IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


බියගම උද්ඝෝෂණයක්

බියගම ෆොන්ටේරා කිරිපිටි ඇසුරුම් මධ්‍යස්ථානය ඉදිරිපිට මින් මද වේලාවකට පෙර උද්ඝෝෂණයක් ඇරැඹීය.

කිරිපිටි දැන්වීම් සම්බන්ධයෙන් ගම්පහ දිසා අධිකරණයෙන් ලබා දුන් නියෝගයට ගරු කරන ලෙස ඔවුහු ඉල්ලති.



අදහස් (0)

බියගම උද්ඝෝෂණයක්

කුමාර් Thursday, 22 August 2013 02:49 PM

ලංකාවේ කිසිම; කාර්මික හා කෘෂි කාර්මික සංවර්ධන, අධ්‍යාපන හෝ ආරක්ෂක ප්‍රතිපත්තියක් නෑ, ආණ්ඩු මාරු. ඊළඟට ඔක්කොම ප්‍රතිපත්ති මාරු. බලන්න ඉන්දියාව එයාලගේ මොන ආණ්ඩුව ආවත් ප්‍රතිපත්ති වර්ධනය කරගෙන ඉදිරියට යනවා මිසක, පසුගිය ආණ්ඩුව කරපු දේ කඩා බිඳ දමන්නේ නෑ ලංකාවේ වගේ. ඒකයි අපිට මෙච්චර සම්පත් තිබිලත් කිරිවලින් ස්වයං පෝෂිත වෙන්න බැරි. (ස)

:       0       0

ඉස්මෛල් හුසේන් Thursday, 22 August 2013 02:59 PM

ඇයි දහනායක මහත්තයට පේන්නේ නැද්ද මේ පාර කෙලින්ම තියෙන්නේ ෆොන්ටෙරා සමාගමට යන්න තියන ගේට්ටුව ඉස්සරහ කියලා. නිකන් නැති ප්‍රශ්න ගැන කියන්න එපා. (ස)

:       0       0

රේමා Thursday, 22 August 2013 02:59 PM

අපි ගිරුවාපත්තුවේ මිනිස්සු. මම නම් ඒ කාලේ තියා දැන්වත් කිරි බොන්නේ නෑ. එත් මම ‍බෙහෙත් බීලා නෑ සීනි නැතුව තේ එකක් බොනවා ඕන වුනොත්, ඕවා බීලා ලෙඩ හදා ගන්න ඕන නැහැ. අපි වවලා අපි කෑවෙ. උත්තම රජ කොල්ලෝ වගේ. (ස)

:       0       0

ජසීම් Thursday, 22 August 2013 03:06 PM

මේක උත්ඝෝෂණයක්ද නැත්නම් සන්දර්ශනයක්ද? (ස)

:       0       0

රාජිත-දෝහා Thursday, 22 August 2013 03:12 PM

ඉතින් වස කියල දන්නවා නම් නොබී හිටියම හරිනේ.බොරුවට කෑ ගහන්න ඕනිද???අර වැලිවේරියේ අහිංසක ළමයි මරද්දී මේ සංවිධාන කොහද දන්නේ නෑ හිටියෙ.බොරුවට එක එක්කෙනාගේ ඕනි එපා කම් වලට විතරක් මේ විදිහට මේ සංවිධාන කෑ ගහන්නෙ. (ස)

:       0       0

සුබේ Thursday, 22 August 2013 03:20 PM

අධිකරණ නියෝගය නොපිලි පදින වානම් ඒකටත් නීතියක් තියෙනවා නේද? එක නීතියක් ක්‍රියාත්මක නැති වෙනකොට දෙවන නීතියවත් ක්‍රියාත්මක කරන්න බැරිද? මේ වැරැද්ද හදනකන් රට ආපස්සට යන එක නවත්තන්න බැහැ.(නදී)

:       0       0

ශාන්ත Thursday, 22 August 2013 03:26 PM

2/3 ක බලය තිබෙන ආණ්ඩුවක් තිබියදී මිනිස්සු මොකද මෙච්චර පාරවල් වල දුක් විදගෙන උද්ඝෝෂණ කරන්නේ... (නි)

:       0       0

රෝහණ Thursday, 22 August 2013 03:36 PM

මේක අද ඊයේ දැනගත් දෙයක් නෙමෙයි. නමුත් දැන් හරි මේක තහනම් කරපු එක ලොකු දෙයක්. නමුත් වෙන කවුරු හරි ලොකුකෙනෙක් පිටි කොම්පැනියක් දාලද මන්දා? මෙච්චර දවසක් ගෙන්නපු එක දැන්ද මතක් වෙලා තියෙන්නේ? (නි)

:       0       0

සංජීව Thursday, 22 August 2013 11:00 AM

ඇතුවත් බෑ. නැතුවත් බෑ. (ස)

:       0       0

ඔකිත Thursday, 22 August 2013 11:01 AM

මිනිස්සුන් මැරුණත් කමක් නෑ. සමාගම ගැන විතරයි එයාලා බලන්නේ. (ස)

:       0       0

සමන් Thursday, 22 August 2013 10:22 PM

‍කෝ අර පාට පාට කණ්නාඩි දාපු කට්ටිය. මෙය රජය ඒඩිතරව ගත් තින්දුවක්. මේ තින්දුව නිසා අපේ රටේ මිනිස්සුන්ට හා රජයට සිදුවන පාඩුව ඔබ දන්නවාද? රැකියා ලක්ෂ ගණනක් වාහන දස දහස් ගණක් අද ඒක තැන. අලෙවි නියෝජිතයන්ගේ වාහන වල ලීසින් , බැංකු ණය පොලී ගෙවන්නේ කවුද?. ඒක ලොරියක සේවකයින් තිදෙනෙක්වත් සිටී නම් මුලු රටේම ලොරි දහස් ගණනකි. ඔවුන් ට රැකියා දීමට රජයට හැකිද? රටේ ආර්ථිකයට කුමක් වේවිද? රජය මෙය නොදන්නවාද?  සමස්ත ජනතාව වෙනුවෙන් ගත් ඒඩිතර තින්දුවක්.(නදී)

:       0       0

ලාල් සුරන්ජිත් Thursday, 22 August 2013 11:09 AM

බැලු බැල්මට නම් පෙනෙන්නේ මේ සියල්ල පිටුපස දේශපාලන හස්තියෙක් ඉන්නවා වගෙයි. (නි)

:       0       0

පද්මිණී Friday, 23 August 2013 10:15 AM

බන්දුල පෙරේරාගේ අදහසට මෙතනදී නම් මමත් එකඟයි. මේක නාටකයක්. (ස)

:       0       0

නිලක්‍ෂි Thursday, 22 August 2013 11:40 AM

අනේ ඔය උද්ඝෝෂණ කරලා කවුද දින්නේ?තව ටිකක් වෙලා හිටියොත් මැරුම් කන්න තමා වෙන්නේ.මතක නැද්ද? (ස)

:       0       0

ලංකා Thursday, 22 August 2013 11:42 AM

මේවට කවුද උද්ඝෝෂණයක් කියන්නේ. මේවා ආණ්ඩුවෙන් කරන වේදිකා නාට්‍ය (දී)

:       0       0

වරුණ Thursday, 22 August 2013 11:43 AM

ඔය මොනවා උනත් රටේ කිරි ගොවියා නගා හිටවන්න ක්‍රමයක් ගේන්නේ නැහැ කවුරුත් අඩුම තරමේ කිරි එළදෙනුන් මස් වලට විකිණීම හා මස් පිණිස මරා දැමීම නවතා ලන්න ක්‍රමයක් හා නිතිපතා වැටලීම් කරනවද නැහැනේ?ඕව නිකන් මිනිස්සුන්ව ගොනාට ඇන්දවීම තම කරන්නේ රුධිර පරවිලෙන වලිනුත් ගසාකන රටක් නේ මේක ඉතින් තව කවර කතාද ? (දී)

:       0       0

අර්ෂා Thursday, 22 August 2013 11:45 AM

අනේ මට නම් මේවා තේරෙන්නේ නැ.....(දී)

:       0       0

සනත් Thursday, 22 August 2013 11:47 AM

ශ්‍රී ලංකාවේ අදිකරණය තීන්දු නොපිළිගන්නා පිට රට කිරි වෙළෙන්දෝ ලංකාවෙන් එලවන්න ඕනේ . (දී)

:       0       0

පෙරේරා Friday, 23 August 2013 11:01 AM

හාල් වල ආසනික්, උතුරු මැද පළාතේ වතුරේ විස නිසා වකුගඩු අමාරු වසංගතයක් වගේ ඒවාට උද්ගෝෂණ කරන්න කවුරුත් නැහැ .අනේ අපොයි රටකට ගිය කලක්.(නදී)

:       0       0

ටෝනි සෙනෙවිරත්න Thursday, 22 August 2013 12:00 PM

කොහොම උනත් වැඩේ හොදයි

:       0       0

ජෝන් Friday, 23 August 2013 11:09 AM

රටට ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ ...මව් කිරි නොබොන පොඩි දරුවන්ට දෙන්න හරි හමන් පිටිකිරි වර්ගයක්තියෙයිද ලංකාවේ ....දියර කිරි වුනත් සෞඛය ආරක්ෂිතද කියලා කවුද සහතික වෙන්නේ ? හැබැයි ඒවායේ මිල ගණන් වුනත් හිතන්න වෙනවා. උදා : කිරිපිටි කිලෝ එකෙන් ලීටර් 8 = ලීටරයක් රු 100 .... පැකට් කරපු දියරකිරි ලිටරය හැමවිටම රු 150 ට වැඩියි ....අනේ මන්දා .. (ස)

:       0       0

අසේල Thursday, 22 August 2013 12:02 PM

ලංකාවේ මිනිස්සු හරියට රුකඩ වගේ. ගහන ගහන පදයට නටනවා.

:       0       0

දසුන් Friday, 23 August 2013 11:15 AM

මට නම් පේන්නේ මේක රගපෑඹක් වගේ ...පේනවද පොලිසියේ කට්ටියත් හිනා වේවී ඉන්නේ.(නදී)

:       0       0

ආරච්චිගේ Friday, 23 August 2013 11:09 PM

රට පෙරට අනේ මන්දා. අල ලුණු ගොවියා නගා හිටවන්ඩ කියලා ගණන් වැඩකරලා අපි කාලා බිලා ඉවරයි. ඔය ඉන්න කට්ටියට ගෙදර වැඩ නැද්ද?  කිරි නොගෙන ඉන්න...මොකටද උද්ගොසන.. අර 800 කන්ඩ දෙන්නේ කව්ද?(නදී)

:       0       0

පෙම් Friday, 23 August 2013 11:18 AM

බෝඩ් වලට වියදම් කරලා තියන හැටියෙන් පේනවා මේක කගේ වැඩක්ද කියලා.(නදී)

:       0       0

කපිල Thursday, 22 August 2013 12:09 PM

ඔය මිනී පෙටිටිය පුච්චන්න එපා. සමහර විට ඕන වෙයි... මතකනේ වැලිවේරියේ වුන දේ.. (ස)

:       0       0

කපිල Thursday, 22 August 2013 12:10 PM

අපිට ඕන කිරි ටික මේ රටේම හදා ගන්න පුළුවන්. හැබැයි බහු ජාතික සමාගම් මේ ප්‍රශ්නය ලේසියෙන් අත අරින්නෙ නැහැ.වෙනත් නම් වලින් හරි නැවත ගේනවා.මේක අති විශාල වෙළඳපොළක්.හොඳම දේ මේ හැම දේටම ජාතික ප්‍රතිපත්තියක් ඇති කිරීම බව මගේ අදහසයි. (ස)

:       0       0

කමල් Thursday, 22 August 2013 12:11 PM

පාර අවහිර වෙන්නැද්ද? මේව කරන්නේ කව්ද​? මහජනයට එපානම් මිලදී නොගෙන ඉන්න​, මොකද මේ කලබලය​, වෙන හස්ථයක් තුන්වෙනි පාර්සවයක් ඉන්නවද කියල හොයල බලන්න​, (දී)

:       0       0

දසුනි Thursday, 22 August 2013 11:31 PM

මෙතන ඉන්න අයට අපිට තේරෙන ටිකවත් ,තේරෙනවද දන්නේ නැහැ.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 22 August 2013 12:15 PM

මෙතන මොකක්දෝ යටි ගේමක් යනවා වගේ..අදිකරණ නියෝගයට අවනත නොවෙනවානම් එක අදිකරණය බලා ගනීවි..මෙයාල මොකටද මැදට පනින්නේ, කොහොම උනත් කිරි පිටි ආනයනය පාලනය වීමත් මේ ඇබ්බැහි වීමත් මොන ක්‍රමයකින් හරි නතර වීමත් වැදගත්.. (දී)

:       0       0

ෂෙහාන් Thursday, 22 August 2013 12:16 PM

හොඳ ප්‍රවනතාවයක්.... (දී)

:       0       0

නන්ජු Thursday, 22 August 2013 12:35 PM

ලාල් ඔබ හරියටම හරි ආණ්ඩුවේ කවුරුහරි කිරිපිටි ගෙන්න හදනවා ඇති . (දී)

:       0       0

ශෝබ Thursday, 22 August 2013 12:36 PM

බලාගෙන පරිස්සමෙන් වෙඩි තියල දායි (දී)

:       0       0

රමේෂ් Thursday, 22 August 2013 12:44 PM

ඔය හැම නඩු තින්දුවක්ම දුප්පත් මිනිහට විතරයි ලොකු ලොකු අයට එව්වා වලංගු නෑ බොලව් (දී)

:       0       0

සමන් Thursday, 22 August 2013 12:50 PM

අනිවාර්යෙන් ලොක්කෙක් මේක පිටිපස්සේ ඉන්නවා සිංහල මිනිස්සු මැරුණත් කමක් නෑ සල්ලි සල්ලි.(නදී)

:       0       0

පි ඩි විතාන Thursday, 22 August 2013 12:52 PM

උද්ගොසනයට අපු කී දෙනෙක් ඔය කිරි බීල ඇතිද ? කී දෙනෙක් තමුන්ගේ ලමින්ට ඔය කිරි පොව්වන්න ඇතිද ? නිෂ්පාදනය නවතාල කර්මාන්ත ශාලාව වහල ගියාම නැතිවෙන රස්සා දෙන්නවද ඔය උද්ද්ගොසනයට අපු අය (දී)

:       0       0

මුණසිංහ Thursday, 22 August 2013 12:59 PM

ජාතියට හිත ඇති මිනිසුන් ලංකාවට ඉන්නේ මෙපමණද? (ස)

:       0       0

දහනායක Thursday, 22 August 2013 01:00 PM

මේ හැම දෙකින්ම වෙන්නේ අපිව රවට්ටන එකයි (දී)

:       0       0

අසේල Thursday, 22 August 2013 01:01 PM

මේකටත් වෙඩි තියලා දාන්න, ඉවරයිනේ කෝ මේ හමුදාවේ අය (දී)

:       0       0

හේරත් Thursday, 22 August 2013 01:02 PM

මේවා රට ජාතිය බේරා ගන්න කරන උද්ගොෂනනේ (දී)

:       0       0

දහනායක Thursday, 22 August 2013 01:02 PM

බන්දුල මහත්තයෝ පාරවල් අවහිර වෙන්නේ නැද්ද දැන් පය අයිනේ ඉදන්ද මේ උද්ගෝෂණ කරන්නේ , යන්න බන්දුල යන්න (දී)

:       0       0

විමුක්ති Thursday, 22 August 2013 01:08 PM

ලාල් ඔබ හරි.මෙතන අපිට නොපෙනන පැත්තක් තියෙනවා (දී)

:       0       0

රත්නායක Thursday, 22 August 2013 01:12 PM

ඔය උත්ඝෝෂණ කරන අයට බත් පැකට් වෙනුවට කිරි පැකට් ලැබුනොත් අනිවා ගෙදර අරන් යනවා. (දී)

:       0       0

කිර්ති Thursday, 22 August 2013 01:18 PM

එල කිරි නිෂ්පාදනය වැඩි කරන්න (දී)

:       0       0

සම්පත් ප්‍රියංකර Thursday, 22 August 2013 01:20 PM

අපේ රටේ එළකිරි ටික තියාගෙන වස විෂ බොන්නේ මොකටද (දී)

:       0       0

හරිඳු Thursday, 22 August 2013 01:22 PM

ඔය ඔක්කොම බොරු ....රතු පස්වල අමතක කරන්න ගහන දහoගැට. (දී)

:       0       0

සිල්වා Thursday, 22 August 2013 01:33 PM

හොදම දේ ලංකාවේ කිරිගොවියට අත දීමයි !! රජය මේගැන විමසිලිමත් වෙන්න ඕනි ජනතාව මුලා නොකර ඉදිරිය බලා හරි තීරණයක් ගන්න මිලියන ගනම් මුදල් පිට රට පට වන එකේ රටේ ගොවියා වෙනුවන් යොදා දේශීය නිෂ්පාදන නගා සිටවමු !!! (දී)

:       0       0

සුනෙත් Thursday, 22 August 2013 01:35 PM

කිරි පිටි වල විෂ ප්‍රශ්නේ දැන් ලෝකේ බොහෝ රටවල් වල කතා වෙනවා..සමහරුන්ට නම් ඕනෑම දෙයක් දේශපාලනේ ගාව ගන් නැතුව හිතන්නම බෑ වගේ. (ස)

:       0       0

සේනාදීර Thursday, 22 August 2013 01:37 PM

තරිදු..ඔබතුමා එහෙනම් රතුපස්සල ගැන හිත හිතා මේ කිරිපිටි ටිකක් බොන්න.. (ස)

:       0       0

අමිල Thursday, 22 August 2013 01:37 PM

කෝ අපේ කිරි ගොවියෝ ටික ඒ ගොල්ලන් නේ සහභාගි වෙන්න ඕනි. (ස)

:       0       0

තිලක් Thursday, 22 August 2013 01:38 PM

මේවාට පාරවල් වැහෙන්නේ නැද්ද? (දී)

:       0       0

අමිත Thursday, 22 August 2013 01:43 PM

ඔයිට වඩා හොඳ නැද්ද කිරි හරක් ටිකක් හදාගත්තනම්. නිකන් බෝඩ් එල්ලගෙන තවත් කඩකාරයෙකුට කඩේ යන්න නම් එපා... (ස)

:       0       0

සරත් Thursday, 22 August 2013 01:49 PM

මට හිතෙන හැටියට මේ සමාගම ලොක්කෙකුට ගෙවන මුදල ගෙවලා නැතුව හරි, ඉල්ලපු ගාණ නොදි හරි වෙන්න ඕන. අපේ මෝඩ මිනිස්සු හිතනවා ඒ ‍ගොල්ලො ජනතාවට ආදරේට මේ වැඩ මෙහෙයවනවා කියලා. තව සුමානෙකින් ඔය මිනිස්සුත් නැවත ඔය වස කිරි බොනවා. (ස)

:       0       0

චරිත් Thursday, 22 August 2013 01:53 PM

හැමෝම කිරිපිටි නොබී ඉන්න (නි)

:       0       0

චාමික Thursday, 22 August 2013 02:10 PM

තෙල් මිල අඩු කරන්න කියලා අධිකරණයෙන් නියෝග කළ වෙලාවේ ඒකට අවනත වෙන්න කියලා උද්ඝෝෂණයක් තිබුනද ? මට මතක නැනේ ? (ස)

:       0       0

නිරෝෂාන් Thursday, 22 August 2013 02:10 PM

ඇයි දෙයියනේ අපිට බැරි, අපේ ගවයන් මර මරා මස් කනවා වෙනුවට කිරි ටිකක් බෝන්න.... (ස)

:       0       0

චමිත Thursday, 22 August 2013 02:28 PM

අනේ අපි ඉන්න රටේ නම් මේ කිරිපිටි විකුනනවා කිසි ප්‍රශ්නයක් නැහැ . (ස)

:       0       0

‍මොහාන් Thursday, 22 August 2013 02:40 PM

මිනිස්සු රට පිටි කිරි බොන්නේ නැතුව හිටිය නම් හරිනේ. (ස)

:       0       0

අසෝක Thursday, 22 August 2013 02:42 PM

නොවේවා තවත් පස්වලක් රතු! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 856 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 283 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 761 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 2032 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


කොටි නිල ඇඳුම් පෙරියකුලම් කැලෑවක
2024 සැප්තැම්බර් මස 24 265 0

පෙරියකුලම් ප්‍රදේශයේ කැලෑවක පොහොර බෑග් කිහිපයක දමා වල දමා තිබූ කොටි සංවිධානයේ නිල ඇදුම් කට්ටල තුනක් අද (24) සොයා ගැනීමට හැකි වූ බව නිලාවේලි පොලිසිය කියය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35526 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24084 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 163 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 504 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site