(සමිපත් ප්‍රියනන්දන)
බලන්ගොඩ ප්‍රදේශයේ ඉකුත් මාස තුනක කාලය තුළ සිදු කළ හදිසි මරණ පරික්ෂණ වලදිි වයස අවුරුදු 30 -50 අතර මරණවලින් සියයට හැත්තැවක පමණ ප්‍රමාණයක් හෘදයාබාධ හේතුවෙන් සිදුව ඇති බවට තහවුරු විි ඇතැයි බලන්ගොඩ හදිසි මරණ පරික්ෂක පත්මෙන්ද්‍ර විජේතිලක මහතා පවසයි.
විශේෂයෙන්ම තරැණ සහ මැදි වයසේ පසුවෙන පුද්ගයන් හෘදයාබාධ හේතුවෙන් මියයැමෙිි ප්‍රවනතාවය ඉහළ ගොස් ඇති බව මෙම දත්ත අනුව තහවුරු වෙන බවද ඒ මහතා සදහන් කලේය.
තරුණ පුද්ගයන් සහ වයස අවුරුදු පනහ අඩු පුද්ගයන් අතර මතයක් පවතින්නේ ලේ පරික්ෂා කිරිම සිදු කළ යුත්තේ වයස්ගත වු පසුව බවද එම මතය වෙනස් විය යුතු බවද හදිසි මරණ පරික්ෂක වරයා පෙන්වා දෙයි.
.වයස අවුරුදු තිහට වැඩි ඔිනැම පුද්ගලයකුට හදිසියේ ඇතිවෙන බඩ පපුව දැවිල්ල, ක්ලාන්තය ,සන්කුලතා වැනි තත්වයන් ඇත්නම් අනිවාර්යයෙන්ම ලේ පරික්ෂාවක් සහ ඊ සි ජිි ( ECG) පරික්ෂාවක් සිදු කරගත යුතු බවද සදහන් කළේය.
පත්මෙන්ද්‍ර විජේතිලක මහතා වැඩිදුරටත් පැවැසුවෙිි තරුණ පිරිස සහ මැදි වයසේ පසුවෙන එනම් වයස අවුරුදු 30-50 අතර පුද්ගයන් ඉහත කියන ලද හදිසි රෝගිි තත්ත්වයන් සමග ඇති වෙන හෘදයාබාධවලින් ජිවිතය අරක්ෂා කර ගැනිම සදහා වග බලා ගත යුතු බවයි.
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බළන්ගොඩ හදිසි මරණවලින් සියයට 70ක් හෘදයා බාධ
Nihal Saturday, 04 May 2024 09:39 PM
කඩවලින්ම කාපු දෙන්නෙකුගේ අවමගුලට අප මෑතදී සහභාගී වුනා,කොත්තු රොටී,බිත්තර රොටී සහ අජිනමොටෝ ව්‍යාන්ජන හරීම රසයි
Silva Saturday, 04 May 2024 09:53 PM
කොවිඩ් වැක්සීන් ගත්ත අය තමයි ගොඩක් ඉන්නෙ.
පාලිත අයියා Sunday, 05 May 2024 09:17 AM
මේ හදිසි මරණ ඔක්කොම කොරෝනා එන්නත නිසා කියලා ඇයි කියන්නේ නැත්තෙ ? අපි නම් ඔය ජරාවල් ඇඟට දාගත්තේ නෑ . දන්න හැම දෙනාම දැනුවත් කලා.
SarasiSunday, 05 May 2024 01:49 PM
ඒ පැත්තට ලබාදී ඇති කොරෝනා එන්නත කුමක්ද සොයා බැලීම වටී...
Rifan Sunday, 05 May 2024 12:06 PM
මේක අසාමාන්‍ය තත්වයක් මෙවැනි තත්වයන් ඇතිවීමට බලපා ඇති හේතු මොනවාද යන්න පැහැදිලි කරන්න. නැතුව පරික්ෂාකර බලාගන්න වගේ බයිලා කියන්න එපා.
Sharm Sunday, 05 May 2024 01:08 PM
ඒක සුපිරි කතාව. හෘදයාබාධ එන්නේ කැස්ස හෙම්බිරිස්සාව වගේ ද ? වග බලා ගන්න කියලා මිනිස්සුන්ගෙ කරේ ගහන්නෙ? අඩු ගානෙ මෙච්චර මරණ සංඛ්‍යාවක් හමු වෙනකොට හේතුවක් හොයන්න වගකීමක් නැද්ද? වෛද්‍ය වෘත්තිය කියන්නෙ නලාව තියලා බෙහෙත් ලියන එක විතරද?
sumanasiri Sunday, 05 May 2024 05:28 PM
මිනිස්සුන්ට කන්න තිබෙන්නේ අධික විෂ සහිත දේවල් ,පොල්තෙල් කවලම් ඒවා ,එළවලු අධික රසායන ද්‍රව්‍ය භාවිතයෙන් නිෂ්පාදනය කරන්නේ ,බලන්ගොඩ ටවුමේ බලන්න පුළුවන් මිනිස්සු කොච්චර කොත්තු, තෙල් සහිත කෑම මිලදී ගන්න වද කියල