කෘත්‍රිම රා බීමෙන් මන්නාරමේ බොහෝ පිරිසකට ලෙඩ රෝග මෙන්ම පවුල් ජීවිතයට බලපෑම් රැසක් එල්ල වී ඇති හෙයින් බෝතල් රා තහනම් කරන ලෙස ඉල්ලා මන්නාරම් අඩම්පන් වැසියෝ පිරිසක් අද (26) උද්ඝෝෂණයක් කළහ.
මන්නාරම අඩම්පන් නෙඩුන්කණ්ඩාල් ශාන්ත අන්තෝනි දේවස්ථානය ඉදිරිපිටදී ආරම්භ වූ මෙම විරෝධතාවට ගොවි සංවිධාන හා කාන්තා ග්‍රාම සංවර්ධන සමිති විසින් සංවිධානය කැරිණි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රා එපා නම් විස්කි බොන්න. කොහොමත් සුරා බිව්වහම ලෙඩවෙන එකනේ වෙන්නේ. (නි)
බැනර් ප්‍රදර්ශනය කරද්දී එහි සිංහලෙනුත් ඉදිරිපත් කළොත් නේද හැමෝටම තේරෙන්නේ.අනේ මන්දා සිංහල දන්නා අය ඇත්තෙම නැද්ද ඔතන. (බ)
මේ ආදරණිය අම්මලා පටන්ගත්ත අරගලය ඉතාමත්ම හොදයි, , ශ්‍රී ලංකාවේ බෝතල් කළ රා වලට බොහෝ ඈත කාලයක සිටම සර්ජිකල් ස්ප්‍රිතු කලවම් කරන බව මම හොදාකාරවම දන්නවා .මේවා තහනම් කිරීමෙන් නොනැවතී ,චෝදිතයින් සොයා දඩුවම් දීමත් කළ යුතුයි (බ)
මාරවිල, කොස්වාඩිය, වලහපිටිය, මහවැව, මාදම්පේ, කාක්කපල්ලිය ප්‍රදේශ වල ඉන්න මහාපරිමාණ රා නිෂ්පාදකයෝ කෘතීම රා මුළු රටපුරාම බෙදාහරිනවා. අපිට නම් වලින් අවශ්‍ය නම් කියන්න පුළුවන්. මේ සඳහා තනිකරම යොදාගන්නේ යුරියා,ඇමෝනියා වැනි විසකාරක (නි)
බිය නොවන්න. ඉක්මනට තැබෑරුමක් දාලා ඔය පැත්තේ රා බොන අයට හොඳ නිෂ්පාදන ලබාදෙන්න කටයුතු සම්පාදනය කරලා ඇති දැනටම (නි)
බේබදු පිරිමින් නිසා සදාකල් දුක්විඳින්නේ බිරිඳ සහ දරුවන්. බේබද්දන් පහත්කොට සැළකීමට අප විසින් සමාජයේ මොළ ශෝධනය කළයුතුයි. (නි)
දෙමළ අය විතරද රා බොන්නේ? අපිත් බොනවා. බැනර් ප්‍රදර්ශනයේදී ඒකත් හිතාගන්න (නි)
හොර රා ජාවාරම ගැන දැන දැනත් මේ රටේ දුප්පත් අහිංසක මිනිස්සු ඒවා බීලා ජීවිත විනාශ කරගන්න හැටි බලමින් රජය මොනවද මේ කරන්නේ? මොන අපරාධයක්ද? මුළු රටටම රා කියලා ජරාවක් බෙදනවා. කෝටිපතියෝ වෙලා දැන් වැජඹෙනවා (නි)
මේ අම්මලාට අපේ ප්‍රණාමය! (නි)
අපි සැම වෙනුවෙන් හඬ නැඟූ මේ පිරිසට ස්තුතියි! (නි)
හැබැයි නිකම්ම නිකන් බැනර් උස්සගෙන ගියාට වැඩක් නැහැ, සටන් පාඨ තිබෙන්න ඕනෑ. (නි)
ඉසුරන්දි, එය ඒ මිනිස්සු භාෂාවට ඇති කැමැත්ත. සිංහලයාට ඒ භාෂා කැක්කුම නැතිවුණාට ඒ මිනිසුන්ට තියෙනවා. (නි)
විසදුම් හොයන්නවත් බැනර් වල ලියලා තියෙන දේ තේරෙන්නේ නැහැනේ. (නි)
ජයවේවා අපේ කාන්තාවන්ට! (නි)
චාමර, ඒකත් එක ප්‍රශ්නයක්. ඔයාට දෙමළ තේරෙන්නේ නැහැ. ඔවුන්ට සිංහල තේරෙන්නේ නැහැ (නි)
ගැණු බියර් බොනවලු රාබොන්න කැමති නැහැලු බිස්නස් එක පහළටම වැටිලා කියල ආඩපාලි ලියල තිබුනේ? ඕවා රටෙන් පන්නා දමාපල්ලා ..කොන්දක් ඇති මිනිස්සු ඉන්නවා නම් ..? එතකොට රටේ ජනතාව කව්රුවත් ලෙඩ්ඩු වෙන්නේ නැහැ ..? (බ)