දකුණු කොරියානු රැකියා සදහා සුදුසුකම් ලැබූ තරුණයින් පිරිසක් (120 ක්) දකුණු කොරියාව සදහා පිටත් වීමට අද බත්තරමුල්ලේ ශ්‍රී ලංකා විදේශ සේවා කර්යංශය වෙත පැමිණ සිටියහ. ඔවුන්ගේ මාපියන්, සහෝදර සහෝදරියන්, නෑයන්, හිතමිතුරන්ද පැමිණ සිටියහ.
මෙම පිරිස අද සවස කටුණායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් පිටත් වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරුණ, රන්ජිත් ඉතාලි , අජන්ත, බණ්ඩාර, ගයාන්, ඇයි මහතුනේ ඔය තරම් කුහක? සතුටු වෙන්න. ජය පතන්න. ඔක්කොම ශ්‍රී ලාංකික ළමයි. මේ අය එන්නේ නිකන් නෙමෙයි, දස දහස් ගණනක් ඉදිරිපත් වුණ කොරියානු විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වෙලා. අසේල, ඔබතුමා කොරියාවට ඇවිත් සල්ලි නැති කරගත්තා නම් එය ඔබගේ යම්කිසි දුර්වලතාවයකි. රකිත, ලංකාවේ විවිධ නාලිකා මගින් කොරියානු ජනරජය තුල යුද්ධයක් මැවුවාට මෙහි කිසිම යුදමය වාතාවරණයක් නැත.සියලුම දෙනා සුපුරුදු ලෙස එදිනෙදා කටයුතු වල නියැලෙනු ලබයි. සරත්, මහත්මයා ගේ නිහතමානීකම ගැන සතුටු වෙමි. (නි)
කොහේ ගියත් අපේ වගකීම් අමතක කරන්න එපා. 1) අපේ යන්නේ මුදල් හම්බරකන්න 2) අපේ රටේ කීර්ති නාමය රැකගන්න. 3) දෙමාපියන් දූ දරුවන් අමතක නොකරන්න. 4) එහෙ තිබෙන අපේ රටේ නොතිබෙන දේවල් සංසන්දනය කරලා අපේ රට අපහාස නොකරන්න. 5) යහපත් ස්ථාවරයකට එනකම් ලංකාවට නොඑන්න 6) අනවශ්‍ය යහළුවන් ආශ්‍රය නොකරන්න 7) ලංකාවට පැමිණිලා අපේ රටේ කර්මාන්තයක් පටන් ගන්න. " ඔබ සැමට සුභ අනාගතයක් (අ)'
අසේල,කරු,සමන්ත ඔව් මම තේරුම්ගත්තා , කරුණු පැහැදිලිකිරීමට ස්තුති! වරද මගේ! සමාවෙන්න! (අ)
අපු කාරණය මතක තියාගෙන හොදින් ඉන්න.සුබ පැතුම් ඔයාලා ඔක්කොටම (නි)
ගැනු පිරිමි සමහර දෙනෙකුට රට ආපු කාරනය හරි ඉක්මනට අමතක වෙනවා. ඒ වගේම සමහරුන්ට හරියනවා, සමරුන්ට වරදිනවා. මොනවා වුණත් කල්පනාවෙන් වැඩකළොත් වරදින්න විදිහක් නැහැ! සුබ පතනවා හැමෝටම! (නි)
කොරියාවට සාදරයෙන් පිලිගනිමි! (නි)
කොරියාවට යන තාරුණයන් භාෂාව ඉගෙනගෙන ,විභාග සමත් වෙලා සුදුසුකම් අදාල රටට ඇරලා තෝරාගත් ලංකාවේ හතහරදිග් බාගයෙන් පැමිණි අයට වේලාසනින් ලියකියවිලි දුන්නානම් ඉවරනේ. රටින් පිටවෙන දවසේ විදේශ කාර්යංශයට ගෙන්වීම බලවත් අසාධාරණයක්. යන පුද්ගලයා ,පවුලේ උදවිය, බත්තරමුල්ලටත්,ගුවන් තොටු පොළටත්,යාමට වාහන ගාස්තු,රස්තියාදු කරනවට වඩා 120 දෙනාට නිලධාරීන් 3 දෙනෙකු ගුවන් තොටු පොලට ගියානම් සියලු දෙනාම අසීරු තත්වයෙන් මුදවා ගැණීම පින් අයිතිවෙන වැඩක් (නි)
ලංකාවේ හොද රස්සා නැතිව කොරියවට එන එක ගැන ලජ්ජා වෙන්න ඕනෑ. (නි)
සරත් මහත්තයෝ, ඔහෙත් පඩික්කමේද බත් කන්නේ.(නදී)
"රජිත්- ඉතාලි" ඔබ හරි. මගේ අදහසත් එයමයි.(නදී)
දකුණු කොරියානු රැකියා සදහා පිටත්ව යන අපේ ලාංකික සොහොයුරන්ට වාසනාවන්ත හෙට දිනක් පතමි! (නි)
ඉතාලියේ රන්ජිත්, ඔයා කිව දේ හරියටම හරි. අපේ රටේ අය මේ සම්බන්දව ලැජ්ජා වෙන්න ඕනා.(නදී)
ෆස්රුල් ගෆූර්, අවවාද නම් හොඳයි. හැබැයි මට හිතෙනවා එහි ප්‍රමුඛතාවයේ වෙනසක් සිදුවිය යුතුයි කියා. රටේ කිර්ති නාමය රැක ගැනීම මුල් තැන ගත යුතුය. මන්ද, බොහෝ දෙනෙක් මුදල් හම්බ කිරීම සඳහා රටේ කිර්ති නාමය අමතක කරන නිසා. යහපත් ස්ථාවරයකට එනකම් ලංකාවට නොඑන්න යන්නත් සංශෝදනය විය යුතුය. මන්ද, උතුරු කොරියාව ගහන්න පටන් ගත්තොත් මොන දෙවියන්ට කියන්නද? අවසාන වශයෙන් ගෆූර් මහත්තයෝ, දැන් කවදා වගේද ඔබතුමා ලංකාවට ඇවිල්ලා ඔය කර්මාන්තය පටන් ගන්න හිතාගෙන ඉන්නේ? (නි)
"ඉතාලියේ" රන්ජිත් මහත්මයා ඇයි ඉතාලියේ ඉන්නේ ? ඔබ කරන්නේ වහල් සේවයක් නොවේද ? ඔබ ඉතාලියේ යම්කිසි නිලයක් දරන පුද්ගලයෙක් වියහැකියි.නමුත් ඔබද වහලෙකි.රැකියාව කුමක් වුවත් ඔබ මුදලට හෝ වහලෙකි. සියලුම අපගේ සහෝදරයන් කොරියානු ජනරජයට සාදරයෙන් පිළිගනිමු .ජය වේවා!!! (නි)
එන්න එන්න මල්ලිලා සාදරයෙන් පිලි ගන්නවා කොරියාවට (අ)
අයියෝ රංජිත්, ඔයා ඉල්ලන් කන්න එපා. එයාලා යන්නේ රැකියා වලට. වහල් සේවයට නෙමෙයි. (නි)
අපේ සහෝදර සහෝදරියන්ට ජය වේවා!! (නි)
තමන්ගේ ස්වයං රැකියාවක් නොකරන හැමෝම වහල් සේවා තමා කරන්නේ.ඉතින් දේශපාලන ඇසින් බලන අයට ඔහොම තමා පෙනෙන්නේ.ඔබ සැමට ජය. (නි)
මේක තමයි එහෙනං අපි ආසියාවේ "ආහ්චර්යයට" යන ගමන. මේවා දකිනකොට මට හිනා යනවා. මහා ලොකු ප්‍රෞඪ අවුරුදු 2500ක මහා ලොකු ඉතිහාසයක් ගැන පුරාජේරු කියනවා. හැබැයි අපේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගය ඇවිල්ලා වහල් සේවයට මිනිස්සු පිටරට යවන එක. (නි)
තරඟ විභාගයකින් සමතුන් වී මේ යන ගමනට මා ඔබ සැමට සුභ පතමි! වීදුරු ගෙවල් වල සිට ගල් ගැසීමෙන් පාඩුව තමාට බව රංජීත් ඉතාලිය අවබෝධ කරගත යුතුය. සුවිශේෂ රැකියාවන්හි නියුතුවන්නෝ අතලොස්සකි.පැයට මිල්ල 10ක් අයකළ මා පසුව යුරෝ 10ක් අය කලෙමි. මෙයිට වඩා වැදගත් ලෙසින් මොවුන් සේවය කරනු ඇත. තමාගේ තාක්ෂණික දැනුම ඔස්සේ සේවය කිරීමෙහි වෙනසක් ඇත්තේමය. එක පැයක් හෝ වැඩ සොයා ගැනීමට හිඟමනේ යායුතුය. පැයක් හෝ දෙන්නට කැමති කෙනෙක්ද නැත. (නි)
සුභ පතනවා. සැමටම ජය!(නදී)
අරාබි රටලවල් වලට යවන එක නවත්තන්න. හැම කෙනෙක්ම කොරියා යැව්වා නම් වැඩේ ඉවරයිනේ (නි)
ගියාට කමක් නැහැ හැබැයි ගෙදර කුඹුරේ වත්තේ වැඩකරන්න කම්මැලි වීම ගැන දුකයි. රට සල්ලි මායාවක් බව ඔබ ගිහින් ආවාට පස්සේ තේරෙයි.(නදී)
රන්ජිත් ඔයාවත් කොරියා යවනවා කිවුවනම් නිකන්ම ඉදියි නේද? මට උබ ගැන ලැජ්ජයි ඉරිසියා කාරයා.(නදී)
රකිත් මහත්තයෝ, ඔබතුමා වරද්දා ගත්තා අවසානයේ. මොකද ලංකාවට ඇවිත් කර්මාන්තයක් පටන් ග්තතා කියන එකේ තේරුම විශාල ආයෝජනයක් කිරීමක් නොවේ. කුඩා කර්මාන්තයක් තමන්ගේම කියලා එකක්. මගේ කර්මාන්තය පටන් ගත් දිනක කළමනාකාරිත්වය සදහා ඇබෑර්තුවට ඔබතුමා ඉල්ලුම් කළා නම් මා මුල් තැන දෙන්නේ ඔබේ ඉල්ලුම් පත්‍රයට. මොකද මගේ කර්මාන්තය පිළිබද මට වඩා ඔබතුමාට ඇති උනන්දුව ගැන සලකා බලා. (නි)
මමත් අවුරුදු දෙකකට කලින් ඔහොම තමයි ආවේ. අපි අපේ කොල්ලෝ එනකල් බලාගෙන ඉන්නවා (නි)
ගෆුර් මහත්තයෝ, මගේ ප්‍රතිචාරයේ විශාල ආයෝජනයක් ගැන මා සඳහන් කළේ නැහැ. මා ඔබෙන් ඒ ප්‍රශ්නය ඇහුවේ විදෙස් ගත වුනු බොහෝ දෙනෙක් ඔය අදහස ඉදිරිපත් කළත් මා දන්නා තරමින් එය ඇත්තටම ක්‍රියාත්මක කරන්නේ ඉතා සුළු පිරිසක් නිසා. සමහරු ලංකාවේ පැත්ත පළාතේ එන්නේ නැහැ නිකමටවත්. ඔබතුමා කවදා හරි ආරම්භ කරන කුඩා කර්මාන්තයේ, කළමනාකාරී තනතුර සඳහා අයදුම් පතක් දැමීමට ඇඟිලි ගනිමින් සිටිමි. කරුණාකර ඒ බව යථා කාලයේදී දැනුම් දෙනු මැනවි. (නි)
සුභපතනවා මම
කොරියා රස්සා වලට යන එක හොදයි මැද පෙරදිගට වඩා. එහෙත් පාලකයෝ මේ අහිංසක කොල්ලෝ ලවුවා ඡන්ද වැඩ කරවා නොගෙන සාධාරන විදියකට මේ රස්සා දුන්නොත් නරකද? (නි)
කොහොම වෙතත් බුදු සරණයි මගෙ පුතේ! (නි)
යන කාරනය මතක තියාගන වැඩකරන්න. ඔබට ජය.(නදී)
ගූඩ් ලක් !(නදී)
යුද්දෙයි කියල බෙරිහන් දුන්නේ. ඇයි එහෙනම් ආයේ යවන්නේ?(නදී)
අනේ අපිවත් අරන් යන්නකෝ.(නදී)
කොරියාවෙත් නැති යුද්ධයක් ලංකාවේ තියෙන්නේ. බය නැතුව එන්න කොරියාවට.සාදරයෙන් පිලිගන්නවා. (නි)
ඉස්සර මිල්ල සොයා නැව් වලින් බෝට්ටු වලින් හොරෙන් ඉතාලි ගියා. දැන් ඉසුරු සොයා දකුණු කොරියාවට යනවා නිත්‍යානුකුලව. ඔබ සැමට තෙරුවන් සරණ ලැබේවා.(නදී)
මේවා උදම් අනලා බෙර ගහන්න ඕනෑ දේවල් නෙමෙයි. අපි රටක් වශයෙන් ලැජ්ජා වෙන්ඩ ඕනෑ රටේ තරුණ පරම්පරව වහල් සේවයට යනවට. (නි)
නිල් පාට ගවුම ඇදපු බබා හම්බ වෙන්න ඉන්න ගෑණු ළමයා කොරියා යනවද? (නි)
වරුණ, ඉරිසියා කරන්න එපා ඒ මිනිස්සුන්ට කීයක් හරි හොයාගන්නවට ඉරිසියා කරන්න එපා. මොකද ලංකාවේ හරිහමන් පඩියක්වත් ලැබෙනවා කියලද. ඔයත් ට්‍රයි කරන්න කොහොම හරි යන්න.(නදී)
ජය වේවා සහෝදර වරුනි ලංකා මතාවගේ නම රැකගෙන හැම දේම කරන්න.(නදී)
පළමුවන පින්තුරයේ අත් දෙක බදාගෙන ඉන්න අක්ක හෝ නංගී වෙතටයි. යන කාරනය මතක තියාගන වැඩකරන්න. ඔබට ජය. ලංකාවෙන් යනකොටවත් ටිකක් හෝ සංවර ඇදුමක් ඇදගෙන ගියානම් තමි අපේ රටටත් රජයටත් හොඳයි. පස්සේ ඉතින් ඔනෙනෙම් සන්කරව අදින්න පුලුවනිනේ නේද? රුප රාමු අංක තුන. බබාල හම්බවෙන්න ඉන්නේ අම්මෙකුත් යනවද?(නදී)
ඇයි මත්තල?? (නි)
උතුරු කොරියා, බංගලාදේශ ප්‍රශ්න අපේ කොල්ලන්ගේ වාසනාවට හැරේවා. ඔබට ජය,ආපු කරණය ඔලුවේ තියාගන්න.(නදී)
ලංකික දරුවෙකුට ඉතාලි රටේ පුරවැසිභාවය ලැබෙන්ඩ යනවා හොදයි නේද?(නදී)
හිටියොත් හොදට හැදී, දෙවියොත් නමට වදී... (නි)
මමත් ඔහොම කොරියා ගිය හැටි මතකයි. ආපහු ආවේ සල්ලිත් නැතිවෙලා (නි)
සරත් මහත්තයෝ, මෝඩකම තිබුනට ප්‍රදර්ශනය කරන්න එපා. ලිපිය හොඳට කියවන්න. තරුණයෝ විතරයි කොරියා යන්නේ. 8 පාස් නැහැ කියලා මිනිස්සුන්ට පෙන්නන්න හදන්න එපා. (නි)
රටේ ගරුත්වයත්, ඔබේ ගරුත්වයත් රැකගෙන හොද ආදායම් මාර්ගයක් හොයාගන්න මාගේ සහෝදර සහෝදරියනි. (නි)
සරත්ගේ වයර් මාරුවෙලා. පුතා, සහෝදරයා, ස්වාමියා තමන් හැර යනවිට කණගාටු නිසා මවු බිමෙන් පිටත් වෙන මොහොතේ ඔවුන් සමග ඇවිත්. (නි)
සරත් මෝඩ විදියට හිතන්න එපා.එයාර් පෝර්ට් එන හැමෝම රට යන අය නෙමෙයි.මේ අයගෙන් ගොඩක් එයාලගේ පවුලේ උදවිය.මෙයාලා මෙතැනට ඇවිත් ඉන්නේ වෙන් වෙලා යන අයට සුබ පතන්න. (නි)
කෝ මේ පිට රට යන්න එපා, ලංකාව හොදයි කියන අය? යන්න හදන අය යන්නේ ජීවත් වෙන්නේ බැරිනිසා සුන්දර ලංකාවේ (නි)
සරත්, අදහස් ප්‍රකාශ කළ යුත්තේ ලිපිය පැහැදිලිව කියවීමෙන් පසුවයි. දකුනු කොරියාවේ රැකියා සදහා සුදුසුකම් ලැබූ තරුණයන් පිරිසක් මේ ඉන්නේ.(නදී)
කොරියාවට යන්න තව කීදෙනෙක් නම් බලාගෙන ඉන්නවද? (නි)
අපේ අනාගත බලාපොරොත්තු පස්සට ගියා. හැමෝටම එක වගේ සලකන්න. හැමෝටම එක වගේ... (නි)