IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


මේ ආණ්ඩුවෙනුත් අපේ ජනතාවට විසඳුමක් ලැබිලා නෑ - සම්පන්ධන්

(රොමේෂ් මධුෂංඛ)

ජනතාව බලාපොරොත්තු වූ වෙනස මෙතෙක් වත්මන් ආණ්ඩුවට ඉටු කිරීමට නොහැකී වී ඇතැයි විපක්ෂ නායක ආර්.සම්පන්ධන් මහතා කියයි.

 ‘‘වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති, ප්‍රකාශ හා ස්ථාවර පසුගිය ආණ්ඩුවට වඩා වෙනසක් ඇති නමුත් මේ වන තුරු අපේ ජනතාවට විසඳුමක් ලැබිලා නැහැ.වත්මන් රජය පත්වෙලා දැන් වසර දෙකකුත් ගතවෙලා ඉවරයි.“

“අතුරුදහන් වූවන්,ඉඩම් ගැටලු හා දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම වැනි දේ වෙනුවෙන් ජනතාව විවිධ ස්ථානවල උද්ඝෝෂණ පවත්වනවා. මේ ගැටලු වලට විසඳුමක් කඩිනමින් දෙන්න ඕන.විසඳුම් දෙන්න රජය අපොහොසත් වුනොත් අපේ ජනතාවට මේ රජයත් එපා විය හැකියි.ඒක ආණ්ඩුව තේරුම්ගත යුතුයි.“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.

වසර 25 ක් පුරාවට වව්නියාවේ පූන්තොට්ටම් අනාථ කඳවුරේ සිටි වැසියන්ගෙන් පවුල් 150 කට වව්නියාව සින්න අඩම්පන් ප්‍රදේශයේ අංග සම්පූර්ණ නිවාස ලබාදීමේ අවස්ථාවට සහභාගී වෙමින් ඒ මහතා මේ බව කීය.

 



අදහස් (13)

මේ ආණ්ඩුවෙනුත් අපේ ජනතාවට විසඳුමක් ලැබිලා නෑ - සම්පන්ධන්

sundara de mel Wednesday, 12 April 2017 05:04 AM

මේ ආණ්ඩුවෙන් කාටවත් යහපතක් වෙලා නෑ. දැන් ඡන්දෙ දුන්න කෙනෙක් හොයාගන්නත් නෑ.

:       2357       977

bamunu Wednesday, 12 April 2017 05:23 AM

සම්බන්දන් මහතා අතුරුදන් වූ වන ගැන දැන් මොනවද හොයන්න තිබෙන්නේ ඔබලාගේ බෝම්බ වලින් අපේ සිංහල මිනිස්සු ගිය තැනට ඒගොල්ලොත් ගිහිල්ල ඇති. අපි දේසපාලන සිරකරුවන් හිරකරලා නැත අපි හිරකරලා තිබෙන්නේ පට්ට ත්‍රස්තවාදීන් ඔවුන් එකසැරේ අතුරුදන් කරන්න බැහැ ඒගොල්ලෝ ටික කාලයක් විඳවන්න ඕනේ.

:       3       168

nihal Wednesday, 12 April 2017 06:56 AM

ඒ කියන්නේ දකුණේ කිසිම ආණ්ඩුවකින් උතුරේ දෙමල ජනතාවට සෙතක් උනේ නෑ ඒ නිසා ජාත්‍යන්තරය අපිට ස්වයං පාලනයක් ලබාදෙන්න කියලා කියන එකනේ.ඔය ගෙවල් හදල දුන්නේ ජාත්‍යන්තරයෙන් වෙන්න බෑ.මොකද ඒ දැන්වීමේ ශ්‍රී ලංකා රජයේ ලාංඡනත් තියෙනවා.

:       6       329

vipula Wednesday, 12 April 2017 07:01 AM

ඔබල ඉල්ලන්නේ විසදුම් දෙන්න බැරි දේවල් . එමනිසා ඒගැන කතා නොකොට තමාගේ ජනතාවගේ ජීවන තත්වය නගා සිටුවන්න වැඩ පිළිවෙලක් ගැන බැලුවොත් හොදයි. නව ව්‍යවස්ථාවක් කොහොමටත් දකුණේ ජන්දය ලැබෙන්නේ නැහැ. මොකද මේ ආණ්ඩුවට ජන්දේ දීපු අය දැන් නැති නිසා.

:       1       334

welayuthan Wednesday, 12 April 2017 08:23 AM

ඔයා කෙනා ඉන්න පලාතටවත් එනවද? ලොකු කුල වල මිනිස්සුන්ට සැලකුවට දෙමළ සාමාන්‍ය මිනිස්සු එක්ක කතා කරන්නෙ වත් නෑ... මේ ටී.එන්.ඒ. අපිට වෙච්ච අසාධාරණ කාටවත් පේන්නේ නැත්තේ ඇයි. අපිට වෙන රටක් ඕනේ නෑ මහත්තයෝ... කන්න කෑම ටික හොයගන්න වතුවල මිනිස්සුන්ගෙ පඩි තමයි ඕනේ... දැන්වත් සාමයෙන් ඉන්න දෙන්න අඩු ගණනේ...

:       1       12

සතයපාල Wednesday, 12 April 2017 08:30 AM

විපුල, මැල් ඔබලා නුදුන්නට මේ ආණ්ඩුවට ලක්ෂ හැට පහක් විතර ඡන්දය දුන්නා වගේම ආණ්ඩුවේ හරි දෙයට හරි කියන්නත්, වැරදි දෙයට වැරදියි කියන්නත් අපිට පිට කොන්දක් තියනවා අපි වහල්ලු නොවන නිසා....

:       289       237

da silva berlin Wednesday, 12 April 2017 08:53 AM

අර ශර්ලොක්ගේ කතාවේ පපුවෙන්ම මස් රාත්තලක්ම ඉල්ලුව වගේ ඉල්ලීම් ඔයගොල්ල ඉල්ලනකොට කොහොමද දෙන්නේ? දැන්වත් ඔය බහුභූත අදහස් ඔලුවෙන් ඉවත් කරගෙන ශ්‍රී ලාංකිකයන් ලෙස කල්පනා කරගෙන, අර කොළඹ, කදුකරයේ සහ රටේ අනෙකුත් ප්‍රදේශවල ද්‍රවිඩ ජනතාව ජිවත් වන විදිහට ව්‍යාපාරයක්, රැකියාවක් කරගෙන උතුරේ ජනතාවත් ජිවත් වෙන්න හිතට ගන්න, උතුරේ ජිවත් වෙන්න බැරිනම් එන්න කොළඹට, එන්න දකුණට,....

:       0       76

kumar (galf) Wednesday, 12 April 2017 10:05 AM

සහෝදර කමින් ජීවත්වීමට කැමති දෙමළ ජනතාව ලංකාවේ ඉන්දෙද්දී, ජාතිවාදී දෙමල ජනතාව තමිල්නාඩුවට හෝ එයාලා මෙහෙට ගෙනාපු මහා බ්‍රිතාන්‍යටම යායුතුයි...

:       0       92

Asintha Wednesday, 12 April 2017 10:12 AM

ඉතින් යනවල ඉන්දියාවට තමිල්නාඩුවේ තමන්ට ඕන විදියට ඉන්න ලැබෙයි. අපිට පව් දිදී මෙහෙටම වෙලා ඉන්නේ මොකටද?

:       1       51

de silva Wednesday, 12 April 2017 11:13 AM

අසින්ත, මේ ගොල්ල හොඳටම දන්නවා උතුරේ ධීවරයන්ගේ මලු ටිකත් කොල්ල කා ගන්න තමිල්නාඩුවේ ඉන්න දෙමළ මිනිස්සු... මෙයාල එහෙ ගියොත් මෙයාලගේ ඇඳල ඉන්න වස්තරෙත් ගලවාගෙන මෙයාලට පාරේ හිඟාකන්න වෙන බව...

:       1       84

kumar (galf) Wednesday, 12 April 2017 11:22 AM

ජාතික කොඩියක්වත් නැති උත්සවයක්....

:       0       50

ගිහාන් පීරිස්Wednesday, 12 April 2017 12:42 PM

එහෙම ජාතික කොඩි දාන්න බෑ නේ කුමාර්, අර තියෙන බෝ කොල හතර නිසා සහජීවනේ නැති වෙනවනේ. ඒකයි. සිංහයත් ඉතින් දැන් අවුල්නේ කොහොමත්.

:       0       2

de silva Wednesday, 12 April 2017 02:31 PM

මේ ගොල්ලගේ මුහුදේ මාළු ටික තමිල්නාඩු ධීවරයන්ගෙන් ආරක්ෂා කරලා දෙන්න නාවික හමුදාවට විශාල සටනක් දෙන්න වෙලා, මේ ගොල්ල කියන විදිහට උතුරෙන් ත්‍රිවිධ හමුදාව ඉවත් කලොත් තමිල්නාඩුවේ මිනිස්සු බෝට්ටු වල නැගල ඇවිත් උතුරේ මුහුදේ මාළු ටික විතරක් අල්ලාගෙන ගිහින් නතර වෙන එකක් නැහැ... උතුරට ගොඩ බැහැල පාරවල තිබෙන විදුලි රැහැන්, ගෙවල් වල ඉන්න කුකුල්ලු, එළුවෝ , හරක් සහ ගෙවල් වල ඉන්න ගෑනු පවා අල්ලාගෙන බෝට්ටුවල පටවාගෙන තමිල්නාඩුව ගෙනියාවී.... එහෙම නැත්නම් අර පරණ කොටි (පිල්ලෙයාන් , කරුණ වගේ කල්ලි වලට ) කප්පම් දෙමින් ඉන්න වේවි...

:       1       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා ‘වෝකි-ටෝකි’ පුපුරයි
2024 සැප්තැම්බර් මස 19 937 0

ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයන් පණිවුඩ හුවමාරු කිරීමට යොදා ගන්නා ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර ද පුපුරා යෑමට පටන් ගත්තේය. ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර පුපුරා ය


ගවහිමියා වෙඩි තබා මරාදමලා
2024 සැප්තැම්බර් මස 18 891 0

වෙඩි තබා ඝාතනය කර තිබූ තරුණයෙකු ගේ මළසිරුරක් අද (18) රාත්‍රි 8 ට පමණ තංගල්ල නලගම පොල්තවාන හංදියේ පොල් ඉඩමක තිබී සොයාගත් බව තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි .


ඒ.එස්.පී සංජීවගේ වාහන 3ක් - අක්කර 5ක් තහනම්
2024 සැප්තැම්බර් මස 18 1541 0

අනුරාධපුර හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සැළසුම් කර මෙහෙය වුයේ යැයි කියන අනුරාධපුර හිටපු සහක


මිනුවන්ගොඩ රූපලාවණ්‍යාගර සේවිකාවට ඇප
2024 සැප්තැම්බර් මස 18 616 0

මිනුවන්ගොඩ රූපලාවණ්‍යාගාරයකදී කාන්තාවගේ හිස කෙස් එකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු එම කාන්තාවගේ කෙස් කළඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බ


මං එන්නේ රටට යුතුකම කරලා
2024 සැප්තැම්බර් මස 18 1374 6

තමා ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ රට වෙනුවෙන් වන මූලික යුතුකම් ඉටු කිරීමෙන් අනතුරුව රට මුහුණ දී තිබූ බංකොලොත් බවින් මුදා ගැනීමේ පළමු පියවර තබා යැයි ජනාධි


මැකෝ කාලගුණ වාර්තාවක් කැඳවයි
2024 සැප්තැම්බර් මස 18 694 0

ඉදිරි දිනවල රටේ කාලගුණ තත්වය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ගත් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැ


මේවාටත් කැමතිවනු ඇති

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 25 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 114 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2163 2
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

Our Group Site