IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


බස් සේවක ලක්ෂ බාගයක් අයිතිකරුට දෙයි

කුරුණෑගල සිට කොළඹ දක්වා ගමන් කළ  සුඛෝපභෝගී පෞද්ගලික බස් රථයක ගමන්  ගත් තරුණයින් දෙදෙනකුගේ  රුපියල් පනස්දහසක් සහිත මුදල් පසුම්බියක්  අමතක විය.

බස් රථයේ  කොන්දොස්තර  තුෂාර කැළුම් කොළඹ බැස්ටියන් මාවත බස් නැවතුම්පොළේදී  එය අයිතිකරුට බාර දුන්නේය.

රත්නපුර කිරිඇල්ලේ   සමන්තිලක චන්ද්‍රසිරි  තම පෙම්වතිය සමඟ කුරුණෑගල සිට  කොළඹට පැමිණ ඇත්තේ  අලුත් මොටර් සයිකලයක්  ගැනීමේ අපේක්ෂාවෙනි. ඒ සදහා ගෙන ගිය මුදලින්  කොටසක්  මෙසේ පසුම්බයේ  දමාගෙන ඇත.

තම මුදල් පසුම්බිය  බසයේ දමා ගොස් ඇතැයි ඔහුට සිහි වී ඇත්තේ  පිටකොටුව බස් නැවතුමෙන් බැස  පැයකටත් වඩා කාළයකින් පසුවයි. ඒ වන විටත්  රාත්‍රී 10 ත් පසු වී  තිබුණත් ඔහු වහාම මේ සිද්ධිය  බැස්ටියන් මාවත බස් නැවතුම් කාර්යාලයයේ  නිලධාරී ජගත්  නිශාන්ත මහතාට දැනුම් දුන්නේය.

ඒ මහතා ජාතික ගමනාගමන කොමිෂන් සභා ප්‍රධාන කාර්යාලයයේ  උපදෙස් ගෙන  එම බස් රථයේ හිමිකරු වන ජීවා කස්තුරිරත්න මහතා මගින් කොස්දොස්තොර මහතා සම්බන්ධකරගෙන මෙම මුදපල් පසුම්බිය සොයා ගත්තේය.

පිටකොටුව බස් නැවතුම්පොළෙහි  කළමණාකරු  රෝහණ වත්තේ ගේ මහතාගේ අධික්ෂණය යටතේ  එම බස් රථයේ කොස්දොස්තර කැළුම්ගෙන් චන්ද්‍රසේන  සිය මුදල්  පසුම්බිය ලබා ගත්තේය.     

 

 

 

 



අදහස් (0)

බස් සේවක ලක්ෂ බාගයක් අයිතිකරුට දෙයි

නිමල් ලලිතා Wednesday, 05 June 2013 08:08 AM

රංජනී නෝනා හොද වැඩකට හොද කියන්න පුරුදු වෙන්න. කොහොමත් අහුවෙනවනේ කියන්නේ කොහොමද. කොන්දොස්තර මහතා පැවසුවානම් ලැබුනේ නැහැ වෙන කෙනෙකු අරගෙන බසින්න ඇති කියලා මොනවා කරන්නද?.(නදී)

:       0       0

ටෙනිසන් Wednesday, 05 June 2013 08:18 AM

රන්ජනී මොනවද ඔය කියන්නේ ,අවංකවම එම මුදල කොන්දොස්තරට නොලැබුනානම්, ? මොනවා කියල ජරමර කරන්නද?. අද රුපියල් පනස්දාහක් කියන්නේ හංගන්න බැරි මුදලක් නොවෙයිනේ .එ නිසා කලදේ අගයන්න පුරුදු වෙන්න. එය සැහැල්ලුවට ලක් කරන්න එපා. එවිටයි අන්‍යයන් එය ආදර්ශයට ගන්නේ.(නදී)

:       0       0

රිෂාන් Wednesday, 05 June 2013 08:38 AM

මාධ්‍ය ඉස්සරහට ගෙනත් ලජ්ජා කරෙත් මේ වගේ අයට තමා. ඔය එක එක සේනා ටික. (නදී)

:       0       0

රංජිත් Tuesday, 04 June 2013 08:32 PM

ඔබ කරන ලද ක්‍රියාවට පැසසුම්. සැමදාම සතුටින් ඉන්න ලැබේවා! (නි)

:       0       0

කුරුනේරු Wednesday, 05 June 2013 09:19 AM

ඕක කොහොමත් දෙන්න වෙනවා. මේ මිනිස්සු දවස පුරා ශරීර වලට දෙන හිරිහැර ගෙන කතාකරන්න කවුරුවත් නැහැ. ඕන කෙනෙක්ට මේ නියම ෂෝ එකක් කියල පේනවා. මේකේ කොමෙන්ට් දාන කට්ටිය ජීවිතේට බස් වල ගිහිල්ල නැහැ රංජනී හැරුනම (දී)

:       0       0

ලලිත්-එස්.එල් Tuesday, 04 June 2013 08:53 PM

ඇති යාන්තම් අපේ රටේ තාම හොද දේවලුත් වෙනවා කියල ඇහෙව්වා. (නදී)

:       0       0

සමන් තුෂාර Tuesday, 04 June 2013 09:25 PM

මෙන්න මිනිස්සු.(නදී)

:       0       0

රංජනී Tuesday, 04 June 2013 09:42 PM

නොදී හිටියනම් අලි ජරමරයක් වෙන්නේ. කොහොමත් අහුවෙනවනේ. (නි)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 05 June 2013 02:00 PM

සිංහලයෝ ඉස්සර ඉඳලම අනුනට 'ගින්දරක්' දුන්නේ නැති ආගන්තුක සත්කාර වලින් උසස් ජාතියක් නමුත් 77 සිට අද වෙනකල් පැමිණි බොහෝ දේශපාලකයෝ වැරදි ආදර්ශ සමාජ ගතකර රටට මහා විනාශයක් කර සහ කරමින් තම මඩිය තර කර ගනිමින් අයාලේ යනවා. පරමාදර්ශී චරිත අද ලංකාවේ නැත.(නදී)

:       0       0

දිනුෂ් Wednesday, 05 June 2013 10:00 AM

නියමයි.(නදී)

:       0       0

හේමන්ත Wednesday, 05 June 2013 09:58 AM

රිශාන් ඔයා දැනගන්න වැරැද්දට නිසි දඬුවමත්, හොඳ දෙයට ප්‍රසංසාවත් ලෝකධර්මයක් බව. ඔයාලගේ එහෙම ඇදහීමක් නැද්ද? (නදී)

:       0       0

දම් Tuesday, 04 June 2013 09:55 PM

අපි ඔක්කොම එක බෝට්ටුවේ. මොකටද අපි උඹලගේ දේවල් හොරක්ම් කරගන්නේ. වැඩේ ඉස්තරම්.(නදී)

:       0       0

නිමල් Tuesday, 04 June 2013 10:15 PM

හොද වැඩක්

:       0       0

සිරිනිමල් Tuesday, 04 June 2013 10:17 PM

කොන්දොස්තර කවුද? මුදල් අයිතිකරු කවුද? මට පැහැදැලි නැහැ (නි)

:       0       0

ෂපීක් Wednesday, 05 June 2013 10:15 AM

ප්‍රීතියි, ප්‍රීතියි අද කාලේ මෙවැනි පුවතක් ඇසීමත් වාසනාවක්.(නදී)

:       0       0

සරත් Wednesday, 05 June 2013 10:24 AM

රංජනී වගේ අය තමයි බස්වල යනකොට අහිංසක කොල්ලන්ව කුලප්පු කරලා උන්ගේ මොලේ කචල් කරලා මේ වගේ සිදුවීම් වලට මග පාදන්නේ.(නදී)

:       0       0

මනෝජ්-සාජා Tuesday, 04 June 2013 10:31 PM

මෙන්න නියම මිනිස්සු.අර හාමුදුරුවන් බස් එකෙන් ඇදල දාපු කොන්දගේ කොන්ද කඩන්නට ඕනෑ. (නි)

:       0       0

සම්පත් Wednesday, 05 June 2013 10:34 AM

ඇත්තටම මේ ක්‍රියාව ගොඩක් වටිනවා මේ වගේ හොද වැඩ කරන කට්ටිය අගය කරන්නේ ඕනේ , මේ මුදල් පසුම්බිය හොයා ගන්න සහයෝගය දුන් කට්ටියටම මේ පැසසුම් ලැබෙන්න ඕනේ.(නදී)

:       0       0

සන්ජය Tuesday, 04 June 2013 10:39 PM

උස තිබ්බට මොලේ නැහැ.(නදී)

:       0       0

ජෙෆ් Tuesday, 04 June 2013 10:44 PM

කැලුම් ඔබට කවදාකවත් වරදින්නේ නැහැ. චන්ද්‍රසේන, ඔබ බස්රථයේ කළ අතපසුවිම අලුතෙන් ගත් මෝටර් බයිසිකලයේ පෙම්වතියත් සමග යනවිට සිදු කර ගන්නට එපා. (නි)

:       0       0

හර්ෂණ පෙරේරා Tuesday, 04 June 2013 10:45 PM

අපි අතර හොද මිනිස්සු ඉන්නවා (නි)

:       0       0

නසා Tuesday, 04 June 2013 10:47 PM

ඉදලා හිටලා හොද දේවල් අහන්න ලැබෙනවා. සාදු සාදු සාදු .... (නි)

:       0       0

තබුක් සිල්වා Tuesday, 04 June 2013 11:11 PM

රියදුරු මහතා හොද හිතක් පපුවක් තිබෙන මිනිහා. පරිස්සම් වෙන්න මල්ලි කොලඹ කාක්කන්ගෙන්.(නදී)

:       0       0

සුසිල් මිලානෝ Tuesday, 04 June 2013 11:21 PM

මෙහෙම හොද දේ අහන්න ලැබෙනවා නම් අපිට අපේ රට ගැන මොනතරම් සතුටක්ද. මේ අවංකභාවයට අපේ උපහාරය. (නදී)

:       0       0

අනර Tuesday, 04 June 2013 11:49 PM

අවන්කවම මේ වගේ හොඳ දේවල් ඉදිරියටත් අහන්න ලැබේවා!(නදී)

:       0       0

දම්මික පෙරේරා Wednesday, 05 June 2013 02:58 PM

අද කාලේ අදහන්න අමාරු සිද්දියක් මේක. රුපියල් සත වලට ජිවිත විනාස කරන කාලේ මේවගේ උතුම් මිනිස්සුත් ඉන්නවා . ඔබට අපේ පැසසුම් ! (ස)

:       0       0

මුතුකුඩ Wednesday, 05 June 2013 02:00 AM

හා හා ලලිත් එහෙම කියන්න ඒපා. ලංකාවේ නොහොද වගේම හේද දේවල් කරන උතුම් අය තවත් ඉන්නවා. මෙවැනි හොද දේවල් නිසා නොහොද කරන අය නිසා ඇතිවන කැලල් පවා නැතිවී යනවා.(නදී)

:       0       0

චන්ද්‍ර Wednesday, 05 June 2013 05:51 AM

ඔබ ඔබගේ දෙමව්පියන්ට ආඩම්බරයක්! (නි)

:       0       0

ඇල්පි සිංඥෝ Wednesday, 05 June 2013 12:01 PM

බස් රථයේ අයිතිකරුටද භාගයක් දුන්නේ.(නදී)

:       0       0

නාලක Wednesday, 05 June 2013 12:06 PM

හරියටම හරි ටෙනිසන් ඔය කියපු එක. මොනාද ජර මර.(නදී)

:       0       0

එල්පින්ස් Wednesday, 05 June 2013 12:05 PM

බස් කොන්දොස්තර ලක්ෂ බාගයක් බස් අයිතිකරුට දෙයි? (නදී)

:       0       0

සංජු Wednesday, 05 June 2013 07:06 AM

"ජාතික ගමනාගමන කොමිෂන් සභා ප්‍රධාන කාර්යාලයයේ උපදෙස් ගෙන" කොන්දොස්තර, රියදුරු මහතා සහ බස් රථ ලියාපදිංචි කරලා සියලුදෙනාට හදුනාගැනීමේ හැදුනුම් පත් ලබාදීලා බස් ටිකට් පතේද ලියා පදින්චි අංකයක් සදහන් කරලා යම්කිසි ක්‍රමවේදයක් ඇතිකරනම් අපිට බස් රථ වල සිදුවෙන ගැටළු විසදා ගැනීමට පුළුවන්.(නදී)

:       0       0

සුනිල් Wednesday, 05 June 2013 12:42 PM

අනේ වාසනාවන්. දරුවෝ ඔබ වගේ තවත් දහසක් මේ රටේ ඉන්නවනම් මේ රට කොච්චර ලස්සන වේවිද? ඔබට දෙවි පිහිට ලැබේවා. (ස)

:       0       0

සුනිල් Wednesday, 05 June 2013 12:39 PM

අනේ වාසනාවන්. දරුවෝ ඔබ වගේ තවත් දහසක් මේ රටේ ඉන්නවනම් මේ රට කොච්චර ලස්සන වේවිද? ඔබට දෙවි පිහිට ලැබේවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා නව නායකයා කවුද?
2024 සැප්තැම්බර් මස 29 1 0

ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලා ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය වීමෙන් පසු, හිස්බුල්ලා සංවිධානයට නව නායකයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ප


ඊශ්‍රායලය කළ දේ හරි - බයිඩන්
2024 සැප්තැම්බර් මස 29 115 0

ඊශ්‍රායලයේ මිතුරා මෙන්ම ලෝක බලවතා ද වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නසරැල්ලා ඝතනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින්, ඊශ්‍රායලයට සහාය දක්වමින් අදහස් පළ කර


උහන වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 29 129 0

අම්පාර උහන සමන්ගල සහ බංඩාරදුව ආසන්නයේ වනසංරක්ෂණ දෙපාර්තතමේන්තුවේ රක්ෂිත වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ කරන බව ප්‍රදේවාසිහු පවසති.


නසරැල්ලා මරන්න අණ දුන්නේ මම
2024 සැප්තැම්බර් මස 29 345 0

දරුණු ත්‍රස්තවාදියකු වූ නසරැල්ලා ඝාතනය කිරීම, ලැබූ විශිෂ්ට ජයග්‍රහණය බවත්, ඊශ්‍රායලය ලෙබනනයෙන් පළිගත් බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යා


ලිබඩු කර්මාන්තශාලාවක ගින්නක්
2024 සැප්තැම්බර් මස 29 62 0

මොරටුව ,ඉදිබැද්ද ප්‍රදේශයේ එඩ්වඩ් පටුමග පිහිටි ලී බඩු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද(29) අලුයම 1.30 ට හදිසි ගින්නක් ඇතිවී එහි දේපල වලට බරපතල හානි සිදූවී ඇතැයි


කූට ලේඛන සකසා මෝටර් රියක් අලෙවි කළ දෙන්නෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 29 409 0

කූට ලේඛන සකස් කර මෝටර් රථයක් එක්කෝටි තිස් ලක්ෂයකට අලෙවි කළ බව කියන පුද්ගලයකු ඇතුළු දෙදෙනෙක් කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ පොල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38001 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25027 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site