මහනුවර ඓතිහාසික මැද වාසල කටු ගෙයින් ඉපැරණි බිතු සිතුවම් සටහන් මතු වී ඇතැයි එහි සංරක්ෂණ කටයුතු කරන මධ්‍යම සංස්කෘතික අරමුදල කියයි.
මහනුවර යුගයේ අවසන් රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහ හා බිසව සිටි කාමරයක හා යාබද බිත්තිවලින් මේ සිතුවම් මතු වී තිබේ.
බිතුසිතුවම් අයිති කාල වකවානු හෝ නිශ්චිත යමක් කීමට නොහැකි බව මහාචාර්ය බී ඩී නන්දසේන කියයි.
එකම අච්චුවකින් සටහන් කළ මල් පෙළට තබා ඇති බව සංරක්ෂකයෙක් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමතැනම පුරා විද්‍යාත්මතක සාධක මතු වෙනවා.ඒත් සංරක්ෂණ කටයුතු නිසි පරිදි සිදු වෙනවාද? (ස)
සිරිබර අනාගතයකට සුභ පැතුම්! (නි)
ඕවා දැකලා නැතුවද, වටිනාකමක් දන්නේ නැතුවද ඒ කාලේ හුණු බදාමෙන් වහලා තියෙන්නේ? (නි)
ඔන්න හැබැයි, එක්කෙනෙක් නම් ඉන්නවා. එයා මේක දැක්කොත් අනිවාර්යයෙන්ම එනවා බලන්න (නි)
සෑම දෙයක්ම අනිත්‍ය බව පසක් කරගත යුතු වේ. (නදී)
විනීතා, ඔබ සමග මාත් එකගයි.අපේ රටේ තරම් කුඩා රාජ්‍යයක විහිදුණු මෙතරම් පුරාවස්තු ප්‍රමාණයක් කොහෙවත් ඇති කියලා කියන්න බැහැ.නමුත් ඒවා සුරැකීම නම් වෙන්නේ ඉතා අඩුවෙන්.හොදම දේ නම් මේවා මතු පරපුර වෙනුවෙන් වසර 50ක් වත් කැණීම් නොකර 50% ඉතිරි කිරීමයි. 50%ක් කැණීම් කළහම හොදටම ඇති. (නි)
රටට ආදරය ඇති ඕනෑම අයෙක් තම රටේ පුරාවස්තු රැක ගැනීම ගැන විශාල උනන්දුවක් දක්වනවා. එහෙත් පුරා විද්‍යාවට අරක්ගත් සමහර පණ්ඩිතයින් මීට හාත්පසින්ම වෙනස් ආකාරයකටයි හිතන්නේ. මෙහෙමත් රටක්! (නි)
නව සොයාගැනීමට සුභ පැතුම්! (නි)
අනාගත තාක්ෂණයට යමක් ඉතිරි කිරීම දැනටත් සිදු වෙනවා සඳුනි. සීගිරියේ සහ තවත් තැන් වල එවැනි කලාප තිබෙනවා. (නි)
මීට පෙරත් මෙවැනි ස්ථාන හමුවුණා නේද? (නි)
පුරා විද්‍යාව කියන්නේ රටක ඉතිහාසයේ සුසුම්නාවයි. ඉපැරණි දේ මතුකර ගැනීමත්, ඒවා සංරක්ෂණය කිරීමත්, එවැනි දේ රැක ගැනීමත්, ඒ තුලින් ජාතිය ට ආත්ම අභිමානයක් ලබා දී සුභවාදී අනාගතයක ට මාවත් ඉදිකර ගැනීම පාලකයින්ගේ මෙන්ම පාලිතයින්ගේ ද යුතුකමක්. (නදී)
මේ බිසෝවරුන්ගේ සිරියහන් ගැබනම්,මේ පින්තුරවලට කතාකරන්නත් පුලුවන්නම්, අපිට කොතරම් සුන්දර රාජකීය දේවල් මේවායින්අ හගන්න තිබුනද? (නදී)