IMG-LOGO

2025 අප්‍රේල් මස 30 වන බදාදා


බෝම්බ තුවාලකරුවකු නිකම්ම රෝහලකට ඇතුළු වූයේ කෙසේද?

පාස්කු ඉරිදා ප්‍රහාරයේ සහ්රාන් කල්ලියේ බෝම්බ නිෂ්පාදනකරු වූ රිල්වාන් හෂිම් නැමැත්තා බෝම්බයක්  අත්හදා බැලීමකදී සිදු වූ පිපිරීමකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ සති තුනක් ප්‍රතිකාර ලබමින් සිට ඇති බවට පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය වූ බව අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය.

පාස්කු ඉරිදා ප්‍රහාරය ඉතිහාසයට එක්වන්නේ ආගමික අන්තවාදයෙන් සිහි විකල් කරගත් ම්ලේච්ඡයන්ගේ දුෂ්ට ප්‍රහාරයක් වශයෙන් පමණක් නොව ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් විය යුතු වගකීම ශත පහකට ගණන් නොගත් බලධාරි පොකුරකගේ නග්න බව ප්‍රදර්ශනය කළ ප්‍රහාරයක් ලෙසය. තවුහිද් ජමාත් සංවිධානයේ නායක, මරාගෙන මැරෙන බෝම්බකරුවකු වූ මොහමඩ් සහ්රාන් හෂීම් නැමැත්තාගේ සොහොයුරාද වන, එම කල්ලියේ බෝම්බ මොළකරු වූ රිල්වාන් හෂීම් නැමැත්තා සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය වූ කරුණුවලින්ද ඒ බව මනාව ඔප්පු වේ.

පාස්කු ඉරුදින ප්‍රහාරය සිද්ධ වන්නේ 2019 වසරේ අප්‍රේල් 21 වැනිදාය. බෝම්බ පිපිරී රිල්වාන් නැමැත්තා බරපතළ තුවාල ලබන්නේ 2018 වසරේ අගෝස්තු 27 වැනිදාය.  බෝම්බයක් පිපිරීමෙන් ඇතිවන තුවාල සහ වෙනත් තුවාල අතර වෙනසක් හඳුනා ගත නොහැකි පිරිස් සෞඛ්‍ය කේෂ්ත්‍රයේ හෝ පොලිස් සේවයේ සිටිය නොහැකිය. එහෙත් එය එසේ සිදුවී තිබේ. යම් හෙයකින් රිල්වාන් නැමැති ත්‍රස්තවාදියාගේ තුවාල සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් කළේ නම් එය බෝම්බ පිපිරීමකින් සිදු වූ තුවාල බව හඳුනා ගත හැකිවනු ඇත. ඒ ඔස්සේ නිසිලෙස පරීක්ෂණ සිදු කළේනම් සහ්රාන් කල්ලිය සම්බන්ධ තොරතුරු අනාවරණය කරගත හැකිව තිබිණි. එය එසේ වූයේ නම් පාස්කු ඉරුදින ප්‍රහාරය නමින් සිදුවීමක් ඉතිහාසයට එක් නොවන්නට බොහෝ සෙයින් ඉඩ තිබිණි. එය එසේ වූයේ නම් තුන්සියයකට අධික මිනිසුන්ට මිය යාමටත් පන්සියයකට අධික පිරිසක් සදාකාලික ආබාධිත තත්ත්වයට පත්වීමටත් සිදු නොවේ.

තුවාල වී යම් පුද්ගලයකු රෝහලට ඇතුළු කිරී​මේදී එම පුද්ගලයාට ප්‍රතිකාර කිරීම පළමුව සිදුවන්නකි. එයට ප්‍රමුඛතාව දිය යුතුමය. අනතුරුව එම තුවාලවීම සම්බන්ධයෙන් තුවාලකරු හෝ බාරකරු සිදු කරන ප්‍රකාශ කෙරෙහි අවධානය යොමු කළ යුතුය. එම තුවාල වැටීමකින්, රිය අනතුරකින් හෝ පහරදීමකින් සිදු වූවක්ද යන්න පරීක්ෂා කළ යුතුය. සාමාන්‍යයෙන් ප්‍රධාන රෝහල්වල රෝහල් පොලිස් ඒකකයක් ස්ථාපිත කර තිබේ. එවැනි රෝහල් පොලිස් ඒකකයක් ස්ථාපිත කර නොමැතිනම් පොලිස් නිලධාරින් කැඳවා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කළ යුතුය. ඇතැම්විට රහස් ලෙස සදාකාලිකව කාලයේ වැලි තලාවෙන් යටවී යාමට ඉඩ ඇති බොහෝ සිදුවීම් එබඳු විමර්ශනවලින් අනාවරණය වූ අවස්ථාද ​බොහෝය.

සහ්රාන් කල්ලියේ බෝම්බ මොළකරු සම්බන්ධයෙන් මෙම වගකීම් සහගත ක්‍රියාවලිය සිදු වූයේ නම් කොතරම් බරපතළ ජාතික අපරාධයක් වළක්වා ගැනීමට හැකියාව තිබුණේද යන්න ඉතා පැහැදිලිය. පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ  විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ දී අනාවරණය වූයේ බෝම්බ පිපිරීමෙන් තුවාල ලැබූ රිල්වාන් රෝහලට ඇතුළත් කර තිබෙන්නේ එම්.අයි. ශාහීඩ් නමැති ව්‍යාජ නමකින් හා මාවනැල්ලේ  බවට ව්‍යාජ ලිපිනයකින් බවත්ය. ගෑස් සිලින්ඩරයක් පිපිරීම හේතුවෙන් තුවාල ලැබූ බවට රෝහලට තොරතුරු ඉදිරිපත් කර රෝගියා ඇතුළුකර තිබේ.

මෙම ජනාධිපති කොමිසමේදී අනාවරණය වූ වැදගත්ම කාරණයක් වූයේ මෙම රෝගියා රෝහලට ඇතුළත් කිරීමේ දී පොලිස් පරීක්ෂණයක් අවශ්‍ය බවට වෛද්‍යවරුන් අනුමාන කර සටහන් තබා තිබියදීත් අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් නොකර පරීක්ෂණයක් අවශ්‍ය නොවන බවට දෙමළ භාෂාවෙන් අත්සන් කොට ඇත්තේද රිල්වාන්ගේ බාරකරු ලෙස පෙනී සිටිය එම්.ඒ. සාදික් නැමැත්තාය.

රිල්වාන් තුවාල ලබා ඇත්තේ නැගෙනහිර පළාතේදීය එහි සිට සාමාන්‍ය වාහනයකින් තුවාලකරු කොළඹට රැගෙනවිත් තිබේ. ඒ සඳහා  අවම වශයෙන් පැය හතක කාලයක් හෝ ගත වී ඇතැයි අනුමාන කෙරී ඇත. එයින්ද පැහැදිලි වන්නේ මහ මාර්ගයේ ආරක්ෂාවය. ලේ ගලන තුවාලකරුවකු මහ මඟ මෙසේ රැගෙන ආ හැකිනම් මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති සහතිකය කුමක්ද යන්න විමසිය යුතුය.

ජනාධිපති කොමිසමේ දී සාක්ෂිදුන් එවකට කොළඹ ජාතික රෝහලේ පොලිස් මුරපොළේ ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ මෙම රෝගියාගේ ඇඳ ඉහපත අදාළ ලේඛනයේ රෝගියා පිළිබඳව කිසිදු විමර්ශනයක් කර නොමැති බවත් විමර්ශනයක් අවශ්‍ය නොවන බවට සඳහනක් ඇති බවත්ය. පොලිස් විමර්ශනයක් අවශ්‍ය නොමැත. බවට සඳහනක් යොදා තිබීම හේතුවෙන් විමර්ශනයක් නොකළ බවත්ය.

අවසානයේදී පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවිය. දෙවැනි ප්‍රහාරයට සැලසුම් සකස් කරමින් සිටි රිල්වාන් ඇතුළු පිරිසක් ඊට දින කිහිපයකට පසු සයින්දමරදු ප්‍රදේශයේදී දිවි නසා ගත්හ. පුංචි උල්පතකින් නික්මෙන දිය බින්දුවක් මහා ගංගාවක් බවට පත්වී ගලායාම සාමාන්‍ය තත්ත්වයකි. පාස්කු ප්‍රහාරය ද වළක්වා ගත හැකිව තිබූ ප්‍රහාරයක් බව ඉතා පැහැදිලිය වගකීම් විරහිත බව ඛේදවාචක නිර්මාණය කරන බවට තවත් සාක්ෂි අවශ්‍ය නැත.

 



අදහස් (7)

බෝම්බ තුවාලකරුවකු නිකම්ම රෝහලකට ඇතුළු වූයේ කෙසේද?

නුවන්සර Tuesday, 16 June 2020 06:46 AM

යමෙකු තම ගෙවත්තේ වැඩකර තුවාල වී රෝහලට ගියහොත් ඔවුන් රෝගියාගෙන් දහසක් ප්‍රශ්න අසයි. රෝගියා දෙස බලන්නේද සැක කටයුතු ලෙසින්ය. ප්‍රතිකාර කිරීමට අදිමදි කරයි. එහි වරදක් නැත. විමසිලිමත් වීම හොඳ දෙයකි. ඒත්, ඒ විමසිලිමත් බව මෙහිදී මග හැරී ඇත.

:       7       37

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 16 June 2020 07:07 AM

සිරිසේන රජයේ බොහෝදෙනා මේවාට ඇස්කන් පියා සිටි බවට මෙය තවත් එක් නිදර්ශනයක් පමණි. එහෙත්, වරදකරුවන් වල්බූරු නිදහසක් භුක්ති විඳිමින් ඉතා සුව පහසු ජීවිත ගත කරයි. වරදකරුවන් නිදැල්ලේය. එසේ වුවත්, කොමිසම් සඳහා ජනතා මුදල් මොනතරම් නාස්තිවේද?.

:       0       41

RuwanTuesday, 16 June 2020 08:05 AM

මහත්මයාණෙනි, තවමත් බලයේ ඉන්නේ සිරිසේන ජනාධිපතිවරයාද? එසේ නොමැති නම් මේ වනවිට අමුඅමුවේ රටේ නීතිය කෙළසමින් සිදුවන ක්‍රියා ගැන ඔබගේ අදහස කවරේද යන්න දැනගැනීමට කැමතියි...

:       150       80

සමිත සේනක අලුත්ගමගේ.Tuesday, 16 June 2020 10:39 AM

ස්තූතියි, රුවන් මහතාණෙනි, මා පවසන්නේද ඔවුන් අත්අඩංගුවට නොගන්නේ ඇයිද යන්නයි. එයට ඔවුන් සතුව ඇති පාර්ලිමේන්තු වරප්‍රසාද හරස් වෙනවා. ඒක තමයි පෙර සිටි කෙනෙකු කිව්වේ ඔහුට කරන්න බැරි ගැහැනියක් පිරිමියෙක් කිරීම පමණයි කියා... කොතරම් දුෂ්කරතා තිබුණොත් වඩාත් හොඳ රටක් සඳහා අවිහිංසාවාදීව අපි වෙහෙස වෙමු. සැවොම අවංකව සිතුවොත් අනාගත පරපුරට හෝ හොඳ අනාගතයක් තියේවි...

:       0       48

de silva Tuesday, 16 June 2020 08:15 AM

මේවා ඔක්කොටම සිරිසේන වග කියන්න ඕනේ.. ඔහු තමයි එවකට ආරක්ෂක ඇමැති..

:       0       40

බද්රානි Tuesday, 16 June 2020 09:48 AM

එතකොට ඔයබෝම්බ කාරයින්ට දේශනා කරමින් ඔවුන්ව බෝම්බ ගහන්න පොළඹවපු අබ්දුල් රාසික් ගැන එහෙම දන්නෙම නැද්ද? සහරාන්ට ආණ්ඩුවෙන් පඩි ගෙව්ව එක එහෙම...? මේ ප්‍රහාරය ගැන සියලුම තොරතුරු ලැබී තිබෙද්දිත්, ඒවා පිළිබඳ කිසිඳු තැකීමක් නොකර ප්‍රහාරය සිදුවීමට ඉඩහළ, ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකිවයුතු සිරිසේන ගැන කතාවක් නැත්තේ මොකද? ඔහු දැන් ඉන්න පක්ෂයේ කිසිවෙක් (තොත්ත බබාලා) මේ ප්‍රහාරය ගැන දන්නෙම නැද්ද?

:       3       305

Era Tuesday, 16 June 2020 09:45 PM

පළමුවෙන්ම මෙහිදී රෝහලේ පොලිස් ස්ථානයේ නිලධාරින් රාජකාරී පැහැර හැර ඇත. නැත්නම් අල්ලසක් ලබා ගැනීමෙන් මෙම සටහන තබා ඇත. සටහන තැබූ පොලිස් නිලධාරියාව පරීක්ෂණයකට ලක්කර පොලීසියේ සේවයෙන් පහකළ යුතුයි.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මාර්ග ආරක්ෂාව රකින්න ජාතික සැලැස්මක්
2025 අප්‍රේල් මස 30 8 0

ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික මට්ටමේ සැලැස්මක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික


ලාෆ් ගෑස් මිල වෙනස් නොවේ
2025 අප්‍රේල් මස 30 116 0

ලාෆ් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.


මැයි රැළියට බස් 5,532 ක්
2025 අප්‍රේල් මස 30 274 0

ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බ


කෝටියක කුඩු සමඟ අයෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 30 193 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියය


අක්කා මල්ලිලා ජීව විද්‍යාවෙන් කප් ගහලා
2025 අප්‍රේල් මස 30 43 0

මෙවර අපොස උසස් පෙළ විභාගයේ දි වාර්තාවක් තබමින් එකම පවුලේ නිවුන් සොහොයුරන් සහ ඔවුන් අක්කා ජීව විද්‍යා අංශයෙන් උසස් ලෙස සමත්ව සිටිති.


මැයි රැළි ඇති ප්‍රදේශවල සුරාසැල් හෙට වහයි
2025 අප්‍රේල් මස 30 179 1

මැයි මස පළමුවැනි දිනට යෙදී ඇති ලෝක කම්කරු දිනය වෙනුවෙන් රැලි පැවැත්වෙන ප්‍රදේශ අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 235 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 69 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1096 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site