වල් අලින් ගම් බිම් වලට ඇතුළු වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව ද මීමැස්සන් යොදා ගැනීමේ නියමු ව්‍යාපාරයක් හඳුන්ගමුවේ වෙහෙරගලින් අරඹයි.
ඕස්ට්‍රේලියාවේ නිව් කාසල් විශ්ව විද්‍යාලයේ කයිල් බට්ලර් එම පර්යේෂණය කරගෙන යයි.
කෙන්යාවේ, ටැන්සානියාවේ හා තායිලන්තයේ මෙවැනි පර්යේෂණ කර ඇති බට්ලර් ඔහුගේ දර්ශනපති උපාධිය සඳහා තෝරාගෙන ඇත්තේ මීමැස්සන් යොදවා අලින් ගම් වැදීම වැළැක්වීමේ පර්යේෂණයයි.
අලිමංකඩෙහි තබන මීමැසි පෙට්ටිවල සිටින මීමැස්සන්ගේ ‘ගුමු ගුමු‘ නාදයට අලින් නොකැමති බවත්, ඒ ශබ්දය ඇසෙන විටම අලින් එම සීමාව අසළටවත් නොඑන බවත් ඉන්දියා වන සත්ව දෙපාර්තමේන්තුව කේරළයේ කළ පරීක්ෂණවලින් තහවුරු වී ඇත.
කේරළ ව්‍යාපෘතිය සාර්ථක බව ද ඉන්දියාව කියයි.
බට්ලර්ගේ ශ්‍රී ලංකා පර්යේෂණයට ශ්‍රී ලංකා වන සත්ත්ව ආරක්ෂණ සංගමයේ හා අලි ඇතුන් බේරා ගැනීමේ සංවිධානයේ ද සහාය ලැබෙයි.
බට්ලර් පරිසර විද්‍යාවේදියෙකි.
ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුමෙන් දෙපාර්ශවයටම බරපතල හානි සිදු වෙයි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා කාලෝචිත වැඩක් (නි)
මී මැස්සෝ නාද කරන්නේ නැහැ. ඔවුන් පියාසර කරන විට වේගයෙන් ගසනු ලබන තටුවල ශබ්දය ගුම්..ගුම්.හඬින් පිටකරයි. කූඩුවක සිටියදී හඬක් නොඇසෙන්නේය. කෙසේ වෙතත් රෝගයක් නිසා අලින්ගේ කනින් පිට කරන ඕජස් වලට ප්‍රියකරන මී මැස්සා අලියාගේ කනට රිංගනවාට මෙන්ම මී මැස්සාටද හරිම බියක් දක්වයි. මේ වැඩෙන් අලි බිය වැද්දීමත් ,ගැමියාට පැණි වලින් අමතර ආදායමක් ලබාගත හැකිවෙනවා මෙන්ම වලසුන්ගෙන් මී වද ආරක්ෂා කරගැනීමටද සිදුවේ ! (ස)
ඕක 'සන්ධානේ' අයට නම් කියන්න එපා. පාරක් පාරක් ගානේ 'මී පෙට්ටි' බඳියි අලි එලවන්න. (අ)
ප්‍රශාන්ත ඔයා හරි..අපේ කැම්පස් වල ඉන්න ගුරුවරුන්ටයි ශිෂ්‍යයන්ටයි දේශපාලන පර්යේෂණ ගොඩාක් තියෙනවා.හැබැයි හැමදාම අසාර්ථකයි. (අ)
අනේ මන්ද දිලූ මට නම් පිස්සු වගේ (අ)
තේජාන්විත, ඔයාගේ කියමන නම් සම්පුර්ණ ඇත්ත. තේජාන්විතම කියමනක්. අපේ බෙහෙත් වර්ග වලටත් වෙලා තියෙන්නේ මේදේම තමයි (නි)
මේක අපේ පැරෙන්නන් භාවිතා කළ දේවල්. කිසි පර්යේෂණයක් අවශ්‍ය නැහැ. අපේ විද්‍යාර්තයින්ට පොඩ්ඩක් හිතනන පුලුවන්නම් මේවා සුළු වැඩ (නදී)
අපේ අය මොනවද මේ වෙනුවෙන් කරන්නේ? (නි)
ඉතාමත් කාලීන ප්‍රයත්නයක්. පරිසරයේ ගැටළු වලට පරිසරයෙන්ම විසඳුම් සෙවීම අගය කළයුතු දෙයක්. කාගේ කාගේත් නැණස පහළ වේවා! (නි)
තේජාන්විත මහත්තයාගේ කතාව නම් සහතික ඇත්ත. ලංකාවේ දැනට ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ආක්‍රමණික ශාක නිසා මී මැස්සන් විශාල ලෙස වඳවන තත්වයක් මත මෙම ක්‍රියාව පවත්වාගෙන යාමට නම් ආක්‍රමණික ශාක විනාශ කර මී මැස්සන්වත් රැකගත යුතුයි. (නි)
බලාගෙන, මොනවා කළත් කල්පනාවෙන් (නි)
අලින්ගේ මෙන්ම මිනිසුන්ගේ පණත් බේරාගැනීම හොඳ වැඩක්. එහෙත් මී මැසි ජනපද මිනිසුන්ගෙන් බේරාගන්නේ කවුද? (නි)
මෙය සාර්ථක බව දැනගෙන හිටියාට අපි ඒක කළේ නැහැ. හැබැයි රටින් එනවා නම් ඒක හොඳයි. (නි)
ඔන්න දැන්නේ මොලේ පැදුනේ. (අ)
ඉතා හොඳයි (නි)
මේ සඳහා සුදුසුම විසඳුම මම නිර්මාණය කර තිබෙනවා. නමුත් කිසිම අනුග්‍රහයක් නැහැ (නි)
බොහොම කාලෝචිත යෝජනාවක් (නි)
කවුරු හරි හොද දෙයක් කරලා තියෙනවා නිකන් පිටරට මිස්සුන්ට කතහන්දන එපා. මේ රටට හරියන්නේ නැත්තේ ඔය වගෙය් හිතන හින්ඳ . (අ)
දිලූ දන්නේ නැද්ද අපේ විශ්ව විද්‍යාල ආචාර්යවරු සහ ශිෂ්‍යයෝ සිරිකොත ළඟ මේ වගේ පර්යේෂණ කරන වග? දැන් සිරිකොතේ අලි විශ්ව විද්‍යාල කියන නම ඇහෙනකොටත් බයවෙලා දුවනවා. (නදී)
මෙවන් පර්යේෂණ සිදුවිය යුත්තේ අපේම විශ්වවිද්‍යාලවලිනි. (ස)
අහෝ අපගේ දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයිනි. මේවා අපේ මුතුන් මිත්තන් හොදින්ම දැනසිටි දේවල්. දැන් පිටරැටියෝ ඒවා අපිටම උගන්වනවා. ඕකට සිංහලෙන් කියන්නේ උරාගෙ මාලු ඌරාගේ ඇගේ තියලා කපනවා කියලා. ආඩම්බරයි ඔබලාගේ විද්‍යාව ගැන (නදී)
බලන්ඩ,අලියෙක් පැත්ත පලාතක නැති ඕස්ට්‍රේලියාවේ මිනිස්සු අලි බේරන්ඩ හදනකොට අපේ කට්ටිය කොච්චර අලි මරනවද? (නදී)
අපේ විශ්වවිද්‍යාල දේශපාලනේ (නදී)
නියමයි ! (නදී)
ලංකාවේ තරම් හොඳ අධ්‍යාපන ක්‍රමයක් ලෝකේ කොහෙවත් නැහැ. අපේ දේවල් අපි අගේ කරමු. (නදී)
අපේ වන සත්ත්ව ආරක්ෂක දෙපාර්තමේන්තුවට අලි සංගනනයේ පොත වත් පරිස්සම් කරන්න බැරිව මෙහෙම පරීක්ෂණයක් සොයාගැනීමක් කරන්න පුළුවන් ද. (නදී)
අලින් මුමුණන ශබ්දයට අකමැති බව නම් හඳුන්ගමුවේ මිනිසුන්න් දන්නවා. කොහොම උන්ත මී පෙට්ටි ටික ඉතුරු වන එකක් නැත. (නදී)
නායකත්ව මණ්ඩලයට තවත් ගැටළුවක්? ඔය හඩ කෘතිමව නිපදවන යන්ත්‍ර යොදාගෙන ඉක්මන් වැඩි භුමි ප්‍රමානයක් ආවරනය කරන වැඩ පිළිවෙලක් ආරම්භ කල හැකි නම් ඉතා සාර්ථකයි. (ස)
අපේ කොල පාට දොඩම් වලට උන නස්පැත්තියම අලින්ටයි මි මැස්සන්ටයි නොමවේවා (නදී)
හම සුදු නම් අපේ අයටත් ඕන දෙයක්. ඇයි අර හතර ලියැද්දේ ළමය හොයා ගත්ත ක්‍රමය ඇමැතිත් ගිහින් තිබ්බේ බලන්න (නදී)
කොහොම හරි අලි ටික බේරාගමු (දී)
මී මැස්සන් දාලා ගම් පිටින් අලින්ගෙන් බේරනවාට වඩා එය ගැන සොයා බලන්න පැමිණි මෙම සුදු කාන්තාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට ක්‍රමයක් සෙවිය යුතුය. (නි)
ඉතාමත් හොඳ ක්‍රියාවක් මිනිසුන්ටත් අලින්ටත් ජීවත්වීමට වටපිටාවක් සාදාදීම ඉතා හොඳ සද්ක්‍රියාවක්.පුංචි රටවල් මැඩලීමට හස්තයක් කරගත් මානව හිමිකම් වැනි සංවිධාන මුදල් ගිලිනවා හැර කරන දෙයක් නැහැනේ. නරකද මේවගේ දෙයක් කරලා ඇත්තටම මිනිසාට උදව් කළොත්... ? (නි)
හරිම සතුටුයි (නි)
බොහොම හොඳයි (නි)