(ගයාන් සූරියආරච්චි සහ ඩී ජී සුගතපාල)
බෙලිඅත්ත දක්ෂිණ අධිවේගී මාර්ගය අසලදී අපේ ජන බල පක්ෂයේ සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනෙකු ඝාතනය කිරීමෙන් අනතුරුව ඝාතනයට යොදාගත් ගිනි අවි දෙක ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව හක්මන පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 23 හා 33 වන බූස්ස ප්‍රදේශයේ පදිංචිකාරියන් බව පොලිසිය පවසයි.
බෙලිඅත්ත ප්‍රදේශයේදී පස්දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හක්මන පොලිසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබුණි.
ඒ අනුව පස් දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමෙන් අනතුරුව එම ගිනි අවි දෙක ප්‍රවාහනය කිරීම සඳහා ආධාර අනුබල දීම යටතේ සැකකාරියන් දෙදෙනෙකු රත්ගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණි.
අපරාධය සිදුකිරීමෙන් අනතුරුව එක් සැකකාරියකට අයත් යතුරුපැදියකින් ඝාතනයට යොදාගත් ගිනි අවි දෙක කරා පිටියේ සිට බූස්ස ප්‍රදේශය දක්වා ප්‍රවාහනයකට ඇති බව පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයෙන් පසු ගිනි අවි රැගෙන ගිය දෙදෙනා මාට්ටු
sachith Tuesday, 30 January 2024 10:40 AM
පෙර ,පසු කට්ටිය අල්ලයි .හැබැයි වැඩේ කරපු වැඩේ කරන්න සැලසුම් කරපු කට්ටියව නම් කවදාවත් අල්ලන්නේ නෑ