මගීන් 156 ක් සමග එංගලන්තයේ බ්‍රිස්ටල් නගරයේ සිට ස්පාඤ්ඤයේ බාසිලෝනා වෙත පියාසර කරමින් තිබූ ඊසි ජෙට් ගුවන් සේවයට අයත් ඒ 319 යානය අකුණු අනතුරකින් ස්පාඤ්ඤයේ රියුස් ගුවන්තොටුපොළට හදිසියේ ම ගොඩබැස්සවූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. එහි සිටි මගීන් බස් රථවලින් ගමනාන්තයට රැගෙන යාමට කටයුතු කැර ඇත. ගුවන් සේවය පවසන්නේ යානයට හෝ පුද්ගලයන්ට කිසිදු හානියක් නොවූ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද කාලයේ නවීන ගුවන් යානයකට අකුණු වැදීමේ ඉඩකඩ තිබුනත් යානයකට ඉන් අනතුරක් වෙන්න තියෙන ඉඩකඩ බොහොම අල්ප නේද? අවසාන වතාවට අකුණක් නිසා ගුවන් අනතුරක් ගැන අසන්න ලැබුනේ 1967 වසරේ අමෙරිකාවෙන් කියල මම හිතන්නේ. ඒ අකුණු සැර නිසා යානයේ ඉන්දන ටැංකියක් පුපුරා ගිහින් යානයට අනතුරක් සිදු උනා කියා අසා තිබෙනවා. මේ ගැන තියෙන විද්‍යාත්මක මතය ගැන කවුරු හරි දන්නා කෙනෙක් කියා දෙනවා නම් එක ලොකු උපකාරයක්. (නදී)
අකුණක් යනු විද්‍යුත් අධි ආරෝපිත (ඉලෙක්ට්‍රොනික් චාජ්) තත්වයකි. ගුවන් යානා බඳ ඊට ප්‍රති විරුද්ධව ආරෝපණය වී ඇති නිසා දෙක ඝට්ටනය වන විට ශුන්‍ය (නියුට්‍රල් චාජ්) වී කිසිවක් සිදු නොවේ. ඉහත සඳහන් 1967 ලොක්හීඩ් යානය අනතුරට පත් වුනේ පැට්‍රොල් ටැංකියේ (යානාවේ තටුවේ යට කොටස) තිබු ආරෝපණ ශුන්‍ය කිරීමේ යන්ත්‍රය ක්‍රියා නොවීම නිසා ය.(නදී)
නන්දන පනාගොඩ මිලානෝ නොදන්නා දේවල් ගැන බොරු නොකියා ඉන්නවද? (නදී)
නන්දන පනාගොඩ, ලංකාදීපයේ පුහු මත පළකිරීමෙන් වලකින්න. ලියන්න පෙර පොඩ්ඩක් සොයා බලන්න. අන්තර් ජාලයෙන් බොහෝ විස්තර සොයා ගත හැකිය (නදී)
අපේ දේශපාලකයෙකුවත් හිටියද දන්නේ නැහැ (නදී)
ඕකටත් රුසියාවේ සම්බන්දයක් තියෙනවා කියල ඇමරිකාවයි එංගලන්තයයි කියයිද දන්නේ නැහැ (නදී)
ඕකත් බොරුවක් වෙන්නැති. ලංකාව වගකියන්න ඕන කියයිද දන්නේ නැහැ (නදී)