කුරුණෑගල සිට කොළඹ දක්වා ගමන් කළ සුඛෝපභෝගී පෞද්ගලික බස් රථයක ගමන් ගත් තරුණයින් දෙදෙනකුගේ රුපියල් පනස්දහසක් සහිත මුදල් පසුම්බියක් අමතක විය.
බස් රථයේ කොන්දොස්තර තුෂාර කැළුම් කොළඹ බැස්ටියන් මාවත බස් නැවතුම්පොළේදී එය අයිතිකරුට බාර දුන්නේය.
රත්නපුර කිරිඇල්ලේ සමන්තිලක චන්ද්‍රසිරි තම පෙම්වතිය සමඟ කුරුණෑගල සිට කොළඹට පැමිණ ඇත්තේ අලුත් මොටර් සයිකලයක් ගැනීමේ අපේක්ෂාවෙනි. ඒ සදහා ගෙන ගිය මුදලින් කොටසක් මෙසේ පසුම්බයේ දමාගෙන ඇත.
තම මුදල් පසුම්බිය බසයේ දමා ගොස් ඇතැයි ඔහුට සිහි වී ඇත්තේ පිටකොටුව බස් නැවතුමෙන් බැස පැයකටත් වඩා කාළයකින් පසුවයි. ඒ වන විටත් රාත්‍රී 10 ත් පසු වී තිබුණත් ඔහු වහාම මේ සිද්ධිය බැස්ටියන් මාවත බස් නැවතුම් කාර්යාලයයේ නිලධාරී ජගත් නිශාන්ත මහතාට දැනුම් දුන්නේය.
ඒ මහතා ජාතික ගමනාගමන කොමිෂන් සභා ප්‍රධාන කාර්යාලයයේ උපදෙස් ගෙන එම බස් රථයේ හිමිකරු වන ජීවා කස්තුරිරත්න මහතා මගින් කොස්දොස්තොර මහතා සම්බන්ධකරගෙන මෙම මුදපල් පසුම්බිය සොයා ගත්තේය.
පිටකොටුව බස් නැවතුම්පොළෙහි කළමණාකරු රෝහණ වත්තේ ගේ මහතාගේ අධික්ෂණය යටතේ එම බස් රථයේ කොස්දොස්තර කැළුම්ගෙන් චන්ද්‍රසේන සිය මුදල් පසුම්බිය ලබා ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මේ ක්‍රියාව ගොඩක් වටිනවා මේ වගේ හොද වැඩ කරන කට්ටිය අගය කරන්නේ ඕනේ , මේ මුදල් පසුම්බිය හොයා ගන්න සහයෝගය දුන් කට්ටියටම මේ පැසසුම් ලැබෙන්න ඕනේ.(නදී)
රංජනී නෝනා හොද වැඩකට හොද කියන්න පුරුදු වෙන්න. කොහොමත් අහුවෙනවනේ කියන්නේ කොහොමද. කොන්දොස්තර මහතා පැවසුවානම් ලැබුනේ නැහැ වෙන කෙනෙකු අරගෙන බසින්න ඇති කියලා මොනවා කරන්නද?.(නදී)
රන්ජනී මොනවද ඔය කියන්නේ ,අවංකවම එම මුදල කොන්දොස්තරට නොලැබුනානම්, ? මොනවා කියල ජරමර කරන්නද?. අද රුපියල් පනස්දාහක් කියන්නේ හංගන්න බැරි මුදලක් නොවෙයිනේ .එ නිසා කලදේ අගයන්න පුරුදු වෙන්න. එය සැහැල්ලුවට ලක් කරන්න එපා. එවිටයි අන්‍යයන් එය ආදර්ශයට ගන්නේ.(නදී)
මාධ්‍ය ඉස්සරහට ගෙනත් ලජ්ජා කරෙත් මේ වගේ අයට තමා. ඔය එක එක සේනා ටික. (නදී)
ඕක කොහොමත් දෙන්න වෙනවා. මේ මිනිස්සු දවස පුරා ශරීර වලට දෙන හිරිහැර ගෙන කතාකරන්න කවුරුවත් නැහැ. ඕන කෙනෙක්ට මේ නියම ෂෝ එකක් කියල පේනවා. මේකේ කොමෙන්ට් දාන කට්ටිය ජීවිතේට බස් වල ගිහිල්ල නැහැ රංජනී හැරුනම (දී)
නියමයි.(නදී)
රිශාන් ඔයා දැනගන්න වැරැද්දට නිසි දඬුවමත්, හොඳ දෙයට ප්‍රසංසාවත් ලෝකධර්මයක් බව. ඔයාලගේ එහෙම ඇදහීමක් නැද්ද? (නදී)
ප්‍රීතියි, ප්‍රීතියි අද කාලේ මෙවැනි පුවතක් ඇසීමත් වාසනාවක්.(නදී)
රංජනී වගේ අය තමයි බස්වල යනකොට අහිංසක කොල්ලන්ව කුලප්පු කරලා උන්ගේ මොලේ කචල් කරලා මේ වගේ සිදුවීම් වලට මග පාදන්නේ.(නදී)
"ජාතික ගමනාගමන කොමිෂන් සභා ප්‍රධාන කාර්යාලයයේ උපදෙස් ගෙන" කොන්දොස්තර, රියදුරු මහතා සහ බස් රථ ලියාපදිංචි කරලා සියලුදෙනාට හදුනාගැනීමේ හැදුනුම් පත් ලබාදීලා බස් ටිකට් පතේද ලියා පදින්චි අංකයක් සදහන් කරලා යම්කිසි ක්‍රමවේදයක් ඇතිකරනම් අපිට බස් රථ වල සිදුවෙන ගැටළු විසදා ගැනීමට පුළුවන්.(නදී)
බස් රථයේ අයිතිකරුටද භාගයක් දුන්නේ.(නදී)
හරියටම හරි ටෙනිසන් ඔය කියපු එක. මොනාද ජර මර.(නදී)
බස් කොන්දොස්තර ලක්ෂ බාගයක් බස් අයිතිකරුට දෙයි? (නදී)
අනේ වාසනාවන්. දරුවෝ ඔබ වගේ තවත් දහසක් මේ රටේ ඉන්නවනම් මේ රට කොච්චර ලස්සන වේවිද? ඔබට දෙවි පිහිට ලැබේවා. (ස)
අනේ වාසනාවන්. දරුවෝ ඔබ වගේ තවත් දහසක් මේ රටේ ඉන්නවනම් මේ රට කොච්චර ලස්සන වේවිද? ඔබට දෙවි පිහිට ලැබේවා. (නදී)
සිංහලයෝ ඉස්සර ඉඳලම අනුනට 'ගින්දරක්' දුන්නේ නැති ආගන්තුක සත්කාර වලින් උසස් ජාතියක් නමුත් 77 සිට අද වෙනකල් පැමිණි බොහෝ දේශපාලකයෝ වැරදි ආදර්ශ සමාජ ගතකර රටට මහා විනාශයක් කර සහ කරමින් තම මඩිය තර කර ගනිමින් අයාලේ යනවා. පරමාදර්ශී චරිත අද ලංකාවේ නැත.(නදී)
අද කාලේ අදහන්න අමාරු සිද්දියක් මේක. රුපියල් සත වලට ජිවිත විනාස කරන කාලේ මේවගේ උතුම් මිනිස්සුත් ඉන්නවා . ඔබට අපේ පැසසුම් ! (ස)
කැලුම් ඔබට කවදාකවත් වරදින්නේ නැහැ. චන්ද්‍රසේන, ඔබ බස්රථයේ කළ අතපසුවිම අලුතෙන් ගත් මෝටර් බයිසිකලයේ පෙම්වතියත් සමග යනවිට සිදු කර ගන්නට එපා. (නි)
ඇති යාන්තම් අපේ රටේ තාම හොද දේවලුත් වෙනවා කියල ඇහෙව්වා. (නදී)
මෙන්න මිනිස්සු.(නදී)
නොදී හිටියනම් අලි ජරමරයක් වෙන්නේ. කොහොමත් අහුවෙනවනේ. (නි)
අපි ඔක්කොම එක බෝට්ටුවේ. මොකටද අපි උඹලගේ දේවල් හොරක්ම් කරගන්නේ. වැඩේ ඉස්තරම්.(නදී)
හොද වැඩක්
කොන්දොස්තර කවුද? මුදල් අයිතිකරු කවුද? මට පැහැදැලි නැහැ (නි)
මෙන්න නියම මිනිස්සු.අර හාමුදුරුවන් බස් එකෙන් ඇදල දාපු කොන්දගේ කොන්ද කඩන්නට ඕනෑ. (නි)
උස තිබ්බට මොලේ නැහැ.(නදී)
ඔබ කරන ලද ක්‍රියාවට පැසසුම්. සැමදාම සතුටින් ඉන්න ලැබේවා! (නි)
අපි අතර හොද මිනිස්සු ඉන්නවා (නි)
ඉදලා හිටලා හොද දේවල් අහන්න ලැබෙනවා. සාදු සාදු සාදු .... (නි)
රියදුරු මහතා හොද හිතක් පපුවක් තිබෙන මිනිහා. පරිස්සම් වෙන්න මල්ලි කොලඹ කාක්කන්ගෙන්.(නදී)
මෙහෙම හොද දේ අහන්න ලැබෙනවා නම් අපිට අපේ රට ගැන මොනතරම් සතුටක්ද. මේ අවංකභාවයට අපේ උපහාරය. (නදී)
අවන්කවම මේ වගේ හොඳ දේවල් ඉදිරියටත් අහන්න ලැබේවා!(නදී)
හා හා ලලිත් එහෙම කියන්න ඒපා. ලංකාවේ නොහොද වගේම හේද දේවල් කරන උතුම් අය තවත් ඉන්නවා. මෙවැනි හොද දේවල් නිසා නොහොද කරන අය නිසා ඇතිවන කැලල් පවා නැතිවී යනවා.(නදී)
ඔබ ඔබගේ දෙමව්පියන්ට ආඩම්බරයක්! (නි)