IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


බළන්ගොඩ නගර සභාව තාක්ෂණයෙන් වැඩ ගනී

( සංකල්ප පේමදාස බළන්ගොඩ සිට ) - වාර්ෂීක අයවැය වාර්ථාව සදහා විද්‍යුත් සන්නිවේදන මාධ්‍යන් භාවිතයෙන් ජනතාවගෙන් අදහස් ලබා ගන්නා ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම පළාත් පාලන ආයතනය  බළන්ගොඩ නගර සභාව වේ. බළන්ගොඩ නගර සභාව 2014 අයවැය සදහා ජනතා‍වගෙන් යෝජනා හා අදහස් ඉල්ලා සිටී. බළන්ගොඩ නගර සභාවේ 2014 වර්ෂය සදහා යෝජිත අයවැය සැකසීම සදහා ජනතාවගෙන් අදහස් හා යෝජනා ලබා ගැනීමට බළන්ගොඩ නගර සභාව අපේක්ෂා කරයි. බළන්ගොඩ නගර සභා බල ප්‍රදේශය තුල 2014 වර්ෂය තුල ක්‍රියාත්මක කල යුතුව ඇතැයි ඔබ සිතන සංවර්ධන යෝජනාවන් සම්බන්ධයෙන් ඔබගේ අදහස් අප වෙත දන්වා එවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

දැනට බළන්ගොඩ නගර සභා බල ප්‍රදේශයේ ඇති අඩුපාඩු හා ඒ සදහා ලබා දිය හැකි විසදුම් යෝජනා ඔබ අප වෙත ඉදිරිපත් කරන්නේ නම් වඩා යෝග්‍ය වන අතර මෙම යෝජනා 2013 ජුලි 30 වෙනි දිනට පෙර යොමු කරන මෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිමු. ඔබගේ යෝජනා පහත ආකාර වලින් අප වෙත ‍යොමු කළ හැකිය. 

01 සාමාන්‍ය තැපැල් ලිපි වශයෙන් එවන්නේ නම් පහත ලිපිනයට යොමු කරන්න. ලේකම්, නගර සභාව, බළන්ගොඩ, ශ්‍රී ලංකාව 

02 විද්‍යුත් තැපැල් මගින් ඔබගේ යෝජනා එවන්නේ නම්  [email protected] යන ලිපිනයට එවිය හැකිය. ඉංග්‍රීසි භාෂාවෙන්ද ඔබේ යෝජනා අපවෙත ‍යොමු කල හැකිය.(සිංහලෙන් ඔබේ යෝජනා එවන්නේ නම් අදාල සිංහල අකුරුද අප වෙත යොමු කරන්න. නැතහොත් සිංහල යුනිකොඩ් භාවිතා කර ලියා එවන්න.) 

03 මෙම බ්ලෝග් අඩවියේ comments යටතේ ඔබේ යෝජනා අප වෙත යොමු කල හැකිය. එසේ යොමු කිරීමේදී ඔබේ නම, ලිපිනය හා ඔබ ඇමතිය හැකි දුරකථන අංකද දන්වා එවන්නේ නම් මැනවි. 

04 බළන්ගොඩ නගර සභා නිල‍ වෙබ් අඩවියේ ඇති ඔබගේ අදහස් අපවෙත ලබා දිය හැකි විද්‍යුත් ප්‍රජා ප්‍රතිචාර කවුලුව තුලින්ද අයවැය සදහා වු ඔබේ යෝජනා අප වෙත ලබා දිය හැකිය. 

05 බළන්ගොඩ නගර සභාවේ නිල  Facebook   පිටුව ඔස්සේ  Facebook  ලෙස හෝ පණිවිඩයක් ලෙස අප වෙත ඔබගේ යෝජනා ඉදිරිපත් කරන්න බළන්ගොඩ නගරය , ජනතා හිතවාදී සංවර්ධන ක්‍රියාදාම තුලින් තිරසාර වු ආනන්දනීය නගරයක් කිරීම අපේ අරමුණයි. ඒ සදහා ඔබගේ සහයෝගය අප බලාපොරොත්තු වන්නෙමු

 

වැඩිවිස්තර

 



අදහස් (0)

බළන්ගොඩ නගර සභාව තාක්ෂණයෙන් වැඩ ගනී

නදීර Saturday, 03 August 2013 10:51 AM

ඉහළින්ම අගය කරමි (නි)

:       0       0

අමිල Wednesday, 17 July 2013 11:48 AM

මහා වීදියේ එක් අතකට පමණක් වාහන ධාවනය කරන්න. කොළඹ දෙසින් එන වාහන බාන්ස් රත්වත්ත පාරෙන් හෝ අලුත් පාරෙන් පමණක් බදුල්ල දෙසට යොමු කරන්න. බස් නැවතුම්පලේ වැසිකිලිය ඉතාම අපිරිසිදු වෙලා. (නි)

:       0       0

නාලක Thursday, 01 August 2013 09:44 PM

බලන්ගොඩ නගරයේ පොදු වැසිකිලි ඉතාමත් අපිරිසිදුයි. අපි ඉතින් විෂ බිජ වළකට වගේ යන්න තැනක් නැති නිසා ගිහින් එනවා. ප්‍රධාන වීදියේ වාහන නවත්වන්න දෙන්නේ නැතුව රථ ගාලක් තිබුනා නම් හොදයි. මුලිකව මේ ටික ඉටුකර දෙනවා නම් හොදයි (නි)

:       0       0

වසුන්දරා Monday, 22 July 2013 10:03 PM

සුපිරි ආකල්පමය වෙනසක් පළමුව ඇති කළ යුතුයි එවිට සියල්ල යහපත් වෙයි (අ)

:       0       0

සමීර මදුසංක Saturday, 20 July 2013 03:34 PM

මම හිහන්නෙත් මහා වීදියේ වාහන ධාවනය එක අතකට යෙදුවොත් ගොඩක් හොදියි (අ)

:       0       0

සම්පත් Thursday, 01 August 2013 02:56 PM

බලංගොඩ නගරය ඉතාමත් ආකර්ශනීය නගරයක්. ඒ ගෞවරවය ලබා දීම සම්බන්ධයෙන් අපි නගරාධිපති තුමා ප්‍රමුඛ නගරසභාවේ සමස්ථ කාර්ය මණ්ඩලයට ස්තුතිවන්ත විය යුතුයි. මේ බලංගොඩ පිබිදීම දිගටම පවත්වාගෙන යි යුතුයි. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 246 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 352 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 227 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 868 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 1496 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 4234 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37542 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24737 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 692 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 254 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site