පෞද්ගලික හා ලංගම බස්රථවල සිදු කෙරෙන වෙළඳාම් කටයුතු වහාම නවත්වන ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති ඇමති මහින්ද අමරවීර මහතා ජාතික ගමනා ගමන කොමිසමට හා ලංකා ගමනා ගමන මණ්ඩලයට උපදෙස් දී ඇතැයි සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවද එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.
සිය වසකට පසුව පැමිණ ඇති ලෝක වසංගතය මුළු ලෝකයම තම අණසකට ගැනීමට සමත්ව තිබේ. අප රටද එහි පහසු ගොදුරක් බවට පත් වුවද ජාතියේ වාසනාවට එම තත්ත්වය පාලනය කිරීමට සමත් විය. එහෙත් කන්දකාඩු දෙවැනි කොරෝනා පොකුර රට යළිත් පතුල නොපෙනෙන අගාධයකට ඇදගෙන යමින් තිබෙන සෙයකි. මහජනයා සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් තැකීමක් නොකිරීම දෙවැනි කොරෝනා පොකුරට ප්‍රධානම හේතුව වී ඇති බව සෞඛ්‍ය බලධාරීන්ගේ අදහසය. එහෙයින් පවතින තත්ත්වය සරලව ගෙන කටයුතු නොකළ යුතුය.
ගුවන් නියමුවකුට සිය පුහුණුවේදී පළමුව ලබාදෙන උපදේශය වන්නේ ‘‘ඔබට අත්වැරදීමකට ඉඩක් නොමැති’’ බවය. කොරෝනා මාරාන්තික වයිරසය හමුවේ එම උපදේශය දිවමන් වැකියක් ලෙස දෝතින්ම බාර ගත යුතුය. වගකීම් විරහිත එක් පුරවැසියකුගේ ක්‍රියා කලාපය හරහා රට මෙයට පෙර නොතිබූ තරමේ දරුණු අර්බුදයකට ගොදුරුවිය හැකිය.
රට පළමුවෙන්ම කොටස් දෙකකට බෙදිය යුතුය. ඒ කොරෝනා වසංගතයට ගොදුරු වීමට පෙර තිබූ රට හා කොරෝනා ආක්‍රමණයට ගොදුරු වූ පසු රට යනුවෙනි. සැබැවින්ම කොරෝනා වසංගතයට ගොදුරුවීමට පෙර පැවැති රටෙහි ජීවත්වූ ආකාරයට දැන් ජීවත්වීමේ හැකියාව නැත. පරණ පුරුදු ජීවිතයට යාමේ හැකියාව නැත. සෑම පුරවැසියකුම තදින් ඒ බව ග්‍රහණය කරගත යුතුය.
පෞද්ගලික බස් රථවල හා ලංගම බස්රථවල වෙළඳාම් කිරීම වහාම නවත්වන ලෙස ප්‍රකාශයට පත්වී ඇති නියෝගය අප හඳුනාගත යුතු වන්නේ ඉහත තත්ත්වයට යටත්වය. පෞද්ගලික බස්රථවල හා ලංගම බස්රථවල වෙෙළඳාම් කරන්නෝ ධන කුවේරයෝ නොවෙති. එදා වේල පිරිමසා ගන්නා අහිංසක ජනයා වෙති. ඔවුන් තම දරු පවුල රක්ෂා කරන්නේ බස්රථවල සිදු කරන මෙම සුළු වෙෙළඳාමෙනි. එයට එරෙහිව නීති පැමිණවීම එම ආදායම් මාර්ගය මුළුමනින්ම අත්හිටුවීමකි. එහෙත් පවතින තත්ත්වය හමුවේ එවැනි දුෂ්කර හා අකාරුණික කොන්දේසිවලට යටත්වීමට සිදුව තිබේ. එයට වෙනත් විකල්ප නැත.
දුම්රියවල ජංගම වෙළඳාම ඉකුත් මාර්තු මාසයේ සිටම අත්හිටුවා තිබේ. දැන් පෞද්ගලික හා ලංගම බස්රථවල වෙළඳාම තහනම් කර තිබේ. ඇතැම් ජංගම වෙළෙන්දන් සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය නොකරන බවට මහ ජනයා වෙතින් ලැබෙන පැමිණිලි හේතුවෙන් මෙම තහනම ක්‍රියාත්මක කර තිබේ. ඇතැම් ජංගම වෙළඳුන් බස්රථ තුළ විවිධ ආහාර ද්‍රව්‍ය, වතුර බෝතල් ආදිය අලෙවි කිරිමේදී බස්රථ ගණනාවකට ගොඩවන බවත් ඇතැමුන් නියමිත සෞඛ්‍යරක්ෂිත පිළිෙවත් අනුගමනය නොකරන බවටත් චෝදනාවකි.
මෙම තත්ත්වය සුළුවට ගත නොහැකිය. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා පොකුර එක් අතකින් වගකීමෙන් තොරව ක්‍රියා කිරිමේ ප්‍රතිඵලයකි. අපගේ සමාජයේ එක් දුර්ගුණයක් වන්නේ කිසියම් අනතුරක තර්ජනාත්මක ස්වරූපය තුනී වී යාමට පටන් ගැනීමත් සමග සියලු තත්ත්ව අමතක කර දමා පරණ පුරුදු ජීවන රටාවට යොමු වීමය. ඩෙංගු මාරයා ඉදිරිපිටදීද මෙම තත්ත්වය මැනවින් ඔප්පු වේ. එහෙත් ඖෂධයක් හෝ එන්නතක් සොයාගෙන නොමැති ලෝක වසංගතයක් ඉදිරියේ එබඳු වගකීම් විරහිත හැසිරීමක් යනු දින නියමයක් නැති මරණ සහතිකය අතට ගැනීමකි.
කොරෝනා මාරාන්තික උවදුරට ඇති එක් ප්‍රත්‍යක්ෂ ඖෂධයක් වනුයේ ආරක්ෂාවීමය. විවෘත කළ පාසල් යළිත් සතියකට වසා දැමුණි. ජාතියේ දූ පුතුන්ගේ අධ්‍යාපනයට එමගින් එල්ලවන බාධාව අති මහත්ය. එහෙත් මේ මොහොතේ පළමුවත්. දෙවැනුවත්, තෙවැනුවත් අවධානය යොමු කළ යුතු වන්නේ පුරවැසියන්ගේ ජීවිතාරක්ෂාව සම්බන්ධයෙනි. ඒ වෙනුවෙන් ගත යුතු පියවර කොතරම් දුෂ්කර වුවද අකාරුණික වුවද ගත යුතුමය.
බස්රථවල හෝ දුම්රියෙහි වෙළඳාමේ නිරත වෙළඳුන්ට විකල්ප මාර්ග තනාදිය හැකිය. ඒ කෙසේදැයි මේ මොහොතේ සිතා ගැනීමටවත් නොහැකි වනු ඇත. එහෙත් අප රට යනු අභියෝග අවස්ථා බවට පත් කරගත් පුරවැසියන් සහිත රටකි. රළ ගසන සකල අගති කුදලා දැමීමට නොපසුබස්නා අධිෂ්ඨානයෙන් ක්‍රියා කළ හා කරන ජාතියකි. කොරෝනා මුල් වටය අප ජය ගත්තේ ඒ බලගතු මහඟුසම්පන්න, මහානුභාව සම්පන්න ක්‍රියාකාරිත්වයෙනි. මෙවරද එලෙසම විය යුතුය. මේ මොහොතේදී ගත යුතු පියවර නොවැනී ගත යුතුය. නොපමාව ගත යුතුය. ප්‍රමාදය මරණයට හේතුව බව බුදු බණෙහි සඳහන් සනාතනික දහමකි.
අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී වවුනියාව පුනරුත්ථාපන කඳවුරේ පුනරුත්ථාපනය ලබමින් සිටින පුතාට ලබා දීමට අයිස් මත්ද්‍රව්‍ය රැගෙන ගියේ යැයි කියන උප පොල
ශ්රී ලංකා සබරගමු විශ්ව විද්‍යාලයේ අධ්‍යයන නිවාඩු ලබා විදේශගත වූ නිලධාරීන් දහතුන් දෙනකුගෙන් අය කර ගත යුතු රුපියල් නවකෝටි තිස් ලක්ෂයක පමණ මුදලක් මෙතෙ
කාල්ටන් නිවසට අද ආපු පළාත් පාලන අපේක්ෂකයන් කැමතිනම් මමත් මෙවර පළාත් පාලන ඡන්දයට ඉල්ලනවා යැයි හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා පැවසීය.
පාර්ලිමේන්තු මුළුතැන්ගෙයි වටිනා උපකරණ රැසක් අබලන්වීමෙන් එහි කටයුතුවලට බාධා මතුව ඇතැයි වාර්තාවේ.
මහනුවර - කොළඹ පැරණිතම ශීඝ්‍රගාමී නගරාන්තර දුම්රියට යොදවා තිබූ පහසුකම් සහිත දුම්රිය ඉවත්කර අඩු පහසුකම් සහිත හා මන්දගාමී දුම්රියක් යෙදවීමෙන් නියමිත ව
මහනුවර ප්‍රධාන දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ග සංඥා හසුරුවන පොයින්ට්ස්මන් (සංඥා හසුරුවන්නන්) දෙදෙනාට කැබින් කාමරයේ නින්ද යාමත් සමග සිදුවන්නට ගිය මහා
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
බස්වල වෙළෙඳාම තහනම කාලයට උචිත තීරණයක්
කමල් Thursday, 16 July 2020 06:23 AM
තහනම් කළාට කමක් නෑ. ඒ වෙළෙඳුන්ට ජීවත් වීමට සහනාධාරයක්වත් ලබා දීලා. අනිත් මිනිස්සුන්ගේ මනා පැවැත්ම උදෙසා ඒ වෙළෙඳුන් හා ඔවුන්ගේ පවුල් හාමතේ තැබීම සාධාරණ නෑ.
raviThursday, 16 July 2020 08:21 AM
අපේ ඇසි ඉදිරිපිටම... කොන්දොස්තර පුද්ගලයෙකුට මත්ද්‍රව්‍ය වික්කා.. අපි කැමැතියි මේ වගේ දේවල් තහනම් කරනවට..
Jayarathna Thursday, 16 July 2020 10:06 AM
මහනුවර, මාවනැල්ල අතරතුරේදී මාවනැල්ල සහ කඩුගන්නාව අතර මග වෙළෙන්ඳන් බොහෝ දෙනෙක් බස්රථවලට ගොඩවෙයි. වේගයෙන් ධාවනය වන බස්රථ තුළ බාස්කට් සහ කූඩ රැගෙන බඩඉරිඟු, වඩේ, පැටිස්, පලතුරු ආදිය වෙළඳාම් කරනවා. මොවුන් නිසා මගීන්ට කරදරයකි. සෑම දිනටම මෙම වෙළඳාම් නතරකළ යුතුයි.
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 16 July 2020 10:35 AM
කතාව ඇත්ත.. මේ රැකියාව කරන්නන් අන්ත අසරණ දුගී ජනතාව .. මේ අතරට දබ්බරයන්ද නැතිවා නොවේ. ඒත්, පොදුවේ මේ අසරණයින්ට වෙන පාඩුව සංවේදී අපහට දුකක් වුවත්, මේ වසංගත වෛරසය මර්ධනයේදී මීට ඉඩක් දීමට නොහැකියි. එය පොදු යහපත වෙනුවෙනි. මෙයින් පසුව හෝ මේ වෙළෙන්ඳන් හට නිසි සෞඛ්‍ය ක්‍රමවේද ගැන මහජන සෞඛ්‍ය අංශ දැනුමක් ලබාදී ඔවුන් පිරිසිඳු ලෙස වෙළඳාමේ යෙදවිය යුතුයි. කොරෝනා නොඑන්නට සෞඛ්‍ය බලධාරීන් මේ සම්බන්ධව තාමත් නින්දේය..
සුමනදාස Sunday, 19 July 2020 11:51 AM
ගෙවල් ගානේ ඡන්ද හිඟාකාගෙන එන අයව නවත්වන්නත් පුලුවන් නම් ලොකු දෙයක්...
mahinda Monday, 20 July 2020 01:38 AM
දැන් බස්වල හිටගෙන යන එක නැවැත්තුවද?
mahinda Monday, 20 July 2020 01:38 AM
දැන් බස්වල හිටගෙන යන එක නැවත්තුවද.?