(ටෝනි කරුණානායක)
පිරිසිදු පානීය ජලය ඉල්ලූ රතුපස්වල ජනතාවට වෙඩි තැබූ හමුදා කණ්ඩායම බාරව සිටි යුද හමුදා බ්‍රිගේඩියර් අරුණ දේශප්‍රිය ගුණවර්ධන සහ යුද හමුදා සැරයන් ලලිත් ග්‍රේ යන දෙදෙනාට ඇප නියම කිරීමට ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද (31) නියෝග කළේය.
බ්‍රිගේඩියර්වරයාට මුදලින් රුපියල් ලක්ෂයක ඇපයක් සහ රුපියල් මිලියන තුන බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කෙරුණ අතර සැරයන්වරයාට මුදලින් රුපියල් 50000ක ඇපයක් ද රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීර ඇප දෙකක්ද නියම කෙරිණ.
සැම මාසයකම අවසන් ඉරිදා දින පෙරවරු 09.00ත් පස්වරු 05.00ත් අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසටද නියම කෙරිණ.
සැකකරුවන්ට විදේශ ගත වීමද තහනම් කෙරුණ අතර විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට බාර දෙන ලෙසට ද විනිසුරුවරයා නියෝග කළේය.
අධිකරණයට දැනුම් දීමකින් තොරව පදිංචිය වෙනස් නොකරන ලෙසට ද ඔවුන්ට නියම කෙරිණ.
නැවත කිසි දිනක ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන තුට්ටු දෙකට විකුණන්න ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොළොන්නරුව ජන හමුවකදී පැවසීය.
’සිරි දළදා වන්දනාව’ තුන්වන දිනය අද (20) දහවල් ආරම්භ කළේය. දළදා වන්දනා කිරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මහනුවර නගරයේ පෝලිම්වල රැඳී සිටින බව අප වාර්තාකරුව
ලාල් කාන්ත මහත්තයා ඇත්ත ප්‍රකාශ කරන මිනිහෙක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පැවසීය.
මාලිමා රජයේ මැතිවරණ ප්‍රතිපත්ති සහ පොරොන්දු අද වන විට පුස්සක් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඟවා තැබූ කොටස් ඇතුළු සම්පූර්ණ වාර්තාව පරීක්‍ෂණ සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට තමා අද බ
ආණමඩුව වඩත්ත හල්මිල්ලෑව ප්‍රදේශයේ කැට පොළකදි ඇතිවු අරවුලක් දිග් ගැසිමකින් පොලු මුගුරු වලින් පහර දී තරුණයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බ්‍රිගේඩියර් දේශප්‍රියට ඇප නියම වෙයි
පිටිගල මිලානෝ Thursday, 31 August 2017 06:45 AM
මෙයාට අණ දුන්න කෙනා ඇයි වීරයෙක් ලෙස ඉදිරියට එන්නේ නැත්තේ? බයේද? පව් නේද මේ අහිංසක නිලධාරීන්?
ධර්මපාල Thursday, 31 August 2017 07:37 AM
මිනීමරුවන්ට නම් සමාවක් ඇප දීමක් ස්වභාවධර්මයෙන් නොලැබේවි!
amali Thursday, 31 August 2017 08:32 AM
පිටිගල මිලානෝ සහ ධර්මපාල එක නම් ඇත්ත. 60000 ක් මරපු කෙනාටත් දඩුවම් දෙන්න ඕනේ....
asiri Thursday, 31 August 2017 08:47 AM
මෙයාට උපදෙස් දීපු කෙනා රිමාන්ඩ් කරන්නේ නැතුව මෙච්චර කල් ගත්ත එක විහිළුවක්....
අසෝක ජයතිලක මිලානෝ Thursday, 31 August 2017 09:21 AM
පිටිගල අයියේ, එයා සාමාන්‍යයෙන් බය කෙනෙක්...
Kamal Thursday, 31 August 2017 10:02 AM
උද්ඝෝෂකයින්ට වෙඩි තියන එක හොඳ වැඩක් ....
HafeelThursday, 31 August 2017 10:58 AM
කමල්, මෙම උද්ඝෝෂණය අනිකුත් උද්ඝෝෂණවලට වඩා වෙනස්. මධ්‍යස්තව බලන්න.
gallage Thursday, 31 August 2017 11:04 AM
මේවගේ අයට පින්සිද්ද වෙන්න මහින්ද මහත්තයා ගෙදර ගියා.
අතුල Thursday, 31 August 2017 01:28 PM
මේ නිලධාරීන් ගෙවන්නේ මහින්දගෙයි, ගොඨාභයගෙයි "පව්" තමයි. ත්‍රස්තවාදීන් එක්ක සටන් කරපු මේ මහත්වරුන්ට, අහිංසක මිනිස්සු මරන්න රුදාවක් නැහැ. ඒ අයට බලයේ රැඳෙන්න, ඕනෑම දෙයක් කරන්න පසුබට වුණේ නැහැ. මේ දෙන්නා විතරක් නොවෙයි, හමුදාවේ, පොලිසියේ සහ රාජ්‍ය සේවයේ මහත්වරු කීදෙනෙක් සිර බත් කෑවද? වරදක් කළොත් නීතියෙන් විතරක් නොවෙයි, ස්වභාවධර්මයෙන් අනිවාර්යයෙන්ම දඬුවම් ලැබෙනවා.
අභය Thursday, 31 August 2017 02:41 PM
වෙඩි තියන්න කියලා මෙයට අණ දීපු කෙනා ඊළඟ සැරේ ජනාධිපතිවරණෙටත් ඉල්ලන්න ලෑස්තියි.