පානදුර-මහනුවර පෞද්ගලික බස් රථයක් බියගම පේරගස්හංදියේදී ඇඟළුම් සේවකයන් ප්‍රවාහණය කරන වෑන් රියක ගැටීමෙන් සේවකයන් ප්‍රවාහණය කළ වෑන් රියේ රියදුරු මිය ගොස් 18 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
කිරිඳිවැල නාරංවල පදිංචි සුරේෂ් නුවන් ආසිරි (25) අනතුරින් මිය ගොස් ඇත.
තුවාලකරුවන්ගෙන් 12 දෙනෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පානදුර මහනුවර බස් සේවය හරිම අවදානම්. බැලුම්මහර සිට මහනුවර දක්වා ඉගිලෙනවා. (නි)
අර්ෂා,ඒ කැමරා පරිස්සම් කර ගන්න ආරක්ෂක සේවයකුත් ඒ ආරක්ෂක සේවකයන් හරියට වැඩ කරනවද බලන්න තව නිලදාරීන් පිරිසකුත් ඒ නිලදාරීන් පගාව ගන්නවද බලන්න තව කට්ටියකුත් දාලා ඒ වගේ ලොකු වැඩක් කරන්න පුළුවන්. හැබැයි ජිවිත කාලෙටම රියදුරු බලපත්‍රය අවලංගු කරලා දැම්මා නම් දහයක් පහළොවකගේ නෙමෙයි, ඔක්කොම අසරණ ජිවිත සීයක් විතර ඉතුරු වෙනවා (නි)
පින්තුරවල හැටියට නම් වරදකරුවා පුද්ගලික බස් රියැදුරා. මේ වගේ අයට දිය යුතු දඬුවම් සකසන්න නොහැකිද? කොපමණ කිව්වත් වැඩකුත් නැහැ. අවශ්‍යතාවයක් තිබේ නම් මේ ගොල්ලන්ගේ මේ අස්ස කුලප්පුව නවත්වන්න පුළුවන්. බස් රථය හෙමින් ගිය බව රථයේ හැටියෙන්ම පෙනෙනවා. (නි)
හැම වෙලේම පුද්ගලික බස් අයට බැන්නට ඇත්ත මොකක්ද කියලා හොයලා බලන්න. මොකද 17 බස් වල සෙනග පුඩ් බෝර්ඩ් යන්නේ යන්න බස් නැති නිසා මිසක් ආසාවට නෙමෙයිනෙ. මෙතැන සම්පුර්ණයෙන් වැරදි අනිත් රියැදුරා (නි)
අප රටේ ප්‍රධාන මාර්ග වල කැමරා සවිකිරීමෙන් සහ මාර්ග නීති රීති කඩකරන්නන්ට සරිලන දඩුවම් සහ දඩ නියම කිරීමෙන් මෙවැනි අවාසනාවත අනතුරු බොහෝදුරට වලක්වා ගත හැක. (අ)
මෙම නුවර-පානදුර බස් සේවය අධික ලාබ ලබන පාරක්.සරත් කියන කතාව ඇත්ත.භාගෙට සුඛෝපභෝගී කතාව නම් මම දන්නේ නැහැ.. ෆූට් බෝඩ් එකෙනුත් එළියේ මමත් ගිහින් තියෙනවා. ඉක්මනට යන්න ඕනේ නිසා. මාරාන්තිකයි නම් තමා. (ස)
"අර ගැමුණු කියන කෙනා මේවට මොකද කියන්නෙ" (නි)
මේ බස් හැම වෙලේම යන්නේ හරිම අනතුරුදායක විදියට. නව නුවර පාරේ එදිනෙදා යන හැමෝටම මේක පේනවා. දැන්වත් මේ අයට නීතිය ක්‍රියාත්මක කළොත් හොඳයි (නි)
කෝ මේ බස් ගැමුණු මහත්තයා.(නදී)
වාහන අනතුරු හැමදාමත් මේ රටේ සිදු වනවානේ. ඉතින් එහෙම මාරක අනතුරු සිදු වෙලා මිනිස්සු මියයාම අද රටේ සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. විශේෂයෙන්ම පානදුර වැනි අධික මාර්ග තදබදයක් පවතින මාර්ගයක මෙවැනි අනතුරු සිදුවීම ස්වභාවිකය. මම නම් කියන්නේ මිනිස්සු මැරුනට කමක් නැහැ පුලුවන් තරම් හයියෙන් යන්න ඕන. නැතිනම් අපි කොහොමද වෙලාවට රස්සාවට යන්නේ? මේ වගේ අති පණ්ඩිත අදහස් දාන අය අපිට පුද්ගලික වාහන ලබා දෙනවද? නැහැනේ. අපි වගේ සාමාන්‍ය මිනිස්සු යන්නේ බස්වල තමයි. මම එනකල්ම බස් එක නවත්තලා තියා ගන්න තරම් බොහෝ රියදුරු මහත්වරුන් හරිම කෘතඥතා පූර්වකයි. කොන්දොස්තර මහත්වරු පිරිමින්ව නැගිට්ටලා හරි මට සීට් එකක් ලබා දෙනවාමයි. මම හරිම ආසාවෙන් බස්වල යන්නේ. සමහර දවස්වලට මට මේ අය අති විශේෂ සැප පහසුකම් පවා ලබාදීලා තියෙනවා. මහත්තයා ඉන්ටනෙට් ඇවිල්ලා මේවා කියවන නිසා වැඩිපුර මේ ගැන ලියන්න බයයි අනේ.(නදී)
ප්‍රයිවට් බස් වලටත් , හමුදා ට්‍රක් වලටත් ,හැප්පුනු කෙනාට සොරිම තමයි.(නදී)
පාරේ යන්නෝ. ඉගිලෙන්නෝ. මාරුවා සමඟම යන්නෝ. (ස)
මිය ගිය කෙනාට නිවන් සුව! තුවාලවුවන්ට ඉක්මන් සුව! (නි)
ගැමුණුට සහ බස් රියදුරන්ට බැනලා වැඩක් නැහැ. ලංකාවේ රියදුරු ලයිසන් නිකුත් කරන ක්‍රමයක් තිබෙනවා. එය හරිහැටි ක්‍රියාත්මක වෙනවද කියා බලන්න ඕනෑ, පාරේ හැමතැනම මාර්ග පොලිස් ඉන්නවා. ඒ ගොල්ලෝ නීතිය හරි හැටි ක්‍රියාත්මක කරනවද? ඔය දෙක හරියට ක්‍රියාත්මක කළොත් ලංකාවේ රථ වාහන අනතුරු අඩුවේවි. (නි)
මොනවා වුනත් මිනිස් ජිවිතයක් නැති වුනා. (නි)
මේ කොයි යන්නේ . රයිගම් . යන්නේ. කවදද එන්නේ නැත අප දන්නේ.(නදී)
මේ පුද්ගලික බස් එළවන අය වෙනුවෙන් පොලිසියේ වෙනම කට්ටියක්ව දාන්න ඕනෑ (නි)
පෞද්ගලික බස්වල ඉන්නේ රියදුරෝ නෙමයි යකදුරෝ.(නදී)
සුරෙෂ්ට නිවන් සුව ලැබෙවා!(නදී)
අද උදේ...... හෆ්ෆා.... මුලු පාරම වහගෙන තිබුනේ මේක...... පිස්සු වගේ දැක්කහම..... බේබි රෝසා එකේ එක වීදුරුවක්වත් නෑ...... ඔක්කොම කුඩු...... ගියපු මිනිස්සු...... :( ලේලන්ඩ් එක...... :( ඒකේ නම් කාටවත් අවුලක් නැතුව ඈති..... ඒත් අර රෝසා එකේ.... :( හෆ්ෆා...... කට්ටිය වට වෙලා ෆොටෝ ගගහා හිටියේ..... අනතුර වෙච්ච වෙලාවෙදිත්, මුකුත් නොකර ෆොටෝ ගගහා හිටියද දන්නේ නෑ.....(නදී)
පුද්ගලික බස් කාරයෝ පාරේ යන්නේ සත්තු වගේ නේ.(නදී)
අර ගැමුණු කියන කෙනා මේවට මොකද කියන්නෙ?(නදී)
අනේ සරත් ඔය කියන එක දෙයක් නම් වැරදියි. අර්ධ සුකොපබෝගී කියල බෝඩ් එක ගහගෙන පොල් පටවල යන්නේ. හැබැයි හයියෙන් නම් යන්නේ නෑ. පුළුවන් තරම් හිඟා කකා කොට කොට යන්නේ. පානදුරේ ඉඳල නුගේගොඩට එන්න පැය එකහා මාරක් විතර යනවා. උදේ 5 ට පනදුරෙන් යන බස් එක 11 කිට්ටු කරලා නුවරට එන්නේ. (නදී)
අනේ මෙහෙමත් මැරෙන රටක් හැමදාම රිය අනතුරු වලින් 10 හෝ 15 ක් මැරෙනවා යුද්දේ කාලේ වත් මෙච්චර මලේ නැ.(නදී)
කොහොමටත් මෙම නුවර-පානදුර බස් සේවය ගැන හිතන්න කාලය ඇවිත්! වරකපොලදිත් මෙහෙමම උනා. මෙම බස් බාගෙට සුකෝපබෝගී උනාට උදේටයි හවසටයි බලන්න ෆූට් බෝඩ් එකෙනුත් එළියේ මිනිස්සු! ඒ මදිවට ඉගිල්ලෙනවා! පාර කාපට් කරලා තිබුනට පාර පටුයි! පාරේ යන වාහන සහ පයින් යන මිනිසුන්,පාසල් ළමයි වෙඩියි! බසයක් ඉවතට පැන්නොත් අනිවාර්යෙන්ම ගෙයක් යටකරගෙන යනවා! මේ චායාරූප අනුවත් හිතෙන්නේ ඉස්සර කිරීමට යාමේදී උන අනතුරක් වෙන්න පුළුවන් බවයි.(නදී)
නදීෂානී කොහෙද මේ ගියේ? (නදී)
මේක කවදද කීයටද උනේ කියලත් තිබුනානම් හොඳයි.(නදී)
සාදාරන රියදුරු බස් ටිපර් වල සුක්කානමට එයාර් බෑග් ආවොත් මොකද?(නදී)
හද කම්පා කරවන තවත් පුවතක් තරාතිරම නොබලා දැඩි දඬුවම් ලබා දෙන්න .රියදුරු බලපත් අහෝසි කරන්න.(නදී)