(විමුක්ති එස් රුද්‍රිගු)
බංගලාදේශයේ ඉගෙනුම ලබන සිසුන් ඔවුන් ඉගෙන ගන්නා විශ්ව විද්‍යාලවල නේවාසිකාගාරයන්හි ආරක්ෂිතව සිටින බවත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නිලූක කදුරුගමුව මහතා ප්‍රකාශ කළේය.
එලෙස ඉගෙනුම ලැබූ සිසුන් නව දෙනකු මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවද කදුරුගමුව මහතා පැවැසුවේය. බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධර්මපාල වීරක්කොඩි මහතා ශ්‍රී ලාංකික සිසුන් ඉගෙනුම ලබන විශ්ව විද්‍යාල තුනෙහි පිඨාධිපතිවරුන් වෙත ලිපි යොමුකර ඇති බවත් ශ්‍රී ලාංකික සිසුන්ට ආරක්‍ෂිත නවාතැන් දෙන ලෙස වීරක්කොඩි මහතා එම ලිපි මගින් පිඨාධිපතිවරුන්ගෙන් ඉල්ලීම් කර ඇති බවත් කදුරුගමුව මහතා ප්‍රකාශ කළේය.
එසේම නිරන්තරයෙන් ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ශ්‍රී ලාංකික සිසුන් සමඟ සම්බන්ධතාවය පවත්වා ගෙන යමින් ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ සොයා බලන බවත් කදුරුගමුව මහතා පැවැසුවේය.
මේ වනවිට බංග්ලාදේශයේ රජයේ රැකියා කෝටාව පිළිබඳ ඇරඹි විරෝධතා හේතුවෙන් මියගිය පිරිස 133 දක්වා ඉහළ ගොස් ඇත. ප්
රචණ්ඩ ක්‍රියා මැඩපැවැත්වීම සඳහා බංග්ලාදේශ බලධාරීන් අද (21) සහ හෙට (22) රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවත් දින දෙකක කාලයක් සඳහා දැඩි නීති යටතේ ඇඳිරි නිතිය පනවා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එසේම ඇඳිරි නීතිය කඩ කරන්නන්ට දුටු තැන වෙඩි තැබීමට බලධාරීන් පොලිසියට සහ හමුදාවට නියෝග ලබාදී ඇති බවත් දවසකට පැය 2 ක කාලයක් ඇඳිරි නීතිය ඉවත් කෙරෙනු ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
දැඩි නීති පනවා මේ වනවිට ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කිරීමට බංග්ලාදේශ බලධාරීන් සමත්වී සිටින බවද විදෙස් මාධ්‍ය පැවැසුවේය.
බංග්ලාදේශයේ විශ්ව විද්‍යාල තුනක ශ්‍රී ලාංකික සිසුහු 50 කට වැඩි පිරිසක් ඉගෙනුම ලබති
ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.
නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.
තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.
මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.
එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ
කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බලංගලාදේශයේ සිටින ලාංකික සිසුන් ආරක්ෂිතයි