බහු ජාතික සමාගම්වලට යට වී වස විස ආහාර ගෙන්වීමට ඉඩ ලබා දීම නතර කරන ලෙස සහ ජනතාවගේ ආහාර සුරක්ෂිත කරන ලෙස ඉල්ලමින් පාරිභෝගික හා ගොවි අයිතින් සුරකීමේ සංවිධානය අද කොළඹ සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට දී උද්ඝෝෂණයක් පැවැත්වීය.
බහු ජාතික සමාගම්වලට යට වී වස විස ආහාර ගෙන්වීමට ඉඩ ලබා දීම නතර කරන ලෙස සහ ජනතාවගේ ආහාර සුරක්ෂිත කරන ලෙස ඉල්ලමින් පාරිභෝගික හා ගොවි අයිතින් සුරකීමේ සංවිධානය අද කොළඹ සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට දී උද්ඝෝෂණයක් පැවැත්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක නම් හොඳයි නේද? (නි)
කිහිප දෙනෙක් සටන් වදිනවා මේවා ඕනේ නැහැ කියල. නමුත් වැඩි දෙනෙක් මේවට කැමතියි (නදී)
රසායන ද්‍රව්‍ය අානයනය කිරීම අවුරුදු 6කට තහනම් කල බලමු. වකුගඩු රැක ගනිමු, පිළිකාව නැති කරමු. (ස)
මුලින්ම නවත්තන්න ඕන තුට්ටු දෙකේ කිරි පිටි. රොඩ්ඩ අපිට දීලා සල්ලි පොකට් ගහනවා. (නදී)
මේ වස විස රසායන පොහොර ආනයනය කරන්නේ ලෝකයේ තියෙන ධනවත් මාෆියා කොම්පැනි කිහිපයක්. මොවුන්ව නතර කරන්න රටේ පාලකයන්ටත් අපහසුවෙලා. රටේ ඉන්න, හිටපු දේශපාලුවෝ රාශියක්ම මේ මාෆියාවන්ගෙන් ජරාව කාලා තියෙනවා. රුපියල් කෝටි ගණන් කොමිස් ගහලා තියෙනවා. කොමිස් ගත්තට පස්සේ අර කොම්පැනි අපේ රටට ගෙන්වන ඕනෑම මාරක රසායනික පොහොරක් මෙහෙදී අනුමත වෙනවා. විෂ රසකාරක, පොහොර විතරක් නොවෙයි. අපේ රටේ පාවිච්චි කරන ඩිසල් වලින් පිටවන දුමෙහි ' පිළිකා කාරක ' තියෙන බව රජයත් පිළිගත්තා. නමුත් වෙනසක් කලාද..? අද වෙනකම් නැහැ. තව දෙයක් අපි මේ වස විෂ පාවිච්චි කිරීම නැවැත්තුවොත් අර මාෆියා මොනවා හරි ලෙඩක් පිටින් ගෙනල්ල දානවා අපේ රටට. ඒ ලෙඩේට බෙහෙත් ඒ කියන්නේ විෂ රසායනික තියෙන්නෙත් අර මාෆියා ළඟ විතරයි. ආයෙත් අපිට අර හොර මාෆියා කොම්පැනිය ලඟට ගිහින්..' අනේ අපිට මේ ලෙඩේට බෙහෙත් ටිකක් දෙන්න..' කියලා ඉල්ලන්න වෙනවා. එහෙම නැති වුනොත් ගොවියාගේ අස්වනු පාලුවෙලා යනවා. දැන් අපේ රටේ පස මැරිලා තියෙන්නේ. අවුරුදු 2 ක් වත් රසායනික පාවිච්චිය නතර කර කාබනික පොහොර යෙදීමට පටන් ගත්තොත් පස ටිකක් හරි ආරක්ෂා කර ගන්න හැකිවේවි. එවිට කඳුකරයේ සිට පහලට බසින ජලයේ දියවිලා තියෙන රසායන ද්‍රව්‍ය ප්‍රතිශතය හුඟක් අඩුවේවි. රජ රට ලොකුම ප්‍රශ්නයක් වෙලාතියෙන වකුගඩු රෝගය පිලිබඳ බියත් ටික ටික අඩුවේවි...නමුත් කවුද මේ පිළියම් කරන්නේ..? (නදී)
මමත් මේ විරෝධතාවයට එකඟයි (නි)
අහිංසා ඉතාම හොඳින් ප්‍රශ්නය විග්‍රහ කර තිබෙනවා. ඔය විෂ රසායනික විකුණන මාෆියාවට අපේ රටේ සිංහල වෙදකම සහ බෙහෙත් පැළෑටි විනාශ කිරීමේ සැළසුමකුත් තිබෙනවා. (නි)
අහිංසා ඉදිරිපත් කරණ සෑම මතයකටම එකඟ නොවුනත් මේ මතයට නම් 100% ම එකඟ වෙමි. මේ ක්‍රමයට ඔහොමම යං. ලංකාවට ආනයනය කරණ සුදු පාට භාණ්ඩ වර්ග 04 ක් තියනවා. සුදු සීනි, පාන් පිටි, අජින මොටෝ, යුරියා පෝර. මේවා දියවැඩියාව සහ වකුගඩු රෝගවලට හේතු කාරක වනවා. තව අවුරුදු 05 ක් මේවා දිගටම ආනයණය කළොත් ශ්‍රී ලංකාවට අබ සරණම තමා. (නදී)
කතාව ඇත්ත සල්ලි නොදනිම යන්නේ ඒවාට තමයි (දී)
දුරංග, මම ඇත්තටම දන්නේ නැති නිසා අහන්නේ, අබ සරණයි කියන එකේ තේරුම මොකක්ද? (නදී)
ඇන්ඩෝ, ස්තුතියි. මා දන්නා තරමින් "අබ සරණයි" යන වචනය මේ "ජනප්‍රිය සංස්කෘතිය" යටතේ බිහිවූ වචනයක්. අර "පට්ට" කියන වචනය වාගේ. ඉස්සර පට්ට ඉදිරියට දමා අසැබි වචනයකුත් පාවිච්චි වුනානේ. දැන් පට්ට කීවාම හොඳ වචනයක්. මෙහි "අබ සරණ" කියා යෙදී ඇත්තේ යහපතක් නොවන බව හැඟවීමටයි. (ස)