෙන තියෙන්නේ නමුත් ලක්මවගේ සියලුම දූ දරුවෝ දන්නවා අර ඩ්‍රයි ක්ලීන් බොබිලට තමයි හොරකමේ හැකියාව තියෙන්නේ කියලා.
indikaTuesday, 17 October 2017 02:47 AM
kap , ඔය මෙච්චර දවස් රුපවාහිනී ITN බල බල හිටිය හින්ද දකින්නේ නැතුව හැටි. මේ ගැන දෙරණ වගේ චැනල් වල ඒ දවස් වල ඉඳන් පෙන්නනවා. වාසු ඕන තරම් කතා කරලත් තියෙනවා.
kapTuesday, 17 October 2017 05:52 AM
මේ බැදුම්කර ගේම අවුරුදු ගානක ඉදන් වෙනවා. මේකයි,කොටස් වෙලදපොලයි එක වගේ හොර ගුහාවල්. මේවල උඩ ඉන්න මැනේජර්ලා එහෙම කෙලින්ම ජරාව අරන් මේ ගේම දෙන්නෙ. මේ දේවල් එලියට ආවෙ මේ ආණ්ඩුවෙ විනිවිද භාවය නිසයි. හොරු අල්ලනවනම්, අවුරුදු ගානක් පස්සට ගිහින් අල්ලන්න ඕනි. මම මේ කාවත් සුදනා කරන්න යනවා නෙමෙයි..
dasunTuesday, 17 October 2017 06:22 AM
කප් මහත්තයෝ. ආණ්ඩුවේ විනිවද කම පෙනුන අව්ව වැටුනම. ෆුට් නෝට් කල්ලිය ඉන්නේ ආණ්ඩුවේ. අර්ජුනව පත්කරේ ආණ්ඩුවෙන්. ඔහු හරියි කියලා කෑගැහුවේ ආණ්ඩුවෙන්. ඔබ කොහෙද ඉන්නේ.
ravindra Monday, 16 October 2017 11:34 AM
ඇයි මහත්තයෝ මහින්ද වගකිව යුතු ඒවත් කියන්නකෝ
ජයරත්න Monday, 16 October 2017 11:39 AM
කොහොමටත් ඊළඟ ජනාධිපතිවරණයට කලින් එක්සත් ජාතික පක්ෂයේ වෙනසක් වෙනව නම් හොඳයි. අලුත් පරම්පරාවකට නායකත්වය දෙන්න දැන් හොඳ වෙලාව.
ධම්මික Monday, 16 October 2017 12:46 PM
මේ ආණ්ඩුවට වැඩි ආයුෂ නෑ
kumara Monday, 16 October 2017 02:00 PM
ඇයි ඔබතුමා මේකේ ගාණ කියන්නේ නැත්තේ?
samjay Monday, 16 October 2017 03:39 PM
අනේ පව් වාසු නින්දෙන් නැගිටලා බැඳුම්කරේ ගැන දැන ගෙන තියෙන්නේ දැනුයි. ලොක්ක අපි ඔක දැනගෙන දැන් මාස ගාණක් වෙනවා. අනේ පව් ....
SAMANTHA Monday, 16 October 2017 03:59 PM
හොරකම් ගැන මොනවත් දන්නෙම නැති බබා වෙන්න එපා..
sahan Monday, 16 October 2017 05:02 PM
මේ අපේ මහත්තයනේ..., පහුගිය කාලේ දැක්කේ නැත්තේ මැදමූලන වලව්වේ ගිහින් හිටිය නිසාද?
siri Monday, 16 October 2017 07:31 PM
කප් ඇතුළු සමහරු නින්දෙන් නැගිටලා තියෙන්නේ දැන්.
Tissa Monday, 16 October 2017 11:45 PM
වාසුදේව නානායක්කාර මට නම් පෙනෙන්නේ රටට කිසි වැඩක් කරලා නැති, අසරණ සේවකයන් මුලා කොට ඔවුන් අතරමන් කළ, කිසිම දේක හොඳක් නොදකින හිස්ම හිස් ආත්මයක් ලෙසයි.
Nuwan Tuesday, 17 October 2017 01:25 AM
රවීන්ද්‍ර, මහින්දගෙ හොරකම් මෙතනට අදාල නැත. එ් සදහා වෙනත් පුවත් ඕන තරම් ලංකාදීපයේම ඇත.
ajith Tuesday, 17 October 2017 02:13 AM
අනේ ! මොනවා වෙන්නද? වාසු මහත්තයෝ, මතක නේ හෙල්පින් හම්බන්තොට සුනාමි සල්ලි ගහපු කතාව, එතකොට හෙජින් ගනුදෙනුව. මේවා උසාවිත් ගිය ඒවා නේ ?. ඒවා වගේම මේවත් යට යයි. අපි ඉතින් පවු ගෙවමු.
නුවන්Tuesday, 17 October 2017 07:03 AM
එහෙම හිතනකොට ඉතිහාසයේ මොන තරම් හොරකම් වුණාද? ආයෙත් ඒ අය බලයට ආවෙ නැද්ද?
ranjith Tuesday, 17 October 2017 02:20 AM
මටනම් ලොකුම දෙය දැන් නීතියක් ක්‍රියාත්මක වීම. ඉස්සර රටේ නායකයා මොන කලත් හරි. වාසුට එකත් මතක් උනොත් හොදයි නේද?
sathyayaa Tuesday, 17 October 2017 02:21 AM
අනික් අයව උල තියාපු රජවරු ලංකාවේ හිටියට තමන්වම උල තියා ගත්ත රජ කෙනෙක් ගැන නම් අපි කොයි ලෝකෙන්වත් අහල නැහැ. මොනරවිල දිසාවේ වගේ වීරයෝ රට රකින්න ගිහිල්ල බෙල්ල දුන්නේ. මේ ගොල්ලෝ බෙල්ලයි බලයයි දෙකම රැකගෙන ඉන්නවා.
saliya Tuesday, 17 October 2017 02:28 AM
අදාළ කොම්පැනියේ ලොක්කෝ ලොක්කියෝ ගේ නම් ගම් , තිබුණු සම්බන්ධකම් , ඒ ගොල්ලෝ 2015 ට කලින් ඉඳන් කරපුවත් , ළඟදීම එළිවෙනවා .., එතකොට ඔය දෙගොල්ල්ලන්ගේම කටවල් පූට්ටු වෙනවා. බලමු හොඳ හොඳ සෙල්ලම් එළිවෙන කොට..
MP Tuesday, 17 October 2017 03:16 AM
හොරෙක්ව මහ බෑන්කුවට හොරෙක් ගෙනෑල්ල දෑම්මේ වාසුද? මේක නිකන් කෑකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව වගෙයි නේ.
ලුම්බිණි Tuesday, 17 October 2017 03:35 AM
ඔබතුමාගේ කතාව විතරයි නේ. රටට කරපු එක දෙයක් කියන්න බලන්න.
මම1 Tuesday, 17 October 2017 05:11 AM
බයියන්ට අනුව බිලියන 1 කට ලංසු ඉල්ලා බිලියන 10 ක් ණයට ගත්කල, පොලී අනුපාතිකයේ 2% ක වෙනසක් වූවානම්, අවුරුදු 30 බැඳුම්කරයේ පාඩුව බිලියන 10,000,000,000 කි. (මෙය බැඳුම්කර වංචාව සාධාරණීකරනය කිරීමක් නොවේ)
මැක්ස් Tuesday, 17 October 2017 07:04 AM
රංජිත්ට තිෙයන ලොකුම දේ දැන් නීතිය ක්‍රියාත්මක වීමලු. අර දලුවත්ත කියන පොලිස් දාමරිකයා තංගල්ලෙන් කොළඹට මාරැ කළා වෙග් ද රංජිත්? එෙහම නැත්නම්, ආණ්ඩු විරෝධී අයව විතරක් උසාවි ගේන්න ක්‍රමවේදය රංජිත්
dubai Tuesday, 17 October 2017 07:11 AM
දැන් වාසුට මොළේ කොලොප්පන් කාලේ හරි..............
Perakum Tuesday, 17 October 2017 08:39 AM
අනේ ඇයි අපේ කට්ටිය මේ වාසු මහත්තය කියපු එකක් අල්ලාගෙන දඟලන්නේ? අපට ඕන මේ බැඳුම්කර වංචාව කරපු අයට දඬුවම් දෙන්න නේද?
dias Wednesday, 18 October 2017 05:08 AM
මහ බැංකු වංචාවට අනිවාර්යෙන් දඬුවම් දෙන ගමන්.එම ලැබූ මුදලින් 60%ආපසු අය කරගත යුතුයි.මේ හා සම්බන්ධ දේශපාලකයින් අයින් කල යුතුයි.. ඒ වගේම පසු ගිය රජයේ හොරුන්ටත් දඬුවම් කල යුතුයි.