මහනුවර කුරුණෑගල බසයක ගමන් ගත් නයි නටවන්නන්නන් සිව් දෙනකුගේ මල්ලකින් නාගයන් නව දෙනකු ද, පිඹුරන් දෙදෙනෙකු ද බසයේ ඇදෙන්නට වීම නිසා මගීහු භීතියට පත් වූහ. ඉරිදා රාත්‍රී 11 බසයෙන් ගමන් ගත් නයි නටවන්නන්ට නින්ද ගොස් තුබූ බවත් කියති.
ගලගෙදර පොලිස් ස්ථානාධිපති එම් බී චන්ද්‍රපාල මහතා ඇතුළු පිරිසක් එහි පැමිණ නාගයන් ද, පිඹුරන් දෙදෙනාද, රිලවකු ද නයි නටවන්නන් සමග පොලීසියට ගෙන ගිය බව වාර්තා වේ.
එම සතුන් හා අයිතිකරුවන් උසාවියට ඉදිරිපත් කිරීමට ද නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අහිකුණ්ඨිකයොත් අර නයි නංගී වගේ නයින්ව කරේ දමාගෙන බස් එකේ ගියාද දන්නෙ නැහැ. (නි)
වර්තමානේ අපේ රටේ ඉන්නේ බාගෙට බාගයක්ම උන්මත්තකයි..!(නු)
නයි නටවන අහිංසක මිනිස්සු ඇගේ අමාරැවට ටිකක් ගන්න ඇති..!(නු)
ඒ කියන්නේ අහිකුණ්ඨිකයොත් පැය 48ක් හිරේද? (නි)
නයි ටික තේ බොන්න හිතිලා මල්ලෙන් එළියට ආවද දන්නෙ නැහැනේ. (නි)
ලස්සනට තියෙන්න ඇති නේද බස් එක ඇතුළේ නයි බඩගාද්දි. (නි)
මම ඒත් හිතුවා අර නළගනවත් කොහේහරි යන ගමන්ද කියලා. (නි)
නයින්ටත් අපේ රට ගැන කළකිරිලා වෙන්න ඇති. (නි)
නයාට බුදු සරණයි! (නි)
මරේ මරු ඇති. (නි)
බස් වල නයින් ගෙනියන්න හොද නැහැ.
මේ අය සර්කස් එකකට යන ගමන්ද කොහෙද? (නි)
මේ අයත් නයි නළගන වගේ ජනප්‍රිය වෙන්න නයි ටික අතහැරියද දන්නේ නැහැ. මොනවා වුණත් පොලෝසියේ ඇත්තෝ එළිවෙනකම් නයි නැටුම්, රිලා නැටුම් බලන්න ඇති. මොකද මිනිස්සුන්ව කූඩු කළාට සත්තුන්ව කූඩු කරන්න පැය 48 නීතියෙ මොකුත්ම සදහන් වෙලා නැහැනේ. නේද? (නි)
උසාවියේ නඩු අහන පෙරකදෝරු මහත්තුරුත් මේ නයි ටික දැකලා පණ කඩාගෙන දුවයිද දන්නෙ නැහැ. (නි)
නයි නළගන බලන්න නයි ටික රෝහලට යනගමන් වෙන්න ඇති. (නි)
අහක යන නයිනම් ඇඟේ දා ගන්න එපා (ස)
රජය මැදිහත්ව මේවා නැවැත්විය යුතුයි. සත්ව හිංසනය ජීවනෝපායක් කරගැනීම පිරිසකට විතරක් අවසර ලාබා දීම නොකල යුතුයි (ස)
මින් පසු මේ වගේ දේවල් නොකරන ලෙස අවවාධ කරලා යැව්වනම් හරිනේ (ස)
තවත් නයි නඩුවක් බලන්න පුළුවන් වේවි.මේ නය ටිකත් දෙහිවලට දෙයිද ? (ස)
සාත්තරයක්වත් අහලා ඉවරයි. හැබැයි හිරේ ඉන්න අයට නොමිලේ සාත්තර අහගන්න පුළුවන් වෙයි (ස)
රාත්‍රී කාලයේ සතුන් මෙලෙස ප්‍රවාහනය කිරීමට විරුද්ධව ගතහැකි නීතිමය පසුබිමක් තියෙනවාද ? (ස)
මේ සේරම අර නළඟනට දුන්නනම් හරි (ස)
බස් එකට නයි , පිඹුරෝ පටවනකම් කොන්දොස්තර නිදාගෙන ඉඳලද ? (ස)
ඉතා ඉක්මන් පුවත් සැපයීම ගැන අපිට සතුටුයි. (නි)
අයෙත් උසාවියට නයි නඩුවක් (ස)