IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


බ්‍රිතාන්‍යය වීසා තැන්පතුවට අභියෝග

ඉන්දියාව , පකිස්ථානය , බංගලිදේශය, ශ්‍රී ලංකාව ,නයිජීරියාව හා ඝානාවෙන් මහා බ්‍රිතාන්‍යයට  ඇතුළු වීම සදහා ලබන නොවැම්බරයේ සිට අය කිරීමට යන  පවුම් තුන්දහසේ

( රුපියල් 603000) තැන්පතුවට එරෙහිව නීතීමය අභියෝග එල්ලවනු ඇතැයි ලන්ඩනයේ ඩේලිමේල් පුවත්පත කියයි.

 රටවල් කිහිපයකට වෙනස්කම් දැක්වීම මත එම රටවල් නීතීමය ක්‍රියාමාර්ග ගැනීමට ඉඩ ඇතැයි එම පුවත් පත  පවසයි.  ලන්ඩනයේ සන්ඩේ ටයිම්ස් පුවත්පත පවසනුයේ මෙතෙක් අනුමැතිය නොලද මෙම  නියමු ව්‍යාපෘතියේ අරමුණ ලන්ඩන් ආගමන නීතී  අනිසි ලෙස පාවිච්චි කිරීම වැලැක්වීම බවයි.

හය මාසයේ වීසා බලපත අවසන් වීමට පෙර තම රටට ගෙන්වන අයගේ තැන්පතුව අහිමි වනු ඇත. ඉන්දියා වැනි රටවල් එකට එක කරමින්  බ්‍රිතාන්‍යයයෙන් ඉන්දියාවට එන අයගෙන්ද එවැනි තැන්පතුවක් ගනු ඇතැයි කියයි.  



අදහස් (0)

බ්‍රිතාන්‍යය වීසා තැන්පතුවට අභියෝග

රන්ජනී -ලන්ඩන් Tuesday, 25 June 2013 06:18 PM

මමනම් යන්තම් බේරුනා. මම ආපු දවස් වල 3000 දෙන්න ඕන නෑ. විසා නැතුව හිටියත් මටනම් මෙහේ හරි සැපයි. (අ)

:       0       0

සයිනාවා Wednesday, 26 June 2013 01:36 AM

අගහරු ලෝකෙටත් යන්න පුළුවන් දැන්.කාටද ඕනෑ එන්ගලන්තේ යන්න? (නි)

:       0       0

ජානි Wednesday, 26 June 2013 01:46 AM

ලංකාවට එන සංචාරකයන්ගෙන් 3000ක් අය කලොත් සංචාරකයෝ කීයටවත් එන එකක් නැහැ.(නදී)

:       0       0

අතපත්තු Wednesday, 26 June 2013 01:45 AM

දම්මික, සංචාරකයන් බහුල වශයෙන් එන අපේ රටට,අනවශ්‍ය නීති දාන්න ගියොත් එන අයත් නැති වෙනවා. විදේශිකයන්ට නිකන් අපේ රටට ඇතුල් වෙන්න බැහැ. මුදල් ගෙවන්න ඕනෑ (නි)

:       0       0

උදය Tuesday, 25 June 2013 07:07 PM

උන්ගේ සල්ලි ප්‍රශ්න වහ ගන්න කරන විගඩම්. එංගලන්තේ සුද්දොත් රට රට වල ගිහින් හිගකනවා (අ)

:       0       0

අමිල කටුනායක Tuesday, 25 June 2013 07:08 PM

රංජනීලට ඔහොම්මම ඉන්න වෙයි වගේ (නි)

:       0       0

බණ්ඩා Wednesday, 26 June 2013 02:15 AM

මේක ඇප මුදලක්. රටෙන් යනකොට ආපහු දෙනවා. කලබල වෙන්න එපා. (නි)

:       0       0

උපුල් Tuesday, 25 June 2013 07:11 PM

අපේ ආණ්ඩුවට පුළුවන්නේ ලංකාවට එන සංචරකින් 3000 ක් ඇප තියන්ඩ කියන්ඩ. ඔන්න විමල් මහත්තයෝ කරනවා නම් වැඩක්.(අ)

:       0       0

කමලා Tuesday, 25 June 2013 07:14 PM

දම්මික, මෙහෙ නිකන් එන්න බැහැ. සංචාරකයොත් $ 20-25 ක් ගෙවන්න ඕනෑ රටට ඇතුල් වෙන්න. (නි)

:       0       0

අසේල Tuesday, 25 June 2013 07:24 PM

මෝඩ අදහස් කියන්න එපා ධම්මික. අපේ රට දුප්පත් රටක්. ඒ දුප්පත්කමින් ගොඩ එන මාර්ගයක් තමා විදේශ විනිමය. ඒ වගේම තමා සුද්දෝ අපේ රටට එනකොට හෝටල් හොඳට දුවනවා. එතකොට මිනිසුන්ට රස්සාවල් වැඩි වෙනවා. රටට ආදායම් වැඩි වෙනවා. බලනවා ටිකක් ඇහැ කන ඇරලා බාලි, මාලදිවයින, කෑන්කුන්, කැරිබියන්, බාහාමස් වගේ තැන්. අනික තමා දැන් නිකන් හොරුන්ට සල්ලි නොදී කෙලින්ම ලක්ෂ 6 දීලා එන්ගලන්තේ යන්න පුළුවන්. (නි)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 25 June 2013 07:35 PM

එංගලන්තෙට වැඩිය ගොඩක් හොඳයි ඉතාලිය. කැමති නම් නවතින්නත් පුළුවන්. වතිකානුවෙන් කියලා තියෙන්නේ මේ බිමට අඩිය තබන කෙනෙක්ව බලෙන් ආපහු යවන්න එපා කියලා. (නි)

:       0       0

ගිම්හාණි Wednesday, 26 June 2013 11:53 AM

ගොඩක් හොදයි. මොකද මෙහෙ ඇවිත් අසරණ වෙලා ඉන්න උන්ටත් වද දෙනවට වඩා නෑවිත් ඉන්න එක නම් ලොකු දෙයක්.(නදී)

:       0       0

සිසිර Tuesday, 25 June 2013 08:13 PM

සුද්ද ඉස්සල්ල අපිව අල්ලන් එනකොටට බැඳුම් කර තිබ්බද දන්නෑ නෙ? (අ)

:       0       0

සාරදා Wednesday, 26 June 2013 08:41 AM

ඉන්දියාවට මම නම් ගිහින් නැහැ. හැබැයි, ඔය ඉන්දියාවට ආවඩන කෙනාට කියන්න ඕනෑ, ලංකාව කියන්නේ එහෙට වැඩියා හොද රටක්. මිනිස්සු , ජීවන තත්වය පවා අපේ රටේ එහෙට වැඩිය ඉතාම හොදයි (නි)

:       0       0

නිහාල් Tuesday, 25 June 2013 09:35 PM

දම්මික, ඔබ බොහෝ නොදන්නා දේ කියලා තියෙන්නේ. ලංකාවට එන්නත් රටවල් කීපයකට ඇර අනිත් රටවල් විසා ගාස්තු ගෙවිය යුතුයි (නි)

:       0       0

මිනිපේ Tuesday, 25 June 2013 09:46 PM

දැන් බටහිර රටවල රස්සාවල් නැහැ.ඒ රටවලට වියදම් කරගෙන යනවට වැඩිය හොදයි, ත්‍රිවිල් කට්ටක් අරගෙන පාරට දැම්මම. (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 25 June 2013 03:56 PM

හොඳ දෙයක්. (ත)

:       0       0

ජානක Tuesday, 25 June 2013 04:03 PM

ශා නියමයි ඕක කරන්නම ඕන. මොකෝ ලංකාවේ ඉඩම් පිට රටියන්ට ගන්ට තහනම් කළා නම් මෙහෙත් එහෙම දෙයක් කරන්න එපයි.(ත)

:       0       0

රත්නසිරි Tuesday, 25 June 2013 04:04 PM

කොටි ඩයස්පෝරාවත් මේකට විරුද්ධ වෙයි මම හිතන්නේ (නි)

:       0       0

කුමාර Tuesday, 25 June 2013 04:04 PM

අපේ රට යටත්කරගන්න සුද්ද අවෙත් තැන්පත් මුදල් ගෙවලානේ (ත)

:       0       0

චන්දා Wednesday, 26 June 2013 01:24 PM

ලුම්බිණිට මේ පුවත එච්චර රසවත් නැහැ වගේ. (නි)

:       0       0

සුදීර Tuesday, 25 June 2013 04:06 PM

අන්න නියම වැඩක්.... මොකෝ මෙහෙ දැන් බටහිර විරෝදියෝ පිරිලා. අනික අපේ අය සංචාරයට නෙවේනේ. එහෙ ආණ්ඩුවට පවුම් බාගෙකින් වත් ආදායමක් නැහැ.කරන්නේ එහෙන් හුරලා මෙහාට පොම්ප කරලා එහෙ ආණ්ඩුවට විරුද්දව මෙහෙ පෙළ පාලි යන එක. (ත)

:       0       0

සුභසිංහ Tuesday, 25 June 2013 04:07 PM

අපට ඕව නැතිවට කමක් නැහැ.මොකෝ අපි කොහොමත් බටහිර විරෝදියෝ... අපට ඕව ඕන නැහැ.... අපේ ඉඩම් ඕගොල්ලන්ට දෙන්නෙත් නැහැ ඔයාලගේ විසා අපටත් එපා... (ත)

:       0       0

සනත් Tuesday, 25 June 2013 04:25 PM

ඔච්චර ගානක් දීල ඔහේ යනවට වැඩිය හොදයි මැද පෙරදිග යන්න.මහා සුරසැප නැහැ එංගලන්තයේ. අපේ ලංකාව මිනිස්සු එයාලට වැඩිය හොඳට ඉන්නවා. (නි)

:       0       0

ධම්මික Tuesday, 25 June 2013 04:55 PM

අපේ රටට ඉන්දියාවෙන් ඉගෙන ගන්නවානම් ඕනෑ තරම් දේවල් තියෙනවා, නමුත් ඉන්දියාවෙන් මෙහෙට ගේන්නෙම කසි කබල් හින්දි චිත්‍රපටියි කසි කබල් වාහනයි විතරයි. (නි)

:       0       0

ධම්මික Tuesday, 25 June 2013 04:57 PM

ඉන්දියාවට එන්න කිසිම පිටරැටියෙකුට වීස නැතුව බැහැ. අඩුගානේ පිටරටක පුරවැසිකම තියෙන ඉන්දියානුවෙකුටවත් බැහැ. නමුත් අපේ රටට ඕනෑ කෙනෙකුට නිකන්ම එන්න දෙනවා. අනේ මන්දා කවද මේවා වෙනස් වෙයිද කියලා... (නි)

:       0       0

අප්පුහාමි Tuesday, 25 June 2013 04:57 PM

අවසාන චේදයේ පලවන වාක්‍ය ටිකක් පැහැදිලි මදි වගේ .(අ)

:       0       0

රන්ජනී ලන්ඩන් Tuesday, 25 June 2013 11:26 PM

කවුද මගේ නමින් අදහස් දාන්නේ? පිස්සෙක්ද? දම්මික දන්නා දෙයක් ලියන්න කටුනායක ගුවන් තොටුපල ඉන්දියාව වගේද ? අපි නිවාඩුවකට ලංකාවට එනකොට මාසයකට විසා දුන්න මටත් දුවටත් ඩොලර් 35 වගේ ගානක් තමා ගත්තේ. හරිම හොද කාරුණික අවංක සේවාවක් කටුනායක ගුවන් තොටුපළෙන් අපිටනම් ඉටුඋනා. උඩ බලගෙන කෙල ගහන්න එපා.(නදී)

:       0       0

මාගලී Tuesday, 25 June 2013 05:15 PM

එක තමා එම්බසි එක ඉස්සරහා පෝලින් ගණන් ඉන්නේ වීසා ගන්න.... හැබැයි බටහිර විරෝදියෝත් ඉන්නවා ඔය පෝලිමේ (නි)

:       0       0

අමාලි සිල්වා Tuesday, 25 June 2013 05:17 PM

හොඳ වැඩක් හොරෙන් යන අයට. දේශපාලන රැකවරණ පතන්න සංචාරක විසා ගන්න අයට .අනික් එක එංගලන්තය ඉන්නෙත් එල්ලෙන වැල් නැතුව. මුදල් සොයන්න මොනවාහරි ආදායම් මාර්ග කරනවා . මම නම් කැමතියි මේ නිතිය ක්‍රියාත්මක වෙනවානම් (නි)

:       0       0

නීල් රණා Tuesday, 25 June 2013 05:42 PM

අරාබියේ රස්සාවට ගියොත් පාස්පෝර්ට් එකේ හැටියට තමයි පඩි ගෙවන්නේ. එකම රැකියාවට ගිය ලංකාවේ පාස්පෝර්ට් එක හිමිකරුට අඩු පඩියක් දෙද්දී එංගලන්තේ පුරවැසියාට අති විශාල වැටුපක් ලැබෙනවා. ඒ නිසා වීසා දෙද්දී රටවල් කීපයකට වෙනස්කම් කළාට ඒක සුද්දගේ කැමැත්ත. මොකද ලෝකේ රටවල් එකසිය ගානක් එක්සත් ජාතීන්ගේ සංගමයේ හිටියට නිශේධ බලය තිබෙන්නේ රටවල් පහකට පමණයි කියා අපිත් නිශේධ බලය ලබාගන්නද? (නි)

:       0       0

රත්නායක Tuesday, 25 June 2013 05:47 PM

ඇත්ත කතාව නම් අපේ අය විසා අරගෙන කරන්න ආපු දේ නොකර වෙන විකාර කරලා මෙහෙ බ්ලැක් ලිස්ට් වෙනවා. අන්තිමට හොදින් වැඩකරන් ඉන්න අයත් ඒ ගණයට වැටෙනවා.මම එංගලන්තේ හිටියේ මාස 18 යි.ඒ කාලය ඇතුලත වේචච දේවල් වල හැටියට දැන් ඊට වඩා හපන් ඇති. (නි)

:       0       0

අමිල Tuesday, 25 June 2013 06:02 PM

ඉන්දියාව අවශ්‍ය කරන දේ රටේ තියා ගත්තා, සුද්දාව රටින් ඇරියට. ඒකයි ඉන්දියාව දියුණුව කරා ගමන් කරන්නේ. අපේ කට්ටිය ජාතිවාදී වුනා මෝඩකම රජ වුනා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 0 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 229 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 232 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 93 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


රජයේ වාහන 4000ක් උස්සලා
2024 සැප්තැම්බර් මස 28 1341 0

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති


වෙල්ගම් දිවිසරිය නිමා කරයි
2024 සැප්තැම්බර් මස 28 1596 1

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37825 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24931 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 742 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site