ගුවන් විදුලි මාධ්‍ය ඔස්සේ අඩසිය වසකට ආසන්න කාලයක් ශ‍්‍රී ලාංකිකයන්ට විනෝදාස්වාදය ලබාදුන් බර්ටි ගුණතිලක රංගවේදියාගේ අසුනවවන උපන්දින සැමරුම පසුගියදා ගොඩකවෙල කොස්නාතොටදී පැවැත්විණි.
ගොඩකවෙල ඇමටියගොඩ සිය දියණියකගේ නිවසේ සැදැ සමය ගෙවන බර්ටි ගුණතිලක මහතාගේ ජිවන තොරතුරු ඇතුළත් මේ ‘‘සදාදරණිය බර්ටි’’ පොත කිංස්ලි විජේසුන්දර මහතා ගේ සංස්කරණයෙන් මෙදින එළි දැක්විණි.
‘‘සදාදරණිය බර්ටි’’ පොත බර්ටි ගුණතිලක මහතාට පිරිනැමීය.
ඇනස්ලි ඩයස් , සැමුවෙල් රුද්‍රීගු හා මර්සි එදිරිසිංහ සමග බර්ටි විනෝද සමයට එක් විය.ඇනස්ලි ඩයස් හා සැමුවෙල් රුද්රිගු අභාවප්‍රාප්ත වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයු බෝ වේවා! (නි)
ඔබතුමා,සැමුවෙල් සහ ඇනස්ලි මහත්වරුන් සමග හුදී මහජනයාට කල සුවිශාල සේවය සදාකාලිකයි. යලි ඔබලා වැන්නවුන් බිහි නොවනු ඇත.ඔබට දීඝායු.. (දී)
සුභ පැතුම් (දී)
සුබ උපන්දිනයක් වේවා ,මම පතමි, (දී)
ශ්රී ලංකා ආදර ප්‍රේක්ෂකයෝ හැමදා සිනහ සයුරේ ගැලවූ ඔබට අපි සදා ණයගැතියි ගුරුතුමාණනි.නරක විහිලු වලින් මිදී සත්‍ය සිනහව හාස්‍යය මිනිසුන් අතරට ගෙන ඒමට ඔබ ගත් පරිශ්‍රමය අති උදාරයි .ඔබතුමාට සුබම සුබ උපන් දිනයක් වේවා .තවත් දිගු කාලයක් අප අතර ඉන්නට වාසනාව ලැබේවා(දී)
දේශපාලනය නම් එපා
ඔබලා කොයිතරම් නම් මිනිසුන් සිනහ ගැන්වුවාද බර්ටි මහත්මයා? ආවඩාන් ආයුබෝ වේවා මැතිදුනේ !!! (නි)
අරයා ආවේ නැද්ද සුබ පතන්න? (නි)
මේ ප්‍රවීන කලාකරුවා වෙනුවෙන් කලා සංසදය මොනවද කරලා තියෙන්නේ? මේ සොදුරු මිනිසා රටට සම්පතක් (නි)
පූජාච පූජනීයානං... ඔබට දිගාසිරි වේවා! (නි)
සුබ උපන් දිනයක් වේවා! තවත් දිගු කලක් නීරෝගී සුවයෙන් සිටීමට වාසනාව ලැබේවා! අපි ඔබට ගොඩක් ආදරෙයි. (නි)
ඔබ යුග පුරුෂයෙකි.සුභ පතමි. (නි)
අපේ පිනට පහළ වූ කලාකරුවාණෙනි, ඔබට සුභ උපන් දිනක් වේවා! (නි)
බොදවූ දෙනෙතින් ඔබේ රුව දැකුමට මා පිංකර කර ඇත සසරේ .ඔබ වෙනුවෙන් මා හදතුල පිපෙනා බැති මල් ඔබේ ගෙල පලදා. සැමදා නමදිමි බැතියෙන් දෙවියන් පතමින් ඔබහට දිගාසිරි .ඔබගේ පුත් භාරත ගුණතිලක මාගේ පාසල් මිතුරෙකු වීම මට ආඩම්බරයකි .
බර්ටි මහත්මයා, සියක් ආයු ලැබ, මගේත් ආයු ගෙන, මටත් වඩා කල් ඔබ ජීවත් වේවා. මර්සි එදිරිසිංහ මැතිනියටත් අපි ගොඩක් ආදරෙයි.චිරන් ජයතු. (ස)
ඔබට දීර්ගායුෂ පතමි.. (ස)
විහිලුව අර්ථවත් කල බර්ටි මහතාට දිඝාසිරි පතමු! (ස)
ඔබ තුමාට දීර්ගායුෂ. අප අදටත් ඔබතුමන්ලා කල විහිළු මතක් කරමින් වනෝද වන්නෙමු. ඇත්තෙන්ම ප්‍රවීනම කලාකරුවන්. (ස)
ගරු ජනාධිපති තුමනි ඔබ තුමාට නිවාඩු වෙලාවක මේ උත්තමයාගේ සුවදුක් බලන්න යන්න.. ඔබතුමාත් ජීවිතයේ එක දවසක් හරි මෙතුමා නිසා හිනාවෙලා ඇති ...අනෙක එතුමාට හිතට ලොකු සතුටක් දැනේවි ..අපිට අමතක කරන්න බැරි කලාකරුවෙක් ...ලංකාවට සම්පතක් ...මේ වගේ අය අද හුගක් අඩුයි. (ස)
ඔබ තුමා ගැන අපිට මතක රේඩියෝ "විනෝද සමය" කාලේ ඉඳලා. ඔබ තුමාට තවත් කාලයක් ඉන්න ලැබේවා. රටේ මාධ්‍ය ආයතන විසින්වත් මෙතුමන්ලාට මුදල් සහයෝගයක් දෙන්න මම යෝජනා කරනවා. (ස)
බර්ටි ඇනස්ලි සැමුවෙල් තුන්කට්ටුවේ අවසන් පුරුක ඔබට නිදුක් නිරෝගී සුවය හා සියක් ආයු ලබන්නට වාසනාව ලැබේවා. ! (ස)
ඔබ විශිෂ්ට පුද්ගලයෙක් ! (ස)
සුබ උපන් දිනයක් වේවා ! ආයුෂ බොහෝ වේවා ! (ස)
සිනහව ඉගැන්වූ ඔබට දිගු ආයුස පතමි..... (ස)
සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා.(ස)
නම කැත නකර නොගෙන හොදට හිටියම මිනිස්සු මොන තරම් කැමතිද? අන්න ඒකයි මනුස්සයෙක් වුණහම හොද අහන්න ඕනෑ. දැන් නැහැනේ මේ වගේ හොද කලාකාරයෝ. ඔබතුමාට බුදු සරණයි! (නි)
චිරන් ජයතු බර්ටි ඔබට! (නි)
අපට සිනා සෙන්නට උගැන්වූ ඔබට දීර්ගායු පතමි මුලු හදින්ම
ඔබතුමාලා තැනු මාවත දිගේ අද කි දෙනෙක් යනවද ? ඒ කවුරුවත් ඔබලාට කිට්ටු කරන්න වත් බැහැ. (දී)
චිරන් ජයතු බර්ටි ඔබට (දී)
මැතිදුණි..!!! ඔබට සුබම සුබ උපන් දිනයක් ''වේවා'' සියක් ආයු ලබා මගේත් ආයු ගෙන චිරාත් කාලයක් ඔබ ජිවත් ''වේවා' තිසරණ සරණයි ඔබට විනෝද කාමී රස සාගරයක් වූ ඔබට !!!!!මගේ ගව්රවාදරය පුදමි
හරිම සංවේදියි .., ඇත්තමයි මැතිතුමනි මගේ දෑස කදුලින් පිරුණා ඔබට දිර්ගායුෂ ''වේවා''
රතුපස්වලදී හමුදාව අපිට ගැහුවා, අපිට හමුදාව ගැහුවා
ඔබට දීර්ගායුෂ පතමි....
ඔබට දීර්ගායුෂ පතමි. (නි)
චිරන් ජයතු! (නි)
ඔබට සුබ උපන් දිනයක්...දිර්ඝායුෂ ලැබේවා....! තෙරුවන් සරණයි. (ස)
ඇනස්ලි ඩයස් , සැමුවෙල් රුද්‍රීගු හා මර්සි එදිරිසිංහ සමග බර්ටි, කලාතුරකින් බිහිවෙන විශිෂ්ට මිනිස්සු. ඔබට නිරෝගී සුව! චිරන් ජයතු බර්ටි මාමට (නි)
චිරන් ජයතු ! (නි)
ඔබට අපි ගෞරව කරනවා
සිනහව අතරින් කදුලක් උපන්නා. ඔබේ දිවි ගමනට දිර්ඝායුෂ ලැබේවා! (නි)
සියක් ආයු ලැබ, මගෙත් ආයුගෙන බොහෝ කල් ඔබ ජීවත් වේවායි පතමි. (නි)
කමල්ගේ අදහස නියමයි. රටම සිනා සාගරයේ ගිල්වූ කලාකරුවාණෙනි, ඔබට සුබ උපන් දිනයක්. (නි)
බර්ටි ගුණසේකරයාණෙනි, ඔබට චිරං ජයතු ! (නි)
බර්ටි ,ඇනස්ලි,සැමුවෙල් තුන්බෑ මිතුරන් ගුවන් විදුලියෙන්,ඉදිරිපත් කළ විනෝද සමය අපි රස වින්දේ කුඩා කල පාසල් යන සමයේ. ඉන්පසු සජීවී ලෙස වේදිකාවේත්,චිත්‍රපටි ,රූපවාහිනියෙත් වැඩ සටහන් නැරඹීමට අවස්ථාව ලැබුනා. දශක ගණනාවක් ශ්‍රී ලාංකික ජනතාව සිනහ සයුරේ ගිල් වූ ඔබ තුන් දෙනා සදා අමරණීයයි. 89 උපන්දිනය සමරණ බර්ටි අයියාට නිදුක් නිරෝගී දිගාසිරි පතමු !! (නි)
කෝ අපේ කලාකාරයෝ? මේ තරම් දක්ෂ කලාකාරයාගේ උපන්දිනේට සහබාගි වුණේ මර්සි වික්‍රම ජයලාල්... බොරු වැඩවලට නම් ඕනෑතරම් කට්ටිය. අපට නම් ඔබව වටිනවා (නි)
මගේ සුභ පැතුම් තවත් ගොඩක් කාලයක් හොඳින් ජීවත් වෙන්න. (නි)
ඔබට දීර්ඝායුෂ ලැබේවා! (නි)
කමල්, මොළයක් නැද්ද? මේ වහේ වටිනා මිනිසෙක් ගැන කියන ලිපියකට මෝඩ අදහස් දාන්නේ.... (නි)
ඔබතුමාට දීර්ඝා යුෂ පතමි. (ස)
ඔබතුමා මගේ ගුරුතුමා ඔබ සියක් ආයු ලබා මගෙත් ආයු ලබා තවත් බොහෝ කල් යෙහෙන් වැජඹේවා ! (ස)
මගෙත් ආයු ලබා මටත් වඩා කල් ඔබ ජීවත් වේවා (දී)