IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


‘බහු ජාතික සමාගමට යට වෙන්න එපා‘

බහු ජාතික සමාගම්වලට යට වී වස විස ආහාර ගෙන්වීමට ඉඩ ලබා දීම නතර කරන ලෙස සහ ජනතාවගේ ආහාර සුරක්ෂිත කරන ලෙස ඉල්ලමින් පාරිභෝගික හා ගොවි අයිතින් සුරකීමේ සංවිධානය අද කොළඹ සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට දී උද්ඝෝෂණයක් පැවැත්වීය.

08 09 10



අදහස් (0)

‘බහු ජාතික සමාගමට යට වෙන්න එපා‘

දුරන්ග් Wednesday, 09 July 2014 02:37 PM

අහිංසා ඉදිරිපත් කරණ සෑම මතයකටම එකඟ නොවුනත් මේ මතයට නම් 100% ම එකඟ වෙමි. මේ ක්‍රමයට ඔහොමම යං. ලංකාවට ආනයනය කරණ සුදු පාට භාණ්ඩ වර්ග 04 ක් තියනවා. සුදු සීනි, පාන් පිටි, අජින මොටෝ, යුරියා පෝර. මේවා දියවැඩියාව සහ වකුගඩු රෝගවලට හේතු කාරක වනවා. තව අවුරුදු 05 ක් මේවා දිගටම ආනයණය කළොත් ශ්‍රී ලංකාවට අබ සරණම තමා. (නදී)

:       0       0

සෙනරත් Wednesday, 09 July 2014 07:14 PM

කතාව ඇත්ත සල්ලි නොදනිම යන්නේ ඒවාට තමයි (දී)

:       0       0

දුරන්ග් Thursday, 10 July 2014 09:56 AM

ඇන්ඩෝ, ස්තුතියි. මා දන්නා තරමින් "අබ සරණයි" යන වචනය මේ "ජනප්‍රිය සංස්කෘතිය" යටතේ බිහිවූ වචනයක්. අර "පට්ට" කියන වචනය වාගේ. ඉස්සර පට්ට ඉදිරියට දමා අසැබි වචනයකුත් පාවිච්චි වුනානේ. දැන් පට්ට කීවාම හොඳ වචනයක්. මෙහි "අබ සරණ" කියා යෙදී ඇත්තේ යහපතක් නොවන බව හැඟවීමටයි. (ස)

:       0       0

සෝමදාස Wednesday, 09 July 2014 08:08 AM

ඒක නම් හොඳයි නේද? (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 09 July 2014 09:03 AM

කිහිප දෙනෙක් සටන් වදිනවා මේවා ඕනේ නැහැ කියල. නමුත් වැඩි දෙනෙක් මේවට කැමතියි (නදී)

:       0       0

දිමුතු Wednesday, 09 July 2014 10:02 AM

රසායන ද්‍රව්‍ය අානයනය කිරීම අවුරුදු 6කට තහනම් කල බලමු. වකුගඩු රැක ගනිමු, පිළිකාව නැති කරමු. (ස)

:       0       0

ඇන්ඩෝ Thursday, 10 July 2014 04:41 AM

දුරංග, මම ඇත්තටම දන්නේ නැති නිසා අහන්නේ, අබ සරණයි කියන එකේ තේරුම මොකක්ද? (නදී)

:       0       0

නිශාන්ත Wednesday, 09 July 2014 10:36 AM

මුලින්ම නවත්තන්න ඕන තුට්ටු දෙකේ කිරි පිටි. රොඩ්ඩ අපිට දීලා සල්ලි පොකට් ගහනවා. (නදී)

:       0       0

අහිංසා Wednesday, 09 July 2014 11:48 AM

මේ වස විස රසායන පොහොර ආනයනය කරන්නේ ලෝකයේ තියෙන ධනවත් මාෆියා කොම්පැනි කිහිපයක්. මොවුන්ව නතර කරන්න රටේ පාලකයන්ටත් අපහසුවෙලා. රටේ ඉන්න, හිටපු දේශපාලුවෝ රාශියක්ම මේ මාෆියාවන්ගෙන් ජරාව කාලා තියෙනවා. රුපියල් කෝටි ගණන් කොමිස් ගහලා තියෙනවා. කොමිස් ගත්තට පස්සේ අර කොම්පැනි අපේ රටට ගෙන්වන ඕනෑම මාරක රසායනික පොහොරක් මෙහෙදී අනුමත වෙනවා. විෂ රසකාරක, පොහොර විතරක් නොවෙයි. අපේ රටේ පාවිච්චි කරන ඩිසල් වලින් පිටවන දුමෙහි ' පිළිකා කාරක ' තියෙන බව රජයත් පිළිගත්තා. නමුත් වෙනසක් කලාද..? අද වෙනකම් නැහැ. තව දෙයක් අපි මේ වස විෂ පාවිච්චි කිරීම නැවැත්තුවොත් අර මාෆියා මොනවා හරි ලෙඩක් පිටින් ගෙනල්ල දානවා අපේ රටට. ඒ ලෙඩේට බෙහෙත් ඒ කියන්නේ විෂ රසායනික තියෙන්නෙත් අර මාෆියා ළඟ විතරයි. ආයෙත් අපිට අර හොර මාෆියා කොම්පැනිය ලඟට ගිහින්..' අනේ අපිට මේ ලෙඩේට බෙහෙත් ටිකක් දෙන්න..' කියලා ඉල්ලන්න වෙනවා. එහෙම නැති වුනොත් ගොවියාගේ අස්වනු පාලුවෙලා යනවා. දැන් අපේ රටේ පස මැරිලා තියෙන්නේ. අවුරුදු 2 ක් වත් රසායනික පාවිච්චිය නතර කර කාබනික පොහොර යෙදීමට පටන් ගත්තොත් පස ටිකක් හරි ආරක්ෂා කර ගන්න හැකිවේවි. එවිට කඳුකරයේ සිට පහලට බසින ජලයේ දියවිලා තියෙන රසායන ද්‍රව්‍ය ප්‍රතිශතය හුඟක් අඩුවේවි. රජ රට ලොකුම ප්‍රශ්නයක් වෙලාතියෙන වකුගඩු රෝගය පිලිබඳ බියත් ටික ටික අඩුවේවි...නමුත් කවුද මේ පිළියම් කරන්නේ..? (නදී)

:       0       0

කලනි Wednesday, 09 July 2014 02:02 PM

මමත් මේ විරෝධතාවයට එකඟයි (නි)

:       0       0

තරිදු Wednesday, 09 July 2014 02:02 PM

අහිංසා ඉතාම හොඳින් ප්‍රශ්නය විග්‍රහ කර තිබෙනවා. ඔය විෂ රසායනික විකුණන මාෆියාවට අපේ රටේ සිංහල වෙදකම සහ බෙහෙත් පැළෑටි විනාශ කිරීමේ සැළසුමකුත් තිබෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 114 0

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 142 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 238 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


කටුනායක වීසා පෝලිම අඩු වෙලා
2024 සැප්තැම්බර් මස 27 834 0

ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ’’ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ’’ ( Online Visa ) ලබා දීම , යළි අද දින අලුයම 12.00 සිට ආරම්භ විය.


විශ්‍රාමික හමුදා සෙබළාගේ සිරුර වැසිකිලි වලක
2024 සැප්තැම්බර් මස 27 559 0

පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය කියයි.


ව්‍යාපාරිකයා කොල්ල කා පලා ගිය අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 27 376 0

නිධානයකින් ගොඩ ගත් පෞරාණික කාසි තොගයක් රුපියල් ලක්ෂ 10කට විකිණීමට ඇති බව පවසමින්, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු සූක්ෂම ලෙස අනුරාධපුරය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37672 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24835 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 220 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 727 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site