ඉන්දියාව , පකිස්ථානය , බංගලිදේශය, ශ්‍රී ලංකාව ,නයිජීරියාව හා ඝානාවෙන් මහා බ්‍රිතාන්‍යයට ඇතුළු වීම සදහා ලබන නොවැම්බරයේ සිට අය කිරීමට යන පවුම් තුන්දහසේ
( රුපියල් 603000) තැන්පතුවට එරෙහිව නීතීමය අභියෝග එල්ලවනු ඇතැයි ලන්ඩනයේ ඩේලිමේල් පුවත්පත කියයි.
රටවල් කිහිපයකට වෙනස්කම් දැක්වීම මත එම රටවල් නීතීමය ක්‍රියාමාර්ග ගැනීමට ඉඩ ඇතැයි එම පුවත් පත පවසයි. ලන්ඩනයේ සන්ඩේ ටයිම්ස් පුවත්පත පවසනුයේ මෙතෙක් අනුමැතිය නොලද මෙම නියමු ව්‍යාපෘතියේ අරමුණ ලන්ඩන් ආගමන නීතී අනිසි ලෙස පාවිච්චි කිරීම වැලැක්වීම බවයි.
හය මාසයේ වීසා බලපත අවසන් වීමට පෙර තම රටට ගෙන්වන අයගේ තැන්පතුව අහිමි වනු ඇත. ඉන්දියා වැනි රටවල් එකට එක කරමින් බ්‍රිතාන්‍යයයෙන් ඉන්දියාවට එන අයගෙන්ද එවැනි තැන්පතුවක් ගනු ඇතැයි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද මගේ නමින් අදහස් දාන්නේ? පිස්සෙක්ද? දම්මික දන්නා දෙයක් ලියන්න කටුනායක ගුවන් තොටුපල ඉන්දියාව වගේද ? අපි නිවාඩුවකට ලංකාවට එනකොට මාසයකට විසා දුන්න මටත් දුවටත් ඩොලර් 35 වගේ ගානක් තමා ගත්තේ. හරිම හොද කාරුණික අවංක සේවාවක් කටුනායක ගුවන් තොටුපළෙන් අපිටනම් ඉටුඋනා. උඩ බලගෙන කෙල ගහන්න එපා.(නදී)
රංජනීලට ඔහොම්මම ඉන්න වෙයි වගේ (නි)
අපේ ආණ්ඩුවට පුළුවන්නේ ලංකාවට එන සංචරකින් 3000 ක් ඇප තියන්ඩ කියන්ඩ. ඔන්න විමල් මහත්තයෝ කරනවා නම් වැඩක්.(අ)
දම්මික, මෙහෙ නිකන් එන්න බැහැ. සංචාරකයොත් $ 20-25 ක් ගෙවන්න ඕනෑ රටට ඇතුල් වෙන්න. (නි)
මෝඩ අදහස් කියන්න එපා ධම්මික. අපේ රට දුප්පත් රටක්. ඒ දුප්පත්කමින් ගොඩ එන මාර්ගයක් තමා විදේශ විනිමය. ඒ වගේම තමා සුද්දෝ අපේ රටට එනකොට හෝටල් හොඳට දුවනවා. එතකොට මිනිසුන්ට රස්සාවල් වැඩි වෙනවා. රටට ආදායම් වැඩි වෙනවා. බලනවා ටිකක් ඇහැ කන ඇරලා බාලි, මාලදිවයින, කෑන්කුන්, කැරිබියන්, බාහාමස් වගේ තැන්. අනික තමා දැන් නිකන් හොරුන්ට සල්ලි නොදී කෙලින්ම ලක්ෂ 6 දීලා එන්ගලන්තේ යන්න පුළුවන්. (නි)
එංගලන්තෙට වැඩිය ගොඩක් හොඳයි ඉතාලිය. කැමති නම් නවතින්නත් පුළුවන්. වතිකානුවෙන් කියලා තියෙන්නේ මේ බිමට අඩිය තබන කෙනෙක්ව බලෙන් ආපහු යවන්න එපා කියලා. (නි)
සුද්ද ඉස්සල්ල අපිව අල්ලන් එනකොටට බැඳුම් කර තිබ්බද දන්නෑ නෙ? (අ)
දම්මික, ඔබ බොහෝ නොදන්නා දේ කියලා තියෙන්නේ. ලංකාවට එන්නත් රටවල් කීපයකට ඇර අනිත් රටවල් විසා ගාස්තු ගෙවිය යුතුයි (නි)
දැන් බටහිර රටවල රස්සාවල් නැහැ.ඒ රටවලට වියදම් කරගෙන යනවට වැඩිය හොදයි, ත්‍රිවිල් කට්ටක් අරගෙන පාරට දැම්මම. (නි)
උන්ගේ සල්ලි ප්‍රශ්න වහ ගන්න කරන විගඩම්. එංගලන්තේ සුද්දොත් රට රට වල ගිහින් හිගකනවා (අ)
අගහරු ලෝකෙටත් යන්න පුළුවන් දැන්.කාටද ඕනෑ එන්ගලන්තේ යන්න? (නි)
ලංකාවට එන සංචාරකයන්ගෙන් 3000ක් අය කලොත් සංචාරකයෝ කීයටවත් එන එකක් නැහැ.(නදී)
දම්මික, සංචාරකයන් බහුල වශයෙන් එන අපේ රටට,අනවශ්‍ය නීති දාන්න ගියොත් එන අයත් නැති වෙනවා. විදේශිකයන්ට නිකන් අපේ රටට ඇතුල් වෙන්න බැහැ. මුදල් ගෙවන්න ඕනෑ (නි)
මේක ඇප මුදලක්. රටෙන් යනකොට ආපහු දෙනවා. කලබල වෙන්න එපා. (නි)
ඉන්දියාවට මම නම් ගිහින් නැහැ. හැබැයි, ඔය ඉන්දියාවට ආවඩන කෙනාට කියන්න ඕනෑ, ලංකාව කියන්නේ එහෙට වැඩියා හොද රටක්. මිනිස්සු , ජීවන තත්වය පවා අපේ රටේ එහෙට වැඩිය ඉතාම හොදයි (නි)
ගොඩක් හොදයි. මොකද මෙහෙ ඇවිත් අසරණ වෙලා ඉන්න උන්ටත් වද දෙනවට වඩා නෑවිත් ඉන්න එක නම් ලොකු දෙයක්.(නදී)
ලුම්බිණිට මේ පුවත එච්චර රසවත් නැහැ වගේ. (නි)
හොඳ දෙයක්. (ත)
මමනම් යන්තම් බේරුනා. මම ආපු දවස් වල 3000 දෙන්න ඕන නෑ. විසා නැතුව හිටියත් මටනම් මෙහේ හරි සැපයි. (අ)
ඉන්දියාව අවශ්‍ය කරන දේ රටේ තියා ගත්තා, සුද්දාව රටින් ඇරියට. ඒකයි ඉන්දියාව දියුණුව කරා ගමන් කරන්නේ. අපේ කට්ටිය ජාතිවාදී වුනා මෝඩකම රජ වුනා (නි)
ඇත්ත කතාව නම් අපේ අය විසා අරගෙන කරන්න ආපු දේ නොකර වෙන විකාර කරලා මෙහෙ බ්ලැක් ලිස්ට් වෙනවා. අන්තිමට හොදින් වැඩකරන් ඉන්න අයත් ඒ ගණයට වැටෙනවා.මම එංගලන්තේ හිටියේ මාස 18 යි.ඒ කාලය ඇතුලත වේචච දේවල් වල හැටියට දැන් ඊට වඩා හපන් ඇති. (නි)
අරාබියේ රස්සාවට ගියොත් පාස්පෝර්ට් එකේ හැටියට තමයි පඩි ගෙවන්නේ. එකම රැකියාවට ගිය ලංකාවේ පාස්පෝර්ට් එක හිමිකරුට අඩු පඩියක් දෙද්දී එංගලන්තේ පුරවැසියාට අති විශාල වැටුපක් ලැබෙනවා. ඒ නිසා වීසා දෙද්දී රටවල් කීපයකට වෙනස්කම් කළාට ඒක සුද්දගේ කැමැත්ත. මොකද ලෝකේ රටවල් එකසිය ගානක් එක්සත් ජාතීන්ගේ සංගමයේ හිටියට නිශේධ බලය තිබෙන්නේ රටවල් පහකට පමණයි කියා අපිත් නිශේධ බලය ලබාගන්නද? (නි)
හොඳ වැඩක් හොරෙන් යන අයට. දේශපාලන රැකවරණ පතන්න සංචාරක විසා ගන්න අයට .අනික් එක එංගලන්තය ඉන්නෙත් එල්ලෙන වැල් නැතුව. මුදල් සොයන්න මොනවාහරි ආදායම් මාර්ග කරනවා . මම නම් කැමතියි මේ නිතිය ක්‍රියාත්මක වෙනවානම් (නි)
එක තමා එම්බසි එක ඉස්සරහා පෝලින් ගණන් ඉන්නේ වීසා ගන්න.... හැබැයි බටහිර විරෝදියෝත් ඉන්නවා ඔය පෝලිමේ (නි)
අවසාන චේදයේ පලවන වාක්‍ය ටිකක් පැහැදිලි මදි වගේ .(අ)
ඉන්දියාවට එන්න කිසිම පිටරැටියෙකුට වීස නැතුව බැහැ. අඩුගානේ පිටරටක පුරවැසිකම තියෙන ඉන්දියානුවෙකුටවත් බැහැ. නමුත් අපේ රටට ඕනෑ කෙනෙකුට නිකන්ම එන්න දෙනවා. අනේ මන්දා කවද මේවා වෙනස් වෙයිද කියලා... (නි)
අපේ රටට ඉන්දියාවෙන් ඉගෙන ගන්නවානම් ඕනෑ තරම් දේවල් තියෙනවා, නමුත් ඉන්දියාවෙන් මෙහෙට ගේන්නෙම කසි කබල් හින්දි චිත්‍රපටියි කසි කබල් වාහනයි විතරයි. (නි)
ඔච්චර ගානක් දීල ඔහේ යනවට වැඩිය හොදයි මැද පෙරදිග යන්න.මහා සුරසැප නැහැ එංගලන්තයේ. අපේ ලංකාව මිනිස්සු එයාලට වැඩිය හොඳට ඉන්නවා. (නි)
අපට ඕව නැතිවට කමක් නැහැ.මොකෝ අපි කොහොමත් බටහිර විරෝදියෝ... අපට ඕව ඕන නැහැ.... අපේ ඉඩම් ඕගොල්ලන්ට දෙන්නෙත් නැහැ ඔයාලගේ විසා අපටත් එපා... (ත)
අන්න නියම වැඩක්.... මොකෝ මෙහෙ දැන් බටහිර විරෝදියෝ පිරිලා. අනික අපේ අය සංචාරයට නෙවේනේ. එහෙ ආණ්ඩුවට පවුම් බාගෙකින් වත් ආදායමක් නැහැ.කරන්නේ එහෙන් හුරලා මෙහාට පොම්ප කරලා එහෙ ආණ්ඩුවට විරුද්දව මෙහෙ පෙළ පාලි යන එක. (ත)
අපේ රට යටත්කරගන්න සුද්ද අවෙත් තැන්පත් මුදල් ගෙවලානේ (ත)
කොටි ඩයස්පෝරාවත් මේකට විරුද්ධ වෙයි මම හිතන්නේ (නි)
ශා නියමයි ඕක කරන්නම ඕන. මොකෝ ලංකාවේ ඉඩම් පිට රටියන්ට ගන්ට තහනම් කළා නම් මෙහෙත් එහෙම දෙයක් කරන්න එපයි.(ත)