IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


බැඳුම්කර වාර්තාව හෙට ජනපතිට

අජන්ත කුමාර අගලකඩ සහ මනෝප්‍රිය ගුණසේකර
 
බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව හෙට (30) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාර දීමට නියමිතය.
 
මහ බැංකුවේ 2015-2016 අතර කාලයේ සිදුවූ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට මේ වසර මුලදී ජනාධිපතිවරයා විසින් ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරනු ලැබූ අතර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ ටී චිත්‍රසිරි මහතා  එහි සභාපතිවරයා විය.
 
මෙම කොමිෂන් සභාවේ කාලය අවස්ථා තුනකදී දීර්ඝ කරනු ලැබූ අතර එම කාලය අනිද්දායින් (31) අවසන් වෙයි. බැඳුම්කර වාර්තාව ජනාධිපතිවරයාට බාර දීමෙන් අනතුරුව නීතිමය පියවර ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් එය නීතිපති දෙපාර්තමේන්තුවට බාර දෙනු ඇත. 



අදහස් (22)

බැඳුම්කර වාර්තාව හෙට ජනපතිට

පිටිගල මිලානෝ Friday, 29 December 2017 06:41 PM

බැඳුම්කර හොරු, මිග් හොරු, සුනාමි හොරු, ටෙන් පසන්ට් හොරු සියල්ලටම වහා දඬුවම් කරනු.

:       0       22

Saman Friday, 29 December 2017 06:53 PM

හැමදෙයක්ම පත්තරෙන් දැනගන්න එකේ ඔය වාර්තාවත් පුවත්පත් වල මුද්‍රණය කර නම් තමා හරි

:       0       13

Raveendra Friday, 29 December 2017 07:32 PM

වාර්තා කියවලත් දන්නව කවුද හොරු..... වාර්තා නොකියලත් දන්නව කවුද හොරු..... නම ගම නැතත් දන්නව උන්ය හොරු...... මොනදේ නැතත් සිත් දන්නව තොපිය හොරු.....

:       0       109

abaran Friday, 29 December 2017 09:18 PM

ෂා..මාර වැඩේ දැන් හොරුන්ට වෙන්නේ...ජනවාරි පලවෙනිදාම හිරේ විලංගුවේ දමලා ජනතාවට සාදාරනය පෙන්නන්ටයි යන්නේ..

:       0       0

siri Friday, 29 December 2017 09:39 PM

අර කඩුව හොඳට මුවහත් කරගෙන ඇති නේද?

:       0       0

Bamunuarachchi Saturday, 30 December 2017 01:00 AM

අපිට බලාගන්න පුළුවන් වෙන්නේ කවදාද?

:       0       2

සමන්Saturday, 30 December 2017 09:42 AM

දැන් ඔය කොමිසම මාධ්‍යයට විවෘත කරලා කරපු හරියම මදැයි... ඔයාගෙ වීරයගේ කාලෙ ඔය වගේ කොමිසම් කීයක් තිබ්බද? ඒවට ගියපු වියදම ඇරෙන්න වෙච්ච දෙයක් නෑනේ නේද? මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ එක හොඳක් හරි ඔයාගේ වීරයාගේ එක නරකක්වත් පේන්නේ නැද්ද? අඩුම ගානේ සුරංගනාවියෝ ඩේසි ආච්චිගේ ඉස්සරහ තියලා ගිය මල්ල ගැනවත්. තව කියන්න නං පුළුවන්... එක්කෝ ඕනේ නෑ...

:       0       3

ජගත් ලියනගේ Saturday, 30 December 2017 02:02 AM

ඔක්කෝම එළිවෙනවා. හැබැයි ඊට පස්සෙ මොකක් කරයිද කියන එක තමයි අපිට තියන ලොකුම ගැටළුව.

:       0       74

pitigala Saturday, 30 December 2017 02:16 AM

ඔය තරම් ඉක්මණට අර අනික් පක්ෂයේ හොරු ටිකගේ ෆයිල් ටිකත් එලියට ගන්න බැරිද? ඕක ජනපතිගේ පහත් ශ්‍රේණියේ ඡන්ද ගුණ්ඩුවක් කියලයි අපට හිතෙන්නේ...

:       3       217

BamunuarachchiSaturday, 30 December 2017 01:35 PM

හලෝ නොදන්නාකම උඩ පැන පැන පෙන්නන්න හදන්න එපා. රටේ නීතිවලට අනුකූලව සිදුවන දේ ගැන විමසිල්ලෙන් බලා ඉන්න. උඩුබුරුලෑවට මේවා සිදුවන ක්‍රමය වෙනස්වෙන්නේ නැත.

:       0       0

pitigalaSunday, 31 December 2017 03:04 AM

බමුණෝ. මෙච්චර කල් හොරුන්ව අල්ලුවාද? මොකක්ද ඔය ක්‍රම වේදය? බලා හිටියා දැන් අවරුදු 2 කට වැඩිය? කඩේ ගිහින් උඩු බුරන්නේ හොරු වෙනුවෙන්ද> නොදන්නා කමද මෝඩ කමද ප්‍රදර්සනය කරන්නේ?

:       0       0

Sathyayaa Saturday, 30 December 2017 02:21 AM

"බැඳුම්කර වාර්තාව ජනාධිපතිවරයාට බාර දීමෙන් අනතුරුව නීතිමය පියවර ගැනීම සඳහා ජනාධිපතිවරයා...." ඔව් ! මේක එක ක්‍රමයක්. මේ සඳහා ජනාධිපතිවරයාට විශාල ධෛර්යක් තිබිය යුතුයි. එජාපයේ පිරිස මෛත්‍රීපාල සිරිසේන මහතාව හිතා මතා අමාරුවේ දැම්ම බව අවබෝධ කරගත යුත්තේ එතුමා නොව රටේ සමස්ත ජනතාවයි. ජනාධිපතිව ඔය තැනට තල්ලුකර හිර කර තබා " අර මිනිහට තීරණයක් ගන්න කොන්ද පණ නැහැ" කියන කතාව නිර්මාණය කරන්නෙත්, එය ප්‍රචාරය කරන්නෙත් වර්තමාන ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විරෝධී කණ්ඩායමයි. රනිල් වික්‍රමසිංහ හා මහින්ද රාජපක්ෂ අතර තිබෙන අප්‍රකට සම්බන්ධය නිසාම මේ කුමන්ත්‍රණකාරී සැලසුම ක්‍රියාත්මක වෙමින් පවතිනවා. රටේ පවතින නීතියේ ඇස් බැඳ, එහි කනින් රිංගා යන්නට සැලසුම් කර ඇති පිරිස නැවත ජනතාව ලඟට එන්නේ ඡන්ද හිඟා කන්නයි. එවැනි මොහොතක ජනතාව ආයුධ අතට ගන්න ඕනෙත් නැහැ. මෛත්‍රීපාල මහත්මයා ලවා මේ ගොල්ලන්ට දඬුවම් කරන්න ඕනෙත් නැහැ. ඔය වැඩේට අවශ්‍යය එක කතිරයයි. ඒ කතිරයෙන් මේ හැම හොරෙක්ම (හිර) ගෙදරම යවන්න පුළුවන්. අප විසින් කළ යුත්තේ ජනතාව එතනට ගෙන ඒමයි.

:       608       617

saman Saturday, 30 December 2017 03:21 AM

කිසිම සැකයක් තියාගන්න එපා. කාටවත් කිසිම දෙයක් වෙන්නේ නෑ. මට දුක කොමිසමට වියදම් කරපු ජනතාවගේ මුදල් ගැන. අන්තිමට සිරිසේන මහත්තයාගේ කඩුවට වූ දෙයක් නැති වෙනවා.

:       1       238

SathyayaaSunday, 31 December 2017 12:38 AM

යුද්ධය පැවති කාලයේ රනිල් වික්‍රමසිංහ මහත්තයල එල් ටී ටී ඊ එකට විරුද්ධව සටන් කරන්න අකමැති නිසා කඩු වලින් කළේ කොස් කොටන එක සිංහල ගැමි නායකයෝ සටන් වලදී කඩුව අවභාවිතා කළේ නැහැ. මොකක් හරි දෙයක් වෙයි කියල මගේ යටි හිත කියනවා.

:       0       2

Hafeel Saturday, 30 December 2017 03:31 AM

සුජීවගෙන් තවත් මාධ්‍ය සාකච්ඡාවක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ වනවිටත් කී දෙනක්ට උණ හැදිලා ඇද්ද?

:       103       495

RaveendraSaturday, 30 December 2017 08:13 AM

හෆීල් මයා වෙත, ඔබගේ අදහස් වලට මෙයද එකතු කිරීමට කැමැත්තෙමු. පොත් ලියපු හාදයෝ, පොත් පෙරලපු හාදයෝ එතකොට පාද සටහන් කෙසේවෙතත් පාද සලඹට දායක වුණු පිරිසක් මේ දිනවල "වඩදිය බාදිය" පිලිබඳව ගැටළු වලට මුණ දෙමින් පවතින බව කිව යුතුයි.

:       3       68

HafeelSaturday, 30 December 2017 11:43 AM

රවීන්ද්‍ර ඔවුන් අපිව ගොනාට අන්දනවා. පොත් ලියන්නැතුවලු එයාට කතා කළේ.. හැබැයි පොත් ලියලා තියෙන්නේ 2015 අවුරුද්දේ.. නමුත් දුරකතන සංවාදය වෙලා තියෙන්නේ 2016 අවුරුද්දේ බැඳුම්කර සම්බන්ධ කෝප් කමිටු වාර්තාව හෙළිවන කාලවකවානුවේ. පොත් ලියන්න ඇලෝසියස්ගෙන් උපදෙස් ගන්න ඕනෑද? එහෙම උපදෙස් අවශ්‍ය නම් පළපුරුදු මහබැංකු නිලධාරීන් රටේ ඕනෑ තරම් ඉන්නවනේ. තවද තමන්ගේ සහෝදරයෙක් ඉන්නවනේ එකවුන්ටන්ට් කෙනෙක්... මේවා සේරම විහිළු තමයි.

:       0       32

saman Saturday, 30 December 2017 07:44 AM

හැමදෙයක්ම පත්තරේ බලලා දැනගන්න එකේ, ඕකත් පත්තරේටම දැම්ම නම් තමයි හොඳ. අඩුම තරමින් මහා ඡන්දෙට කලින්වත් කියවල බලයි නොවැ...

:       0       290

MP Saturday, 30 December 2017 07:45 AM

අනේ අපොයි අපි ගෙවපු, ගෙවන බදු මුදල් මේ අය හොරා කනවා.

:       1       45

de silva Saturday, 30 December 2017 08:05 AM

මම ජනාධිපති නම් ඔය හොරු සැකපිට අත්අඩංගුවට ගන්න කියලා නියෝගයක් දෙන්නේ මීට ගොඩ කලකට ඉස්සෙල්ලා.., පසුගිය කලේ මේ සොරුන්ට විරුද්ධව සාධාරණ සාක්ෂි ප්‍රමාණයක් එළිවුණා. ඕනේ නම් බලන්න තව මාස 2 -3 කින් ඡන්ද උණුසුම ගියහම ජනාධිපතිතුමා ඔය වාර්තාව කුණුකුඩේට දමලා නිකන් ඉන්නවා. ඡන්දෙට කලින් බොරුවට තරහ වෙන ලොකු පක්ෂ දෙක ප්‍රතිඵල අවාම එකතුවෙලා පළාත් සභාවලත් බලය අරගෙන ජනතාව ගොනාට අන්දවනවා. දෙමල ජාතික සන්ධානයත් විපක්ෂයේ වරප්‍රසාද භුක්ති විදිමින් වැඩි කලබලයකින් තොරව ඉඳීවි. ලොකු පක්ෂ දෙක සහ පොහොට්ටුව පාර්ලිමේන්තු මැතිවරණය කිට්ටු කරලා නැවතත් මොකක් හරි නාඩගමක් පටන්ගනිවි. කොහොම නමුත් මේ විදිහට ගියොත් රට පාලනය කරන්නේ පසුගිය අවුරුදු 10 ක් රට පාලනය කරපු ඔළුගෙඩි ටිකම තමයි. මේ තත්වයේ යම් වෙනසක් සිදුකරන්න නම් ජවිපෙට පළාත්පාලන ආයතන තුල සහ පාර්ලිමේන්තුවේ යම්කිසි බලයක් ලබාදිය යුතුය. අඩුම තරමේ විපක්ෂයේ බලයවත්...

:       0       59

Bamunuarachchi Saturday, 30 December 2017 01:43 PM

අන්තර්ජාලයේ පලවෙයි නේද අපටත් කියවන්න. ඊට පසු අපේ අදහස් දෙන්නම්. දැන් නිකම් බොරුවට කතාකරලා වැඩක් නැත.

:       0       0

Nandalal DE SILVA - France Saturday, 30 December 2017 09:04 PM

මහ බැංකුවේ 2015-2016 අතර කාලයේ සිදුවූ බැඳුම්කර ගනුදෙනුව ගැන කතාකරල විතරක් ජනාධිපති තුමා සැහීමකට පත් වෙන්නද හදන්නේ ? එයත් ඇමති කෙනෙක් වෙලා හිටපු රෙජිම කාලේදී ඔහොම දේවල් උනේ නැද්ද ? 2020 වෙන්න තියෙන්නේ තව සුළු කාලයක් පමණයි නේද ?

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සෙව්වන්දි - ප්‍රසන්න රට පැන්නාද?
2025 අප්‍රේල් මස 21 6 0

පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල


පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 230 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 89 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 261 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 491 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 229 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 498 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 441 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site