වසර හතරක දී කාන්තා ඝාතන 14ක් සිදු වූ කහවත්ත කොට කෙතන පිහිටැවූ පොලිස් මුර පොළේ සේවය අගයමින් ගැමියෝ අද එහි පොලිසියට අද කිරිබතින් සංග්‍රහ කළහ. මාස තුනකට පෙර පිහිටැවූ මේ මුරපොළ නිසා ගමේ පැතිරී ගිය මිත්‍යා විශ්වාස හා භීතිය බොහෝ දුරට තුරන් විය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වැඩ අගය කරන්න ...කළගුණ දන්න අහිංසක මිනිසුන්.. මේකෙන්ම පේනවා නේද කහවත්තේ මිනිසුන් කොච්චර මානසික පීඩාවෙන්ද ඉදලා තියෙන්නේ කියලා.!(නු)
හරියට නීතිය සිදු නොවුණහොත් ඔය කිරබත් දෙන අත්වලින්ම ගල්මුල් ප්‍රහාරවල් එල්ල වෙන්නත් ඉඩ තියෙනවා. (නි)
මුලු පොලිසියටම දානයක් දෙන්නයි තිබුණේ. (නි)
මේකෙ අදහස් දක්වන සමහර අය හැම විටම ඝෘණ මානසිකත්වයෙන්මයි හිතන්නේ.. මේ ක්‍රියාව ඒ අහිංසක මිනිසුන්ගේ හද පත්ලෙන්ම එන කෘතවේදය ප්‍රකාශ කිරීමක්.. ඒක කොච්චර හොදද? මෙහිදී පොලිසිය නිකම් හිටියානම් ඕක අල්ලගන්න වෙන්නේ නැති බව හැමෝම තේරුම් ගත යුතුයි.. ඕලුගල මහතා ප්‍රමුඛ සියලුදෙනාගේම කැපවීමෙන් කටුයතු කළ සියළුම පොලිස් නිලධාරීන් අගය කරමු..(නු)
ගම පෙරට (ස)
පොලිසිය මොන සේවය කළත් උසාවියෙදි ඕවා වෙනස් වෙනවා.. සල්ලි ටිකක් විසි කළාම.. (නු)
මේ තමයි නියම සිංහල ගතිය. (නි)
අපරාධකාරයන්ට නීතියෙන් දඩුවම් දෙන තුරු මේක ඉවර නැහැ.. කිරිබත්වලින් පොලිසියෙ මහත්වරුන්ට සංග්‍රහ කරන කඑ නම් ලොකු දෙයක්.. මේ අපරාධය පිටුපස ඉන්නා සියළුම දෙනා අල්ලා ගන්න ඕන... ඕලූගල මහත්තයා මාරු කිරීම මගින් මේ පිටුපස ඉන්නා අය තේරුම් ගත හැක. (නු)
රොහාන් ඕලුගල මහත්තයාව මාරු කිරීට මුල් උනේ මෙය පිටුපස ඉන්නා ප්‍රභලයෙක්. ඕළුගල මහත්තයාගේ නීරික්ෂණ රටාව අනුව තවත් යමෙක් තමුන්ගේ කුණුත් අහුවේවියි කියලා බයේ වෙන්න ඇති..!(නු)
ඕලුගල මහතා දක්ෂ ලෙස මෙහි සියළු වරදි කරුවන් අල්ලද්දි එකපාරටම ඔහුව මාරු කර යවා ඉතිරි නිලධාරින්ට කිරිබත් කවන එක නම් දෙපාරක් හිතන්න ඕන කාරණයක්..(නු)
මේවාට සම්බන්ධ සියළු දෙනාට නිසි දඩුවම් ලබා දෙන්න..!(නු)
රුවන් ඔයා හරි. (නි)
එල්ලුම්ගහේ වැල් බැදලා ඔන්චිලි පදිනවා.. සමාජ විරෝදියෝ සහ ඒ අය රකින අය මිනී පෙට්ටි පුච්චනවා..!(නු)
මනුස්සකම සදාචාරය සංස්කෘතිය පැත්තෙන් මේ මිනිස්සු කරලා තියෙන හොද දෙයක්.. ඒත් පොලිසිය ඒක කරන්නේ රාජකාරියක් එහෙම බැලුවාම මේක අල්ලසක් නෙමෙයිද? (නු)
අපි සන්තෝෂෙන් ඉන්නේ දුක සංවේගය පහවී යන්නේ... (නි)
මේකෙ තව වගකිවයුත්තන් නිදැල්ලේ.. ඒකනේ ඕලුගල මහත්තයාව මාරුකරලා යැව්වෙ..!(නු)
මිනිස්සුන්ට කන්න බොන්න තිබුණත් නැතත් සිතට කිසිම චකිතයක් නැතිව බියෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න ඕන කියන එක හොදම උදාහරණයක් තමයි මේ..!(නු)
සීඅයිඩී එකටත් බැරි උන දේ ඕලුගල මහතා ඇතුළු කණ්ඩායම කළා.. සීඅයි.ඩී. එක සාස්තරත් අහන්න ගියා.. කහවත්තෙ ජනතාව මේක හොයාගත්ත කණ්ඩායමට උපහාරයක් කළ යුතුයි තමා..!(නු)
පොලිසියට කිරිබත් ඇල්ලීම හොද සිරතක්.. ඒත් මැරුණු 14 දෙනා සිහි කරලා කහවත්තේ ජනතාව.. මැරුණ අය සිහිකරලා පිං අනුමෝදං කරලා දානයක් දුන්නානම් තවත් හොදයි...!(නු)
බොහොම අගය කල යුතු වැඩක් ,කොටකෙතන පොලීසියට අපේ ප්‍රණාමය (ස)
කිරිබත් කාලා නිදාගනීද මන්දා (ස)
තම තමන්ට පුලු පුලුවන් විදියට කලගුණසලකන එක සිංහල අපි හැමෝගෙම ඇගේ තියෙන දෙයක්. ඒ දෙස වපර ඇහින් බලන්න එපා. වැරදිකරුවනට ඳඬුවම් ලැබුනොත්නම් රටම කිරිබත් කන්න වටිනවා. ඒත් අපේ රටේ අද පවතින දේශපාලනයත් එක්ක කිරිබත් උයපු අය වැරදිකාරයෝ වෙන්නත් බැරි නැහැ.(ස)
ඕක ඉතින් මහ දෙයක්ද? ඔය හැමතැනම කිරිබත් දෙන්නේ (ස)
සුභ පැතුම්..!(නු)
අපිත් කිරිබත් කනවා මේ රටේ එල්ලුම්ගහ ක්‍රියාත්මක කර දවසට. ඒත් ඒක කෙරෙයිද ? (ස)
ජනතාවගේ පැත්තෙන් ඔවුන් ඔවුන්ට පුළුවන් දේ කළා (නි)
හෙට ඉදල පොලිසි ඔක්කොටම කිරිබත් දෙන්න ගනීද දන්නෙනෑ.(ස)
ගොඩක් හොඳයි .කිරිබත් කියන්නේ සම්බන්ධතා වැඩි වෙන කෑමක්නේ (ස)
කෙළෙහි ගුණ දන්න මිනිසුන් පිරිසක් කහවත්තේ සිටිති. ඔවුනටත් පොලිසියටත් අපේ ප්‍රණාමය!(ස)
ඇයි කිරිබත් විතරක් කැවුම් කෙසෙල් කෝ (ස)
කිරිබත් දෙන්න ඕන අර වැරදි කරුවෝ එල්ලුම්ගහට යැව් දාටයි (ස)
කොහොම උනත් දෙගොල්ලොම කරලා තියෙන්නේ හොඳ දෙයක් (ස)
අඩු පාඩු හොයන්න එපා . ඔවුන්ට පුළුවන් විදියට තමයි දෙන්න ඇත්තේ (ස)
බොහොම හොඳ වැඩක්. කෙළෙහි ගුණ දන්න හොද මිනිසුන් පිරිසක් කහවත්තේ සිටීමත් සතුටක්...!! වැරදි කරැවන් අත්අඩංගුවට ගැනීමට ඇප කැපවී සේවය කළ පොලිසියේ සියළුම නිළධාරින්ටත් සහ කහවත්තේ ජනතාවටත් අපේ ප්‍රණාමය...!(ස)
ඇත්තටම උපහාරය ගැන සතුටුයි . ඒත් 14 ක් මැරුණ පසු කිරිබත් හැදීම කණගාටුයි .?(ස)
ඝාතකයන්ට නිසි දඩුවම් දුන් දවසට කිරිබත් කෑවනම් හරි (ස)
මේ කිරිබත් කෑමෙන් අනිත් හොරුන් ඇල්ලීමට ශක්තිය නුවන පහල වේවා (ස)
පොලිසියේ මහත්වරුනි, ඔබතුමන්ලාගේ කාරිය හරියට කරන්න (නි)
මේ කටයුත්ත පිටිපස්සෙ සිටි රොහාන් ඕළුගල මහත්තයට ස්ථාන මාරුවක් දුන්නේ ඇයි කියල මේ ගම්මු සොයා බැලුවද? (ස)
බොහොම හොඳ වැඩක් . හැබැයි මෙයාලා බලාපොරොත්තු වෙන්නේ කිරිබත් නෙමෙයි .(ස)
කහවත්තේ භීෂණය තුරන් කිරීමට අනගි දායකත්වයක් දුන් රොහාන් ඔලුගල මහතාව මාරු කර යැවූ හේතුව අද වනවිට වත් කවුරුහරි දන්නවානම් කමෙන්ට් එකක් හැටියට වත් මෙහි දක්වන්න. මේ අවස්ථාවේ එතුමාවත් මතක් කළා නම් වැඩේ වටිනාකම ඉහල යනවා. (ස)
දක්ෂ නිලධාරීන් අපි අගය කරනවා ,අපි එකතුවෙලා කමු කිරිබත් , ඝාතකයන්ව පෝරකයට යැව්වට පස්සේ (ස)
මේක තමයි නියම ලාංකිකයන්ගේ අනන්‍යතාවය (ස)
වැඬිපුර කන්න දෙන්න එපා කිරිබත් කලා ඒපාර නිදා ගනීවී (ස)
කිරිබත් කියන දේ වටිනාකම නැති වෙනවා
සාධාරණයි
කොච්චර හොඳ මිනිස්සුද බලන්න කහවත්තෙ ඉන්නෙ.... දුප්පත් උනත් කරපු උදව්වට කිරි බත් කෑල්ලකින් හරි කෘතගුණ සලකලා. ඒවගේම උදව්වට ඉන්න අයගෙන් පුලුවන් තරම් හූරන් කාලා පොඩි වැරැද්දක් වෙච්චි හැටිය ඇනුම් පද කියන සල්ලිකාර නීචයන්ට මේක කදිම පාඩමක් නොවේද?(ස)
මේකට තමයි නියම සිංහලකම කියන්නෙ. හොඳ ප්‍රවෘතියක්.(ස)
මේ ක්‍රියාවෙහි අරමුණ වනුයේ හුදු එක් වේලකට කුස පිරීම නොව, නිලදරයින් දිවා රෑ කැප වී කරනා සේවය කෙරෙහි මිනිසුන් ගෞරවනීයව, ස්තූතිපූර්වකව පසු වන බව සංඛේතවත් කිරීමයි. ඔවුන් ගේ රාජකාරිය තව තවත් කැප වී ඉටු කිරීමට මෙම සිතුවිල්ල ප්‍රභල පිටිවහලක් වනු ඇත. (ස)
කරවපු මන්ත්‍රිලගේ පාක්‍ෂිකයෝ කට්ටියක් කිරි බත් දෙනවා....! (ස)
සිංහලයෝ මෙහෙමයි..!(නු)
බලාගෙනයි මේ අයට කිරිබත් දෙන්න යන්නේ (ස)