බදුරලියේ පොසොන් දන්සලක බසයක් කඩා වැදීමෙන් තුවාල ලැබු දහතුන්දෙනාගෙන් පිරිසක් බදුරලියේ රෝහලේද තව පිරිසක් නාගොඩ රෝහලේද ප්‍රතිකාර ලබති.
දස දරු මවක මේ සිද්ධියෙන් මිය ගියාය. අනතුරට හේතුව බසයේ තිරිංග ක්‍රියා විරහිත වීම නිසා යැයි දැනගන්නට ඇත.
බදුරලියේ පොසොන් දන්සලක බසයක් කඩා වැදීමෙන් තුවාල ලැබු දහතුන්දෙනාගෙන් පිරිසක් බදුරලියේ රෝහලේද තව පිරිසක් නාගොඩ රෝහලේද ප්‍රතිකාර ලබති.
දස දරු මවක මේ සිද්ධියෙන් මිය ගියාය. අනතුරට හේතුව බසයේ තිරිංග ක්‍රියා විරහිත වීම නිසා යැයි දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලාංකිකයන් බහුතරයක් නීති උල්ලංගනය කරමින් රටට ජාතියට හානිය ගෙන දෙනවා.මේවා දැන් පිළිකා වගේ ඔඩු දුවලා හමාරයි. (ස)
දන්සල් වල ආහාර පාන පමණක් ප්‍රමිතියෙන් යුතු දැයි පරීක්ෂා කළාට මදි. ජනතාව ආහාර ගන්නෙත් සෞක්‍යරක්ෂිත ස්ථානයකද යන්නත් වැදගත්. බොහෝ ස්ථානවල මා දුටුවා මහා මාර්ගයේ අඩක් වැසෙනසේ මාර්ගයටත් හානි පමුණුවමින් දන්සල් ඉදිකර තිබෙන අයුරු. පුර්ව අවසරයක් ඇතිව ප්‍රමිතියකින් යුතු දන්සල් පවත්වන ආකාරයට නීති ගෙන ආ යුතුයි. (ස)
පෝය දිනෙකවත් පිනක් කරගන්න පින් නැති අය තමා මේ අය. අනේ පව්. රෝගීන්ට ඉක්මන් සුවය පතනවා, මියගිය කෙනාට නිවන්සුවය පතනවා. (ස)
මේක දන්සලේ ප්‍රස්නයක් නෙවේ. බස් රථයේ ප්‍රශ්නයක් දන්සල ලඟදි හෝ වෙන යම් තැනකදී සිදු වුනත් එක මාර්ග අනතුරක්. මේ වගේ බස් සේවයෙන් අයින් කරන්න ඕන, නැත්නම් රටේ අනතුරු අඩු කරන්න බෑ. (ස)
බුස් ගාස්තු වැඩි කිරීම හය මාසයකින් ප්‍රමාද කර, සියලු බස් රථවල කාර්මික තත්වය රජය මගින් විදිමත්ව සොයා බලන්න. (ස)
ලංකාවේ තවම නැහැ ඉතා පරණ බස් ලොරි වාහන වල පාරට දාන්න පෙර ප්‍රමිතියක් බැලීම. දියුණු රටවල අවුරුදු 3 කට වැඩි ඕනෙම රථයක් අවුරුදු දෙකකට වරක් ප්‍රමිතිය තියේද කියා බලන්න බලදාරින් සහ ඒවාට ස්ථාන වෙන් කර තිබෙනවා. ප්‍රමිතියට නැති සෑම වාහනයක්ම නැවත ඒවායේ අදාල දෝෂ සාදවා නැවත ප්‍රමිති සහතිකය ලබා ගත යුතුයි. එසේ නැති සෑම වාහනයක්ම පාරේ දුවන්න තහනම්. ලංකාවේ නිතරම තිරිංග නැති වාහන නිසා සිදුවන මරණ බොහෝය. විදුලි ලාම්පු නොමෙතිව රාත්‍රී කාලයේ දුවන වාහන එමටය. වාහනයක් හැරවීමේද පාවිච්චි කරන විදිලි සංඤ නොමැති ඒවා බොහෝය. කොටින්ම පාරේ දිවීමට නුසුදුසු බොහෝ බස් රථ ලොරි සහ වැන් රථ බොහෝය. එනිසා සිදුවන අහිංසක ජිවිත බිලිගැනීම බොහෝය. මෙයට අපේ බලදාරින්ගේ ඇස යොමු කිරීම අවශ්‍යයි.(නදී)
මෙයාලට පිස්සු (අ)
මෙතන සිදුවී තියෙන්නේ නම් බස් රථයේ දෝෂයක්. නමුත් නීල් කියන දේ සම්පුර්ණ ඇත්ත. දන්සැල් ඕනෑවට වඩා පාරට වෙන්න හදලා තියෙන තැන් මමත් දැක්කා. අනික සංග්‍රහ කරන උදවිය පාරටම ඇවිත් කෑම බීම අල්ලන්න උත්සාහ කරන තැන්වල අනතුරු සිදුවෙන්නත් හොඳටම ඉඩ කඩ තියෙනවා. (නි)
සරෝජ්, ඔබ හරියටම හරි. මෙහේ සැම තැනම සෑම තුන්මසකට වරක් වාහන චෙක් කරනවා.පොඩි දුමක් පිටවෙන වාහනයක්වත් පාරේ යනවා දැකලම නැහැ.හෝන් කරන්නේ නැහැ. මේවා අහනකොට රට මොන දියුණුවක්ද? පවුල් පිටින් යකඩ ගොඩවල්වලට යට කරගන යනවා.පස්සේ මොන නීතිය ක්‍රියාත්මක කලත් වැඩක් තියේද? ' මරණයක් පමණි' (නි)
පොදු ගමනාගමනය දියුණු රටවලත් රාජ්‍ය අනුග්‍රහය යටතේ බස් දුවවන්නේ ඒ මගින් සාමාණ්‍ය ජනතාවට වන සේවය සුලු පටු නොවන නිසා. මගීන්ගේ සුවපහසුව, ආරක්ෂාව, කලට වේලාවට ගමන් යාම, රාජ්‍ය ආදායමට දායකත්වය, ජනතාවෙග් ජීවන තත්වය ඉහලයාම වගේ අපේක්ෂාවන් රාශියක් මුදුන්පත් කර ගන්නයි පොදු ගමනාගමන සේවයක් අවශ්‍ය වන්නේ. සිල්ලරට කීයක් හරි හොයාගෙන පිනෑනස් එකක් දාලා බස් එකක් පාරට දාලා කොට කොටා ගිහිල්ලා බස් එකේ කෑලි හැලි හැලී දුවලා නියමිත සේවය බලාපොරොත්තු වෙන්න බැහැ. සල්ලි තියන ව්‍යාපාරිකයින් කීප දෙනෙක් ලවිවා පෞද්ගලික බස් දුවවිය යුතුයි. රජය විවිධ ක්‍රමයන්ගෙන් අධීක්ෂනය හා පාලනය කල යුතුයි.(නදී)