අලූත්ගම හා බේරුවල ගැටුම් වලින් විනාශයට පත්ව තිබූ නිවාස 100 ක් හා ව්‍යාපාරික ස්ථාන 7 ක් සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කර හිමිකරුවන් වෙත භාරදුන් බව ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක බි්‍රගේඩියර් රුවන් වනිගසූරිය කියයි.
තවත් නිවාස 103 ක් හා ව්‍යාපාරික ස්ථාන 25 ක් ප්‍රතිසංස්කරණය කෙරෙමින් පවතින බව ඔහු පවසයි.
ගැටුම් වලින් නිවාස 210 ක් හා ව්‍යාපාරික ස්ථාන 84 ක් විනාශයට පත්විය.
ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සදහා යුධ හමුදාව,නාවික හමුදාව,ගුවන් හමුදාව එක්ව සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඉතා හොඳ දෙයකි. හොඳ දෙයක් වන විට කොමෙන්ට්ස් අඩුය. එහෙත් ප්‍රචාරය වන පොඩි නරක දෙයකට බොහෝ අය කට අරිති. ඔවුන් කතා කරන්නේ සෝවාන් වූ අය ලෙසය. (නදී)
මුළු රටේම නිවාස ප්‍රශ්න විසඳන්න හොඳම විදිය මේක තමයි. නමුත් තාම ගෙවල් නැති රණවිරුවන්ටත් ගෙවල් ලැබිලා නැහැ නේද? (නි)
හැමෝටම සාධාරණයක් ඉටුවේවායි මම ප්‍රාර්ථනා කරමි (නි)
මේවට මෙයට වඩා ප්‍රචාරයක් ලබා දියයුතුයි. ෆොටෝ සමග. මොකද ජාත්‍යන්තරයට ගියපු ප්‍රතිරූපය දරුණුයි. මොකද මෙහෙ අය තාමත් ඔය ගැන ප්‍රශ්න කරනවා. (නදී)
වැඩේ හොදයි එත් රණවිරුවන්ව වහලුන් සේ කණු සුද්ද කිරීමටත් , කඩ කාමර සුද්ද කිරීමටත් යොදවිම අනුමත කල නොහැකියි. අනෙත් කරුණ නම් ඔය සිද්දියෙන් පහර කෑමට ලක්වූ සිංහල ජනතාවට, ඔවුන්ගේ අලාබහානි වූ ගිනිබත් වූ දේපල වලට මොනවද රජයෙන් දුන්නේ? උපාලි මහත්මයාණනි ඔබතුම නොදකින බොහෝ දේඅලුත්ගම සිද්දිය පිටුපස ඇත. මම එහි සිදුවූ බොහෝ දේ සියසින් දුටු අයෙක් වෙමි. (දී)
කාලෝචිත වැඩක් (දී)
උපාලි අහිංසක මිනිස්සුන්ගේ ගෙවල් දොරවල් කඩන එකයි ගිනිතියන එකයි කොහොමද හොඳ දෙයක් වෙන්නේ (නදී)
මේවා කාගේ සල්ලිද ?, අනාගතේදී කාටද වන්දි ගෙවන්න වෙන්නේ .. (දී)