IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


බ්‍රිතාන්‍ය වැසියාගේ බාහුවේ බුදුරුවක පච්චයක්

 බාහුවේ බුදු හිමියන්ගේ පච්චයක් කොටාගෙන  ලංඩන් සිට පැමිණි බ්‍රිරිතාන්‍ය ජාතිකයකු කටුනායකදී ආපසු හරවා යැවිණි.

ආගමන විගමන පාලක ජනරාල් චූලානන්ද පෙරේරා මහතාගේ උපදෙස් අනුව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආගමන විගමන නිලධරයෝ මේ පියවර ගත්හ.

මෙම සංචාරකයාගේ බාහුවේ තිබූ පච්චය පිළිබඳ ප‍්‍රධාන ආගමන විගමන නිලධාරී ජයන්ත රත්නායක මහතා  විසින් ඔහුගෙන්  විමසූ විට බුද්ධාගමට නිග‍්‍රහ වන ලෙස ඔහු කතා කර ඇත.

රටට ඇතුළු වූ පසුවද එවැනි කතා  මුවින් පිටවුවහොත් ඔහුට අනතුරක් විය හැකි බැවින්   චූලානන්ද පෙරේරා මහතාට මේ බව දැන්වීමට පියවර ගෙන ඇත.

ශ‍්‍රී ලංකාව තුළ සියළු ආගමික නායකයින්ට සමානව ගෞරව කරන බැවික්  බ‍්‍රිතාන්‍ය ජාතිකයාට රටට ඇතුළුවීම ප‍්‍රතික්ෂේප කොට ආපසු හරවා යැවූ  බව චූලානන්ද පෙරේරා මහතා කීය.

 



අදහස් (0)

බ්‍රිතාන්‍ය වැසියාගේ බාහුවේ බුදුරුවක පච්චයක්

අනුරාධ Saturday, 16 March 2013 05:53 PM

නිළධාරී මහත්වරුන්ට මාගේ ප්‍රණාමය! (නි)

:       0       0

සංගානන්ද Saturday, 16 March 2013 12:13 PM

චූලානන්ද මහතාට ජාතියේ ප්‍රණාමය.. (ස)

:       0       0

ලලිත්-දෝහා Saturday, 16 March 2013 05:56 PM

චතූ, ඒ හොංකොං. මේක ලංකාව. (නි)

:       0       0

සේන Saturday, 16 March 2013 06:05 PM

මම ඹබට ආචාර කරමි. මම කතෝලික වුවත් ඔබ කළ දෙය අගය කරමි. අපේ රටෙහි සංස්කෘතිය අගය කරමි. ආඩම්බරයි.(නදී)

:       0       0

නිශාන්ත Saturday, 16 March 2013 01:33 AM

මේක හොඳ වැඩක්. ලංකාව යනු බුදුන්වහන්සේ තුන් වරක් වැඩම කරපු රටක්.‍ ඒක අමතක කරන්න හොඳ නෑ අපි මොන ආගමේ සිටියත්‍. අපිත් හොඳ වැදගත් ඉතිහාසයක් තියෙන රටක් නිසා.. (ස)

:       0       0

නිශාන්ත Saturday, 16 March 2013 01:28 AM

මේක ඉතාම හොද වැඩක්. (නි)

:       0       0

ප්‍රසන්න Saturday, 16 March 2013 06:16 PM

මෙහි ඇතැම් අන්යාගමිකයන්ද සංඝයා වහන්සේලාට නිගා කිරීමේ අරමුණින් කොමෙන්ටු පළකරනා බැවින් ඔවුන්ගේ කොමෙන්ටු පල කිරීමේදී වඩා විමසිලිමත් වන මෙන් ඉල්ලා සිටිමි. උදා. පූජ්‍ය කේ හේමසිරි. මෙවැනි නම් සංඝයා වහන්සේලා භාවිතා නොකරයි.(නදී)

:       0       0

ශාලිකා Sunday, 17 March 2013 04:42 AM

අපිට බැරිද මේ වගේ දේවල් නොවෙන්න වග බලා ගන්න (දී)

:       0       0

වීරසේකරගේ Saturday, 16 March 2013 01:40 AM

එයා ඇත්තටම බෞද්ධ වීරෝධී වෙන්න ඇති. (නි)

:       0       0

ගාමිණී-කුවෙයිට් Saturday, 16 March 2013 01:50 AM

ආගමන විගමන පාලක ජනරාල් චූලානන්ද පෙරේරා මහතාට බොහෝම ස්තුතියි ගත් පියවර පිලිබදව.ඒ වගේම මෙවැනි අය අරාබි රටකට ඇවිත් ඔවුන්ගේ ආගමට නිග‍්‍රහ වන ලෙස හැසිරුනානම්...බලන්න තිබුණා..(නු)

:       0       0

සනත් Saturday, 16 March 2013 12:33 PM

මේ සුද්දට ආපහු යන්න වෙලා තියෙන්නෙ කට නිසා කියල දැක්කෙ නැද්ද?මෙහෙමෙ ආපු සුද්දියෙකුත් අහු උනා....ඒත් එයා ඒක පිලි ගත්තා. මේ සුද්දාගෙ අදහසත් බුදු දහමට අපහාස කිරීම නිසයි යන්න වෙලා තිබුණේ‍. මේක ලංකාවෙ ඉන්න කලු සුද්දන්ටත් පාඩමක්. (ස)

:       0       0

පෙරේරා Saturday, 16 March 2013 02:15 AM

ඉතාමත් ප්‍රශංශනීය ක්‍රියාවක් තමයි නිළධාරී මහතා කරලා තියෙන්නේ. (නි)

:       0       0

කපිල Saturday, 16 March 2013 02:24 AM

ඔහුව හිරේ නොදැම්මේ ඇයි? (නි)

:       0       0

ජීවන් Saturday, 16 March 2013 02:31 AM

මම අකමැති දෙයක් , ආසනැති දෙයක්, මගේ හිතට කිට්ටු නැති දෙයක් මම කවදාවත් පච්චයක් විදියට මගේ ඇ‍ගේ කොටාගනීද? කවදාවත් නැහැ නේද? (නි)

:       0       0

අමර Saturday, 16 March 2013 02:43 AM

දැන් මේ වගේ දෙයක් අරාබියෙ වුණා නම් අත කපලා තමා යවන්නේ. එහෙම නැත්තම් බෙල්ල කපලා. (නි)

:       0       0

ජිනදාස Saturday, 16 March 2013 03:02 AM

කළ කාර්යය විශිෂ්ටයි. (නි)

:       0       0

අනිල් Saturday, 16 March 2013 03:28 AM

හොද ආදර්ශයක්. රටට අවශ්‍ය මෙවැනි නිළධාරීන්. හරිම ආඩම්බරයි. (නි)

:       0       0

ගිම්හාන් Saturday, 16 March 2013 12:40 PM

ලංකාවේ තියෙන්නේ කවුරු හදපු නීතිද ? (ස)

:       0       0

නිමල් Saturday, 16 March 2013 03:38 AM

පච්ච යනු කලාත්මක අංගයකි. ඉන් දහමකට නිගා කළ නොහැක. (නි)

:       0       0

නිමල් Saturday, 16 March 2013 04:13 AM

දක්ෂ නිළධාරියෙක්. (නි)

:       0       0

ප්‍රේමලාල් Saturday, 16 March 2013 04:14 AM

මෙම ක්‍රියාව කළ එඩිතර නිළධාරීන්ට අපගේ ගෞරවය! (නි)

:       0       0

චන්දන Sunday, 17 March 2013 07:07 AM

ඒ පච්චය වහාම ඉවත් කරවන්න (දී)

:       0       0

ජෝයි Saturday, 16 March 2013 04:21 AM

චූලානන්ද මහතානෙනි, මගේ හදබැති ප්‍රණාමය ඔබට! ඔබ වැනි නිළධාරින් තමා රටට අවශ්‍ය. මම ක්‍රිස්තු භක්තිකයෙක් වුණත් මට ඔබ ගැන ආඩම්බරයි. (නි)

:       0       0

සමන් Saturday, 16 March 2013 04:28 AM

කොහොමද ඒක බුදුරුවක පචචයක් කියලා ඔප්පු කළේ? (නි)

:       0       0

අශාන්ති Saturday, 16 March 2013 12:53 PM

බුදු දහමට නිගා කරන්න එපා මනුස්සයෝ (දී)

:       0       0

සමන්තා Saturday, 16 March 2013 04:47 AM

ඔබතුමා ගත් තීරණය හරි.අපෙන් තුති. (නි)

:       0       0

ලුම්බිණි Saturday, 16 March 2013 05:18 AM

මට නම් හිතා ගන්න බැහැ බුදු රුවක පච්චයක් මිනිහෙකුගේ අතේ තිබුණා කියලා ඒක බුදු දහමට නිග‍්‍රහ වෙන්නේ කොහොමද කියලා. සමහරු තමන්ගේ අම්මගේ රුපයක් පච්ච කොටගෙන ඉන්නවා. ඒක අම්මට නිගරුවක්ද? (නි)

:       0       0

කමල් Saturday, 16 March 2013 01:04 PM

ලුමිණි, ඔයාගේ ආගමේ නායකයාගේ පච්චයක් කොටාගෙන හිටියොත් ඔබට රිදෙන්නේ නැද්ද? (අ)

:       0       0

සෑම් Saturday, 16 March 2013 05:29 AM

හොද වැඩේ පිටමං කළ එක නම්. (නි)

:       0       0

සෑම් Saturday, 16 March 2013 05:39 AM

හිතන්න ඇති එන්ගලන්තයේ නිසා අපි බයවෙයි කියලා. (නි)

:       0       0

රංග Saturday, 16 March 2013 06:27 AM

කොල්ලෝ ටිකක් දම්මලා මතක හිටින පාඩමක් උගන්වන්නයි තිබුණේ. (නි)

:       0       0

තුසිත Saturday, 16 March 2013 06:54 AM

පෙරේරා මහත්තයාට ස්තූතියි. ලුම්බිණි ගැන නම් කතා කරලා වැඩක් නැහැ. (නි)

:       0       0

සුසන්ත Saturday, 16 March 2013 07:00 AM

බොදු බල සේනාවට අහවුණා නම්?? (නි)

:       0       0

සෙනරත් Saturday, 16 March 2013 07:01 AM

සමන්, බුදු රුව හදුනන්නෙ නැති ලාංකිකයෙක් ඉන්න පුලුවන්ද? (නි)

:       0       0

කුමාර Saturday, 16 March 2013 07:50 PM

හිතා ගන්න බැරි විදිහේ දඩයක් ගහන්න , ගෙවා ගන්න බැරි උනාම හිරේ දාන්න (දී)

:       0       0

සෑම් Saturday, 16 March 2013 07:03 AM

අති විශිෂ්ටයි චූලානන්ද මහත්මයාණනි. මෙය ඉතාමත් ආදර්ශමත් ක්‍රියාවක් අනිත් ලාංකිකයන්ටත්. ඩොලර් හෝ පවුම් හෝ විදේශීය විණිමය යන වචන වලට වහල් වන අයට හොඳ කනේ පාරක්. අපට කොච්චර ධනය, වස්තුව ලැබුනත් වැඩක් නැත. අප යනකොට රැගෙන යන්නේ තමන් කළ යහපත් දේවල් වල ආනිසංසය... (නි)

:       0       0

සෑම් Saturday, 16 March 2013 07:08 AM

ලුම්බිණි, පච්ච ඇගේ කොටා ගත්තු අයට චරිත සහතික දෙන්න ඔයාටවත්, ඔයාගේ අල්ලාටවත් බැහැ. (නි)

:       0       0

සිරිමතී Saturday, 16 March 2013 07:14 AM

සමහර රටවල නම් ආගමන  විමන  වෙබ්  අඩවියේ  මෙන්ම  විසා  ඉල්ලුම් කිරීමේදී  ඒ  රටේදී  කළ හැකි නොකළ  හැකි දේ ගැන  දැනුවත්  කරනවා. එහෙම  මුලින් දැනුවත් කිරීමක් කළ යුතුයි. එතකොට ඒ  රටට  ඇතුළත් වන  අය  එහිදී  හැසිරෙන  විදිහ  සුදුසු  නුසුදුසු දේ  දැනගෙන  එන්නේ. මොකද  මිනිසුන්  හැමෝම  එක  විදිහට  හිතන්නේ  නැහැනේ. එයාලා  වරදක්  නොවේ  කියලා  හිතලා කරන දේ, අපේ  රටේ  හැටියට  වරදක්  වෙන්න  පුළුවන්නේ. (නි)

:       0       0

සනත් Saturday, 16 March 2013 01:49 PM

පච්චය මැකෙන්න මුළු අතේම කළු කොටුවක් අදින්න ඕනේ (දී)

:       0       0

තුෂාන් Saturday, 16 March 2013 07:29 AM

මමත් ලුම්බිණිගේ අදහසට එකගයි. (නි)

:       0       0

රනිල් Saturday, 16 March 2013 07:36 AM

ෂරියා නීතිය තමා දෙන්න ඕනෑ. (නි)

:       0       0

මරික්කාර් Sunday, 17 March 2013 08:43 AM

හොද වැඩක්. හැබැයි මෙම ප්‍රතිපත්තිය සෑම ආගම් වලටම ‍පොදුවිය යුතුයි. (නි)

:       0       0

උසීර් Saturday, 16 March 2013 07:55 AM

අනේ! එයා තලෙයිබාන් කෙනෙක්ද දන්නෙ නැහැ. (නි)

:       0       0

පාරා Saturday, 16 March 2013 08:28 PM

එතුමා ගත් තීරණය ගොඩක් හොදයි.(නදී)

:       0       0

සංගි Saturday, 16 March 2013 07:59 AM

මේක නම් එච්චර නුවණක්කාර වැඩක් නෙමෙයි. (නි)

:       0       0

අමිල කටුනායක Saturday, 16 March 2013 08:05 AM

ඔවුන් ඒ දේවල් කරන්නේ ඒ ශාස්තෘවරුන්ට ඇති ගෞරවය නිසයි. (නි)

:       0       0

ලාල් Sunday, 17 March 2013 08:56 AM

ශ‍්‍රී ලංකාවේ දේශපාලනයට සුදුසු වන්නේ චූලානන්ද මහත්මයා වැනි අභිමානවත්,එඩිතර අයයි. කොන්ද පණ ඇති නිළධාරීන් අප රටේ සිටීම ගැන ඇත්තටම සතුටුයි. චූලානන්ද මහතා ඇතුළු නිළධාරී මහත්වරුන්ට මාගේ ප්‍රණාමය. (නි)

:       0       0

රොෂාන් Saturday, 16 March 2013 08:11 AM

ආදර්ශවත් නිළධාරියෙක්. (නි)

:       0       0

සබීත Saturday, 16 March 2013 08:21 AM

මේ පුවතට මොනව කියන්නද කියල දෙයියො තාමා දන්නෙ. මොනව උනත් අන්තිමෙ ලෝකෙට ප්‍රචාරෙ යන්නෙ අතේ පච්චයක් කොටාගෙන හිටිය කියල මිනිහෙක්ව රටින් පිටුවහල් කරපු මහ පසුගාමි රටක් විදිහට තාමා. ඔච්චර තදින් නීතිය ක්‍රියාත්මක වෙන රටක් නම් ඉතිං ගහල පන්නන ඕන අය කීදෙනෙක් නම ඉන්නවද. විහිළුවක් තමයි . (ස)

:       0       0

නිහාල් Saturday, 16 March 2013 08:37 PM

මේවා බුදු දහමට නිගා වෙන වැඩ (දී)

:       0       0

අමරවීර Saturday, 16 March 2013 08:40 AM

කරපු වැඩේ හරියටම හරි. (නි)

:       0       0

තිලාන් Saturday, 16 March 2013 08:53 AM

චූලානන්ද මහත්මයා... අපි ඔබ ගත් තීරණයට ආචාර කරනවා... ! (ස)

:       0       0

ලසන්ත Saturday, 16 March 2013 08:50 AM

සෝම හිමිගේ කතාවට මම 100%ක්ම එකගයි. (නි)

:       0       0

විජේ Saturday, 16 March 2013 09:04 AM

ලොකු විනාශයකින් රට ජාතිය බේරගෙන. මේක අහල කුඩු ගේන ලොකු ලොක්කෝ, මුදලාලිලත් සෑහෙන්න බය බිරාන්ත වෙලාලු (ස)

:       0       0

ජනිත Saturday, 16 March 2013 09:09 AM

රකිතවත් අන්න ඒ විදියටම රටින් පිටුවහල් කරන්න වටින කෙනෙක්. (නි)

:       0       0

අන්තෝනි Saturday, 16 March 2013 09:16 AM

පච්චයකින් මිනිහෙක් මනින එක නම් වැරදියි. (නි)

:       0       0

සෙනෙවිරත්න Saturday, 16 March 2013 02:53 PM

චූලානන්ද මහත්මයාටත් ලංකාදීපයටත් බොහොමත්ම ස්තූතියි. බොහොම එඩිතර වැඩක් (ස)

:       0       0

හේරත් Saturday, 16 March 2013 08:57 PM

මෙන්න චූලා කන්ඩායමට අපේ ආචාරය. කොන්ද කෙලින්. තිතට වැඩ. ආඩම්බරයි! අභිමානයි.(නදී)

:       0       0

වීරසිංහ Saturday, 16 March 2013 09:23 AM

සුද්දා මේ වගේ වැඩ පටන්ගනිද්දී ලුම්බිණිලා වගේ අය තමයි ඒවා අනුගමනය කරන්නේ. (නි)

:       0       0

සමන් Saturday, 16 March 2013 09:29 AM

බුද්ධාගමට විනකරන්න බලාගෙන ඉන්න දේශපාලකයොත් අපි අතරම ඉන්නවා. (නි)

:       0       0

අනුර Saturday, 16 March 2013 09:34 AM

ඇත්ත හොඳ තීරණයක් , (ස)

:       0       0

චතු Saturday, 16 March 2013 03:35 PM

මේ බ්‍රිතාන්‍ය ජාතිකයා කල වැරැද්ද මොනවද ? හොන්කොන් වල ඉන්න හැමෝම වගේ බුදු රුව පච්ච කොටලය් තියෙන්නේ. (අ)

:       0       0

බණ්ඩාර Saturday, 16 March 2013 11:02 PM

බුදු දහමට නිගාව දැන්නම් අඩුයි (දී)

:       0       0

පූජ්‍ය කේ හේමසිරි Saturday, 16 March 2013 03:40 PM

කටුනායකින් ගියාට මත්තලින් එයිද දන්නේ නෑ (අ)

:       0       0

ලලිත් Saturday, 16 March 2013 10:01 AM

මෙවැනි නිළධාරීන්ට මහජන උත්තමාචාරය! (නි)

:       0       0

ජයන්ත Saturday, 16 March 2013 11:41 PM

නැවත පච්ච ගහන්න බැරි වෙන්න මොකාක් හරි දඩුවමක් දෙන්න (දී)

:       0       0

සුනිල් Saturday, 16 March 2013 10:10 AM

මෙයාව එලවල තියෙන්නේ පච්චේ නිසා නොවේ. ඔහුගෙන් ඒ ගැන අසු විට පිටවූ වදන් නිසාවෙනි. ඒ වගේ දෙයක් රට ඇතුලේ කිව්වා නම් ඔහුට පහර වදින්න තිබුණා. සමහර විට මැරෙන්න තිබුනා. එහෙම වුණා නම් මොකද වෙන්නේ ? බුදු රුවේ පච්ච කොට ගත් තායි, බුරුම හමුදුරුවරු , ගිහියෝ ඕන තරම් ඉන්නවා. (ස)

:       0       0

අනුර Saturday, 16 March 2013 11:50 PM

අපේ ආචාරය සර්! (නි)

:       0       0

වෝල්ටර් Saturday, 16 March 2013 10:19 AM

මමත් දැකලා තියෙනවා විවිධ ආගමික නායකයින්ගේ පච්ච කෙටූ පුද්ගලයින්. ඔවුන් එහෙම කරන්නේ අගෞරවයකට නෙමෙයි. (නි)

:       0       0

ජයසිංහ Sunday, 17 March 2013 12:03 AM

චූඩාමාණ්‍ය ගළවපු අයත් නිදැල්ලේ සිටියදී මෙහෙම දේවල් විතරක් කරලා මදි. (නි)

:       0       0

හේරත් Saturday, 16 March 2013 10:27 AM

නියමයි. සුද්දට වුණත් ඕනෑවට වැඩිය යාප්පු වෙන්න හොද නැහැ. (නි)

:       0       0

හිල්මි Sunday, 17 March 2013 12:34 AM

මේක ලොකු වරදක්ද? (නි)

:       0       0

බීනු Friday, 15 March 2013 11:02 PM

චූලානන්ද මහතාට ජාතියේ ප්‍රණාමය! (නි)

:       0       0

හර්ශ Friday, 15 March 2013 11:03 PM

දැන්වත් මේ රටේ මිනිස්සු තමුන්ගේ ආගමට ආදරේ කරන එක ගැන සතුටු වෙනවා (නි)

:       0       0

කෙවින් Friday, 15 March 2013 11:04 PM

ඔබට මල් මිටක්! (නි)

:       0       0

කොස්වත්ත Saturday, 16 March 2013 10:52 AM

මට නම් සුද්දා ගැන දුකයි. (නි)

:       0       0

කරුණා Friday, 15 March 2013 11:09 PM

අදාළ නිළධාරී මහතා ගැන ඉතාම සතුටුයි. (නි)

:       0       0

නිමල් Saturday, 16 March 2013 10:52 AM

බොදු අයිතිය රැකගැනීම සදහා මීට වැඩි පියවරක් වුණත් ගැනීමට අපි පසුුබට නොවිය යුතුයි. (නි)

:       0       0

අමිත Friday, 15 March 2013 11:11 PM

හරවලා යවපු එක හොඳයි (ස)

:       0       0

ලාල් Saturday, 16 March 2013 04:56 PM

මේ මොන අපාරධයක්ද (දී)

:       0       0

හිල්මි Sunday, 17 March 2013 12:39 AM

ජර්මනියේ ඉන්න ගැහැණු ළමයිනුත් මේ වැඩේ කරනවා. හැබැයි එයාලගේ එම පච්ච කොටපු ස්ථාන පරීක්ෂාව නම් ටිකක් අමාරුයි. (නි)

:       0       0

තිලක් Saturday, 16 March 2013 04:56 PM

බුදු දහමට කල නිගාවක් (දී)

:       0       0

රත්නපාල Friday, 15 March 2013 11:31 PM

ලංකාව සෞදි අරාබියට තව ටිකදුරයි. (ස)

:       0       0

රණවීර Friday, 15 March 2013 11:35 PM

ඉතාම හොද පියවරක්. (නි)

:       0       0

ධම්මික Friday, 15 March 2013 11:36 PM

නියම වැඩක් කොන්ද කෙලින් තියෙන නිලධාරීන් .රටක් උනහම ඒවගේ ඒවගේ තමයි තමුන්ගේ තත්වය තියාගන්න ඕන (නු)

:       0       0

චන්ද්‍රා යූඑස්.ඒ. Friday, 15 March 2013 11:39 PM

නිවැරදි තීරණයක් ස්තුතියි..!(නු)

:       0       0

නීල් Saturday, 16 March 2013 05:06 PM

මොනවාද මේ වැඩ (දී)

:       0       0

මහේෂ් Friday, 15 March 2013 11:41 PM

එඩිතර තීරණයක්. (නි)

:       0       0

මලිත් Saturday, 16 March 2013 05:07 PM

කොහෙදිද කොටලා තියෙන්නේ (දී)

:       0       0

සදරුවන් Friday, 15 March 2013 11:41 PM

සංචාරකයොයි කියලා අපි අපේ ආගම, ජාතිය විකුණන්න අවශ්‍ය නැහැ. (නි)

:       0       0

රත්න Saturday, 16 March 2013 05:14 PM

ආගම් වලට නිගා කරන එක නවත්වන්න (දී)

:       0       0

චමිලා Saturday, 16 March 2013 05:10 PM

මට තියෙන කේන්තියක් (දී)

:       0       0

ලසන්ත Saturday, 16 March 2013 05:12 PM

නීතියක් ගෙන්න ඕනේ ආගම් වලට නිගා කරන අය ජීවිතාන්තය දක්වා සිරගෙට යවන (දී)

:       0       0

ජයතිස්ස Saturday, 16 March 2013 12:01 AM

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සියල්ලන්ටම අපගේ ප්‍රණාමය! (නි)

:       0       0

ශිලා Saturday, 16 March 2013 05:19 PM

මෙන්න මේවට නිතිය ක්‍රියාත්මක කරන්න ඕනේ අකුරටම (දී)

:       0       0

චන්ද්‍රා-සිඩ්නි Sunday, 17 March 2013 01:48 AM

සුද්දට යන්න වුණේ පච්චය නිසාද? කට නිසාද? (නි)

:       0       0

හිල්ම් Saturday, 16 March 2013 05:20 PM

මකන්න බැරිද (දී)

:       0       0

සෝම හිමි Saturday, 16 March 2013 12:16 AM

අර්ථය නොදත් නාමිකව බෞද්ධයන් කියාගන්නා වු පිරිස දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලට පටහැනි වු සහ අසම සමකල නොහැකි ශාරීරීක ලක්ෂණ විනාශ කරමින් නිර්මාණය වී ඇති බුදුරුව යයි සලකන්නා රූපයන් නිර්මාණ වීමේ ප්‍රථිපලයක් වශයෙන් විදේශිකයන් පවා ශරීරයට සලකුණු නොහොත් පච්ච ලකුණු යොදාගැනීමට මන්පැහැදු අය වෙන කවුරුවත් නොව බෞද්ධ යැයි කියාගන්නා පිරිසගේ නිර්මාණ ඔවුන්ටම පාරාවලල්ලක් ලෙස දැකීමට සිදුවී ඇත.දැන්වත් සත්‍යය වටහාගෙන ක්‍රියා කරන්නේ නම් මැනවි. (නි)

:       0       0

සෝමහිමි Saturday, 16 March 2013 12:21 AM

තථාගත වහන්ෙස්ට දෙතිස්මහ පුරැෂලක්ෂණ ඇතිබව පත පොතේ සදහන්ව තිබුබව අප දනිමු.ඒයට අපි ගෞරව කරන්නෙමු..ඒ ගෞරවය රදා පවතින්නේ එතුමාගේ දේශිත දේශනා අප ජීවිතයට උකහාගත්තොත් පමණකි.. මන්ද ආනන්ද තෙරුණුවන් වහන්සේ තතාගතයන් වහන්සේ පිරිණිවන් පෑමට ප්‍රථමයෙන් මෙසේ ප්‍රශ්ණ කරන ලදී.. තතාගතයන් වහන්ස ඔබ අපෙන් සමුගත් පසු අප කුමක් කරන්නේදැයි කියමින් ශෝක බරව හැඩු සේක.. එවිට තථාගතයන් වහන්සේ දුන් පිළිතුර වූයේ මාගේ ධර්මය ඔබගේ ඇදුරැතුමෙක් කරගන්න.. මේ වදන් පෙළ තුල ගැබ්වී ඇති අර්ථය නොදත් නාමික බෞද්ධයන් නිසා දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට පටහැනිවූ අසම ශාරීරික ලක්ෂණ විනාශ කරමින් නිර්මාණය වී ඇති බුදුරුව යැයි කියාගන්නා රෑපයක් නිසා නිර්මාණ්‍ය වීමේ ප්‍රතිඵලයක් වශයෙන් විදේශිකයන් පවා ශරීරයට සළකුණු නොහොත් පච්ච යොදා ගැනීමට මන්පැහැදූ අය වෙන කවුරුත්ම නොව බෞද්ධ යැයි කියාගන්නා පිරිසගේම නිර්මාණය ඔවුන්ටම පාරා වලල්ලක් ලෙස දැකීමට සිදුවී ඇත. දැන්වත් සත්‍යය වටහා ගෙන ක්‍රියා කරන්නේ නම් මැනවි..!(නු)

:       0       0

මාලා Saturday, 16 March 2013 05:20 PM

හිතේ ඇති හරි ලොකු දෙයක් කියලා (දී)

:       0       0

ජයන්ත Saturday, 16 March 2013 05:21 PM

මමනම් කියන්නේ කුඩු කරන්න (දී)

:       0       0

සුරංග Saturday, 16 March 2013 12:32 AM

සල්ලි වලට වැඩියෙන් වටින්නේ ආත්ම ගෞරවයයි. (නි)

:       0       0

ප්‍රසන්න රත්නායක Saturday, 16 March 2013 12:33 AM

චූලානන්ද මහතාට උපහාරයයි(නු)

:       0       0

සෙනරත් Saturday, 16 March 2013 11:36 AM

බුදු දහමට කල නිගාවක් (දී)

:       0       0

රොහාන් රණතුංග Saturday, 16 March 2013 12:34 AM

ආපහු යවලා තියෙන්නේ බුදුදහමට අගෞරව වෙයි කියන එකට වඩා අපි මෙයාට අල්ලං ගහයි කියලා.. (නු)

:       0       0

වේහැල්ලගේ ප්‍රසන්න Sunday, 17 March 2013 02:29 AM

යුරෝපා ජාතීන් සම්පූර්ණ නිදහසේ ජීවත් වන කොටසක්. අපට වුනත් තේරෙනවා නිදහස මොකක් ද කියලා. (ස)

:       0       0

දමිත Saturday, 16 March 2013 12:39 AM

මේ වගේ තමයි ඉන්න ඕන එන්න දෙන්න එපා.!(නු)

:       0       0

දම්මි Saturday, 16 March 2013 11:45 AM

නිතිය තමයි තියෙන්නේ මේවට ක්‍රියාත්මක කරන්න ඕනේ (දී)

:       0       0

සංක Saturday, 16 March 2013 12:34 AM

එන්න දෙන්න එපා අපේ රටට..!(නු)

:       0       0

චින්තක Saturday, 16 March 2013 05:20 PM

ලෝකෙන් පච්ච නැති කරන්න ඕනේ (දී)

:       0       0

ඉෂාන් Saturday, 16 March 2013 11:48 AM

බොහොම හොඳයි (ස)

:       0       0

සුදේශ් Saturday, 16 March 2013 11:49 AM

දෙයියෝ සක්කි, මොන අපාරධයක්ද ඒ (දී)

:       0       0

නිශාන්ත Saturday, 16 March 2013 12:49 AM

කොන්ද පණ ඇති නිළධාරීන් අප රටේ සිටීම ගැන ඇත්තටම සතුටුයි. (නි)

:       0       0

කුමාර Monday, 18 March 2013 08:46 PM

සෝම හිමි නමින් ලියන අයගේ ප්‍රකාශයේ බුදුරජාණන් වහන්සේට එතුමා යනුවෙන් සඳහන් කර ඇත. මෙයින් තේරෙන්නේ මොහු බෞද්ධයෙක් නොවන බවයි . (නි)

:       0       0

උදය Saturday, 16 March 2013 12:49 AM

එන්ගලන්තයේ තියෙන්නේ එයාලම හදාගත්ත නීති. (නි)

:       0       0

කසුන් ගිහාන්ත Saturday, 16 March 2013 12:51 AM

අගය කළයුතු තීරණයක්. (නි)

:       0       0

සරත් Saturday, 16 March 2013 11:52 AM

අපිට ලොකු ශක්තියක්, සිංහල බෞද්ධයන්ට ඇත්තෙන්ම සතුටක් (ස)

:       0       0

විමල් Saturday, 16 March 2013 05:38 PM

මේවාට නීතියෙන් වැඩ කටයුතු කරන්න ඕනේ (දී)

:       0       0

රන්දික Saturday, 16 March 2013 12:54 AM

මේක අනෙක් සංචාරකයින්ටත් හොද පාඩමක්. (නි)

:       0       0

රණවීර Saturday, 16 March 2013 12:05 PM

අන්තෝනි මොකද්ද ඔයාගේ කතාව (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇසිඩ් පහරින් තුනක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 03 35 0

බණ්ඩාරගම ගුංගමුව අළු පැත්ත විල ප්‍රදේශයේ දෙපිරිසක් අතර සිදුවූ බහින්බස්වීමකින් අනතුරුව එල්ල වූ ඇසිඩ් ප්‍රහාරයකින් තිදෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත


මෛත්‍රීගේ පුතත් දිලිත්ට හේත්තු වෙයි
2024 ඔක්තෝබර් මස 03 293 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ කෑගලු දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මිය සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පු


පාසල් සිසුවාගේ ඝාතනයට විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 383 0

තම මිතුරාගේ පෙම්වතිය බැලීම සඳහා යන අවස්ථාවේදී පිරිසක් විසින් පාසල් සිසුවෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය දක්වමින් නාලන්දවත්ත ප


රනිල්ගේ පොදු සන්ධානය සිලින්ඩරයෙන්ම එයි
2024 ඔක්තෝබර් මස 03 889 3

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පොදු සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණෙන් මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට තීරණය කර තිබේ.


මහඇල ව්‍යාපෘති සේවකයෝ විරෝධතාවක
2024 ඔක්තෝබර් මස 03 301 0

උතුරුමැද පළාත් මහ ඇල වාරි ව්‍යාපෘතියේ සේවකයින් සිය ශ්‍රමයට සරිලන වැටුපක් ලබා දී සේවක ගැටළු ඉදිරිපත් කළ හැකි වගකිවයුතු නිලධාරීන් පිරිසක් යොමු කරන ලෙස


පුංචි ඡන්දය ළඟ එයි
2024 ඔක්තෝබර් මස 03 580 1

පාර්ලිමේන්තු මැතිවරණය අවසන්වූ වහා හැකි ඉක්මනින්ම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38743 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25454 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 983 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 347 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site