IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


මගේ ජීවිතයේ අංක එක වෙලා තියෙන්නෙ රංගනය

2016-10-06-ent-72

මේ දිනවල තිරගත වන "මෝටර් බයිසිකල්" මේ වනවිටත් අන්තර්ජාතික සම්මාන කීපයකින්ම සම්මානයට පාත‍්‍ර වූ චිත‍්‍රපටයකි. එහි "රංගන" නමැති තරුණයාගේ භූමිකාවට දායක වන ඔහු දසුන් පතිරණය. මියුසික් වීඩියෝවලින් බොහෝ දෙනා හැඳිනගත් සහ "මෝටර් බයිසිකලකල්" තුළින් ප්‍රේක්ෂකයන්ට නව ආරක් ලබා දුන් ඔහු "තරුණයා" සමග මෙලෙස එක්විය.

 

දසුන් කියන්නේ කවුද?

2016-10-06-ent-71හරිම සරලයි. Real එකේ ජීවත් වෙන්න උත්සහ කරන කෙනෙක්. Life එක Enjoy කරන කෙනෙක් කියලා කියන්න පුළුවන්.

 

කලා ජීවිතයේ ආරම්භය?

පොඩි කාලේ ඉඳන්ම වෙනස්, කිසිදු විෂයක් සඳහා දක්ෂතාවක් මට තිබුණෙ නැහැ. ගණන්, විද්‍යාව වැනි දේවල් සඳහා ආසාවක් තිබුණෙම නැහැ. මට ඇත්තටම ඒ දේවල් බැහැ. මම පොඩි කාලේ ඉඳන් කළේ නර්තනයෙ යෙදුණ එක සහ නාට්‍ය කරපු එක විතරයි. "මිල්ල සොයා" චිත්‍රපටය බලලා මහේන්ද්‍ර අයියට ආදරය කරලා, 2003 වර්ෂයේදී වගේ මහේන්ද්‍ර අයියගේ වැඩමුළුවකට දායක වුණා. ඒ ආපු ගමන තමයි කලා ජීවිතයේ මුල.

 

මහේන්ද්‍ර පෙරේරා ඔබේ වීරයාද?

මට රංගනය පිළිබඳව කැමැත්තක් ඇති වුණේ මහේන්ද්‍ර අයියාගෙ "මිල්ල සොයා" චිත්‍රපටය බැලුවට පස්සෙ. මට වීරයා වගේම හොඳම නළුවත් මහේන්ද්‍ර අයියා. ඒ ආසාව ඇති වුණ නිසා තමයි මම රංගනයට පෙළෙඹුනේ.

 

තමාගේ දරුවා ඉගෙන ගෙන හොඳ තත්ත්වයකට එයි කියල ගෙදර අයගේ බලාපොරොත්තුවක් තියෙනවා නේද?

ගෙදර අයට තිබ්බෙම මම ටයි එකක් දාගෙන වැඩට යනවා බලන්න. අවුරුදු ගාණක්ම මම ගෙදරින් ඈත්වෙලා රංගනය වෙනුවෙන් කාලය ගත කළා. මට නිදහස දුන්නා. මාව හිර කළේ නැහැ. අපේ ගෙදර අයට වගේම නෑදෑයන්ට ප්‍රශ්න තිබුණේ, "රඟපානවා කියනවා, නමුත් ටීවී එකේ පේන්නෙත් නැහැ. රඟපානවා, රඟපානවා කියලා හැමදාම යනවා.^ එහෙම පොඩි ප්‍රශ්න ටිකක් තිබ්බා. දැන් එහෙම දෙයක් නැහැ.

 

මුල් අවස්ථාව ලැබුණ එක ගැන කිව්වොත්?

අවස්ථාව කියන එක අපිට ලැබුණෙ නැහැ. මහේන්ද්‍ර අයියගේ වැඩමුළුවට නළුවෝ වෙන්න ආපු කට්ටිය හිටියා. මාර ලස්සන කොල්ලෝ, එයාලට වැඩ හම්බෙනවා. ඒවත් එක්ක අපිට එහෙම එකක් තිබ්බෙ නැහැ. ඊට පස්සේ අපි, අපිම ඉගෙන ගෙන කණ්ඩායමක් විදියට වැඩ පටන් ගත්තා. අපිම නාට්‍ය කළා, චිත්‍රපට කළා. කෙටි නාට්‍යක් කළා තිසර ඉඹුලානගේ "කෑල්ලක් 250" කියලා. මම මුලින් චිත්‍රපටයක් රඟපෑවෙත් තිසර ඉඹුලානගේ "Nino Live" චිත්‍රපටයේ. ඒ 2009 අවුරුද්දේ. තාම එය එළියට ආවෙ නැහැ. ටෙලි නාට්‍ය වන "SubRoll" එකක් මුලින්ම ලැබුණා. ඊට පස්සේ අවස්ථා එන්න ගත්තා. ඒක කොහොමද වුණේ කියලා මම දන්නෙත් නැහැ. අපි වැඩකරපු Team අස්සෙම වැඩ පත්තු වෙන්න ගත්තා.

 

"මොටර් බයිසිකල්" කොහොමද දසුන්ගේ ජීවිතෙත් එක්ක සම්බන්ධ වෙන්නේ?

මුලින්ම කිව්වොත් එහෙම, ඒකේ අධ්‍යක්ෂක ශමීර මෙදේ කියන්නෙ 2008 දී. ඒ අවුරුද්දේ අපි කෙටි නාට්‍යයක් කරනවා Youth Festival එකේ, ඒක කරලා ඉවර වුණාට පස්සේ ශමීර ඇවිත් කිව්වා මම චිත්‍රපටයක් කරනවා, මම උඹව තමයි ගන්නේ කියලා. ඒක කියන්නේ 2008 දී විතර. ඊට පස්සේ අපි දෙන්නාගෙ යාළුකම ඒ විදිහටම පවත්වගෙන ආවා. අවුරුදු තුනහාමාරකට කලින් පිටපත අරන් එනවා. ඒක තමයි මේ වෙනකොට දාගෙන දුවන්නේ.

 

"මෝටර් බයිසකල්" ගැන මොකද හිතෙන්නේ?

අපිට මේ චිත්‍රපටයෙන් ප්‍රේක්ෂකයාට පණිවුඩයක් දෙන්න ඕන කියලා අදහසක් නැහැ කියලා මම හිතනවා. අපිට තියෙන හැඟීම් සහ රංගනය පැත්තේ යම් කිසි දේවල් ටිකක් අපි එළියට දාලා තියෙනවා. ඒ වකවානුවෙ වෙච්ච ආදර කතාවක් මෙහි තියෙන්නේ. මේ චිත්‍රපටය තුළින් තමන්ට දැනෙන ප්‍රමාණයත් එක්ක ඕනෑම දෙයක් ඇඟට ගන්න පුළුවන්. අපිට අවශ්‍ය වුණේ Real Format එක සහ මේ චිත්‍රපටය බලලා තමන්ට තමන්ව දැනෙන්න ගන්නවානම් අපි හිතුවා ඒ දේ සාර්ථකයි කියලා. හැබැයි හැම මනුස්සයාටම දනවන්න බැහැ. යම්කිසි ප්‍රමාණයක් මේ චිත්‍රපටය බලලා සතුටු වුණානම් ඒ ඇති කියලා මම හිතනවා.

 

මියුසික් වීඩියෝවල ඉන්න දසුන් නෙමෙයි, මේ චිත්‍රපටය තුළින් ප්‍රේක්ෂකයන් දැක්කේ?

ප්‍රේක්ෂකයන් මාව චිත්‍රපටවල දැකලා තිබ්බෙ නැහැ. මියුසික් වීඩියෝවල තමයි මාව බොහෝ දෙනා දැකලා තිබුණෙ. හැබැයි මම මියුසික් වීඩියෝ කරන කොට මේ චිත්‍රපයට කරලා ඉවරයි. ඒ කියන්නේ අවුරුදු තුනකට කලින්. ප්‍රේක්ෂකයෝ දැනන් හිටියෙ නැහැ මම කවුද? මම මොනාද කරන්නේ කියන එක. ඒ අය මාව දකිනවා එක පාරට සිනමාව තුළින්. ගොඩක් අයට ප්‍රශ්නය වුණේ කොහොමද එකපාරට රඟපාන්න ආවේ කියන එකයි. ගොඩක් අය අදටත් මගෙන් අහන දෙයක් තමයි "ඇයි ඔයා ටෙලි නාට්‍යවලට රඟපාන්නේ නැත්තේ" වගේ දේවල්. දැන් බොහෝ අය මං ගැන දන්නවා, මම රඟපානවා සහ යම් කිසි හැකියාවක් මට තියෙනවා කියලා දන්නවා.

 

ඉදිරියට බලොපොරොත්තු?

රඟපාන්න තමයි ආසාව තියෙන්නේ. ඒක ඒ කාලේ ඉඳන්ම තියෙන දෙයක්. ඒ ආසාවත් එක්ක තාම ඉන්නවා. රඟපාන්න දැනෙන චරිත ලැබුණොත් මම ආසායෙන් එය භාර ගන්නවා. මගේ ජීවිතයේ අංක එක වෙලා තියෙන්නෙ රංගනය. ඉතිං රඟපාන්න බලාගෙන ජීවත් වෙනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

2016-10-06-ent-70



අදහස් (0)

මගේ ජීවිතයේ අංක එක වෙලා තියෙන්නෙ රංගනය

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 134 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 11 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 525 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 257 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 708 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


කමල් අද්දරආරච්චි උවිඳු විජේවීර එක්ක ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 1581 3

ප්‍රවීන රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර සමග ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමට


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39620 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25777 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1207 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site