IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


බියගම කුඩු මෙහෙයුමට එස්ටීඑෆ් 40ක්

බියගම දී හෙරොයින් මත්කුඩු කිලෝ 85.5 අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට නිල ඇඳුමෙන් හා සාමාන්‍ය ඇඳුමෙන් සැරසුණු හතලිස් දෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් යොදවනු ලැබූහ.

තුන් මාසයකට කළින් ලැබුණු ඔත්තුවක් අනුව ඔවුන් කුඩු නියෝජිතයන් ගමන් කරන මඟෙහි තැන තැන එම පිරිස රඳවනු ලැබ සිටියහ.

කොටහේනේ පදිංචිකරුවන් වන අයියාත් මල්ලීත් සමඟ ඉස්තරම්ම වර්ගයේ හෙරොයින් කුඩු කිලෝ අසූ පහමාරක් අල්ලා ගැනීමේ මෙහෙයුම පොලිස් විශේෂ කාර්ය බලකයේ සහකාර පොලිස් අධිකාරීවරයකුගේ හා පොලිස් පරීක්ෂකවරුන් තිදෙනකුගේ සුපරීක්ෂණය යටතේ සිදු විය.

අයියාත් මල්ලීත් කැලණිය බිගයගම පාරේ එක් ස්ථානක දී මුණ ගැසුණු බවත්, මල්ලී එතැන දී හයිබ්‍රිඩ් කාරයට මාරු වූ බවත් දැනගන්නට ඇත.

පසුගිය අවුරුදු පහේ දී කුඩු නඩු 585ක් මහේස්ත්‍රාත් අධිකරණයේ ද, 421ක් කොළඹ මහාධිකරණයේ ද පවරා ඇත.

54 දෙනෙක් දැනට කුඩු ගෙනවුත් වැරදිකරුවෝ වී පෝරකයට නියම කරනු ලැබ සිටිති.

 175 දෙනෙක් ජීවිතාන්තය දක්වා සිරදඬුවම්වලට යටත් වී සිටිති.  කුඩු නඩුවලට 394 දෙනෙක් වැරදිකරුවෝ වී සිටිති.

දඩ වශයෙන් දැනට රුපියල් දෙකෝටියකට ආසන්න මුදලක් අය කැර ගෙන ඇත.



අදහස් (0)

බියගම කුඩු මෙහෙයුමට එස්ටීඑෆ් 40ක්

තාරක Thursday, 12 June 2014 09:53 PM

ලජ්ජා වෙන්න ඕනේ බියගම වෙනකල් ඔය කුඩු තොගය ආපු එක ගැන (දී)

:       0       0

තිලක් ඩුබායි Thursday, 12 June 2014 09:56 PM

ලංකාවේ කුඩු ව්‍යාපාරය කරන්නේ හරියට කිලෝ 50 සෙමෙන්ති කොට්ට ගෙන්වනවා වගීනේ.රටකට ගිය කලක්. (දී)

:       0       0

පිටිගල Thursday, 12 June 2014 02:36 PM

අහු උනොත් මෙච්චර දැඩි දඬුවම් ලැබෙන බව දැන දැන මේවා කරන්නේ මොනතරම් ලාභයක් ඇතිද? අනික මේවා පොඩි මිනිසුන්ට කරන්න පුලුවන්ද? අහුවෙලා හොර පාරෙන් කී දෙනෙක් නිදහස් කළා කියලා ගාන දාලා නැහැනේ! (නදී)

:       0       0

චන්දන Friday, 13 June 2014 10:16 AM

වැරදිකරුවන් වෙන්නේ පහළම මිනිසුන්. ලොකු අතු ඉදිරියටත් මේවා කරාවි. මේ ඇල්ලූ කුඩු වලට වෙන දේ මොකක්ද කියලත් දැනගන්න කැමතියි (නි)

:       0       0

තිලක් ඩුබායි Thursday, 12 June 2014 10:00 PM

මේ කුඩු ගෙන්නපු මනුස්සයා අද පෝය දවසේ සිල් අරගෙනද දන්නේ නැහැ (දී)

:       0       0

මලිත් Thursday, 12 June 2014 10:01 PM

කාගේද දන්නේ නැහැ (දී)

:       0       0

දනිදු Thursday, 12 June 2014 02:44 PM

ලොක්කන් රජ සැපට. සොක්කන් පෝරකයට . මේ වගේ පොඩි මිනිස්සු අල්ලලා පෝරකයට නියම කළා කියල මේ වසංගතය කවදාවත් නැති කරන්න බැහැ (නදී)

:       0       0

බුවනේෂ් Thursday, 12 June 2014 02:46 PM

මට දුක මේ නිලදාරීන් ගැන. මේගොල්ලන්ව කොහේට මාරු කරලා දාවිද දන්නේ නැහැ. කුඩු නැති පැත්තකට දාවි (නදී)

:       0       0

සුපුන් Sunday, 15 June 2014 02:41 PM

මුන් කෙලින්ම එල්ලලා මරන්ඩ ඕන (අ)

:       0       0

චායා Thursday, 12 June 2014 02:50 PM

මහා මොළ කාරයෝ කට්ටියක් හිරේට යනකට තව කට්ටියක් වැඩට හොයා ගන්නවා. මේවා නැති කරන්නනම් මහමොල කාරයෝ අල්ලන්න ඕනේ (නදී)

:       0       0

දිනේෂ් Thursday, 12 June 2014 10:07 PM

තව ඉස්සරහට තවත් වැඩි වෙනවා මේ තත්වය රට තුල (දී)

:       0       0

නිමල් පෙරේරා Thursday, 12 June 2014 02:59 PM

ඉතා සාර්ථකව සිදුකල කුඩු මෙහෙයුමට සහ එයට දායකවූ සියලු දෙනාටම අපේ උත්තමාචාරය. (නදී)

:       0       0

තිලක් බණ්ඩාර Thursday, 12 June 2014 10:09 PM

කලට වෙලාවට හිග නැතිව කොමිස් මුදල ලැබෙනවානම් ලංකාවට කුඩු නෙමෙයි මොනවා ගෙනාවම මොකෝ? (දී)

:       0       0

ගුණතිලක Thursday, 12 June 2014 10:13 PM

ගාමිණී - සිරි මටත් තියෙන්නේ ඔය ප්‍රශ්නයම තමයි (දී)

:       0       0

උපුල් Thursday, 12 June 2014 03:07 PM

ටික දවසකින් කියියි ඔව්වත් ලී කුඩු හෝ පාන් පිටි කියා (නදී)

:       0       0

ගාමිණී - සිරි Thursday, 12 June 2014 10:12 PM

මෙම මත්කුඩු කි.ග්‍රෑම් 85.5 බියගමට ආවේ ,ගුවනින්ද ?නැවෙන්ද ?පියාඹන පීරිසිය කින්ද ? (දී)

:       0       0

සිතාරා Thursday, 12 June 2014 03:08 PM

මේ අර ගිය පාර කන්ටේනර් එකේ ආපුවමද දන්නේ නැහැ ? (නදී)

:       0       0

බණ්ඩාර Thursday, 12 June 2014 10:13 PM

කොටි ත්‍රසතවාදීන් විනාශ කරන්න පහසුයි මේ කුඩු වසංගතය නැති කරන්න බැහැනේ සමාජයෙන් (දී)

:       0       0

දිනු Friday, 13 June 2014 11:40 AM

අති විශිෂ්ටයි සහාය වු නිලධාරීන්ට ප්‍රණාමය(දිල්)

:       0       0

පෙරුමාල් Thursday, 12 June 2014 03:10 PM

යුද්ධ කරන්නෙ මැරෙන්නෙ සොල්දාදුවොනේ. පරදින්නෙ ජනතාව. රජවරු තමයි දිනන්නෙ. දැන් ඉන්නෙ කුඩු රජාල, එතනෝල් රජාල, කැසිනෝ රජාල සහ කොමිස් රජාලයි. ඒ ගොල්ලො හැමදාම දිනනවා. (නදී)

:       0       0

පතිරණ Thursday, 12 June 2014 10:18 PM

මාස 3කට කලින් ඔත්තුව ඇවිල්ල තියෙන්නේ (දී)

:       0       0

කුවේටි Thursday, 12 June 2014 10:18 PM

දැන් ඉතින් කවුරු හරි ලොක්කෙක් ඔය කුඩු ටික විකුණලා හම්බ කරගනී (දී)

:       0       0

අනුෂ්ක Thursday, 12 June 2014 10:20 PM

අනාගතය ගැන කවර කතාද ජීවිතය ගැනවත් ස්තිරයක් නැති කොට (දී)

:       0       0

අනු Thursday, 12 June 2014 10:18 PM

අපේ අනාගතය කොතරම් බියකරු වේවිද? (දී)

:       0       0

ටිරෝන් Thursday, 12 June 2014 03:23 PM

එස් ටී එෆ් වැඩකට බැස්සොත් ඉතින් කුමන කතාද ? ඔබ ගැන අපට ආඩම්බරයි එස් ටී එෆ් සුබපැතුම්! (නදී)

:       0       0

ජොහාන් Thursday, 12 June 2014 03:25 PM

මහා පරිමාණ කුඩු ජාවාරම්කාරයෝ තී දෙනෙකුට දඩුවම් දීලා තියෙනවද? හාල්මැස්සෝ අහුවෙනවා. හිරේ යනවා. ඒත් මහ එකාව අල්ලාගන්න බැරි වෙන්නේ ඇයි? පොඩි එකාගෙන් ප්‍රශ්ණ කරලා අල්ලන්නේ නැත්තේ ඇයි? (නදී)

:       0       0

ඡානක. Saturday, 14 June 2014 12:46 PM

අර මතක නැති වුන කුඩු ජාවාරම් අල්ලන්නේ කවදාද? (නදී)

:       0       0

සරත් බන්ඩාර Thursday, 12 June 2014 03:26 PM

ඔය අහුවුන ඒවා මාස 3 කට කලින් ආපු ඔත්තුවක්ලු. ඔත්තුව නැත්නම් අල්ලන්න බැරිද ? (නදී)

:       0       0

නීල් Thursday, 12 June 2014 03:30 PM

නෑ මේ කුඩු නෙවෙයි ටින් වලට දාන්න ගෙනාපු බෙබි පවුඩර් වගයක්නේ අහුවෙලා තියෙන්නේ (නදී)

:       0       0

සඳරුවන් Thursday, 12 June 2014 03:30 PM

මේ අල්ලන්නේ හාල් මැස්සෝ විතරයි. මෙව්වා කරන තෝරු මෝරුන්ට කිට්ටු වෙන්නවත් බෑ. (නදී)

:       0       0

මිගිද Thursday, 12 June 2014 03:41 PM

ජනාදිපති තුමනි, රට හදන්න ඕනේ නම් කරුණාකර 'ලංකාදීපේ' එසැනින් පුවත් කියවන්න. වන්දි බට්ටයින්ට ඇහුම්කන් දෙන්න ඕනේ නැහැ. ලංකාදීපේ ජනමාද්‍යවේදීන් ගේ ක්‍රියාවන් ගැන මගේ ප්‍රණාමය. (නදී)

:       0       0

සුනෙත් Thursday, 12 June 2014 10:46 PM

සමහරු කුඩු අල්ලනේ නැති වෙනකොට පලු යන්න බනිනවා.. අල්ලනකොට වෙන කතා කියනවා..මොනවා කරත් අඩුපාඩුම දකින කොටසක් රටේ ඉන්නවා.. (දී)

:       0       0

ටිකිරි බණ්ඩා Saturday, 14 June 2014 12:22 AM

ලංකාවට රාජ්‍ය අනුග්‍රයෙන් ආනයනය කරන කුඩු ප්‍රතිඅපනයනය කරන්න විදිමත් වැඩ පිළිවෙලක් හැදුවනම් රටත් ගොඩ.අපේ දරුවනුත් ගොඩ. (දී)

:       0       0

පූර්ණ Thursday, 12 June 2014 03:51 PM

කුඩු මෙහෙයුමට දායක වූ සැමට අපේ ප්‍රණාමය​.!(දිල්)

:       0       0

ටිකිරි බණ්ඩා Saturday, 14 June 2014 12:26 AM

මත්කුඩු කිලෝ 85.5 තව ටික දවසකින් ග්රෑම් 500 ය දක්වා වාෂ්ප වේවිද දන්නේ නැහැ.නීතියක් නැති රටේ මොනවද වෙන්න බැරි? (දී)

:       0       0

සත්‍යා Thursday, 12 June 2014 04:00 PM

මිගිද ,ලංකාවේද ඉන්නේ නැත්නම්? (නදී)

:       0       0

කිකෝ Thursday, 12 June 2014 04:08 PM

මේක ලොකු රඟපෑමක් ද? පරණ ඒවා වහලා අලුත් වැරදිකාරයො හොයාගන්න (නදී)

:       0       0

කරූ Thursday, 12 June 2014 10:58 PM

දැන්වත් පොලිසියට හොදක් කියන්න (දී)

:       0       0

භද්‍ර සුබසිංහ Thursday, 12 June 2014 04:15 PM

මේවාට බොහෝවිට වගකිවයුත්තන් අනුගමනය කරන්නේ බිහිරි ප්‍රතිපත්තියක්. සමහරවිට මතට තිත තබා දැන් අවසන් ඇති (නි)

:       0       0

පෙරේරා Thursday, 12 June 2014 04:22 PM

කාර් එකේ මෙච්චර ගොඩක් ආවනම් කන්ටේනර් එකක කොච්චර ගොඩක් එන්න ඇතිද ? (දිල්)

:       0       0

ජගත් Friday, 13 June 2014 01:43 PM

මෙවන් උදාර මෙහුමක් කරපු අපේ රණවිරුවන් හට තවත් මෙවැනි මෙහුම් කිරීමට සක්තිය ලැබේව (දී)

:       0       0

සාමා Thursday, 12 June 2014 04:34 PM

මේකත් ෂුවර් එකටම ප්ලෑන් කරලා කරපු වැඩක් වගේ අහු වෙනවා විතරයි පෙන්නන්නේ. (දිල්)

:       0       0

කුසුමා Thursday, 12 June 2014 11:22 PM

ලංකාදීපයට ස්තුයි ' (දී)

:       0       0

කුසුම්සිරි Thursday, 12 June 2014 11:20 PM

ලංකාදීපයට ස්තුයි (දී)

:       0       0

මිගිද Thursday, 12 June 2014 04:41 PM

සත්‍ය , ඇයි අහන්නේ? අපහාසයක්ද?උපහාසයක්ද? (නි)

:       0       0

සංජීව Friday, 13 June 2014 02:30 PM

දැන් රටේ නීතියක් නැහැ. ත්‍රස්තවාදයට වැඩිය හපන් මේක. ජනපතිතුමනි, තරාතිරම නොබලා මේ වසංගතයත් අතුගා දමන්න (නි)

:       0       0

රවීන්ද්‍ර Thursday, 12 June 2014 04:47 PM

කලිනුත් කන්ටේනර් ගණන් ඇල්ලුවා නේද? ඒත් තවමත් පාලනය වෙලා නැහැ වගෙයි (නි)

:       0       0

බණ්ඩාර Friday, 13 June 2014 12:11 AM

රටේ අනාගත දරු පරම්පරාවට නම් සුභ අනාගතයක් ස්ථිරයි කියලා අපිට ඉතාම පැහැදිලිවම පෙනෙනවා (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 13 June 2014 12:13 AM

මම නම් හතර පෝයටම සිල් ගන්න මනුස්සයෙක්. මේවා අහනකොටත් දුකයි (නි)

:       0       0

බණ්ඩාර Friday, 13 June 2014 12:16 AM

මාසයකින් කුඩු වසංගතය ලංකාවෙන් සහමුලින්ම ඉවත් කරන්න පුළුවන් නම්... (නි)

:       0       0

පියල් Thursday, 12 June 2014 04:58 PM

කවදා හරි අපිට දැනගන්න පුළුවන් වෙයි මේවා ගෙනාවේ කවුරුද කියලා (නි)

:       0       0

චන්ද්‍රා Thursday, 12 June 2014 05:00 PM

මෙහෙයුම් සහ දඩුවම් තවත් දැඩි කළයුතුය. රට ජාතිය වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බලකායට විශේෂ ප්‍රණාමය! ඡායාරූප සහිතව පළකළාට ලංකාදීපයට පොහෝ දිනයේ ගොඩක් පින්!මෙහෙයුමට එක්වුණ සැමටමත් ගොඩක් පින් !! (නි)

:       0       0

කුමාරි Thursday, 12 June 2014 05:06 PM

අපිට හෙට වෙනකොට මොනවා අහන්න ලැබෙයිද කියලා බයයි.අද පෝය දවසේ වෙලත් අහන්න ලැබුණු දේවල් බලන්න (නි)

:       0       0

චානක Thursday, 12 June 2014 05:06 PM

නියමාකාරයෙන් ක්‍රියාත්මක වුණ එස්.ටී.එ‍ේ. භටයන්ට ස්තූතියි! (නි)

:       0       0

චන්ද්‍රා Thursday, 12 June 2014 05:07 PM

ඔත්තුව හරිහැටි නොලැබුණා නම්... මොනවා වෙයිද? (නි)

:       0       0

දයාල් Thursday, 12 June 2014 05:09 PM

බලන්න අද පෝය දවසේ අහන්න දකින්න වෙලා තිබෙන දේවල්.... (නි)

:       0       0

චින්තක Thursday, 12 June 2014 05:14 PM

එස්.ටී.එෆ්. එකට අපගේ ප්‍රණාමය! (නි)

:       0       0

චන්ද්‍රා Thursday, 12 June 2014 05:14 PM

නම් ගම්ද හෙළි කරන්න. ලංකාදීපයට මල් මිටක්... (නි)

:       0       0

සේරම් Thursday, 12 June 2014 05:24 PM

බලන්න අද දවසේත් මේ මිනිස්සු කරන දේවල් වල හැටි? (නි)

:       0       0

සුරේන් Thursday, 12 June 2014 05:26 PM

විශේෂ කාර්ය බලකායට අපේ උත්තමාචාරය! (නි)

:       0       0

සමන්ත Thursday, 12 June 2014 05:26 PM

මේකට කවුරුන් සම්බන්ධ ඇද්ද? වෙනත් රටවල වගේ මරණ දඩුවම දීලා එල්ලන්න. හිරේ තියාගෙන ඉඳලා වැඩක් නැහැ. අනේ අපේ රටට ගිය කල! (නි)

:       0       0

රේණුක Thursday, 12 June 2014 05:43 PM

අපි බලමුකෝ මාධ්‍ය ප්‍රකාශකතුමා මේ ගැන කියන්නේ මොකක්ද කියලා (නි)

:       0       0

උදාර Thursday, 12 June 2014 05:50 PM

රටේ තත්ත්වය නම් එන්න එන්නම භයානකයි (නි)

:       0       0

උදයකාන්ත Thursday, 12 June 2014 05:49 PM

පෝය දවස කියලාවත් හිතුවේ නැති හැටි? (නි)

:       0       0

උපුල් Thursday, 12 June 2014 05:50 PM

හිරේ දාලා නම් වැඩක් නැහැ. වෙනත් සාධාරණ දඩුවමක් දෙමු (නි)

:       0       0

දමිත් Thursday, 12 June 2014 05:53 PM

මේවා කවුරු ගෙන්වන්න ඇද්ද? පිළිතුර ළඟදීම දැනගන්න හැකිවේවි (නි)

:       0       0

තේජා Friday, 13 June 2014 04:06 AM

බලන්නකෝ දැන් රට යන අත... (නි)

:       0       0

ශාන්ති Thursday, 12 June 2014 05:58 PM

ලංකාදීප එසැණ පුවත් වලට අපේ ගෞරවය, ජනතාව දැනුවත් කරන එකට. ලංකාවේ කුඩු පසුපසින් සිටින්නේ හිතා ගන්නවත් බැරි බලවත් පුද්ගලයින්. අහුවෙන්නේ පොඩි මිනිසුන්.ලංකාවට ගිය කලක්! (නි)

:       0       0

ජෙහාන් Thursday, 12 June 2014 06:10 PM

දැන් හොයාගන්න ඕනෑ මේ සහෝදරයන්ට අනුග්‍රහය දැක්වූ උදවිය කවුද කියලා. බය නැතුව මෙච්චර තොගයක් මහමඟ එකවිට ගෙනියන්න සුළු පරිමාණ කුඩු මුදලාලි කෙනෙකුට බැහැනේ. (නි)

:       0       0

ප්‍රියන්ත අනුරුද්ධ සෞදි අරාබිය Thursday, 12 June 2014 06:25 PM

අනිවාර්යෙන්ම දේශපාලුවෙක් සම්බන්ධ ඇති. ඒ‍ේක ආයේ බලන්න දෙයක් නැහැ. පොඩි කෙනෙකුට ඕක කරන්න බැහැ. තව ටික දවසකින් අමතක වෙලා යාවි. කෝ එතකොට අර කලින් අල්ලපු කන්ටේනර් එකට මොකද වුණේ? (නි)

:       0       0

නදීර Friday, 13 June 2014 05:20 PM

විශේෂ කාර්ය බලකායට අපගේ ප්‍රණාමය! (නි)

:       0       0

කාන්ති Friday, 13 June 2014 05:20 PM

නියමයි! (නි)

:       0       0

රන්ජිත් Thursday, 12 June 2014 06:28 PM

මේ වසංගතය එන්නේ පාකිස්තානයෙන්. ලංකාවේ නවාතැන් දී ඇති පාකිස්තාන් ජාතිකයින් ගැනද දෙවරක් සිතිය යුතුයි. දේශපාලඥයන්ගේ මැදිහත්වීමක්ද තිබෙනවා. එස්.ටී.එෆ්. භටයින් කරන මෙහෙය අනර්ඝයි (නි)

:       0       0

දසුනි Tuesday, 17 June 2014 12:45 AM

මේ කළ මෙහෙය අගය කරනවා (නි)

:       0       0

වසන්ත Thursday, 12 June 2014 06:39 PM

මේ දකින දසුන් දෙස බැලුවහම සුපිරිම ස්ථානයක් තමයි අපිට මැවී පෙනෙන්නේ.අහෝ ශ්‍රී ලංකා! (නි)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 12 June 2014 06:48 PM

කොටි ත්‍රස්තවාදයත්, පාතාලයත්, මුදල් මත රැදුණු දේශපාලනයත් නිසා පහුගිය දශක කීපයේ ලංකාවේ කුඩු ව්‍යාපාරය දරුණු ලෙස ව්‍යාප්ත වුණා.ඉතාමත් පහසුවෙන් කෝටි ගණන් ලාභ ලබන්න පුළුවන් මේ ව්‍යාපාරය මොන තරම් මර්දනය කළත් ,මොන නීති ගෙනාවත් නතර කරන්න බැහැ, පාලනයක් කරන එක හැරෙන්නට (නි)

:       0       0

චන්ද්‍රා Thursday, 12 June 2014 07:02 PM

බන්දුල පෙරේරා, මේක නතරකරනවට අකමැති මොකද? ...... නැතිවම බැරුව වගේ ?....... (දී)

:       0       0

හෙලන් Tuesday, 17 June 2014 05:42 PM

ලොකු තැන නිදැල්ලේ. උන්ගේ වැරදි වහන්න පොඩි එවුන් ඇතුලේ.(නදී)

:       0       0

හංසක Thursday, 12 June 2014 07:20 PM

අනේ මෙහෙම සමාජයක් (දී)

:       0       0

කුලතිලක Friday, 13 June 2014 07:46 AM

විශේෂ කාර්ය බලකාය ඔවුන්ගේ කාර්යය නිවැරදිව ඉටුකොට තිබෙනවා (නි)

:       0       0

ටෙනිසන් Friday, 13 June 2014 07:52 AM

මේක පිටුපස සිටින්නේ කවුද කියලා දැනගන්න කැමතියි (නි)

:       0       0

බණ්ඩාර Friday, 13 June 2014 07:56 AM

ඉස්සර අපි මිනීමරු ප්‍රභාකරන්ගෙන් දරුවන් බේරාගන්න පාසල් වල ගේට්ටු මුරකළ කාලයක් තිබුනා. දැන් අපේ මිනීමරු කුඩු මුදලාලිලාගෙන් අපේ දරුවන් බේරාගන්න ඔවුන්ගේ පස්සෙන් යන්න සිද්ධ වෙලා. ලංකාවේ අනාගත දරු පරම්පරාවට දෙවියන්ගේම පිහිටයි! (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 13 June 2014 07:58 AM

බන්දුල පෙරේරා නම් ලංකාවෙන් කුඩු වසංගතය ඉවරයක් කරනවා දකින්න කැමති නැහැ වගේ. (නි)

:       0       0

රණතුංග Thursday, 12 June 2014 07:47 PM

සැලසුම් සහගත ක්‍රියාවක් (දී)

:       0       0

දසුනි Friday, 13 June 2014 08:23 AM

දැන් මේ කුඩු වලට මොනවද කරන්නේ? මොනවා වුණත් අපරාදේ! (නි)

:       0       0

දර්ශි Friday, 13 June 2014 08:23 AM

කොහොමත් ගොඩක් දුරට මේ වගේ වැඩ කරන්නේ ලොකු ලොකු අයනේ. ඒක තමයි ලංකාවේ ක්‍රමය (නි)

:       0       0

ලක්ෂපාන Thursday, 12 June 2014 07:50 PM

කුඩු බිස්නස් කාරයන්ගේ පහලම ගෝල බාලයෝ තමයි ඔය අහුවෙන්නේ .ඕවට වගකියයුතු අය ((මාර සීන් එක අපේ බඩු වගයක් අහුවෙලා, ඔයටික කොහොමද එලියට ගන්නේ, කීයක් යට කරන්නවෙයිද දන්නේ නැහැ,)) කියල හිත හිත පුටුවක් වුඩ කකුලක් පිට කකුලක් දාගෙන පාඩුවේ ඇති.ලංකාවේ තරුණ පරම්පරාවම කුඩු බිල්ලන්ට අහුවෙනවා .ඉතාම සීග්‍රයෙන් කුමන ආකාරයකින් හරි ඔය අල්ලපු කුඩු විනාස කරනවානම් බොහොමත් සතුටුයි. (දී)

:       0       0

සමන්ත Thursday, 12 June 2014 07:54 PM

පේනවා නේද කුඩු විපාකයේ තරම (දී)

:       0       0

රොෂේන් දී සොයිස Thursday, 12 June 2014 07:56 PM

කොහොමද වැඩ ඔත්තුව හරිහැටි දුන්නා එස්ටීඑෆ් ඇල්ලුවා මට දුක මේ නිලදාරීන් ගැන ඉතා සාර්ථකව සිදුකල කුඩු මෙහෙයුමට මගේ උත්තමාචාරය ! (දී)

:       0       0

රාධවන් Friday, 13 June 2014 08:28 AM

වැරදිකරුවන්ට මතක හිටින දඩුවමක් දෙන්න ඕනෑ (නි)

:       0       0

තාරක Thursday, 12 June 2014 07:59 PM

ලැජ්ජයි ලංකාවේ ජිවත් වෙන්න (දී)

:       0       0

සිල්වා Friday, 13 June 2014 08:38 AM

මේවා ලෙහෙසියෙන් පොඩි මිනිසුන්ට නම් ගෙන්නන්න බැහැ (නි)

:       0       0

පයාගල Thursday, 12 June 2014 08:09 PM

ප්‍රතිචාර දැක්කාම දුක හිතෙනවා මිනිස්සු ගැන (දී)

:       0       0

සුරංග Friday, 13 June 2014 07:58 PM

කන්ටේනර ගණන් එනකොට කිලෝ 85 ක් පුදුමයක් නැහැ. මර්දනය කිරීම ගොඩක් හොද වැඩක්. (අ)

:       0       0

ඒ පි කිර්ති ආනන්ද Thursday, 12 June 2014 08:20 PM

මරණ දඩුවම දෙන්න. සෞදිය වගේ දඩුවම් දෙන්න. මිනුස්සු හුරතල් කරන්න එපා. (දී)

:       0       0

අප්පුහාමි අයියා Thursday, 12 June 2014 08:35 PM

සමාජයේ බලය තියන අයට මත්කුඩු අහු උනාට ප්‍රශ්නයක් නෑ (දී)

:       0       0

නාමල් Thursday, 12 June 2014 08:40 PM

මෙතන තියෙනවා විශාල අනතුරක් බියගම කියන්නේ ලංකාවේ හැමතනකින්ම පිරිස් ආපු තැනක් වෙළඳ කලාප නිසා, මේ වගේ ප්‍රදේශ විනාශ කලාම ලංකාවම විනාශ වෙනවා (දී)

:       0       0

සෙනෙවිරත්න Friday, 13 June 2014 09:21 AM

මුලින් ඇල්ලූ කුඩු කන්ටේනරයට වුණේ මොකක්ද කියලත් අපි දැනගන්න කැමතියි. (නි)

:       0       0

බණ්ඩාර Thursday, 12 June 2014 08:52 PM

කතාව ඇත්ත මමනම් මගේ ළමයි ලංකාවේ තියන්නේ නැහැ, ලංකාවත් දැන් පිට රට වගේ තමයි විනාශ වෙලා , ඉතින් කොහේ තිබ්බාහම මොකද , අඩු තරමේ ඉංග්‍රීසි ටිකවත් හරි යනවා ළමයට (දී)

:       0       0

ශාන්ති Thursday, 12 June 2014 09:09 PM

අද පෝය දවසේ අහන්ඩ ලැබුණු කණගාටු දායක ආරන්චිය (දී)

:       0       0

රන්ජන් Friday, 13 June 2014 09:39 AM

වැරදිකරුවන්ට මොන විදිහේ දඩුවමක් දෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

ටිකිරි බංඩා Friday, 13 June 2014 08:46 PM

සංජීව හීනයක්වත් දැකලද නැගිට්ටේ? (නදී)

:       0       0

තරංග ප්‍රියන්ත Saturday, 14 June 2014 11:17 AM

මොනවා කලත් එකෙන් කොහොම ඇල්ලුවත් අයෙමත් එකම කරනවනේ එකයි නවත්වන්න ඕනේ (අ)

:       0       0

ෂෙරිෆ් Thursday, 12 June 2014 09:26 PM

මම බය නැතිව කියනවා මේ හෙරොයින් මත්කුඩු තොගය පකිස්ථානයෙන් ආනයනය කල බව, මේවා ගෙන්වන අය අපේ රටේ ප්‍රබලයෙක් මිස දුප්පත් අපි වගේ අය නොවෙයි, අහෝ පුදුමයකි ලක්දෙරණ විනාශ කිරීමට මෙතරම් මත්කුඩු රටතුල තිබියදීත් වගකිව යුතු පිරිස් මුනිවත රකිමින් නිදහස් නිවහල් රටක අපි අද ජිවත් වන්නෙමු යැයි ප්‍රකාශ කීරීම කණගාටුවට කරුණකි, (දී)

:       0       0

සන් Thursday, 12 June 2014 09:43 PM

වාහන අංකය කාගේද? (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1043 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 303 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 1989 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 472 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 951 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 582 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37108 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24452 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 186 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 616 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site