පිළියන්දල ජාත්‍යන්තර පාසලක අවන්හලේ බීම විස වී සිසුන් එකොළොස් දෙනකු රෝහල් ගත කළ බවත් තවත් පිරිසක් බාහිර ප්‍රතිකාර ලබා පිට වී ගිය බවත් රෝහල් ආරංචි කියයි.
අවන්හල් හිමිකරු පොලිස් අත්අඩංගුවට ගනු ලැබීය.
පිළියන්දල ජාත්‍යන්තර පාසලක අවන්හලේ බීම විස වී සිසුන් එකොළොස් දෙනකු රෝහල් ගත කළ බවත් තවත් පිරිසක් බාහිර ප්‍රතිකාර ලබා පිට වී ගිය බවත් රෝහල් ආරංචි කියයි.
අවන්හල් හිමිකරු පොලිස් අත්අඩංගුවට ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමතැනම වස විස .වඳ බෙහෙත් මිශ්‍රණ, ඒවා කාටවත් පෙන්නේ නැහැ. ඒ ගැන කතා කරන්නත් තහනම්. (අ)
අත් අඩංගුවට ගත්තේ අවන්හල් කරුද එතකොට බිම නිශ්පාදකයා (අ)
මේවා චීනෙන් ගෙනපුවද? (අ)
අද කාලයේ තරුණ නෝනලාට දරුවන්ට සැමියාට ගෙදරින් කෑම බීම ටික හදල දෙන එකත් මහා ප්‍රශ්නයක්. උදේ පාන්දරින් නැගිටින්න කම්මැලි බවලතුන් ගේ ගෙවල් වල මේ තත්ත්වය සුලභයි. (අ)
රුවනි ගේ කතාව දැකලා මට මතක් වුනේ අද කාලයේ සමහර අම්මලාට දරුවන් ට ගෙදරින් කෑම ටික හදලා දෙන්න බැරි තරම් තිබෙන වැඩ ගොඩ. රුප ලාවන්‍ය වැඩ, ටෙලි නාට්‍ය බලන්න, ළමයින්ව අමතර පන්ති උස්සන් දුවන්න ඕන තරම් වෙලා තිබෙනවා. හැබැයි පිරිසිදුවට ගෙදර උදවියට කෑම ටික හදල දෙන්න වෙලාවක් නැහැ. හේතුව දැන් ඉන්නේ අම්මලා නෙවෙයි නේ. බඳින්න කලින් මහ ගෙවල් වලදී තේ එකක් වත් හදා ගන්න පුරුද්දක් තිබුනේ නැති පරම්පරාවේ තරුණ නෝනලා. මහත්තයා කන්නෙත් වැඩ කරන තැන කැන්ටිමෙන්. දරුවෝ පාසලේ ආපන ශාලාවෙන්. කුස්සියට ගිහින් උයන පිහින එක මේ තරුණ අම්මලාට තත්වෙට මදි කමක්. (නදී)
පව්, පොලිසියේ මහත්තයා දිහා බලපුවම පේනවා කොච්චර දුක් විදිනවද කියලා. දැන් මේ අයට ඇමතිවරු ගහන්නත් පටන් අරන්. (නදී)
රටේ කෑම බීම නිෂ්පාදය වන්නේ කිසිම ප්‍රමිතියකට හෝ නීතියක නොවෙයි. මොනෝ සෝඩියම් ග්ලුකොමෙට් අඩංගු කෑම බීම ශරීරයට හොඳම නැහැ. (නදී)
නීතියක් නැති රටක්.මේකට වගකියන්න ඕනෑ එම පාසලේ පාලකයින් නොවේද? (නි)
අපේ දරුවන්ට නම් කොච්චර බෙරිහන් දුන්නත් මම පිටින් කෑම බීම අරන් දෙන්නේ එහෙමත් දවසක. කැන්ටිමෙන් ගන්න කියලා සල්ලි නම් කොහෙත්ම දෙන්නේ නැහැ. ඒ මොකද ඒවායේ කල් ඉකුත් වීමේ දවස් බලන්න ළමයින්ට තේරෙන්නෙත් නැහැ. උවමනාවකුත් නැහැ . මිලදී ගන්නදේ එසැනින් කටට දාගන්න ළමයි කැමති. (දී)
අපේ පුතා ගෙන් බේරිල්ලක් නැහැ පාසල් විවේකයේදී කන්න සොසේජෙස් ඉල්ලලා. පන්තියේ ළමයින් ඒවා ගෙනාවා දැකලා. මම අරන් දුන්නෙම නැහැ. දැන් සති දෙකකට කලින් එක ළමයෙක් අසනීප වෙලා. බලනකොට කල් ඉකුත් වූ සොසේජෙස් ගෙනල්ල කාලා. ළමයාගේ අම්ම මාත් එක්ක කිව්වේ ඊට කලින් දවසේ මිලදී ගත්ත වුනාට කල් ඉකුත් වීමේ දිනය බලන්න බැරි වුනා කියලා. ඒ වුනත් ප්‍රසිද්ධ සුපිරි වෙළඳ හල් වල මෙහෙම ජරාව තියනවා කියලා පාඩමක් විදියට හරි ඒ උදවිය දැනගත්තා. (අ)
ශ්‍රී ලංකාවේ පොලිස් නිලධාරීන් රාජකාරි වේලාවේ කැප් එක දාන්නේ නැද්ද? සිල්ලර කඩේ බඩු විකුණනව වගේ ඉන්නේ. කිසිම ගාම්භීර බවක් නෑ. කැඳත් නෑ වගේ. (අ)
මේ ෆොටෝඑකේ ඉන්න පොලිසියේ රාළහාමිත් ඒ බීම බිලා ද දන්නේ නැහැ.සසර කලකිරිලා වගේ ඔහේ බලාගෙන කල්පනාකරනවා.(අ)
මේ බීම වර්ගය ආපන ශාලාවේ සාදන දෙයක් ද නැතිනම් වෙනත් බෝතල් කළ වර්ගයක්ද ? දෙවැනි වර්ගයේ නම් අපිත් දැන ගන්න එක හොඳයිනේ .(දිල්)
තුෂාන් හර්ෂක. කරුණාකරලා ඔයාගේ පුතාගෙන් හරි ගෙදරින් හරි අහල මේ බීම කැන්ටින් එකේ හැදුව ද නැත්නම් වෙනත් බෝතල් බිම එකක්ද කියල හරියටම දැනෙගෙන අපිට කියන්න. රටේ මුළු සිසු පරපුරට කරන යහපතක් එක (අ)
ඉස්සර අපේ අම්ම උණු කර නිවා ගත් වතුර බෝතලය අපේ පොත් බෑග් එකට ඔබනවා තාම මතකයි. දැන් කාලේ ළමයින්ට ඉතින් තිබහට ගෙදරින් උණු කර නිවාගත් වතුර ගෙනිහින් බොන්න කියලා බේරෙන්න පුලුවන්ද. (අ)
සිරිලාල මහත්තය කියපු දේ හරියටම හරි ළමයි බොන්නෙම පැනී බීම (අ)
ජාත්‍යන්තර පාසැලක අවන්හලක මෙහෙම නම් ජාතික පාසැල් අවන්හල් ගැන කවර කතාද ?බීම විෂ වෙනවා .ඇඟලුම්හල් සේවිකාවන්ට කෑම විෂවී පාචනය හැදෙනවා.අබුද්දස්ස කාලේ.. ලබුත් තිත්තලු !!(අ)
මොන බීමත් හොඳ නෑ (අ)
දවසකට අහන්න දකින දේවල්ගැන නම් හරිම කනගාටුයි (අ)
මෙවැනි ව්‍යාපාරිකයන්ට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්න ඕනෑ (නි)
දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටත් පානය සඳහා සුදුසුම දේ තමා උණුකර නිවාගත් පිරිසිදු ජලය. පැණි රස බීම සහ වායුව සහිත බීම කිසිසේත්ම සුදුසු දෙයක් නොවේ. (නි)
විදෙස් රටවලින් ගෙනෙන බීමවර්ග නොයෙක් නොයෙක් ප්ලාස්ටික් ඇසිරුම් වල දැකගත හැකියි. මේ පිළිබඳ දෙමාපියන් විශේෂයෙන් සැළකිළිමත් වියයුතුයි (නි)
මම විදේශගත වී ඉන්නේ.මාගේ පුතත් යන්නේ ඔය පාසලටමයි. මෙය සුළුවෙන් තකන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද මේ ගැන විදුහල්පතිවරයා ඇතුළු පාලක මණ්ඩලයම වගිකියන්න ඕනෑ. ප්‍රමිතියක් නැතුව අළෙවි කරන මෙවැනි ව්‍යාපාරිකයන්ට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරන්න. (නි)
මොකක්ද දන්නෙ නැහැ නේද ප්‍රශ්නය? (නි)