ජෝර්දානයේ සිටින තම බිරිය ඉක්මනින් ගෙන්වා දෙන්නැයි කියමින් කහටගස්දිගිලියේ සැමියෙක් දරු දෙදෙනා ද සමග අඩි 80ක් උස දුරකතන කුලුනකට නැඟ දෙපැයකට පසු උපක්‍රම ශීලීව බස්සවා ගැනීමට කහටගස් දිගිලිය පොලිසිය සමත් විය.
බරියගේ සාරියකින් අවුරුදු දෙක හමාරේ දරුවා තම බඩට තබා බැඳගෙන එම පුද්ගලයා හය හැවිරිදි දරුවා කරේ නංවාගෙන සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිරිය ගෙන්වාගැනීම කෙසේවෙතත් දරු දෙදෙනාගේ ජීවිත අනතුරකට ලක්කිරීම සම්බන්ධයෙන් පොලිසිය මොහුට විරුද්ධව ක්‍රියා කිරීමට ඉඩ ඇත. ඇත්තෙන්ම මෙම සිද්ධිය සමාජමය ඛේදවාචකයකි (නි)
දිගටම ඉන්න අරින්නනේ තිබුණේ (නි)
කුමාරගේ කතාව සහතික ඇත්ත.මමත් අවුරුදු හතරහමාරක් හිටියනේ.පුදුම සෙල්ලන් එහෙ තියෙන්නේ. (අ)
කරුණාකරලා ඇයගේ විස්තර ලබා දෙන්න. කළහැකි දෙයක් නම් තානාපති කාර්යාලය සමඟ කතාකර ලංකාවට ඒමට උදව් කළ හැකියි. එසේ නැතත් බිරිඳ දැන් ඉන්න තත්වය පිළිබඳ සත්‍ය තොරතුරු සොයාදිය හැකියි. (නි)
ගැහැණු රට යවනවට බනින අය දන්නේ නැද්ද එ් සල්ලි ලංකාවට අාවා නම් විදේශ විනිමය කියලා. (නදී)
සමින්දි, ඔයා කොහෙද වැඩ කරන්නේ. ඔයා කසාද බැඳලා දරුවෝ ඉන්නවා නම් තේරෙයි එක් අයෙක් විතරක් රැකියාවක් කරලා කොහොමද ජීවත්වෙන්නේ කියා. අනික මෙයා වැඩ ද කරන්නේ කොහොමද ළමයි දෙන්නත් එක්ක (නදී)
හේතුව මොකක්ද දන්නේ නැතිව චෝදනා කරන්න බැහැ. සමහර විට එයාගේ නෝනට කරදර ඇති. (මුදී)
ගැණු පිටරට යවන්න කලින් දෙවරක් හිතන්න. පිරිමියෙකුට නොකරන්න බැරි දෙයක් නැහැනේ. අන්තිමේදී අසරණ දරුවෝ තමයි හැමදේටම තැලෙන්නේ පොඩිවෙන්නේ (නදී)
රට විරුවෝ කියාගෙන ගැහැණුන්ව විකුණගෙන කන රටක්නෙ මේක. මේ රටේ ආදායම් උත්පාදන මාර්ග නිර්මාණය කරන්න ප්‍රේමදාස මහත්තයා ඇරෙන්න වෙන කිසිම පාලකයෙක් උත්සහ කලේ නෑ. දැන් මේක ඛේදවාචකයක් වෙලා ඉවරයි පවු අසරණ දුප්පත් මිනිස්සු සහ දරු පැටව්. සමහර අය රටේ ආදායම් උත්පාදනයට කියල වෙන රටවල තියන සල්ලාල සංස්කෘතියත් මෙරටට ගේන්නනේ හදන්නේ. මෙහෙම මිනිස්සු පත්කර ගන්න අපිටම තමයි ගහගන්න ඕනේ. (නදී)
ගැහැණු මැද පෙරදිගට විකුණගෙන කන එක දැන් ලංකාවේ ප්‍රදාන අදායම් මාර්ගයක්. මේකට රජයෙනුත් ලොකු අනුග්‍රහයක් ලැබෙනවනේ. රට විරුවෝ කියාගෙන (නදී)
මේ පොඩි ළමයිනුත් කරපින්නාගෙන මෙහෙම අවදානම් ගමනක යෙදෙන්න හොඳ නැහැ කියලා නිකන්වත් හිතුණේ නැද්ද? (නි)
මෙම පුද්ගලයා ළමයින්ගේ ජීවිත අවදානමකට පත් කළ එක වැරදියි. (නි)
තමන් කසාදයක් කරගෙන දරුවන් බිහිකළා නම් දරුවන්ට කන්න දෙන්න ගැහැණු රට අරින්න එපා. කුලී වැඩ කරලා හරි දරුවන්ට කන්න දෙන්න. (නි)
නඟින කුළුණක තනියෙන් නැග්ගා නම් ඉවරනේ.මේ කිරි සප්පයොත් අරගෙන ගියේ මොකටද? (නි)
පොලිසියක් කරන්න ඕනෑ මේ පුද්ගලයාව අත්අඩංගුවට ගන්න එක කියලයි මම නම් කියන්නේ? මේ නොදරුවන්ගේ ජිවිත අවදානමකට ලක් කළ එක වැරදියි නේද? මෙච්චර හදිස්සි නම් තමන් බිරියව පිටරට යැව්වේ ඇයි? බිරියට කරදරයක් නම් විදේශ සේවා නියුක්ති කාර්යංශයට දැනුම් දීලා පිළිවෙලකට ඒ දේවල් කරන්න ඕනෑ. (නි)
මේක නම් ඉතාම අසාධාරණ ඉල්ලීමක් ලෙසයි මම දකින්නේ (නි)
දරු දෙදෙනා අරගෙන ගියේ ඇයි? (නි)
මේක දැන් රෝගයක් වී හමාරයි.මොහු නිකමටවත් හිතුවද, මෙතරම් උසකදී මේ නොදරුවන්ට දැනෙන කම්පනය පිළිබඳව.මට දැනෙන විදියට එය වරදක්. (නි)
තරිඳුට මමත් එකඟ වෙනවා (නි)
සමහරවිට බිරිදගේ කැමැත්තට රට යන්න ඇති. ළමයින්ගේ වැඩත් ගෙදර සියලු වැඩත් පිරිමියෙකුට පැටවුනාම දරාගන්න අමාරු ඇති. ඒ වගේම තනිකම පාළුව දැනෙන නිසා සමහර පිරිමින් අවට සිටින කාන්තාවන්ට අයුතු යෝජනා ගේනවා. ළමයින් පරිස්සමට නෑයෙක් ලග තබා පිරිමියා රැකියාවට ගියාම ළමයින් අපයෝජනය වෙනවා. රට ගිය බිරිදත් ගෙදර හාම්පුතාගේ අතවර කැමැත්තෙන් හෝ අකමැත්තෙන් විදිනවා. මෙය කාලයක් තිස්සේ සිදුවන දෙයක් මිස රහසක් නොවෙයි. නමුත් රට සල්ලි වලින් යැපෙන්නට බලා ඉන්න රටක් ලෙස කිසිම පාලකයෙක් මෙයට තහනමක් පනවා, ලංකාවේම ගෘහ සේවයට හෝ ලෙඩුන් සහ මහලු අය රැකබලාගැනීම වැනි රැකියාවලට යොමුකරන්නේ නැහැ. (නදී)
මම නම් කියන්නේ වයසක ගැහැණු ඇරෙන්න කිසිම ගැහැණියෙක් ජෝර්දාන් වලට යවන්න එපා කියල. මම ජෝර්දාන් වල හිටපු කලේ සිකුරාදාට හොඳ හොඳ සෙල්ලම් දැක්කි. ෂර්කා, අම්මාන් වල ඉන්න බංගලි පකිස්තාන් පිරිමි එක්ක සෙට් වෙලා කරන ඒවා පෙන්නන්න මුලින්ම බැදපු පිරිමි යවන්න ඕනා. (නදී)
දිනපතා පුවත් පත් දිහා බලද්දී දැන් කාන්තාවන් රට යාම පිළිබද ප්‍රශ්නය අතිශය භයානක සමාජ ප්‍රශ්ණයක් විදියට ඉදිරියට එන බව පේනවා. ඒ වගේම කාන්තාවන් රට යන්න ගත්තේ අද ඊයෙක නෙවේ උනත් අද තියෙන මේ සමාජ ආර්ථික ක්‍රමයේ අසමතුලිත තාවය නිසා මේ ප්‍රස්නෙන් සැමියත්, දරුවනුත් දෙගොල්ලොම දුක් විදිනවා. මේ ප්‍රශ්නය ගැන රට රැකියාවල නියුතු කාන්තාවන්ගේ ස්වාමියෝ මේ වගේ අවදානම් වැඩ වලට දරුවෝ සම්බන්ඳ කරගන්න පෙර දෙවරක් හිතන්න කාලේ ඇවිත් කියල මම හිතන්නේ. (නදී)
අසරණ මිනිසුන්ට කාගෙවත් පිහිටක් නැති නිසානේ කුලුනට නඟින්නේ. මෙතන අදහස් දාන සමහර මිනිසුන් ඉතා කුහක දුෂ්ට අය කියලයි මට හිතෙන්නේ. දුප්පත් මිනිසුන්ගේ දුක පෙනෙන්නේ නැහැ. (නි)
ලස්සන ජිවිතයක් ගත කරන්නේ කොහොමද, අහිංසක බිරිඳව රට යවලා? (නි)
නසාර්,ලස්සන ජිවිතයක් ගැන කියලා රැවටෙන්න පෙර තමන්ගේ මොළය පාවිච්චි කරලා අද රට ලෝකය ගැන හිතලා බලන්න ඕනෑ නේද? (නි)
පිරිමි අපිටත් ලැජ්ජාවෙන වැඩ මේවා. අහිංසක ගැහැණුන්ව රට යවනවා (නි)
මෙහි ලියන පාඨකයින් නොදන්නා ගොඩක් දේවල් තිබෙනවා. කවුද ලස්සන ජීවිතයක් ලබන්න හීන නොදකින්නේ? හදවතට තට්ටු කරලා අහන්න. (නි)
ගෙන්නගන්න හදිස්සි නම් යැව්වේ මොකටද? ලංකාවේ ඉඳලම කුලීවැඩක් කරගෙන හරි ජීවත්වෙන්න තිබුනනේ. (නි)
මේකට නගින්න තරම් අතපය සවිය තියනවා නම් ඇයි බිරිඳව පිටරට වලට යවන්නේ? (නි)