IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


මේ දවස්වල මම වැඩිපුර අහන්නෙ බැණුම්’

 

පිය උරුමය ද - මව් පාර්ශවයේ උරුමය ද රැගෙන රංගනයේ යෙදෙන ඔහුට එය ආගන්තුක අංශයක් නොවන වග සඳහන් කළ යුතුමය. හේ මව්කුස පිළිසිඳ ගත් දා සිට උරුම කරගෙන පැමිණි වෘත්තිය එයම විය හැකිය. එබැවින් රංගනයට ආගන්තුකයකු නොවූ තාරුණ්‍යයේ මේ හැඩකාර තරුණයා, සංකේත් වික‍්‍රමගේය. ඔහු ගැන අද වැඩි දෙනෙක් කතා වන්නේ සඳුන් රාජකරුණාගේ ‘චායා’ නාට්‍ය මාලාවේ මංජුල නමැති විසේකාර චරිතය නිසාය. චායාගේ ඒ විසේකාර මස්සිනා සමග පිළිසඳරකට එක්වෙමු.


සංකේත් කොහොමද ජීවිතේ?
රූගත කිරීම්වලටම අද සීමා වූ ජීවිතයක් කිව්වොත් හරි.

 


එතරම්ම කාර්යබහුල වෙලාද? පසුගිය දිනවල මාධ්‍ය හමුවේ පෙනී සිටියෙත් නැහැ?
ඒකට විශේෂ හේතුවක් තිබුණෙ නැහැ. මගේ වාසනාවකටද කොහෙද බොහෝ වෙලාවට එක දිගටම දීර්ඝ නාට්‍යවලට රංගනයෙන් දායකත්වය ලබා දෙන්න අවස්ථා ලැබුණා. ඒ නිසා දිනපතා වගේ පේ‍්‍රක්‍ෂකයින් අතරට එන්න ලැබුණු නිසාත්, මේක මත්තෙම ඉන්න නිසාත්, මේකටම ආදරය කරන නිසාත්, මම හිතුවෙ ඒ කරන දේට මුල්තැන දීමටයි. ඒනිසා වෙනත් මාධ්‍යවල නිතර - නිතර පෙනී සිටින්න හිතුවෙ නැහැ.

 


අද වන විට රඟපෑ ටෙලි නාට්‍ය ගැන ඔබට හිතෙන්නෙ කොහොමද?
කුඩා කාලයේ දී රඟපෑවාට පස්සෙ නැවතත්, මිත‍්‍ර සමාගම ටෙලිනාට්‍යයෙන් පටන් ගත්ත ගමන, අද ‘චායා’ ටෙලිනාට්‍ය දක්වා රඟපෑවා. චායා චරිතය ගැන වැඩිදෙනා අද කතා වෙන්නෙ, මෙතෙක් කල් පෙම්වතාගෙ චරිතය රඟපාමින් සිටි මම එහි දුෂ්ටයා චරිතය නිරූපණය කිරීම නිසයි. සඳුන් රාජකරුණා මහත්තයා කතා කරලා මගෙන් ඇහුවෙ දුෂ්ටයා චරිතය කරන්න තියෙනවා. බාරගන්න කැමතිද කියලයි. ඉතින් මම එය ආසාවෙන් බාර ගත්තා.


ඒ දුෂ්ටයා චරිතය කිරීම නිසා අද ලැබෙන ප‍්‍රතිචාර  කොහොමද?
මේ දවස්වල ඉතිං වැඩිපුර බැණුම් අහන එක තමයි කරන්නෙ. සමහර පේ‍්‍රක්‍ෂකයින් කිව්වෙ රංගනය හොඳයි, තව වැඩි දියුණු කරගන්න කියලයි. සමහරු කියන්නෙ මේ චරිතය සැර වැඩි ද මන්දා කියලයි. මෙහි සෙසු චරිත වන විශ්ව කොඩිකාර ඇතුළු අනෙකුත් සියලූ දෙනාගෙන් ලැබෙන සහාය මත චරිතය කරගෙන යනවා.

 


ඔබ පුද්ගලිකව කොහොමද හිතන්නෙ? පෙම්වතා ද හොඳ? දුෂ්ටයා ද හොඳ?
මම හිතන්නෙ පෙම්වතා චරිතය හොඳයි. මොකද දුෂ්ටයා හැමදාම පරාජය වෙන එකනෙ වෙන්නෙ.

 


ඔබ පුද්ගලික ජීවිතේ පරාද වෙන්න කැමති නැද්ද?
කොහෙත්ම නැහැ. මම ආස දිනන්නයි. අමාරුවෙන් හරි දිනන්නයි.

 


පුද්ගලික ජීවිතේ මේ වගේ පටලැවිල්ලකට මුහුණ දෙන්න වුණා නම්?
එහෙනං මෙයිට වඩා හාත්පසින් වෙනස් වේවි. මොකද ජීවිතේට අනවශ්‍ය ප‍්‍රශ්න දාගන්න මම කැමති නැහැ. මම කැමති ඉතා සරලව ජීවත් වෙන්නයි. මංජුල වගේ නෙවෙයි, සැබෑ ජීවිතේ මම ගොඩාක් වෙනස් චරිතයක්.

 


ඒ වෙනස මොන වගේද?
ප‍්‍රශ්නයක් ආවාම එය කෑකෝ ගහගෙන ඉවර කරගන්න - බේරුම් කරගන්න මම කැමති නැහැ. මම ආසයි කතා කරගෙන හොඳින් විසඳාගන්න. ප‍්‍රශ්නය ගැන වටහාගෙන, කතාබහ කරලා බේරුම් කරගන්න කැමතියි.

 


ආදරය ඔබ පසුපස එනවටද කැමති? නැත්නම් ඔබ ආදරය ඉල්ලාගෙන යනවටද කැමති?
ආදරය කියන දේ ඔය දෙකටම මැදිවෙච්ච දෙයක්. ඒ නිසා ඔය දෙකම අවශ්‍යයි. මොකද අපට අපේ ජීවිත ගෙනයන්න ආදරය අවශ්‍යයමයි. මට නම් තවම ලැබෙන්නෙ ආම්මගෙ තාත්තගෙ ආදරයයි. ඉන්පසුව ඉතින් පෙම්වතියගෙ ආදරය ලැබේවි. ඒ ගැන තවම හිතලා නැහැ. කොහොම වුණත් ආදරය ඔය කොයි විදියට කළත් ප‍්‍රශ්නයක් නැහැ.

 


ආදරයෙදි ඔබට වැඩිපුර ඉල්ලීම් ලැබෙන්නෙ රංගන ක්ෂේත‍්‍රයේ අයගෙන්ද? නැතිනම් රසිකාවියන්ගෙන් ද?
ආදරය කරනවා නම් මම බලාපොරොත්තු වන්නෙ, මම මට ආදරය කරන තරමට වඩා මට ආදරය කරන කෙනාගෙ ආදරය දැනෙන්න  ඕනෑ. නමුත් අද මට එවැන්නක් තවම අවශ්‍ය නැහැ. මට මගේ රත්තරං අම්මාගෙන් සහ තාත්තගෙන් ලැබෙන ආදරය ඉහළයි. ඒ දෙන්නා යටතේ තවම මම සුරතල් වෙනවා.

 


දැන් වයස?
අවුරුදු 22යි.

 


මේ අවුරුදු 22ට පෙම්වතියක් ඉඳලාම නැද්ද?
පාසල් යන කාලයේ ආදරය දැනුණ අවස්ථා තිබුණා. ඒත් ඇය දැනගෙන හිටියේ නැහැ, මම ඇයට ආදරය කරන වග. එතකොට මම හරි මහතයි, කැතයි. දැනුත් ඉතින් එහෙමද මන්දා.

 


අදටත් එදා හිත ගිය රූපය ගැන ද හිතන්නෙ?
මම කැමති අපේ රටේ දේ ගැන හිතන, ඒ විදයට හැඩ ගැහුණ කෙනෙකුටයි. මොකද සල්ලි කියන දේ හම්බ කරන්න පුළුවන්. මේ තියෙන තාක්‍ෂණය අනුව කැතත් - ලස්සන කර ගන්න පුළුවනි. ඒත් ගතිගුණ ලස්සන නැත්නම් වැඩක් නැහැ. ඔක්කෝටම වඩා ලස්සන වෙන්න  ඕනෑ ගතිගුණයි. මම වගේම, මගේ අම්මා - තාත්තවත් ආදරයෙන් බලාගන්න කෙනෙක් ලැබුණොත් මම එයාට ආදරය කරනවා.

 


මේ වන විට ජීවිතයේ ඔබ ගොඩනගාගෙන තියෙන දේ ගැන සතුටු වෙන්න පුළුවන්ද?
අනිවාර්යයෙන්ම ඔව්. අම්මා තාත්තා මේ ක්ෂේත‍්‍රයේ හිටියට මාව කාටවත් හඳුන්වලා දුන්නෙ නැහැ. මෙයාව ගන්න කියලා ඉල්ලීම් කළෙත් නැහැ. එයාලා කිව්වෙ එයාලා හැදුනෙ ස්ව උත්සාහයෙන් කියලයි. මටත් දෙපයින් නැගී සිටින්න කියන්නෙ ස්ව උත්සාහයෙන්. කවදාහරි දෙමාපියන් ගෙන් යැපෙන චරිතයකට වඩා, මගේම ස්ව උත්සාහයෙන් ඉදිරියට ආ චරිතයක් වීම තමයි අරමුණ. තවම මම ඒ සාර්ථක ගමනට පියවර තැබුවා පමණයි.

 


රඟපාන්න ගියාම ඔබට වැඩිපුර ආදරය - ගෞරවය ලැබෙන්නෙ, ප‍්‍රවීන අයගෙන් ද? නැත්නම් ඔබගේ සමකාලීන අයගෙන් ද?
ඇත්තටම කියනවා නම් ප‍්‍රවීණයන්ගෙන් ලොකු සහයෝගයක් ලැබෙන්නෙ. සමහර අය දන්නෙ නැහැ මම මානෙල් - ආනන්දගෙ පුතෙක් කියලා. කොහොම වුණත් ඔවුනට අපි මුලින්ම ගරු කරන්න  ඕනෑ. මම හිතන්නෙ අද සිටින ප‍්‍රවීණයන් කුහක නැහැ. සමකාලීන අය ඔක්කෝම වාගෙ ඉතා මිත‍්‍රශීලියි. සමහර තැන්වල දී හිත රිදෙන තැන් නැතිවාම නොවෙයි.

 


මේ ‘චායා’ නාට්‍යයේ රඟපාන, මහේෂි මධුශංකා, මේනකා මධුවන්ති, ඉෂාරා සඳමිණි. මේ තුන්දෙනාගෙන් එකවර ආදරණීය යෝජනාවක් ආවොත්? කාගේ යෝජනාව ද පිළිගන්නෙ?
මංජුල නම් එකපාරටම චායාගෙ ආදරය පිළිගනීවි. පුද්ගලික ජීවිතේ එහෙම ලොකු සබඳතා නැහැ. එහෙම දෙයක් එතැනදි කොහොමටත් සිදුවන එකක් නැහැ.

 



අදහස් (0)

මේ දවස්වල මම වැඩිපුර අහන්නෙ බැණුම්’

සරසි Wednesday, 10 July 2013 04:52 PM

හින්දි පෙනුමක් තියෙන්නේ මේයාට. (අ)

:       0       0

අනුර Saturday, 29 June 2013 10:10 AM

සුබ ගමනකට පැතුම්, (අ)

:       0       0

ශිරෝමි පිළියන්දල Saturday, 29 June 2013 11:56 AM

ඔයා ලස්සන ඒ වගේම දක්ෂ ළමයෙක් ඔයාට අපි සුබ පතනවා (අ)

:       0       0

නෙතුමි Saturday, 29 June 2013 08:41 PM

'' චායා'' ටෙලි නිර්මාණයෙන් ඔබේ දක්ෂතාවය මැනවින් පේනවා. දුෂ්ටයා වුවත් ඉතා තාත්විකයි.(නදී)

:       0       0

කුමාර Thursday, 04 July 2013 11:27 AM

කරාබුව ඔබට ගැලපෙන්නේ නෑ.ඒක දාන්නේ රස්තියාදුකාරයෝ (නි)

:       0       0

ප්‍රේම් Saturday, 29 June 2013 01:21 AM

මංජුල, කරාබුව ගැලෙවුවොත් හොදයි කියලා මට හිතෙනවා (නි)

:       0       0

කමල් Saturday, 29 June 2013 03:41 AM

රගපාන එක ලස්සනට කරනවා. ඒ හින්දද කොහෙද නපුරු විදියට පෙනෙන්නේ (නි)

:       0       0

නිලූ Sunday, 30 June 2013 01:01 AM

තවත් භැකියාවන් තවත් දියූණු කරගන්න (නි)

:       0       0

jeewa Friday, 28 June 2013 05:26 PM

කඩවසම් නළුවෙක් .(අ)

:       0       0

අරුණ Friday, 12 July 2013 08:51 AM

ඔබටම අනන්‍ය ප්‍රතිරූපයක් ගොඩනගා ගන්න (නි)

:       0       0

අසාද් Monday, 08 July 2013 03:39 PM

හොදම වැඩේ.(නදී)

:       0       0

චන්දි Wednesday, 10 July 2013 11:37 PM

දැන් ඉන්න කොලු පැටව් විහින් කැත වෙන්නේ.කරාබු දාලා ,කොන්ඩේ වවලා ,ලස්සනයි කියලා හිතුවට කොල්ලෝ,අපිට නම් කැතයි. පිරිමියෙක්, පිරිමියෙක් වගේ ඉන්නවා නම් ,ඇත්තටම ලස්සනයි. කොන්ඩේ කපලා,කරාබුව ගැලෙව්වොත්නම් ඔය මාර හැන්ඩ්සම් කොල්ලෙක් වේවි (නි)

:       0       0

සිරී Sunday, 07 July 2013 08:07 AM

වඳුරෙක් වගේමයි.(නදී)

:       0       0

චන්ද්‍රසිරි Friday, 28 June 2013 01:04 PM

මගේම දරුවෙක් වගේ හැගීමක් මට දැනෙන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 2 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 247 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 247 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 97 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


රජයේ වාහන 4000ක් උස්සලා
2024 සැප්තැම්බර් මස 28 1362 0

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති


වෙල්ගම් දිවිසරිය නිමා කරයි
2024 සැප්තැම්බර් මස 28 1620 1

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37825 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24931 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 742 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site