තුන්දහසකට මරු කැඳවමින් ලාක්විලාහි තුන් අවුරුද්දකට පෙර සිදුවූ භූමිකම්පාවේ අවදානම ගැන කල්තියා නිවැරදිව විස්තර කියන්නට අපොහොසත්වූ විද්‍යාඥයන් හයදෙනකුට වසර හය බැගින් සිරදඬුවම් නියමවීමත් සමග එම තීන්දුවට විරෝධය පළ කරමින් ප‍්‍රධානපෙළේ අතුරුඅන්තරා වැළැක්වීම හා කල්තියා දැනුම්දීමේ කොමිසමේ ප‍්‍රධානී ලූසියානෝ මයානි ඉල්ලා අස්විය. ලොවපුරා භූමිකම්පා විද්‍යාඥයෝ මේ නඩු තීන්දුව ගැන කම්පාව පළකළහ. අනාගත පර්යේෂණවලට එම තීන්දුව බාධාවක් විය හැකි බවද කීහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ දැන් වෙන දේවල් වල හැටියට සේරමලා දාන්න වෙයි. (නි)
අයියෝ සල්ලි
ස්වාභාවික අනතුරු ගැන කල් තබා අනාවැකි කීම දුෂ්කර බව පිලිගන්නවා, එහෙත් සමහර විපත් ගැන ජාත්‍යන්තර ආයතන වලින් අපේ රටට ලබාදුන් පණිවුඩ වලට පවා නොසැලකිල්ල නිසා ප්‍රතිචාර නොදක්වූ බැවින් රටවැසියාට හානි සිදුවුණා අවස්ථා තිබුණා . ඒ වගේ දේවල් වලට වගකිව යුත්තන්ට නම් දැඩි දඬුවම් දිය යුතුයි. ලොක්කෝ නම් කෝකටත් කියන්නේ 'අපට විද්‍යාඥයින් මදියි, උපාධිධාරීන් මදියි...' ඔය වගේ දේවල් තමා. ඒත් ජාත්‍යන්තර අනතුරු ඇඟවීමක් මේසය උඩට ලැබුනාම එය අදාළ තැන්වලට දැන්වීමට කෙනෙක් නැත්නම් ඔය වගේ ආයතන තියන්න වටින්නේ නැහැ. (ස)
මැවුම් කාරයෙක් ඉන්නවා කියලා විශ්වාස කරන ලෝකයේ කාලගුණ අනාවැකි වැරදියි (ස)
කොහෙද අනේ මේ රට තියෙන්නේ (ස)
භූමිකම්පා ගැන කලින් අනාවැකි කියන්න අමාරුයි. (නි)
අපේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ගැන මොනවා කියන්නද ? වහිනකොට තමයි කියන්නේ වහිනවා කියලා...හරි දෙයක් කියන්නේ කලාතුරකින් (ස)
භූ කම්පනයක් ගැන අනතුරු හගවන්න පුලුවන් අනාවැකි කලින් කීමට නොහැකියි. (නි)
අපි අපේ කට්ටියවත් සිරගත කළයුතුයි, සුනාමිය ගැන අනතුරු නොඅගවපු එක ගැන... (නි)
අනේ මේ, ලක්විල තියෙන්නේ කොහේද කියන්නකෝ. (නි)
භූ විද්‍යාඥයෝ,කාලගුණ විද්‍යාඥයෝ මොනවද කරන්නේ කියලා මේ ජනක,චතූ දෙන්නා දන්නවද ? (නි)
ඉතා හොඳයි. ලංකාවේ අයටත් මේ වගේ දඩුවම් දෙන්න ඕනි (ස)
ඇත්තයි. ඒත් පුදුමයි, මේ වගේ දේවල් සොයලා දෙන එක ගැන. (නි)
ලංකාවෙම දඩුවම් දුන්නොත් කීදෙනෙක් ඉතුරු වෙයිද දන්නෙ නැහැ. (නි)
ලංකාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වහිනවා කිවුවොත් වහින්නේ නැහැ. වහින්නේ නැහැ කිවුවොත් වහිනවා. ලෝක කුසලාන 20 විස්ස අවසන් තරඟය දවසේ උදේ කිවුවා කොළඹට ගිගුරුම් සහිතව වහිනවා කියා, නමුත් වැස්සේ නැහැ, මේ කට්ටියට අවුරුදු 10ක් දඬුවම දුන්නත් මදි. (නි)
මෝඩ කතා කියන්න එපා ජනක සහ චතු. භූමිකම්පාවක් කල්තියා හඳුනාගත හැකි පිළිගත් ක්‍රමයක් නැහැ. මෙම නඩු තීන්දුව මෝඩ තීන්දුවක් නිසයි විද්‍යාඥයින් මෙයට විරුද්ධ. නමුත්, දැන් පළවෙන පුවත්වල විදියට, මොවුන්ට දඬුවම් කරලා තියෙන්නේ, අනතුරු ඇඟවීම් නොකළාට නොවෙයි. අනතුරක් නැති සහ කලබල විය යුතු නැතැයි කියපු නිසා. මෙහෙ ඉන්න විද්‍යාඥයෝ, තියෙන පහසුකම් වලින් තමයි ඕවා කියන්නේ. ඒක නිසා, නොදන්නා විද්‍යාව ගැන කතා නොකර, දන්නා දේශපාලනය ගැන අදහසක් දාගෙන ඉන්න. (නි)
ඉදලා හිටලා හරි අපිට හිනාවෙන්නවත් ඉන්න කට්ටියට දඩුවම් කරලා කොහොමද? (නි)
වැඩේ වැරදියි. (නි)
මෙන්න නියම රටවල්. ඒකටත් එක්ක අපේ රට? (නි)
දෙවියන්ගේ වැඩ විද්‍යාඥයින්ට විස‍්තර කරන්න බැහැ. (නි)
මේවා ලංකාවෙ නම් කවදාවත් වෙයි කියලා හිතන්න බැහැ (නි)
මේක නම් පොළොව නුහුලන අපරාධයක් - අපේ රටේ කාලගුණ විද්‍යාඥයින්ට දෙන්න ඕනෙ මොනවගේ දඬුවමක්ද කියලා හිතාගන්නවත් බෑ............. (ස)