මීගලෑවෙන් සිව් හැවිරිදි දරුවකු පැහැරගෙන විසි හතර පැයක් ගත වීමෙන් පසුව ද ඒ ගැන හෝඩුවාවක් නැතැයි දරුවාගේ මව සහ පියා කියති.
දරුවා බේරා ගැනීමට තමන් සතු ඕනෑම වස්තුවක් වැය කිරීමට සූදානම් බව පියා කියයි.
දරුවාගේ ඡායාරූප හා විස්තර ඇතුළත් පත්‍රිකා මීගලෑව හා අවට ප්‍රදේශවල බෙදා හැර ඇත.
මේ ගැන සුළු හෝ තොරතුරක් ඇත්නම් පහත සඳහන් නිලධරයනට දන්වන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
වයඹ පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති - 071 81 37 007
චන්දන අලහකෝන් - 077 47 84 635



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළඟදී දරුවාට ළංවූ අයගේ විස්තර සොයාගන්න (නි)
මේ පුතාව ඉක්මනින් සොයාගන්න ලැබේවා! ඔයාගේ ජීවිතේට අනතුරක් නම් වෙන්න එපා පුතේ (නි)
රසුන්, නැනී, ඔයාලා මොන දේ කිව්වත් වැඩක් නැහැ. අපිට දැනෙන සංවේදී බව මේ අයට නැහැ. මේවට කල්ප ගණන් දඩුවම් විඳින්න වෙනවා ඒකාන්තයි. දැන් ධර්මය නැතිවේගෙන යන කාලේ මිනිසුන් තිරිසනුන්ට වඩා පහත් වැඩ කරන්න ගන්නවා. නමුත් ලංකාවේ මේක වේගවත් වෙලා තියන්නේ මේ ජරා දේශපාලනයත්, දේශපාලුවන්ගේ තිබෙන පෙරේතකමත් නිසා. මිනිසුනේ, අපි මැරෙනවා. ඒ ටිකේදි වෙන අයට ගින්දරක් නොදී ජීවත් වෙන්න බලන්න. (නි)
අපි අද ජීවත්වන්නේ ලෝකයේ තිබෙන ඉතාම අවාසනාවන්ත කුරිරු මිනිසුන් ඉන්නා රටක. මල් වැනි මෙවැනි ළමයින් පැහැර ගැනීම්, දුෂණය කිරීම්, අපචාරය කිරීම්, රුපියල් ශත වලට මරා ගන්නා රටක පාලකයන් හට උවමනාවක් තිබේනම් මෙම රටේ පවතින අපරාධ රැල්ල නැවතීමට නොහැකිද? එහෙත් එය සිදු නොවන්නේ ඔවුන් අඳ නිසාද? නොදනිමි. (නි)
ලංකාවේ දැන් මිනිස් වෙස් ගත් තිරිසනුන් බොහෝ වැඩියි. මොවුන්ව අල්ලා රජ කාලේ දුන් දඬුවම් දෙන්න ඕනෑ (නි)
මට හිතෙන්නේ ඔය හොරුන් නිධානයක් පස්සේ දුවන කට්ටියක් වගෙයි (නි)
පෙරේරා මහතා කියන කතාවත් ඇත්ත වෙන්න පුළුවන්. මේ දරුවා තුන් කුළුඳුල් එහෙම අලකන්චියක්ද දන්නේ නැහැ. දරුවාට තෙරුවන් සරණයි . කිසිම අනතුරක් නොවේවා. (නදී)
දරුවා ගේ පින්තුර දැක්කම හරිම දුකයි. තෙරුවන් සරණින් යහතින්ම ඉක්මනට නිවසට පැමිණේවා. (නදී)
මට නම් හිතෙන්නේම නිධානයක් පස්සේ යන කට්ටියක් කියලාමයි (නි)
කොහොම වුණත් මෙවැනි අපරාද නැවැත්වීමට නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතුයි (නි)
ඉන්දියන් සාගරයේ මුතු ඇටය, ධර්මද්වීපය....? ලෝකයෙන් උතුම් රට ලංකාවයි, සිරි ලංකාවයි !!!!!!!!! (නි)
රටේ සදාචාරය, විනය, මනුස්සකම, බොහොම ඉහළින්ම පිරිහිලා. මේවට පාලකයන් වගේම ආගමික නායකයන්ද වගකිවයුතුයි (නි)
අනේ ඒ දරුවා දෙමාපියන්ට ලබාදෙන්න (නි)
හොරුන්ට ආරක්ෂාව දෙන "ෆුල් ෆේස්" හෙල්මට් දැන්වත් තහනම් කරන්න බලධාරීන්ට නොහැකිද? (නි)
මෙි දරුවා මොනයම් චේතනාවකින් හෝ බලහත්කාරයෙන් ලබාගත් පුද්ගලයින් මනුෂ්‍යත්වයේ නාමයෙන් දෙමාපියන්ට වහාම ලබා දෙන්න. පොලිසියෙන් නීතියෙන් ලබන දඩුවම් අභිබවා යන දඩුවමක් ඔවුන්ට නියත වශයෙන්ම හිමිවෙනවා. සමාජ විරෝධී මෙවන් පාපතරයින් මෙලොවින් ඉක්මනින්ම තුරන් වන කාලයයි දැන් පැමිණ තිබෙන්නේ. මෙම සිද්ධිය පිටුපසින් සැමවිටම වගේ දේශපාලනයට නෑදෑකම් කියන අයෙක් වේ නම් ඔහුටත් සිහිනුවණ පෑදේවා!රටට වින කළා හොඳටම ඇති.අනාගත පරපුර ආරක්ෂා කරත්වා! (නි)
ආදර චූටි පුතාව ඉක්මනටම සොයාගන්න ලැබේවා! ඔබට කිසි කරදරයක් නොවේවා! (නි)
දරුවා ඉක්මනින්ම දෙමාපියන්ට ලැබේවා කියා ප්‍රාර්ථනා කරමු (නි)
නීතිය අගාධයට ගිය රටක මොනවද සිද්ධ වෙන්න බැරි? (නි)
මෙවැනි තිරිසනුන්ගෙන් රට නිදහස් කර ගැනීමට හැකි වීරයෙකුගේ අවශ්‍යතාවය අපිට දැනෙනවා (නි)
අනේ දෙවියනේ! (නි)
නිතිය එක එක අයට ඕනේ විදිහට වෙනස් කර වීමේ ප්‍රති විපාක වලටයි අපි මේ මුහුණ දෙන්නේ.(නදී)
මෙවැනි අපරාධ වලට එරෙහිව තදින් ක්‍රියාත්මක වීම වටිනවා. (නි)
ජයලත්, ඔය විදිහට ගියොත් මන්නයක් පිහියක් ගෙදරක තියා ගන්න බැරි වේවි නේද? එහෙම නෙමෙයි හැමෝටම ඒකාකාරීව රටේ නීතිය ක්‍රියාත්මක කරන්න කියන්න. (නදී)
රත්තරන් පුතේ ඔයාට ඡය ශ්‍රි මහා බෝ හාමුදුරුවන්ගේ පිහිට ආරක්‍ෂාව ලැබේවා! තිරිසන් මිනිසුනේ උඹලට දෙමාපියන් නැතිදෝ මුදල් නොවෙයි ඡීවිතය අපේ රටේ දළදා හාමුදුරුවෝ වැඩ සිටිනවා නම් මේ දරුවා බාර ගන්න දෙවියනේ. (නදී)
දරුවා හොරකම් කරන්නත් කාරණයක් තියෙන්න ඇති. හොඳට හොයලා බලන්න (නි)
මේක මහා පව්කාර ලෝකයක් වෙලා. හැම තැනම අවනීතිය. මේ අහිංසක දරුවා ඉක්මනට හමුවෙන්න කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු. (නි)
අනේ ඒ අහිංසක දරුවා ඒ අම්මලාට ගෙනත් දෙන්න. ඒ දරු පැටියට කරදරයක් වෙන්න ඉඩ තියන්න එපා.(නදී)
කෝකටත් කියල තව ලමයෙකුට අත්තිවාරම දැම්මා නම හරි (නදී)
මොනවද මේ දහම් දිවයිනට වෙන්නේ. අහිංසක නොදරුවන්ගේ අනාගත ආස්චර්ය මේකද? නීතිය අවිනීතය උනාම තව මොනවා නොවෙයිද. දරු දුක අම්මලාට දැනුනට පාලකයින්ට මේවා දැනෙන්නේ නැහැනේ. ඒ දරුවෝ සුරක්ෂිතයිනේ. (නදී)
දෙමවුපියන් විසින් හරියට වැදු එකෙක් මෙ දරු පැටියා තියාගෙන සිටිනවා නමි දරුවාගේ දෙමව්පියන්ට තවත් ගින්දර නොදි දරුවා ලබා දෙන්න. (නදී)
මේකට අදාල පැත්තේ දුරකතන සාකච්ඡා පරීක්ෂා කරන්න.. මෙහෙම දේවල් ඉදිරියේදී සිද්ධවෙන්න දෙන්න එපා... (අ)
මම නම් කියන්නේ සමහර විට දන්නා කියන කෙනෙක් මේකට සම්බන්ධ ඇති. එහෙම දේවල් පසුගිය කාලයේ ඕන තරම් සිදු වුනා. අනේ දරුවාව යහතින් ඉක්මනට සොයා ගන්න ලැබේවා . (නදී)
අනේ පවු! කොහොමහරි මේ දරුවා හොයලා දෙන්න (නි)
දෙමවුපියන්ගේ දුක නොතේරෙන, කිසිම දිනෙක දරු මල්ලන් නොලබන තිරිසනුන්ගේ වැඩක්. අහිංසක දරුවාට දෙවි රැකවරණය ලැබේවා! (නි)
හොඳ තැනකින් අංජනම් එළියක්වත් බලමුද? (නි)
මේ දරුවා ඉක්මනින් සොයාගන්න හැකිවේවා! (නි)
මේ වගේ දේවල් වලට අද කාලයේ තමන්ගේ අයවත් විශ්වාස නැහැ. සමහර අවස්ථාවල පවුලේ ළඟින්ම හිටි කට්ටිය මේවාට සම්බන්ධ බවට ඔප්පු වුණ සිද්ධි පසුගිය කාලයේ වාර්තා වුණා. මේ දරුවා ඉක්මනින් නිරුපද්‍රිතව සොයා ගැනේවා! (නි)
අනේ දෙයියනේ චූටි පැටියා...! කොහොම ඉවසන්නද වැදු මව හා පියා..! (නි)
රත්තරන් පුතේ, ඔයාව සඟවාගෙන ඉන්න තැනක් ඉක්මනට දෙවියන්ට පෙනේවා! (නි)
අනේ අහිංසක දරුවා මුන් නිධානයක් ගන්න වත් අරන් ගියාද (නදී)
ලංකාව බොහොම නරක අතට යන්නේ. මේ වගේ අපරාද කරන අයට හොඳක් නම් වෙන්න එපා. (නදී)
මේවගේ අපරාද මේ රටේ සිදුවෙන්න ඉඩ තියන්නේ ඇයි (නදී)
අනේ දෙවියනී තෙරුවන් සරණේ බල මහිමයෙන් මොන නරුමයෙක් මේ වැඩේ කලත්, දරුවාව නිරුපද්‍රිතව ඉල්ලන ඕනෑම දෙයක් අරගෙන, ඒ දරුවාව මේ අසරණ දෙමාපියන්ට දකින්න ලැබෙන්න ඕනා. ඒ කිරිසප්පයට තෙරුවන් සරණයි. (නදී)
මෙහෙමත් පව්කාර රටක්. වහාම වෙනසක් විය යුතුමයි. නැත්තම් රට විනාසයි. (අ)
නීතියක් නැති රටක මේ වගේ දේවල් ඉදිරියේදිත් නිතර අහන්න ලැබෙනවා. (අ)
කිසිම රජයක් යටතේ මෙවැනි නීතියේ කඩාවැටීමක් උනේ නෑ. ඉතා අවාසනාවන්ත සිදුවීමක්. මේ ළමයාගේ ජිවිතය බේරා දෙන්ඩ දෙයියනේ.(නදී)
දරු පැටියව බේරා දෙන්න පොලිස්පතිතුමනි (නදී)
කාගෙ හරි කෙනෙකුගේ අපලයකටවත් බිලිදෙන්න මේ ළමයව ගෙනිච්චද? (නි)
ශික් මේ වගේ පව් කාර රටක්,කාසි කොළ වලට වහල් වෙලා අහිංසක මල් වගේ නොදරුවන් හොරකන් කරනවා.(අ)
මේ මිනිස්සු ළඟ 'සගවපු' ආයුධත් ඇති. පෙන්වන්න එක්ක යන්න.(අ)
ලංකාවත් දැන් සෝමාලියාව වගේ වෙන්න යන්නේ. මඩ ගොහොරු දේශපාලනය මෙයට හේතුව වී ඇත. ලොක්කන්ට සහ ගෝලයන්ට නීතිය අදාල නැත. ඕනෑම දෙයක් කල හැක. පොලිසියට කිව්වට වැඩක් නැත. සාමාන්‍ය ජනතාවට අද ඇත්තේ දෙයියන්ගේ පිහිට පමණි.(අ)
දරුවාගේ දෙමාපියන් මෙහිදී දරුවා පැහැර ගත් අයට අපහාස වන අයුරින් මාධ්‍යට යම් ප්‍රකාශයක් කර ඇත්දැයි සොයා බලා ඔවුන්ට විරුද්ධව තදින් නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. (අ)
හැමදාම අහන්න ලැබෙන්නේ මරනවා, කොටනවා, උස්සනවා, කප්පම් ගන්නවා, දුෂණය කරනවා, මිනිසුනේ අපේ රට බේරා ගැනීමට වෙනසක් අවශ්‍යමයි. වෙනසක් කරමු.(අ)
“‘දරුවන් තුරැල්ලේ ඉන්නා කලේයා... දරැ සැප තරම් අන් නිවනක් නොවෙයා..... දරු ගින්දර හද හදවත දැවේයා... දරු දුක තරම් ගින්නක් තව නැතේයා....‘“ මෙි අම්මටයි තාත්තටයි දුන්නු ගින්දර මේ අපරාධයට සම්බන්ධ අයට ලැබනවා .ඒකාන්තයි.හැබැයි ඒක ලැෙබන්නේ මිට වඩා දහස් ගුණයකින් වැඩි වෙලා..(අ)
යොමා බුදු නෙත කුලුනිනේ .... වඩිනු මැන නිදුකානනේ....(අ)
අනේ අපිට හරිම කනගාටුයි. කිසිම කරදරයක් නැතිව මේ දරු පැටියා ඉක්මනින්ම දෙමව්පියන්ට ලැබෙන්න ඕන. (අ)
දරුවන්ව වැඩියෙන්ම ප්‍රවේශම් කරගන්න ඕන දන්නා කියන උදවියගෙන්. පසුගිය කාලයේ අසන්න ලැබුන බොහෝ පැහැර ගැනීම වලට පවුලේ හොඳට දන්නා කෙනෙක් සම්බන්ධයි. (අ)
ඇත්තටම ඇඩෙනවා, අපි ඉන්නේ කොයි තරම් පවුකාර රටකද කියල හිතෙනවා. රටේ මිනිසුන්ගේ හිත් හදන්න විකල්ප යක් අනිවාර්යයෙන් අවශ්‍යයි. කෙනෙකුගේ දරුවෙක් උදුරාගෙන යන්න තරම් මිනිස්සු පහත් වෙලා කියන්නේ හරිම අවාසනාවක්. ඉක්මනින් දරුවාව ලැබෙන්න කියල මුළු හිතින්ම පතනවා ! (නදී)
ඉස්සර ධර්මද්වීපය කියපු අපේ රට, අද මේ වගේ අවාසනාවන්ත තත්වයකට පත්කළේ කවුද..? (නි)
කවදාහරි මේ රටේ සිදුවන අපරාධ අතුගාන, දේශපාලන සම්බන්ධයක් නැති ලොකු බලවතෙක් අපි බලාපොරොත්තු වෙනවා (නි)
කවදාහරි මේ රටේ සිදුවන අපරාධ දේවල් අතුගාන දේශපාලන සම්බන්ධ නැති ලොකු බලවතෙක් එයි. (අ)
මගේ රටට ගිය කල! දෙවියනි, කරදරයක් නැතුව නැවත දරු පැටියාව සොයලා දෙන්න. (නි)