IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


මීගමුවේ දී පොලිස් විශේෂ කාර්ය බලකායට වෙඩි

බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ තිලකරත්න දිසානායක
මීගමුව කුරනදී  සැකකටයුතු පිරිසක් ගමන් ගත් වෑන් රථ දෙකක් පරීක්ෂා කිරීමට ගිය  පොලිස් විශේෂ කාර්ය බලකායට එම වෑන් රථයේ ගමන් ගත් පිරිස වෙඩි ප්‍රහාර එල්ල කර ඇති අතර පොලිස් විශේෂ කාර්ය එල්ල කළ ප්‍රති ප්‍රහාරවලින් සැකකරුවන් දෙදෙනකු තුවාල ලබා ඇති අතර දෙදෙනකු පොලිස් අත්අඩංගුවට පත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල කියයි. ඔවුන් සන්තකයේ තිබූ ටී. 56 ගිනි අවි දෙකක් හා  පිස්තෝලයක් ද වෑන් රථ දෙක ද පොලිස් බාරයට පත්විය. වෙඩි ප්‍රහාරවලින් තුවාල ලැබූ සැකකරුවන් පොලිස් ආරක්ෂාව මධ්‍යයේ මීගමුව රෝහලේ දී ප්‍රතිකාර ලබන බව ද පොලිසිය පවසයි. කොල්ලකරුවන් පිරිසක් එම මාර්ගයේ ගමන් ගන්නා බවට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත

ඡායාරූප ප්‍රසාද් මුතුකුඩ



අදහස් (27)

මීගමුවේ දී පොලිස් විශේෂ කාර්ය බලකායට වෙඩි

Nuwan Saturday, 12 August 2017 01:13 PM

එ්කටත් වෙඩි තියන කොල්ලකාරයෝ ඉන්නවා නම් රටේ වහාම හැම දිස්ත්‍රික්කයකම සෝදිසි මෙහෙයුම් කරන එක හොඳයි.

:       18       465

Ruwani Saturday, 12 August 2017 01:13 PM

ලංකාවේ කුඩු ඉතින්.. අරයගෙ තමයි.

:       0       272

LapayaSaturday, 12 August 2017 02:14 PM

ඔයාගේ නෙමෙයිද? අරයා කියන්නේ සතොසේ එක්කෙනාද?

:       480       524

pansilySunday, 13 August 2017 03:41 AM

නෑ මල්ලි ලන්සා මහත්තයා තමයි.

:       0       294

chinthaka Saturday, 12 August 2017 01:34 PM

කොහොමද වෙනස? දැන් ලංකාව හරි වෙනස්, පාරේ වෙඩි තියාගන්නේ චිකාගෝව වගේනේ..

:       651       646

ranavi Saturday, 12 August 2017 01:37 PM

ලන්සාගේ කට්ටියක් වෙන්නත් ඇති? විශේෂ කාර්ය බලකායට කිට්ටු වෙන්නේ නෑ ලේසි පුතෙක්. රජ්ජුරුවෝ හිටපු කාලෙත් ඔය බලකාය පීචන් වුණා...

:       787       2324

shan saudi Saturday, 12 August 2017 02:40 PM

ඔන්න ඕකට තමයි ඉල්ලගෙන කනවා කියන්නේ.... ගරු ජනපතිතුමනි මේ නිලධාරීන්ට අවැසි බලතල ලබා දෙන්න කිසිම දේශපාලකයෙකුට මේ අයගේ කටයුතු වලට අත පෙවීමට ඉඩ නොතබන්න. සියළු පාලන කටයුතු ඔබතුමා භාරයේ තබා ගන්න.

:       307       443

Indrajith Saturday, 12 August 2017 03:05 PM

ඉතා හොඳ වැඩක්. අපි හැමෝම තුති පුදන්න ඕන ස්ටාෆ් එකට... මේවගේ එඩිතර ක්‍රියාවකට.

:       2       242

පිටිගල මිලානෝ Saturday, 12 August 2017 03:07 PM

උදේ, හවස භාවනා කරනවා කිව්වාම හොරු හිතන්න ඇති තුවක්කුත් අයින් කරලා නවගුණ වැල අරන් හොරු අල්ලන්න යනවා කියලා. ඔයිට වැඩිය ශරීරයට සුවයක් වෙන්න තිබුණා රේල්ගේට්ටු දෙකක් මැද්දේ වාහනේ නවත්තලා ටිකක් නිදාගත්තා නම්. අද රෑට පොලිස් ආහාර වේලක් වෙලාව අවේලාව නොබලා හම්බ වෙයි.

:       418       274

Lal Saturday, 12 August 2017 03:24 PM

පොලිස් විශේෂ කාර්ය බලකායටත් ඇටෑක් කරන්න තරම් බලවත් වුණා එහෙනම්. කාගේ හයියද අරගෙන තියෙන්නේ?

:       0       176

ranasingheSunday, 13 August 2017 10:00 AM

කාගෙවත් හයියක් අරගෙන නෙවෙයි... ඒ කාලේ හිටපු රජාගේ දැන් කාලේ ඉන්න අන්දරේගේ හයිය තමයි.

:       183       0

sanath Saturday, 12 August 2017 03:26 PM

මේ අය අත්අඩංගුවට ගන්නේ නැතුව ආයුධ සොයන්න ළඟ තියෙන කැලයකට අරගෙන ගියා නම් පිළිකාව ඉවරයි.

:       2       116

nimallalitha Saturday, 12 August 2017 04:09 PM

මේ වෙඩි කන්නේ තම රාජකාරිය හරියටම කරන නිලදාරීන්.

:       53       110

babo Saturday, 12 August 2017 04:24 PM

විශේෂ බලකායට අපේ ප්‍රණාමය

:       0       613

බණ්ඩාර -කැකිරාව Saturday, 12 August 2017 05:28 PM

මේ සුදු වෑන් කල්ලියක් නේද? ලොකු ලොකු දේශපාලකයන්ගේ ගෝලයෝ වෙන්න ඇති....

:       1       15

Ruwan Saturday, 12 August 2017 05:39 PM

මේ වගේ අය ඉවරයක් කරලම දාන්න ඕනෑ...

:       0       46

hesa Saturday, 12 August 2017 09:49 PM

ජනාධිපතිතුමනි, තනි තීරණ ගන්න තියෙන්නේ. ඇතුලේම ඉන්නවානේ විරුද්ධයින්... පරිස්සමෙන්... ඔබතුමාට ජය!

:       227       97

mahee Saturday, 12 August 2017 10:01 PM

ඉස්සර කාලේ මීගමුවේ කුඩුකාරයාගේ බඩු ඇල්ලුවහම රජ්ජුරුවෝ පහුවදාම ගිහින් කුඩුකාරයව බදාගෙන පින්තූර ගත්තා. මොකක්ද රජ්ජුරුවෝ පොලිසියට ඒකෙන් දීපු පණිවිඩේ? දැන් ඉතින් ඇමැතිකමකුත් තියෙන නිසා එස්.ටී.එෆ්. එකටත් ගහන්න තරම් කුඩුකාරයා බලවත්ද?

:       214       367

Nimal Jayasekara Saturday, 12 August 2017 10:38 PM

ශා.. ලස්සන වැඩක්, අත්අඩංගුවට පත් අයගෙන් තව තොරතුරු ලැබෙයි.

:       0       35

ලුම්බිණි Sunday, 13 August 2017 01:15 AM

දක්ෂ නිලධාරීන්ට අප ගරු කල යුතුයි. මේ සිද්ධිය වුණේ යාපනයේ නම් බොහෝ දෙනෙක් වෙනත් විදියකට දකින්න ඉඩ තිබුණා.

:       120       209

nishantha Sunday, 13 August 2017 03:22 AM

මේ සුදු වෑන් නේද? ඕකෙ ගිය අය අරගොල්ලොන්ගේ කට්ටිය වෙන්න ඇති.. දැන් නම් ඔය ඒකාබද්ධ සෙල්ලම් ඉවරයි. විශේෂ කාර්ය බලකායට අපරාධ හා මත්ද්‍රව්‍ය කොට්ටාශ දෙකම බාර දුන්න එකේ වෙනස ඉදිරියටත් බලාගත හැකිය. ඇති යාන්තන් දැන්වත් නීතිය හරියට වේවි.

:       215       455

lalin Sunday, 13 August 2017 03:29 AM

එස් ටී එෆ් එකටත් වෙඩි තියනවා නම් අවශේෂ ජනයා ගැන කවර කතාද?

:       0       33

herat Sunday, 13 August 2017 03:48 AM

මේ ජනාධිපතිතුමත් හෙලිකොප්ටරයෙන් ගිහින් ලන්සාව බෙරාගනියිද දන්නේ නැහැ.

:       0       201

NIRESH Sunday, 13 August 2017 04:39 AM

කරුණාකරලා මේ හොරුන්ව ප්‍රසිද්ධියේම දැඩි දඬුවම් දෙන්න ඕනේ. මේ විදිහට ප්‍රසිද්ධියේ වෙඩි තියලා දඬුවම් කළා නම් සද්ද නැතුව ඉන්නවා. කිසිම රජයක් දැඩි නීති දාලා හොරුන්ව මෙල්ල කරන්න බලන්නේ නෑ. සමහර අැමැතිලගේ හොඳම ගෝලයෝ කුඩු කාරයෝ. මම නම් කියන්නේ වෙඩි තියලා මරන්න ඕනේ මේ වගේ අපරාධකරුවන්ව...

:       0       100

අරුණ Sunday, 13 August 2017 05:59 AM

නාවික හමුදා බුද්ධි අංශ සුදු වෑන් මෙන්න මෙයාලට යැව්වා නම් හරි. ඊට පස්සේ අතුරුදහන් කියලා ටිකකලක් හොයලා අමතකම වෙලා යනවනේ.

:       80       8

ROHAN Sunday, 13 August 2017 08:02 AM

එස්.ටී.එෆ්. එකට වෙඩි තිබ්බා නම් ඒ අයව ඉතුරු කරන්න එපා

:       0       22

SHAN SAUDI Sunday, 13 August 2017 04:27 PM

මුන්ට සාමාන්‍ය අවි වලින් වෙඩි තියන්න මොකටද කෙලින්ම ආර් පී ජී එකක් ගහන්න එතකොට ආයේ ඇත අඩංගුවට ගන්න නඩු දන්නා ඕනේ නැහැනේ එකෙන්ම වැඩේ ඉවරයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සැබෑ මිනිස්සුයි - රොබෝ මිනිස්සුයි මැරතන් දුවයි
2025 අප්‍රේල් මස 20 141 0

මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.



පාසල් අතර විශමතාවය අවසන් කිරීමේ අරඹනවා
2025 අප්‍රේල් මස 20 110 0

ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය


දළදා වඳින්න එන අයට පහසුකම් වැඩි කරයි
2025 අප්‍රේල් මස 20 237 0

මහනුවර ⁣ නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ


කැබ් රථයක් පෙරැළී අටක් රෝහලට
2025 අප්‍රේල් මස 20 113 0

රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල


කැබ් රිය පෙරැළි 8ක් රෝහලේ
2025 අප්‍රේල් මස 20 222 0

රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද (20) දින අනතුරට ලක් වීමෙන් එම කැබ් රථයේ ගමන් ගත් 08 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 320 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 252 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 408 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site