භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් පුද්ගල ඝාතනයේ මෙතෙක් රිමාන්ඩ් භාරයේ සිටි තෙවැනි සැකකරු චමින්ද රවි ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා නියෝග කළේය.
රුපියල් 50,000ක මුදල් ඇප ද, රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් ද තබන ලෙස ඔහුට නියම කළ විනිසුරුවරයා ඔහුගේ ගමන් බලපත්‍රය තහනම් කළේය.
මේ අනුව මේ නඩුවේ සැකකරුවන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු සියලු දෙනා ඇප මත මුදා හැර සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නඩුවේ තීන්දුව මොකාක් වෙයිද
අර අහිංසක දුමින්දව නිකන් කරදරේ දාන්න යන්නේ ඇයි මන්දා? අනික් එක මේ සිද්ධිය දැන් අපි කාටවත් මතක නැහැ. මොකද වුනේ කියලාවත්.. (නි)
රටේ ආශ්චර්යය තමයි ඉතින්! (නි)
නිහාල්, මතකද අලවුවේ කෝච්චි අනතුර ? අන්තිමට වැරදිකාරය වුණේ මැරුන කෝච්චි රියදුරානේ (නි)
ඔව්, ඔව් භාරත සියදිවි හානි කරගත්තා කියයි ලපදිම.(නදී)
අනේ මෙයාලා කිසිම වරදක් කිසිම කෙනෙකුට කරන්නේ නැති හරිම අහිංසක අය. නිදහස් කරලා දැම්මා නම් පිනක් දහමක් කරගෙන ඉන්න. (නි)
නිතිය විනාශ වෙලා (දී)
ඊලඟ ජවනිකාව ඒකා බැගින් නිදහස් වීම, අන්තිම ජවනිකාව භාරතත ලක්‍ෂ්මන් සිය දිවි නසා ගැනීම.(ස)
ඕකනේ අපි කිව්වේ ,අපේ කොල්ලෝ දැන් ඔක්කොම එළියේ (නි)
කාගේද මේ වැරැද්ද? හෘද සාක්ෂියෙන් පොඩ්ඩක් අහන්නකො (නි)
ලංකාව් මිනි මැරීම වැඩි වෙලා
ලංකාවේ අසිරියට ජයවේවා.............. මිනීමැරීම් තව තවත් වැඩි වේවා ............................ (දී)
එකනම් හොදයි. ඇතුලේ ඉන්න කොට කන්න දෙන්න වෙන්නෙත් අපේ සල්ලි වලින්නේ. (දී)
එක එක්කෙනා එලියට එනවා. කෝ හිරුනිකා මැඩම්ට යුක්තිය ඉස්ට කරලා දෙන්න පස්සෙන් ආපු බොරදියේ මාළුබාන අය? අද ජිවිතයක තියන වටිනාකම දන්නා මිනිස්සු හොයාගන්න බැරි තරම්. වැඩි දෙනෙක් තාවකාලික සැපතක් වෙනුවෙන් නොකරන දෙයක් නැහැ (නි)
ලංකාවේ මිනිස්සුන්ට ඕනෑම දෙයක් මතක මාස දෙකයි කියුවාට අපිට නම් ඕනෑම දෙයක් මතකයි (දී)
ආශ්චර්යය නේ ඉතින්.........ඔහොම නොවී කොහොමද ? (නි)
මේ නඩුව ලංකාවේ අහලා සාධාරණයක් බලපොපොරොත්තු වෙන්න බැහැ,එකේ නිසා ජාත්‍යන්තර අදිකරණයකට යොමු කරන්න (දී)