ඇමරිකාවේ නිෂ්පාදිත බෝයිං 787 ඩ්‍රීම් ලයිනර් වර්ගයේ ගුවන්යානයක් පළමු වතාවට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩ බස්වනු ලැබීය.
පෝලන්ත ගුවන් සේවයට අයත් මෙම විශේෂ ගුවන්යානයේ සංචාරකයෝ දෙසිය පනස්දෙනෙකු පෝලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණියහ.
ගුවන්තොටුපොළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ සභාපති ප්‍රසන්න වික්‍රමසුරිය මහතා පැවසුවේ දිනෙන් දින මෙරටට පැමිණෙන සංචාරකයින් වැඩිවීමත් සමග මෙවැනි විවිධ වර්ගයේ නවීන ගුවන්යානා ශ්‍රී ලංකාවට පැමිණීම මෙරට ගුවන් ප්‍රවාහන ක්ෂේත්‍රයට ඉතා වැදගත් වන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ, දැන්නම් අපේ ගුවන් ගමන් කාලසටහන ගැන කතා කරලා වැඩක් නැහැ. මිහින් එයාර් එකත් එක්ක එකතු කරලා ගමන් වාර හොදටම පරක්කුයි. පැය ගණන් ගුවන්තොටුපලේ රස්තියාදු වෙන්න වෙනවා. ආසියාවේ අශ්චර්යයේ ඇතුල්වෙන පිට වෙන දොරටුව මීට වැඩ හොද වෙන්න ඕන නේද? (නදී)
ඇත්තෙන්ම මේ 787 ගුවන් යානය බෝයින් සමාගමේ අසාර්ථක නිර්මාණයක්. මෙය අවස්ථා ගණනකදී දෝෂයන්ට මුහුණ දුන්නා. මෙම 787 ගුවන් යානය බෝයිං සමාගම හදුන්වා දුන්නේ බෝයිං සතුව විශාල ප්‍රමාණයේ(747 වැනි) ගුවන් යානා සහ කුඩා ප්‍රමාණයේ ගුවන්යානා(737 වැනි) අතර ඇති වෙනස අඩු කරගැනීමටයි. මෙම ගුවන් යානයේ ඉන්ධන දහනය වීමේ කාර්යක්ෂමතාවයද ඉතාමත් ඉහළයි. ඒ යානයේ එන්ජින් දෙක සහ යානයට අනුකූල වූ විශේෂිත හැඩය නිසා. තවද මෙම යානයේ වැඩි කොටසක් කාබන් ෆයිබර් භාවිතයෙන් නිපදවා තිබීමද විශේෂත්වයක්. මෙම 787 ගුවන් යානය නිපදවීම නිසා එයාබස් සමාගම ඒ350 වර්ගයේ නවීන ගුවන් යානා වර්ගයක් නිපදවූවා. විමතිය දනවන කරුණක් වන්නේ එම 350 ගුවන් යානයේ එන්ජින් දෙකකින් පමණක් සමන්විත වුවත් එහි ගෙන යා හැකි මුලු මගීන් ගණන එන්ජින් 4ක් ඇති ඒ340-300 ගුවන් යානයට වඩා වැඩිවීමයි. වර්ෂ 2019 පමණ වන විට ශ්‍රී ලංකන් ගුවන් සේවයට 350-900 ගුවන්යානා හතක් පමණ එකතු කිරීමටද නියමිතයි. (නි)
අැයි මධු, ඔයා මත්වෙලාද මත්තල ගැන කථා කරන්නේ? (නි)
මත්තලට මීට වැඩිය ලොකු ප්ලේන් බාන්න පුළුවන් (නි)
ගොඩක් හොදයි (නි)
ලංකාව ගොඩක් ආඩම්බර රටක්. ජයවේවා! (නි)
සන්තෝෂයි. නමුත් විධිමත් ක්‍රියාපටිපාටි අනුගමනය කළේ නැත්නම් මහා ව්‍යසනයක් ඇතිවිය හැකියි. විශේෂයෙන්ම අපේ දරු පරපුරට. කොහොම වුණත් අද විදේශකයො ලංකවට ආවත් නාවත් අන්තර්ජාලය ඔස්සේ නොයෙකුත් හොඳ සහ නරක එනවා. බොහෝවිට විදේශිකයින් බොහෝ දෙනෙක් ඔය සමාජ ශාලාවලට යනවා. එහිදි කැසීනො ප්‍රමුඛයි. දැන් රටෙහි කතාබහ වෙන්නෙත් මේක.මට නම් පේන්නෙ ඒ තරම් සැළකිය යුතු දෙයකට නෙමෙයි අපේ අය කෑගහන්නෙ. ඔය පනත සම්මත වුණත් එකයි නොවුණත් එකයි. ලංකාවට ලොකු යහපතක් වෙන්නෙත් නැහැ, අයහපතක් වෙන්නෙත් නැහැ. හැබැයි අපිට කතාකළ යුතු දේවල් රටේ ගොඩක් තියෙනවා. රටේ හැමතැනම නීත්‍යානුකූලයි කියන රේස් බුකි තිබෙනවා. බාර් තිබෙනවා. නීතිවිරෝධී ගණිකා මඩම් වැහිවැහැලා. ඒ වගේම මත්ද්‍රව්‍ය. මේව තමයි රටට විනකරලා තියෙන්නෙ. (නි)
ෂා නියමයි (අ)
ශ්‍රී ලන්කෙන් කියන්නේ වැඩකට නැති ගුවන්සේවායක්, දැන් ඔක්කොම පරණ කරත්ත වගේ, අනුන්ගේ ඒවා බල බල ඉදල වැඩක් නේ, තමානගේ දෙපින් හිටගන්න ඕනි, අපේ රටට හොද ගුවනසේවයක් හදන්න ඕනි, ඔකේ ඉන්න හොරුටික අයින් කරලා, බලන්න ඉස්සර ශ්‍රී ලන්කෙන් කියපුහම තිබ්බ නම, දෙශපලානේ අපු ය, හරියට කෑම දෙන්නෙත් නෑ, එන සුද්දන්ට විතරකහොදට සලකනවා, ලංකාවේ අපි දිහා බලන්නේවත් නේ, ඒ වගේද අනික් රටවල ගුවන් සේවයන්, සැමටම හොදට සලකනවා, අනික එයාර් පොර්ට් එක , එලියට යන්න වරුවක් බලාගෙන ඉන්න ඕනි, ආගමන විගමන් නිලදාරීන් කල්මරණ හැටි, පරිගණක හරියට වැඩ කරන්නේ නෑ කියනවා, ස්ටක්වෙලා කියනවා, වෙන රටවල එහෙම නෑ,(අ)
සුනිල ,මම ශ්‍රී ලන්කන් [එයා ලංකා ඒ දවස්වල නම] ගුවන් සේවයේ ගමන් කොට ඇත්තේ එක ගමන් වාරයක් පමණි .මා එම ගුවන් සේවයේ ගිය පළමු සහ අවසාන ගමන වේ. එත් දැනට දසක දෙකහමාරකට ඉහතදීය. නැවත ලංකාවට එන ටිකට් පත නැවත ,වෙනත් ගුවන් සේවයකට එම රටේදී වෙනස් කර ගතිමි. ඒ දවස් වලත් ඔය ගුවන් සේවිකාවන්ගේ ඔලුව ඉදිමිලාය. මොවුන් එහි ගමන් ගන්නා ශ්‍රී ලාංකික මගීන්ගේ ගමන අවසාන වන රට අනුව සැලකීම අඩු වැඩි වේ. මැද පෙරදිග රටවල් වලට යන මගීන්ට අඩු සැලකීමකුත්,බටහිර රටවල් වලට යන මගීන්ට වැඩි සැලකීමකුත් මොවුන්ගෙන් දැකිය හැකිය. මෙය බොරුයි කියා කිසි කෙනෙකුට කිව නොහැක.(නදී)
ගොඩක් හොදයි (නි)
ලජ්ජා නැහැ, මොකක්ද මේකේ විශේෂත්වේ, අඩුම ගානේ අපි ඔයවගේ ගුවන් යානයක් ගත්ත නම් එක නිව්ස් එකක්. කාගේවත් ගුවන් යානයක් බෑවා කියන එක පුරා ජෙරු ගහන්න දෙයක් නෙමේනේ. (නදී)
කලන, මෙතන ගොඩක් අය (මමත් ඇතුළුව) මේ ප්‍රවෘර්තිය ගැන සතුටු මේ ගුවන් යානය පළවෙනි වතාවට ලංකාවට ආපු එකට. මේ ගුවන් යනවා කාර්යක්ෂමතාවය සහ කලාත්මක කම අතින් විශේෂයි මේකට කලින් හදල තියෙන ඒවාට වැඩිය. (අ)
ගොඩක් හොඳයි
ඇත්තම තමයි අවුරුදු ගානක් දුක් විදලා එනවිට ඔය නිලදාරීන් බලන්නේ හරියට රටට එන හොරු දිහා බලන විදිහට . අනිත් එක ඔය බියුරෝ ාගවන්න තියෙන අපිලිවෙල හා කතාකරන විදිහ අන්තිම සෝචනීයයි.(නදී)
මේ බෝයිං 787 ඩ්‍රීම් ලයිනර් අසාර්ථකවූ නිරමාණයක් . විකුණු ස සෑම එකකම බොහෝ කාර්මික දෝෂ ඇතිවී තිබෙනවා . මෙය විකිනිමත් අවුරුදු 3ක් පමණ ප්‍රමාද වුවා . මම සිතන්නේ මේකට වඩා යුරෝපයේ නිෂ්පාදිත ඒ 380 ගුවන් යානය සාර්ථකයි ඔවුන්ගේ නවතම පළල බොඩි ඒ 350 අලුත් ලංකාවට ඇනවුම් කරා කියල මන් දැක්කා (අ)
මෙතන කොමෙන්ට් දන කට්ටිය නිකන් නොදන්නා දෙයක් නේ , එක පාරක් උඩින් ගිහාම හිතන් ඉන්නේ ගුවන් යන ඔක්කම එක වගේ කියල ජීවිතට බිස්නේස් ච්ලස්ස් එකක් වත් ගිහින් නෙති අය තම ගුවන් යන ගෙන කියන්නේ . (අ)
දෝන සමන්, ඔබ මෙතන අදහස් පල කරලා තියෙන්නේ සිංහල භාෂාවෙන්ද නැත්නම් වෙනත් භාෂාවකින්ද? ඔක්කොටම ඉස්සල්ලා හොද සිංහල වගේම ඔබේ පරිගණකයේ යතුරු පුවරුවත් හසුරුවා ගැනීමට ඉගෙන ගන්න. ඔබගේ අදහස දැක්කහම මාව කරකවලා අත ඇරියා වගේ.(නදී)
ඔව් ඉතින් අපේ මිනිස්සුන්ට මේක මැජික්. ලෝකේ ගැන දන්නේ නැහැ. (අ)
මෙකේ මහ ලොකු වෙනසක් නෑහෑ ගොඩයන්ට මෑජික් (අ)
රටේ භෞතික දේවල් සංවර්ධනය වෙන එක ගොඩක් හොඳයි. ඒත් මිනිස්සුන්ගේ අදහස් ආකල්ප සහ මනුස්සකම් වල දිනෙන් දින පිරිහීමක් මිස දියුණුවක් නැහැ. ගොඩනැගිලි, යටි තල පහසුකම් සුඛෝපභෝගී දේවල් නම් දියුණුවට කටයුතු කරාට විතරක් මදි. මිනිස්සුන්ගේ මනස හැදුවේ නැත්නම් ඔය කියන දියුණුවෙන් ඇති වැඩේ මොකක්ද? (ස)
අනේ මම කලින් හිතුවේ, මේක අපි ගත්තු ප්ලේන් 1ක් කියලා. (ස)
අනේ මම නම් බිස්නස් ක්ලාස් වල ගිහින් නැහැ. නමුත් ගුවන් යානා ඉංජිනේරුවෙක්. මේක ඉතාම හොද ගුවන් යානයක්. කාලෙකට පස්සේ මෙවන් ගුවන් යානාවක් එලියට ආවේ. නමුත් මේකේ විදුලි පද්ධතිය ,හුස්ම ගන්න වායු පද්ධතිය වැනි ගොඩක් අලුත් දේවල් එකතු කරලා හදලා තියෙන්නේ. වැඩිපුරාම විදුලි බලයෙන් භාවිතා වන ගුවන් යානා ඉදිරියේදී වැඩිපුර නිපදවීම වේවි. අලුත්ම නිෂ්පාදන වල අලුත් ලෙඩ එන එක සාමාන්‍ය දෙයක්. කාලයත් සමග ඒවා නැති වෙලා යනවා.මෙහි එන්ජිම ඉතාම නවීන සහ කාර්යක්ෂම නිපයුමක්. ඒ380 ගුවන් යානයට ඇති ඉල්ලුම අඩු වෙමින් පවතිනවා. ලංකාවේ ගුවන් පථයකට හදිස්සියේ ඒ380 එකක් තණකොළ පිච්චෙන නිසා එන්ජින් දෙකක් අක්‍රිය කරලා ගොඩ බෑවා. අපේ ධාවන පථ තවම ඒ සදහා සුදුසු නැහැ. සෑම ගුවන් යානයක්ම සෑම ගුවන් පථයකටම ගොඩ බැස්සවිය නොහැකියි. විවිධ ගුවන් යානා ගොඩබැස්සවිය හැකි ගුවන් පථ තිබීම ගුවන් තොටුපොළේ අගය ඉහළ යෑමක්. එම නිසා මෙවන් ගුවන් යානයක් ගොඩ බැස්සවීමට හැකි ගුවන් පථයක් තිබීම ඉදිරියට හොදයි. එන්ජින් දෙකක් සහ හතරේ ගුවන් යානා සංසන්දය කරන්න එපා. ඒ 340 එකේ තිබෙන්නේ අඩු ධාරිතා සහ ඒ 330, ඒ350 වල තිබෙන්නේ වැඩි ධාරිතා එන්ජින්. (නි)
ප්‍රදීප්, එතකොට මත්තලට බාන්නත් බැරිද A380 ගුවන් යානයක්? ඇයි, එම ගුවන් යානය මත්තලට බැස්සුවේ නැත්තේ? (ස)
කැසිනෝ වල ඇති වැරැද්ද මොකක්ද ? එටකොට හුරන ටිකට් ..... (දී)
රකිත්, මත්තලට ඒ 380 ගුවන් යානා බස්සන්න පුළුවන් ගුවන් පථයක් තියෙන්නේ. එමිරටෙස් එ380 එක 2012 ජනවාරි 09 හදිස්සියේ තෙල් මදි වෙලා තමයි ලංකාවට ආවේ . ඒ දවස් වල මත්තල තෙල් ටැංකි නැති නිසා තමයි ගුවන් පථය පළල මදි උනත් කටුනායකට ආවේ.
හරිම ආඩම්බරයි. ලංකාවේ ඉපදීම ගැන. (ස)
ඔෂාන්, ඔයා ආඩම්බර වෙනවා ලංකාවේ ඉපදීම ගැන. මොකද ලංකාව පව්කාරයින්ගේ පාරාදීසයක් වෙලා හින්දා. මට තියෙන බය ලංකාවේ මැරෙන්න වෙයිද කියලා. (නි)
අමිල බුරු කතා කියන්න එපා පිටකොටුවේ මාළු මාර්කෙට් එකේ ඩොලේර් පාවිච්චි කරනේ නැ.ඔය කොහෙද ඉන්නේ ලංකාවේද? (දී)
කටුනායක ට ද ? මත්තල ට ද ආවේ ?(නදී)
ජෙට් ලයිනර් වලට පස්සෙ ඩ්‍රීම් ලයිනර්... (ස)
හොඳ දේවල් සිදු විය යුතුය. විවෘත ආර්ථිකය අපේ හෙළ උරුමය විනාශ කළා වගේ මෙම සංචාරක සහ කැසිනෝ වලින් දැන් ඉතුරුවෙලා තියෙන ටිකත් අවසන් වේවි කියල බයක් දැනෙනවා. එසේ නොවේවා කියල පතනවා. රට බලන්ඩ එන්න නමුත් කැසිනෝ වලට වෙන කොහේ හරි යන්න. (ස)
මොකද කැසිනෝ වලට මෙච්චර බය? (ස)
මේකේ මගීන් කී දෙනෙකුට ගමන් කල හැකිද?? (ස)
හොඳ ප්‍රවනතාවයක්. (ස)
රටවල් සංවර්ධනය වෙලා ඉදිරියට යනකොට තියෙන හොඳ නරක දෙකම එනවා තමා.වැඩේ කියන්නෙ අපේ රටේ අය වැඩියෙන්ම වැලඳ ගන්නෙ නරක වීමයි.ගහන කෙනෙක් කැසිනෝ ගහපුවාවේ. දැන් කැසිනෝ නෑ කියලා ගණිකා මඩම් නැද්ද? හොඳ නරක වෙන් කරන එක අද කාලේ හරිම අමාරු වැඩක්.මොකද හොඳ දකින අය අඩු නිසා. (ස)
අපට හරිම සතුටුයි, නමුත් ගුවන්තොටුපොළ ඇතුලේත් අවටත් ගැන මිට වඩා සැලකිලිමත්වේන්න ඕන උදාහරණයක් බලන්න රටට ඇතුල් වේච්ච ගමන් දකින දසුන තීරුබදූ සාප්පුවල ඉන්න සේවකයේ රංචු ගැසි මිනිසුන්ට නිදහසේ පිටවීමට ඉඩනොදිමින් කරදර කරන හැටී එවගේම සමහර බැංකුවල නිලධාරින් සල්ලි මරුකරන්න කතාකරනභැටි,ගුවන්තොටුපොලේ පිටවීමේ දොරටුව ලග ඉන්න මිනිස්සු,වාහනයක් එනකම් වීදේශිකයකුට තියා අපිටත් ඉන්න බැරි තත්වකක් ගුවන්තොටුපොළ අවට තියේන්නේ,සභාපතිතුමණි පිටරට ගිය වීට බලන්න ඒරටවල ගුවන්තොටුපොළවල් කොහොමද කියලා (ඉන්දියාව හැර)(නදී)
මම කැසිනෝ එකක වැඩ කරපු කෙනක් 1985. එදා ඉදල මේවා තියනවා. මට තේරෙන්නේ නැහැ දැන් මොකද මේ කලබල වෙලා තියන්නේ කියලා. මේ කෑ ගහන එක තේරුමක් නැහැ.(නදී)
කතාව ඇත්ත , ලංකාවේ ගුවන් තොටුපල දැන් පිට කොටුවේ මාළු මාර්කට් එක වගයි , ඊට අමතරව සුලු සේවකයෝ පස්සෙන් ඇවිත් හෙමෙහිට ඩොලර් ඉල්ලනවා , මේ ක හරිම හිරිකිතයි.(නදී)
බොහොම අපූරු පුවතක් , පුංච් උනත් අපේ රටේ නම ලෝකේ හැම තැනම දන්නවා , ලාංකිකයන් හැටියට අපි ආඩම්බර වෙන්න ඕන , ,,, ශ්‍රී ලංකා මාතා ,,,අප ශ්‍රී ලංකා (නදී)
A 380 යක් ලංකාවට ගොඩ බහින බව ඇසීම තමයි මගේ සිහිනය. . ඒක සිහිනයක් පමණක් වේවිද ? (ස)
A- 380 කියන්නෙ ඩබල් ඩෙකර් අහස් යන්තරාවක් නේද? ඔහොම යනකොට ඒවත් එයි...(නදී)
කුමාර ,ඔබ සියලුම දේවල් ටික කියලා තියෙනවා. අමිල, ඔය කට්ටිය ඩොලර් ඉල්ලන්නේ මොකද දන්නවද? ඩොලර් දීල ඩියුටි ෆ්‍රී සාප්පු වලින් බඩු පන්නන්න. වෙන මෝහකටවත් නෙවෙයි.(නදී)
චමත්, එමිරේට්ස් සමාගමට අයත් A380 යානයක් 2012 ජනවාරි 9 ලංකාවට ආවා. (ස)
අපට හරිම සතුටුයි. (ස)
කමල්, මම ඇත්තටම දැනගෙන හිටියේ නැහැ A 380 එකක් ලංකාවට ඇවිල්ලා තියෙනවා කියලා .මොකද සමහර රටවල් වල, සමහර ගුවන් තොටුපළවල් වලට මේ යානය ගොඩ බස්සන්න බැහැ. හේතුව, ධාවන පථයේ දුර ප්‍රමාණය මදියි. (ස)
ඔහොම යන් ඔහොම යන් (ස)
මේකෙත් තටු දෙකයිනේ. හරි පුදුමයි.(නදී)
කැසිනෝ කැසිනෝ ගගා මේ මිනිස්සු දඟලන්නේ හරියට කැසිනෝ අරින්නේ මෙයාලට සෙල්ලම් කරන්න වගේනේ! බය වෙන්න ඕනේ නැහැ. ඒවල සෙල්ලම් කරන්න තියා බලන්නවත් අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට බැරි වේවි. (ස)
කමල් හරි. A 380 කටුනායකට ආවා. ඉන්ධන සපයා ගැනීමට.මම දන්න විදිහට. (ස)
චමත් - මම හිතන්නේ ලංකාවේ කටුනායක ගුවන් තොටුපල සහ ගුවන් පථය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ඉතාමත් ඉස්තරම් විදියට හදල තියෙන්නේ. ඒ කියන්නේ ඕනෙම හදිසි අවශ්‍යතාවයකදී ඕනෙම වර්ගයේ ගුවන් යානයක් ගොඩ බහින්න පුළුවන් වෙන විදියට. රෝද එලියට නාවත් අවම අනතුරකින් යානය ගොඩ බස්සන්න පුළුවන් වෙන විදියේ ලිස්සන ගුවන් පථයක් තියෙන්නේ. ඒකයි මම අහල තියෙන දේ. මම වැරදි නම් නිවැරදි කරන්න කියල ඉල්ලා සිටිනවා. (ස)
මේ දෙසිය පනහම අාපසු යනවද කියන එක ගැන හොඳ කල්පනාවෙන් ඉන්න.ඉන්දියන්කාරයෝ,පකිස්ථානුවෝ සහ චීන්නු මදිවට දැන් පෝලන්ත ජාතිකයෝ.... මෙයාලා එංගලන්තය ඇතුළු යුරෝපයේ රටවලට කරපු විනාශය මේ හුඟ දෙනෙක් දන්නේ නැහැ. (නි)
අපේ රට දියුණු වෙනවිට මොනතරම් සතුටක්ද? කවුරු මොනවා කිවුවත් පසුගිය කාලේ දෙමවුපියෝ වශයෙන් අපි අපේ දරුපැටවූ ගැන මොනතරම් නම් බයෙන්ද හිටියේ? ඔය අකුල් හෙලන අයත් මොනවා නැතත් දැන් මරබිය නැතුව ජීවත් වෙනවා.නමුත් උගුරට හොරා බෙහෙත් කනවා. (නි)
ගුවන් යානයක් ආවට , ගියාට එන්නේ නැහැ. .අප රටේ සංචාරක නියෝජිත සමාගමකින් හෝ පෝලන්ත ගුවන් ඒජන්ත නියෝජිත සමාගමකින් කළ වැඩක් වෙන්න ඇති. (නි)
සෑම්,මම දන්නවා මේ ගොල්ලෝ යුරෝපයේ රටවල් වලට කරපු විනාශය ගැන. මේ ගොල්ලොත්, අතේ එතරම් මුදා හදල් තියෙන ජාතියක් නොවෙයි. (නදී)
අනේ මේ පෝලන්තයේ 250ක් නෙමෙයි 1000ක් ආවත් වැඩක් නැහැ. මෙයාලා ගැන දැන් අන්තර්ජාලයෙන් හොයන්න පුළුවන් (නි)
රටේ අද පවතින තත්ත්වය දෙස බලා ගොඩක් සතුටු වෙන්න පුළුවන් වගේම දුකහිතෙන දේවලුත් ඒ වගේම තිබෙනවා (නි)
අනුරාද මහත්තයා කියන විදිහට ලක්ෂ 3 කට පවුලක්ම ඇරපු එක තාත්තලා තමන්ගේ ලෙයින් උපන් දරුවන් දුෂනය කරන්නේ එංගලන්තේ වෙන්න ඇති?රටක නියම සංවර්දනය මානව වර්ගයාගේ උගත් බුද්ධිමත් හැදියාවක් ඇති ජනතාවක් බිහිකිරීම මිස නැතිව මානව බෞතික සම්පත් ලෝකෙට උකස් කරලා ගසා කන සංවර්දනයද ? පක්ෂ පාට ඇගෙන් අයින් කරලා බුද්ධිමත්ව සමබරව හිතන්න වර්තමානේ බැලුම්බෝල සංවර්දනය ඇතුලේ තියෙන අනාගත අදුර ගැන හිතන්න.(නදී)