IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


බලන්ගොඩ මුස්ලිම් පල්ලි 5ක් වහයි

(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)

බලන්ගොඩ නගරසභා සීමාවේ පදිංචි, මුස්ලිම් ජාතිකයින්  දෙදෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග නගරසභා සීමාවේ  ඇති මුස්ලිම් පල්ලි 5 ක් නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට උපදෙස් ලබා දුන් බව බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය අද (07) සවස පැවැසීය.

බලන්ගොඩ කල්තොට මාර්ගයේ දෙහිගස්තලාව ප්‍රදේශයේ පදිංචි  වයස අවුරුදු එක හමාරක  දරුවෙකුට සහ ගොරගහමඩ ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි කාන්තාවකට  කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට පරීක්ෂණ වලදි අනාවරණය වී ඇත. එබැවින්  එම තීරණය ගත් බව බලන්ගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීහු පැවැසුහ.

වයස අවුරුදු එකහමාරේ දරුවා  රිය අනතුරකින්  තුවාල ලබා බලන්ගොඩ මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කළ පී.සී.ආර්.  පරීක්ෂණයේදී කොරෝනා වයිරසය ආසාදනය වී ඇති  බවට තහවුරු වී ඇති අතර,  62 හැවිරිදි කාන්තාව රත්නපුර පෞද්ගලික රෝහලකදි  කළ පී.සී.ආර් පරීක්ෂණයේදී කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට  තහවුරු වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීහු පැවැසුහ.

ඔවුන්ගේ  ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් පවුල් 15 ක  පුද්ගලයින්  52  දෙදෙනකු අද (07) ස්වයං නිරෝධායනයට යොමු කළ බවත්  ඔවුන්ගේ පී.සී.ආර්  පරීක්ෂණ පැවැත්වෙනතෙක්  බලන්ගොඩ  නගරය ආශ්‍රිතව  ඇති මුස්ලිම් පල්ලි 5ක් වසා දැමීමට බලන්ගොඩ  කොරෝනා මර්දන කමිටුව මගින් තීරණය කළ බවත් බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කීය.

ඒ අනුව, හෙට (08) බලන්ගොඩ නගරසභා සීමාවේ ඇති  එම  පල්ලිවල පැවැත්වීමට නියමිතව තිබූ මුස්ලිම්  යාච්ඥා  ⁣පැවැත්වීම  අත්හිටුවා ඇති  බවද  හම කාර්යාලය වැඩිදුරටත් පැවැසීය.



අදහස් (3)

බලන්ගොඩ මුස්ලිම් පල්ලි 5ක් වහයි

chandima Thursday, 07 January 2021 07:04 PM

අනේ එතකොට ඒගොල්ලෝ දිව්‍ය ලෝකේයන්නේ කොහොමද?

:       1       0

sharm warn Friday, 08 January 2021 03:55 AM

2019 අප්‍රේල් මාසේ ඉඳලා... මේ රටේ ක්‍රිස්තියානි විතරක් නොවේ. අනික් ආගම්වල අයටත් දෙවියන් අදහන්න ඉඩදුන්නේ නැහැ මේගොල්ලෝ. හැබැයි ලැජ්ජා නැතිව සිකුරාදාට හමුදා ආරක්ෂාව යටතේ පල්ලි ගියා. අනුන්ට කරන දේවල් දවසක තමන්ටත් ඵල දෙනවා කියලා දැනගන්නවා නම් හොඳයි.

:       1       0

hira Friday, 08 January 2021 03:59 AM

කොරෝනා ඉදිරියේ දෙවියන් පසුබැස ගොස් අවසානයි. දෙවියොත් කොරවෙලා ඇත්තේ.

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අකුරණ සහ වත්තේගම නගර ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 08 351 0

මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා


“දේවානන්දට ආණ්ඩුවේ ඇමතිකම් නෑ“
2024 නොවැම්බර් මස 08 916 0

ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක


චීනයෙන් දුන් ආපදා සහන මුදල් භාණ්ඩාගාරයට
2024 නොවැම්බර් මස 08 594 0

2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර


මහ වැස්සෙන් පුත්තලමත් යටවේ
2024 නොවැම්බර් මස 08 566 0

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ


මාතර ලවණ බාධකය ගැන කඩිනම් තීරණයක් ගන්න යයි
2024 නොවැම්බර් මස 08 834 0

මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්


බදුල්ලේ ප්‍රදේශ කීපයක ගංවතුර සහ නායයෑම්
2024 නොවැම්බර් මස 08 419 0

බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 92 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 471 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1441 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site