රුපියල් කෝටි 39900 ක වැටි බදු වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු දේශීය ආදායම් කොමසාරිස් අගම්පෙඩිගේ ඤණසිරි ද සොයිසාට එරෙහි නඩුවේ සාක්කියට භාණ්ඩාගාර ලේකම් අචාර්ය පී.බී. ජයසුන්දර ලබන 23 වැනි දා කැඳවන ලෙස කුමුදිනී වික්‍රමසිංහ කොළඹ මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළාය. දේශීය ආදායම් කොමසාරිස් ඒ.ඒ. විජේපාල මහතා ලබන 24වැනි දා සාක්කියට කැඳවන ලෙසද නියෝග කැරිණි. ඔවුන් නියෝජනය කරමින් පැමිණ සිටි දෙදෙනාගේ සාක්කියෙන් වැඩක් නැතැයි විත්තියේ නීතිඥ ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා කීවේය. සොයිසා හැර සෙසු සැකකරුවෝ මීට කලින් වරද පිළිගත්හ. ඒ අනුව ඔවුනට සිර දඬුවම් හා දඩ නියම විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම ගසා කාමක්නම් අම්ම මුත්තා කාලෙදිවත් මමනම් දැකල නැහැ.(අ)
අල්ලා දෙවිදුනේ, අරාබි වසන්තයක් මෙහාටත් ඉක්මනින් එවත්වා! (දී)
මේ නඩුව ඔබේ මගේ නඩුකාර හාමුදුරුවන්ගේ නීතිඥයන්ගේ තුන් වෙනි පරම්පරාව පවා විභාහග කරනවා ඇත. හේතුව මේ රටේ නම ලංකාව.(නදී)
අසමින් ..ආගම දහම හොදට අදහන..උදේ හවස අල්ල මතක් කරන ඔයාලගේ කෙනෙක් තමඊ මේකේ මහා මොලේ..(අ)
මේ කෝටි 39000 තනියම ගසා කාලා නැතුව ඇති මෙයා... මෙයාව රැක බලා ගෙන කිරිපොවන දේශපාලකයන්ටත් මෙයින් වැඩි කොටසක් ගිහින් ඇති. එහෙම තමා ලංකාවේ නිලදාරී මාෆියාවේ වැඩ. (නි)
දැයට කිරුලෙත් මේ හා සමාන දුෂණ සිදු කරනවා! ජනතාවට කවදද හදවතින් නිදහස් නිවහල් දිවියක් ගෙවිය හැක්කේ ?? (නි)
පොඩි ආයතනයක ශත ගානක් වුනත් නියමෙට විගණනය කරන නිළධාරින් මෙතනදි මොකද කළේ? ඔය සල්ලි අපේ.ඒවා අයකරගන්න ක්‍රමයක් වහාම හදන්න. (නි)
කව්ද අචිනි කුමාරයාණන් වහන්සේලා? දන්නවා නම් කියන්නකෝ.ඔයා අදහස් කරන්නේ කවුද කවද කියල දන්නවා. බොරු තියරි දාන්න එපා නංගි. කටට පනුවෝ දායි.ඔයා අඩු ගානේ මේ වංචාව වුන කාල සීමාව ගැනවත් දන්නවද? (නි)
හොරුන්ගෙත් හොරු කම්බා හොරු කියලා පැරැන්නෝ කිව්වේ කට කහනවට නොවෙයිනේ (නි)
මෙය මුළුමහත් ගණකාධිකාරී ක්ෂේත්‍රයටම බලවත් කැළලකි. ලංකාවේ විගණන මීට වඩා පුළුල් විය යුතුය. (නි)
අපේ රටට ඕනෑ අරාබි රටවල නීතිය. (නි)
රුපියල් කෝටි 39900 ක් අම්මෝ රුපියල් 39900 නැති මිනිස්සු කොයි තරම් ඉන්නවද? මේ යක්කු මේ සල්ලි වලට මොනාද කරන්නේ?(නදී)
මමනම් කරන්නේ හැමොමෝ ඉදිරියේ හිස ගසා දානවා .(අ)
ඔන්න බලන්න , ගහනවානම් මේ වගේ ගැහිල්ලක් තමා ගහන්න ඕනේ ,(අ)
ඇර සොයිසා! (අ)
වට බදු, මොන බදුද? මම නම් කියන්නේ තව ටිකක් බදු වැඩි කරන්ඩ ඕනා. විශේෂයෙන්ම ලොකු කොම්පැනිවලට. විදුලි බිලටත් වැට් බදු වැඩි කරන්ඩ. රජයට සල්ලි මදි රට දියුණු කරන්ඩ.(නදී)
හැමවිටම වරද පිළිගන්න අය පමණක් ලෝකේ හිටියනම් උසාවි කටයුතු ඉතා පහසුයි. එසේ නොවන විත්තිකරුවන්ට එරෙහිව සාක්කි විභාග කොට නිවැරදි තීන්දුව ලබාදේවි. කෙසේ නමුත් වැට්බදු වංචාව නිසා රජයට සංවර්ධනය සඳහා යොදාගත හැකිව තිබු විශාල මුදලක් අහිමිවී තිබීම කණගාටුදායකයි.(නදී)
කෝටි 39900ක් ??බින්දු වැඩි වෙලාද.(අ)
දෙයියන්ට ඔප්පුවිච්චාවේ කෝටි රුපියල් 39900 හොරකම් කරලා ? (අ)
පාන් කාලක් ගන්ඩ සල්ලි නැති මිනිස්සු ඉන්න රටක් පොල් ගෙඩියක් හොරකන් කලහම හිරේ දාන රටක් වැට්බදු වංචාව කෝටි39900ක්?දෙවියනි ඔබ කොහිද ?(නදී)
වැට් බදු වංචා වලට වැරදි කරුවන් සිරගත වුනත් ඒ හා සමාන කොතරම් බදු වංචා වාර්තා වුනාද, නමුත් ඔය මුදල් හෝ පාඩු නැවත ලබා ගැනීමට හැකියාවක්/අවස්ථාවක් ලැබී තිබෙනවද?(නදී)
දැයට කිරුළෙන් කුමාරයාණන් වහන්සේලා මීට වැඩියෙන් වංචා කරනවා ඒවාට දඩුවම් නැද්ද.?(නදී)