දින හතරකට පෙර මීගලෑවේ නිවසකින් පැහැර ගත් සිව් හැවිරිදි දිනිඳු යශේන් ඒකනායක දරුවා රහස් පොලිසියෙන් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. සැකකරුවන් හඳුනා ගත් බව ද ඔහු පවසයි.
දරුවා ලබා දීමට රුපියල් කෝටියක කප්පමක් ඉල්ලූ බවට පොලිසියට තොරතුරු ලැබී තිබිණි.
පැහැරගත් දරුවා බළලුවැව කැළැවේ සිටිතියි ලැබුණු ඔත්තුවක් ඔස්සේ සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩාමක් ද කැලය බලා යන්නට සූදානමින් සිටියදි මෙම දරුවා ඇඹෝගම ප්‍රදේශයට ගෙනැවිත් දමා ඇතැයි පොලිසිය කියයි.
සාමාන්‍ය ඇඳුමින් සැරසුණු පොලිස් නිලධරයෝ, බුද්ධි අංශ සහ රහස් පොලිසිය වළල්ලක් සේ ප්‍රදේශයම වටකරගෙන සිටි නිසාත් අපරාධ කරුවන්ට පැන යන්නට අවස්ථාව ලැබී නැත.
දරුවා පැහැරගත් පිරිස දරුවගේ පියාගෙන් රුපියල් කෝටියක කප්පමක් ඉල්ලා ඇතත් කප්පම් නොදී දරුවා බේරා ගැනිමට පොලිසිය යෙදු උපක්‍රම සමත් විය
දරුවාගේ මව තම දරුවා හඳුනාගත්තාය. සහකාර පොලිස් අධිකාරීවරයා දරුවා සොයා ගන්නා විටත් දරුවාගේ මව පොලිස් කණ්ඩායම සමඟ එහි ගොස් සිටි බව පොලිසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති යාන්තම් මුළු ලෝකෙම බලාගෙන හිටපු කරුණක් (දී)
මේ දරුවට නං බුදුසරණයි...!!! හැමෝම බලාගෙන හිටියේ මොකකින් මොකක් වෙයි ද කියල. පරීක්ෂණ නං ඉදිරියටම කරන්න. රටටම දැනගන්න කියන්න කව්ද මේ තරම් ආදරෙන් දවස් 4ක් ළමය බලාගත්තේ කියල. (දී)
අනේ වාසනාවන් අපේ ප්‍රාර්ථනාව ඉෂ්ට වුනා, සියලු දෙනාට වාසනාවන්ත අනාගතයක් පතමි, (දී)
ශ්‍රී ලංකා පොලිසියට මගේ උත්තමාචාරය (නදී)
ලංකාදීප තමා ඉක්මනින් සහ හරිම නිව්ස් දෙන්නේ. (නදී)
අපේ ලංකාවේ පොලිසියට සදා ජය වේවා ,මෙම අහින්සකයව බේරා දුන්නට (නදී)
මෙවැනි අපරාධ සඳහා අනිවාර්යයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා දිය යුතුයි. පොලීසියේ කැපවීම ගැන අපගේ ප්‍රසාදය ! (නදී)
දරුවට බුදුසරණයි. මේ වගේ වේදනාවක් මිනිසුන්ට දෙන්න හදන අයට මේක හොද පාඩමක්. ලංකාවේ පොලිසිය ගැන ඇත්තටම ගොඩක් සතුටුයි. දරුවට අදවත් අමමගෙන් කිරිටිකක් බොන්න පුළුවන්. (නදී)
දෙවියන්ට ස්තුති වේවා (නදී)
පොලිසියට ස්තුතියි (නදී)
ශ්‍රී ලංකා පොලීසියට අපගේ ගෞරවනීය උත්තමාචාරය. සහාය දුන් සියලු දෙනාට තෙරුවන් සරණයි. (නදී)
ඇති යන්තන් දරුවට කරදර යක් නැතුව බේරුවා (නදී)
ළමයා ලැබුනත් මේ වගේ වැඩ කරන අයට උපරිම දඬුවම් ලබාදෙන්න. නැත්තම් තව දරුවෙකුට මේ ඉරණම විදින්න වෙනවා.(නදී)
හරිම සතුටු දවසක්.නායකයින් නීතියට ගරු නොකරනවිට,සමාජය ඉබාගාතේ යනවා. (දී)
කරුමක්ක්කාර මිනිස්සු (දී)
නිතිය අකුරටම ඉටුකළ යුතු අවස්තාවක් මේක (දී)
ඔබලාට පින් (දී)
මා ස්තුති කරනවා දෙවියන්ට..... මේ දුන් පණිවිඩයට.... ඔබ සදා ජිවමානයි (දී)
අපේ සුබපැතුම් (දී)
කෝ මේ පොලිසියට හැමදාම අපහාස කරන අපේ රටේ කට්ටිය (දී)
පොලිසියේ අගනා ක්‍රියාවක් ළමයට දෙවියන්ගේ පිහිටෙන් ගෙදර එන්න හම්ම්බ උනා (දී)
අපේ පොලීසිය ලොව හොදම පොලිසිය බවට නැවතත් තහවුරැ කලා දිනිදු ඔබට දීර්ඝායු වේවා මෙම උතුම් කටයත්ත වෙනුවෙන් කැපවු සියලු නිලදරැවනි ගම්වැසියනි..................ඔබ සැමටි මේ තුතිමල් මිට (දී)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අපගේ ප්‍රණාමය! (දී)
පොලිසියට අපගේ ආචාරය...... (දී)
අල්ලා ගත්තනම් ආයුද තියෙන්නේ කොහෙද කියල අහන්න අමතක කරන්න නම් එපා. (දී)
කෝ අපේ පොලිසියට මඩ ගහන කට්ටිය (දී)
ශ්‍රී ලංකා මුළු පොලිස් බලඅැනියටම සහ රහස් පොලිසියටම උපහාර (නදී)
මේ පුවත ඉතාම සන්තෝෂ ජනක එකක් වනවා නොඅනුමානයි. ඔව් අපි කාටත් පොලිසියට ගොඩාක් පිං. එ් වගේම අපේ පොලිසියට ස්‌තූතියි. (නදී)
ඇත්තටම සතුටු පුවතක්. මෙවන් ක්‍රියා කිසිදිනක නොඅසන්නට වග බලා ගත යුතුයි. පොලීසියට මගේ උත්තමාචාරය (නදී)
අපේ පොලිසිය හරි දක්ෂයි. හරියට නීතිය කරන්න දෙනවා නම් ලංකාවේ අපරාද නවතන්න පුළුවන් (නදී)
පොලිසියට ජයවේවා. (නදී)
අපේ පොලිසියේ මහතුන්ට විශේෂ ස්තුතිය මොනවා හරි ක්‍රමයකින් දරුවා නිරුපද්දීතව සොයා ගත්තා. රටේ දරිද්‍රතාවය ඉහල යාම මුදල් උදෙසා මිනිසුන් තිරිසන් වීම මේවා ඉතින් වග කිව යුත්තන් විසින් නිසි පරිදි විසදුම් දිය යුතු කාරණා.(නදී)
මුන්ට දෙන්න රජකාලේ දඬුවම්. මෙන්න මුන්ව එක්ක යන්න අනේ ආයුද පෙන්නන්න. අපි මොනවත් කියන්නේ නැහැ (නදී)
පොඩි පුතාට බුදුන්ගේ පිහිටයි (නදී)
අනේ වාසනාවන්. මමත් හරිම කණගාටුවෙන් හිටියේ. හිතට හරිම සතුටක්. දෙමපින්ට නිවන් දැකකා වගේ ඇති. දරුවට බුදුසරණ ලැබේවා.(නදී)
මේ අයව බල්ලන්ට කන්න දෙන්න ඕනා. (නදී)
අද දවසේ අහන්න ලැබුන සතුටු දායකම ආරංචිය (නදී)
පුංචි පුතු සොයන්න වෙහෙසුන සියලුදෙනාටම ජාති ජාතිත් පින් මෙන්ම , මේ වෙනුවෙන් වෙහෙසුණු සියලුම පොලිස් නිළධාරීන්ට ජාතියේ උත්තමාචාරය! මින් මතු මෙවැනි අමානුෂික සිතුවිලි කිසිවෙකුටත් පහල නොවේවා! (නදී)
ගොඩක් සතුටුයි. මෙහෙයුමෙහි යෙදුන සියලු නිලදාරීන්ට ප්‍රශංසා කරමි. (නදී)
මේ රෑ ලංකාදීපෙ බැලුවෙම මේ ගැන හොඳ තොරතුරක් බලාපොරොත්තුවෙන්, ඒ දෙමව්පියන්ට යන්තම් සහනයක් ලැබුන එක ලොකු සතුටක්. මේ ගින්න දුන්න අමනුස්සයින්ට නම් ලොකු පාඩමක් ඉගෙන ගන්න කටයුතු කරන්න වෙයි.(නදී)
පොලිසිය මේ කල සේවය අගය කල යුතුයි. ඒ වගේම ඒ තිරිසනුන්ට දස වධ දී ප්‍රසිද්ධියේ මරා දැමිය යුතුයි. (නදී)
පින්තුර දාන්න මේ කවුද කියල මිනිස්සුන්ට දැන ගන්න. (දී)
යන්තම් එති.පොලිසියට බොහොම ස්තුති .දරුවට බුදු සරණයි මට ආරංචියට කදුලුත් අව (දී)
ඔන්න ඔය වගේ අයව ආයුද පෙන්නන්න එක්කන් ගියාට කමක් නැහැ. කවුරුත් මුකුත් කියන්නේ නැහැ. අත පය තියෙන්නේ හම්බකරන් කපල්ලකෝ අනිත් මිනිස්සු අමාරුවෙන් හම්බකර ගත්තු දේවල් මංකොල්ල කන්නේ. (දී)
දරුවාව නිරුපද්‍රිතව එම දෙමාපියනට ලබාදීම ගැන පොලිස් නිලධාරීන්ට සහ බුද්ධි අංශ සහ රහස් පොලිසියට අපගේ උත්තමාචාරය පුද කරන්නෙමු, (දී)
පොලිසියට මගේ උත්තමාචාරය (දී)
මමත් මේ දරුවා වෙනුවෙන් කඳුළු හැලුවා..දෙවියන්ගෙන් ඉල්ලා සිටිය මේ දරුවා බේරා දෙන්න කියල..හරිම සතුටුයි,,පොලිසියට ,උදව් කරපු හැම දෙනාටම..කල්පනාවෙන් වැඩ කරපු මාධ්‍යට ගොඩක් පින්,, (දී)
සැක කරුවන්ගේ ඇට කුඩු වේවා...! (දී)
දෙවියන් වහන්සේට ස්තුති වේවා (නදී)
දැනුයි මගේ අඟට ලේ ඉනුවේ. පුතාට බුදු සරණයි (නදී)
සියලු දෙවි පිහිටෙන් රත්තරන් දරුවා ලැබුනා. අම්මෝ මට හරිම සතුටක් දැනුනේ. (නදී)
ඔය දරුවාව බේරාගැනීමට උදව් කල සියලුම දෙනාට සහ විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොලිසියට මගේ හර්දයාංගම ස්තුතිය. ඕකට සම්බන්ද අයට ජීවිතාන්තය දක්වා සිරදඬුවම දෙන්න ඕන. ඇප දීලනම් එලියට යැවුවත් දෙවියෝ දඬුවම් කරාවි. (නදී)
දෙවියන්ට ස්තුති වේවා.මේ දරුවාගේ පියා සාධාරණව මුදල් හම්බ කරන ව්‍යාපාරිකයෙක් වෙන්න ඇති. ඒ නිසයි දරුවා මේ තරම් ඉක්මනින් හම්බ වුනෙත්. දරුවාට කරදරයක් සිදු නොවුනෙත්. (නදී)
ඔය දවස් ගානට ඔය අසරණ දරුවට මොනවා හිතෙන්න ඇද්ද?එයාගේ අම්ම තාත්ත කොච්චර දුකෙන් ඉන්න ඇද්ද. සියලුම ලක්වාසීන්ගේ ප්‍රාර්ථනාවල් හින්දා තමා ඔය දරුවා බේරුනේ. මුදලට ගිජු අර කාලකන්නි ටිකට නම් හොඳක් නම් සිද්ද වෙන්න එපා. කෙසේ හෝ උන්ට උපරිම දඬුවම ලබාදෙන්න කියල මේ කොමන්ට් එක බලල තම තමන්ගේ දෙවියන්ගෙන් ප්‍රර්තනාකරන්න. (නදී)
ශ්‍රී ලංකා පොලිසියට මගේ උත්තමාචාරය ,දරුවට තෙරුවන් සරණයි (නදී)
ඉතාමත්ම සතුටු ආරංචියක්. ඒ දරු පැටියා සොයාගැනීමට පිහිට වූ සැමටම අනේක වාරයක් ස්තුති වේවා. රෑ නින්දෙදී පවා මට ඒ දරු පැටියා ගැන සිහිවී වේදනාවට මා පත්වූවා. දැන් මගේ හිතටත් සැනසීමයි. (නදී)
අම්මෝ හිතට පුදුම සහනයක් දැනුනේ. චුටි පුතා හොදින් ඉන්න එක ගැන දෙවියන්ට ස්තුති වේවා! ඒ අම්මටයි තාත්තටයි කොච්චර සතුටු ඇතිද?. ඔය අපරාධය කල තිරිසනුන්ට මරණීය දඩුවම නියම කරන ලෙස ජනාධිපති තුමාගෙන් ඉල්ලා සිටිනවා.(නදී)
සිත නිවී සැනසී ගියා. පුතේ ඔයාට බුදුසරණයි. (දී)
කිසිම නීතිවේදී මහත්තයෙක් මේ සදහා ඉදිරිපත් නොවිය යුතුය (දී)
මේ වගේ කට්ටියට ප්‍රසිද්දියේ මරණ දඩුවම් දෙන්න ඕනේ.තව කාටවත් මේ වගේ දෙයක් කරන්න හිටන්නවත් බේරී වෙන විදිහට (දී)
අනේ ජාති ජාතිත් පින් සිද්ද වෙනවා කරපු උදව්වට දෙමාපියෝ කොච්චර සන්තෝස වෙනවා ඇද්ද. (දී)
දෙමුපියෝ වශයෙන් අපිත් මේ දවස් ටීකෙම ගොඩක් දුකින් කාලය ගෙය්වේ.. මුදල් නීසා කුඩා දරුවන්ගෙන් පවා පලිගන්න මෙවනී නරුමයන්ට අමතක නොයන දඩුවම් කරන්න ඔනී (දී)
මේ ළමයාව බේරා ගන්න මාධ්‍ය කල මෙහෙවර ඉතාම ඉහලයි විශේෂයෙන් ලංකාදීප...ගොඩක් ස්තුතියි (දී)
දරුවට දෙවියන්ගේ පිහිටඊ,,දෙමව්පියන්ට මොන තරම් සතුටක් ඇතිද දරුවාව දැක්කම අපිත් හරිම දුකෙන් හිටියේ (දී)
සතුටුදායක පුවතක්. මගේ හිතේ ලොකු බයක් තිබුනා මේකත් මතුගම සමන් කුමාර දරුවාගේ සිද්ධිය වගේ වෙයි කියලා. (දී)
දරුවා සොයා ගැනිමට හැකිවිම ගැන පොලිසියට ස්තුති වන්ත වනවා , වාගේම , මෙහි නොපෙනෙන ගුප්ත රහසක් තිබෙන බව පේනවා . දරුවා පැහැර ගත් ආකාරයත් දරුවා මහා මග දමා ගිය කරුනුත් , ගුප්ත දෙයක් . පොලිසියට අසු නොවී මෙසේ කිරීම සහ , දෙනෝ දාහක් මැද පැහැරගැනීම කල දෙයත් (දී)
ජීවිතයට කරදරයක් නොවී බේරුනා එක ලොකු වාසනාවක්. මුළු පවුලටම තෙරුවන් ආශීර්වාදය ලැබේවා (නදී)
මෙම දරුවා සොයා ගැනීමට ක්‍රියාකල ෆොලිස් නිලධාරී සැමට,යෝදබල, යෝද ශක්තිය, ලැබේවා. සැමට තෙරුවන් සරණ පතමි. (නදී)
අද 01 දා ලංකාවෙන් සැතපුම් 10,000 එපිටින් සිටියද, මෙතෙක් මෙම අවාසනාවන්ත සිදුවීම පිලිබඳ දැඩි කණගාටුවෙන් සිටියෙමි. මෙම සතුටුදායක පුවත හිමිදිරියේදී පළමුවෙන්ම දැකීම කිව නොහැකි සතුටක් හා සැහැල්ලුවක් ගෙනදුන්නකි. දිනිදු පුතුට තෙරුවන් සරණයි ! - මුදි දසනායක ඇතුළු දියණියන් දෙදෙනා සහ බිරිඳ - (නදී)
මේ දරුවා බේරාගත් සියලු දෙනාට ජයවේවා. බොහොම පින්. (නදී)
දැනුයි ලේ ටිකක් ඉනුවේ..රට දාල යන තරමටම හිත අවුල් වෙලා තිබුනේ හිත හොඳ සොරුන් ටිකක්. අතේ පයේ වැඩක් කරලා හම්බ කරගෙන කෑවොත් නම්බු කාරයි හොර මහතුනේ. (නදී)
දෙවියන් වහන්සේට ස්තුති වේවා (නදී)
මේ වගේ පොලිසියක් අපට හැමදිනකම දකින්න අහන්න ලැබෙනවා නම් කොච්චර සතුටක්ද? ආඩම්බරයක්ද? කොන්ද කෙලින් තබාගෙන ඉන්න හැකි පොලිසියක් අද දවසේ අවශ්‍යතාවයයි (නි)
අනේ සාදු! දරුවාට කරදරයක් කරලා නැහැ කියලා හිතනවා.අපේ පොලිසිය හොඳයි (නි)
විශිෂ්ට කාර්යයක් (නි)
මෙවැනි සාපරාධී ක්‍රියා කරන පුද්ගලයන් හට නීතියේ අපරාධකරුවෙකුට හට ලබා දිය හැකි ඉහළම දඩුවම ලබාදිය යුතු අතර,මෙවැනි ක්‍රියා ලංකාව තුළ තව දුරටත් සිදු නොවීමටත්, සිදු කිරීමට උත්සාහ දරන පුද්ගලයන් හට ජිවත්වීමේ අයිතිය නැතිකර දැමිය හැකි ලෙස කටයුතු කළ හැකි නම් හොඳ බව සිතමි.සහකාර පොලිස් අධිකාරීවරයා ඇතුළු අනෙකුත් මේ සදහා සහය ලබාදුන් අයට මාගේ හෘදයාංගම ස්තූතිය. (නි)
හිතට සැනසිලිදායක පුවතක් (නි)
මම කලින්ම සැකයට කිව්වා මේකට පවුලේ කවුරුහරි සම්බන්ධ ඇති කියලා. ඔය තියෙන්නේ ඥාති කෙනෙක් සම්බන්ධයි කියලා. අද කාලයේ තමන්ගේ නෑදෑයන් වුණත් පමණට වඩා විශ්වාස කරන්න බැරි කාලයක්. මම හැමෝටම කියන්නේ තමන් දෙවියන්ගේ පිහිටෙන් කාලා ඇඳලා ජීවත්වෙනවා නම් , පවුල සමගි නම්, දරුවන් හොඳට ඉගෙනගන්නවා නම්, පළමුව ප්‍රවේශම් වෙන්න ඕනෑ තමන්ගේ නෑදෑයන්ගෙන්. (නි)
කරුණාකර මේ තක්කඩියන්ගේ ඡායාරූප පළ කරන්න. අපිත් බලා කියාගන්න එක හොඳයි. කාගේ හරි අනුහසින් නිදහස් වෙලා ආවොත් අපේ ගෙවල් වල ළමයින්වත් ආරක්ෂා කරගන්න. (නි)
නැවතත් මේවා නොවෙන්න සැකකරුවන්ට උපරිම දඩුවම් දෙන්න ඕනෑ. (නි)
මමත් තාත්තා කෙනෙක්. මේක ලොකු සැනසීමක් හිතට. දෙවියන්ට පින්සිදු වේවා! (නි)
ගොඩක් පින් (නි)
දරු පැටියා යහතින් සිටීම ගැන දෙවියන්ට ස්තුති වේවා! (නි)
ගොඩක් සතුටුයි ළමයා හමුවීම ගැන (නි)
බලනකොට අපේ පොලිසිය බොහොම හොඳයිනේ. මෙන්න මෙහෙම තමයි වැඩ කරන්න ඕනෑ. ජය වේවා ! (නි)
මේ වගේ පහත් කප්පම්කරුවන් වෙනුවෙන් රටේ නීතිය වෙනස්කර හෝ දරුණු දස වද දී කටයුතු කිරීමට ක්‍රියා කළ යුතු කාලය එලඹ ඇත. (නි)
ලංකාවේ මේ සිදුවන දේවල් අප්‍රිකාවේ ගෝත්‍ර වලවත් සිදු නොවන තරම්. මෙසේ වන්නේ ඉතාම පහත් තත්වයට වැටී ඇති දේශපාලන කුඩු සංස්කෘතිය නිසා බව අවධාරනයෙන් කියමි. (නි)
ශ්‍රී ලංකා පොලිසියෙන් විශිෂ්ට වැඩක් (නි)
මම කලින්ම සැකයට කිව්වා මේක මේ පවුල දන්නා කියන කෙනෙක් ගේ වැඩක් වෙන්න ඇති කියලා. ඥාති කෙනෙක් සම්බන්ධයි කියල තියෙන්නේ. තමන් දෙයියන්ගේ පිහිටෙන් කාලා ඇඳලා ඉන්නවා නම් , පවුල සමගි නම්, දරුවන් හොදින් ඉගෙන ගන්නවා නම්, ඉස්සෙල්ලාම පරිස්සම් වෙන්න ඕන නෑදෑයන්ගෙන්. මේ තත්වය අද රටේ හැමතැනම තියනවා. (නදී)
උදෙන්ම අහපු හොදම නිවුස් එක පොලිසියෙ අගය කලයුතු කෑපවීමක් මාධ්‍ය වලින් හොද සහයෝගයක් අපි බලාපොරොත්තුව සිටි පිලිතුරක් (නදී)
අනේ මට හරිම සතුටුයි. මේ දරුවා බේරා ගන්න උදව් කල අයට සංසාරය පුරා පින්වත් දරුවන්ගෙන් නම් අඩුවක් වෙන්න එපා. (නදී)
පිටරට සිටින අපිත් දරුවා නිරුපද්‍රිතව සොයා ගත් පුවත අසා සැනසීමට පත් වුනා. මෙයට සහය දුන් සැමට අපේ ආචාරය. (නදී)
මමත් දෙවියන්ටත් කිව්වා. ගොඩක් ස්තුතියි (නදී)
දරුවා සොයා දුන් සැමට පින් සැකකරුවන් කොහෙද සොයා දඩුවම් ලබා දියයුතුයි (දී)
නැවතත් මේවා නොවෙන්න සැකකරුවන්ට උපරිම දඩුවම් දෙන්න ඕනෑ. (දී)
ඇත්තම තමයි. කප්පම් කාරයන්ගේ චායාරුප මහජනයාට පෙන්වීම කල යුතුයි. නැතිනම් හිරෙන් නිදහස් වෙලා ඇවිල්ලත්කරන්නේ ඔය වගේම දහදුරා වැඩම තමා. (දී)
පුංචි බබා සොයාදුන් පොලිසියට සහ මාධ්‍යට ගොඩක් ස්තුතිය පුදකරමි. (දී)
දැන් මේ රටේ තමන්ගේ දාඩිය මහන්සියෙන් ධනයක් උපයාගෙන , අඹු දරුවන් එක්ක සැනසිල්ලේ ජීවත් වෙන්න මිනිස්සුන්ට විදියක් නැහැ. අනුන්ගේ දේවල් කොල්ල කාලා ජීවත් වෙන ක්‍රමයට සමාජය හැඩ ගැහිලා. මේ වගේ අපරාධ කාරයොන්ට එල්ලුම් ගහ නියම කලත් වැරද්දක් නැහැ. සුළු කාලයකට හිරේ දැම්ම ම ආයෙත් නිදහස් වෙලා ඇවිත් කාට හරි ගිනි පත්තු කරලා තමා ජීවත් වෙන්න බලන්නේ. (දී)
මේ අපරාධ වැඩේ කල අයටත් දරුවෝ ඉන්නවද දන්නේ නැහැ . මෙහෙම අනුන්ට ගිනි ගෙඩි දීල හම්බු කරලා ගෙවල් වලට ගෙනියන දේවල් ඒ අයගේ දරුවන්ට යාදෙයිද ? (දී)
මවට පියාට මොන තරම් සතුටු ඇද්ද (දී)
සුරඟන කතාවක් වගේ ..කප්පන් ගන්න අඩ බෙර ගහල ප්‍රසිද්දියේ දරුවෝ පැහැරගෙන යන කප්පන් කාරයෝ ඉන්නවා කියල ඇහුවමයි මේ..කප්පන් සිදුවීමකදී කප්පන් කරුවා සැමවිටම බලන්නේ පොලිසිය මග හරින්න..පොලිසියට කප්පන් ඉල්ලීමක් ගැන නොදැනෙන්න කටයුතු කරන්න..මම අහපු කප්පන් කතා වලනම් මෙතුවක් තිබුනේ කප්පන් කරුවන්ගේ ප්‍රථම කොන්දේසිය හා තර්ජනය පොලිසියට කිව්වොත් වැඩ වරදීවි කියන එක කියල.මේක එකේ අනෙක් පැත්ත..මේ කප්පන් කාරයෝ ටිකක්නම් වෙන්න බැහැ..මෙතන වෙන අවුලක් තියෙනවා..දෙවියන්ගේ පිහිටෙන් දරුවා සුවෙන්නම් අවුල් වැඩක් නැහැ..එච්චරයි ඕන.. . (දී)
සමහර මිනිසුන් හිතන්නේ නෑදෑයන්ගේ දහදිය මහන්සියෙන් උපයන ධනයට හොඳින් හෝ නරකින් තමන්ට අයිතියක් තියනවා කියලා. කොච්චර දුන්නත් ඉවරයක් නැහැ. අන්තිමට සිද්ධ වෙන්නේ මේ වගේ තුච්ච නින්දිත වැඩක් හරි කරලා , නෑදෑයන්ගේ දරුවන්ව හරි බිල්ලට තියලා තමන්ට අවශ්‍ය දේ කරගන්න යන එක. දෙමව්පියන් ව්‍යාපාරික පොහොසතුන් වෙනවිට ඒ ධනයට කෑදර නෑදෑයන් නිකම්ම වැඩි වෙනවා. (දී)
දරුවාට කරදරයක් නැතිව සොයා ගත් බව අසා ඕස්ට්‍රේලියාවේ සිටින අපත් ඉමහත් සැනසීමට පත් වුනා. අනේ කාටවත් මෙවැනි කරදරයක් වෙන්න එපා. දරුවා සොයා ගැනීමට උදව් කල සැමට තෙරුවන් සරණයි. ! වගකීමෙන් ක්‍රියා කල මාධ්‍යයටත් ස්තුති කරමි. (නදී)
ශ්‍රී ලංකා පොලිසියෙන් විශිෂ්ට වැඩක් (නදී)
අපි ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. මේ පුවත අසා බොහොම කම්පාවට පත්ව සිටියේ. දැන් නම් සිතට හරි සැනසීමක් දැනෙනවා. (නදී)
පොලිසියයට ඕනෑම වැරදි කරුවෙක් හොයා ගන්න පුළුවන්. රජයේ හොරකම් හැර. කටුගේ හොරකම, දළදා මාලිගාවේ රන් වියන හැර. හා හා හා මම අලුත් එකක් හයි කරන්නම් (නදී)
දවසේ සුභම ආරංචිය (නදී)
පින් සිද්ද වේවි. ආයුධ පෙන්නන ගෙනියන්න. (නදී)
බලාගෙන් යනකොට දරු පැටවුන් පරිස්සම් කර ගන්න වෙලා තියෙන්නේ තමන්ගේම නෑදෑයන්ගෙන්. දරුවා සොයා ගැනීමට ක්‍රියා කල සැමට යහපතක් ම වේවා ! (නදී)
පොලිස්සියට මල් මිටක්. ඔබලා ඒ දෙමාපියන්ගේ පමණක් නොව අපේද කඳුළු පිස දැමුවා. (නදී)
මෙවැනි සාපරාධී ක්‍රියා කරන පුද්ගලයන් හට නීතියේ අපරාධකරුවෙකුට හට ලබා දිය හැකි ඉහළම දඩුවම ලබාදිය යුතු අතර,මෙවැනි ක්‍රියා ලංකාව තුළ තව දුරටත් සිදු නොවීමටත්, සිදු කිරීමට උත්සාහ දරන පුද්ගලයන් හට ජිවත්වීමේ අයිතිය නැතිකර දැමිය හැකි ලෙස කටයුතු කළ හැකි නම් හොඳ බව සිතමි.සහකාර පොලිස් අධිකාරීවරයා ඇතුළු අනෙකුත් මේ සදහා සහය ලබාදුන් අයට මාගේ හෘදයාංගම ස්තූතිය. (දී )
මේ වගේ පහත් කප්පම්කරුවන් වෙනුවෙන් රටේ නීතිය වෙනස්කර හෝ දරුණු දස වද දී කටයුතු කිරීමට ක්‍රියා කළ යුතු කාලය එලඹ ඇත. (දී)
සැනසුම් සුසුම්. හදවතින්ම සතුටු වෙනවා. (නදී)
මුන් ටිකට දැඩි දඩුවම් දෙන්න ඕනා (නදී)
ඇත්තටම පොලිසියේ විශිෂ්ට ක්‍රියාවක්. අපි බලාගෙන ඉන්නේ මේ අපරාධකාරයන්ට දෙන දඬුවම් මොනවද කියලා. නීතිය සාමය ආරක්ෂා කරන්න වෙර දරන , රට ආශ්චර්ය කර ගෙන යන ජනාධිපති තුමනි. නීතිපති තුමනි, පොලිසියේ ඉහල සියලුම නිලධාරිනි. ඔබ සියලුම දෙනාගෙන් ඉල්ලන්නේ මෙවැනි දේවල් අපට කිසිදිනක අසන්නට නොලැබේවා කියලයි (නදී)
කිසිවක් නොදත් මේ දරුවා බේරා ගැනීමට මුල් වූ සැමට පින් සහ ස්තුතිය. මේ අපරාද කරුවන් බේරා ගැනීමට ඉදිරිපත් නොවීම උගත් නීතිවෙදින්ගේත් යුතුකමක්, වගකීමක්. එමෙන්ම මේ පාදඩයන්ට නිසි ලෙස සැලකීමත් පළාතේ ජනතාවගේ යුතු කමක්. (නදී)
ආයුද පෙන්වන්න අරන් යන්න...... මෙවැනි අපරාද කරුවන් ඉතිරි කරන්න එපා. (නදී)
කෝ අපේ අන්ජම් බලන කෙනා (දී)
මෙම දරුවාගේ දෙමව්පියන්ගේ මෙන්ම ගමේ මිනිසුන්ගේද උතුරා යන සෙනෙහස සහ සතුට සමග අපිද එක්වන්නෙමු. (දී)
මේවා නැවත මෙරටේ සිදු නොවීමට වග බලාගත යුතුය. (දී)
ඕස්ට්‍රේලියාවේ සිට ලංකාදීප පත්‍රය සමග එක් වන අපි මේ දරුවාට සිදු වන්නට ගිය විපත අසා හරිම කනගාටුවට පත් වුනා. මේ දරුවා බේරා ගැනීමට උදව් කල සැමට අපේ ආචාරය. (දී)
සන්තෝසයි (දී)
මුළු රටේම අවධානයෙන් සිටි සානුකම්පිත පුවතක්,මේ විධියට නිමාවීම දරුවාගේ වාසනාවක්. ශ්‍රී ලංකා පොලිසියට මෙන්ම මාධ්‍යයට මේ වෙනුවෙන් කම්පාවූ, කනගාටුවූ,සැමගේ ගෞරවය හිමි විය යුතුයි (දී)
මේකට මුල් වූ ඥාතියා එකත් එකටම මේ පවුලේ සල්ලි වලට කෑදරකමට හොඳට සැලසුම් හිතාගෙන හිටපු කෙනෙක් වෙන්න ඇති. සමහර වෙලාවට මේ ලෝකේ සතුටු කරන්න අමාරුම සත්ව කොට්ටාශය තමයි නෑදෑයන්. කොච්චර දුන්නත් සතුටු වෙන්නේ නැහැ. තමන් මහන්සි වෙලා හරි හම්බ කරගන්නේ නැහැ. අනුන්ගෙන් යැපෙන්න බලන් ඉන්නේ. ඉපදෙන්නෙම පරපෝෂිතයෝ වගේ අනුන් ගේ දෙයක් කඩා වඩා ගන්න බලා ගෙන .(දී)
හොද ආරංචියක් (දී)
ඇත්තටම නීති වේදීන් මොවුන්ට පෙනිහිටින්නේ නැත්නම් උසාවියෙන් මොවුන් හොද දඬුවම් ලබනවා. එමනිසා නීති වේදීන් දරුණු අපරාද කාරයෝ බේරන්න උත්සහ කරන්න එපා. කවද හරි දවසක එයාලටත් මේ දුක ලැබෙන්න පුළුවන්. පොලිසියට මගේ ප්‍රණාමය. (දී)
දරුවා සොයා ගැනීමට කටුතුකල හැමදෙනාට ම පින්. අපට ඇති එකම සැනසීම දරුවා ජීවත්වනු දැකීම පමණයි (නදී)
කරුණාකර ලංකාවේ සිදුවන අපරාදවලට හේතු හොයා ඒවාට පිළියම් යොදන්න. ඒ වගේම පොලීසිය සහ අදිකරණය ස්වාදීන ආයතන බවට පත් කරන්ඩ. ඉහල නිලදාරීන් පත් කිරීම,මාරු කිරීම වහාම ස්වදීන ආයතනයන්ට බාර දෙන්ඩ. (නදී)
සැනසිලිදායක ආරංචියක්. තවමත් බුදුදහම මේ ලෝකේ තියනවා. වැරදි වැඩ කරලා කාටවත් බෑ මේ ලෝකේ ජීවත් වෙන්න දඩුවම් ලබෙනවාමයි (නදී)
බුදු දහම් සත්‍යයි. අපරාද කරුවන්ට රජකාලේ දඩුවම් දෙන්න (නදී)
ලංකාවටම සතුටු දායක පුවතක්. දිනිඳු යශේන් පුතා බේරා ගැනීමට මුල් වූ සියලුම දෙනාට ස්තූති වෙමි. (නදී)
මොවුන්ගේ අවසන් අභිප්‍රාය කප්පම නොලැබුනොත්,ජීවිතය නැතිකිරීම නිසාත් දෙමව්පියන් හා ඥාතීන් නොමරා මරණ නිසාත් මොවුන්ට මරණ දඬුවම දිය යුතු නේද ..එවැන්නක් කලොත් මෙවැනි දේ නැවත සිදුවීම වැළක්විය හැකියි.(නදී)
අනේ ගොඩක් පින් චුටි පුතේ ඔයාට බුදු සරණයි,ගොඩක් සන්තෝසයි, (නදී)
පොලිසිය කළ සේවය විශිෂ්ඨයි. මෙහෙව් දෙයක් කරන්න පුලුවන් පොලිසිය තමයි හැමවිටම දොස් අහන්නේ. (නදී)
කොහොමද අපේ පොලිසියේ දක්ෂකම් මෙහෙව් පොලිසියේ තත්වය තමා අපේ දේශපාලන තුමන්ලා සහ සම හරක් නිලදාරීන් කාල දාන්නේ (නදී)
දේශපාලුවො ඇගිලි ගහන්නේ නැත්නම් අපේ ලංකාවේ පොලිසිය විශිෂ්ඨ සේවයක් කරනවා. පොලිසියට ජයවේවා.........(දී)
ජීවිතාන්තය දක්වා හරි මරණ දඩුවම හරි දෙන්න අනිවාර්යයෙන්ම..නැතිනම් නිදහස් වෙලා ආවත් ආයෙත් ඔයවගේ වැඩ කරනවා. (දී)
හිතට මාර සැහැල්ලුවක් දැනෙනවා මේක ඇහුවම (දී)
පොලිසියට සැමගේ උපහාරය (දී)
පොලිසියට ස්තූතියි.(දී)
හැකි ඉක්‌මනින් පියවර ගන්න. පොලිසියට ස්තූතියි. (දී)
ශ්‍රී ලංකා පොලිසියට මගේ ගෞරව ප්‍රණාමය. (දී)
දරුවා සොයා ගැනීම ගැන හදවතින්ම ශ්‍රී ලංකා පොලිසියට හා මාධ්‍යට අවංක ස්තුතිය (දී)
දරුවා බේරාගැනීමට පොලිසියට වඩා මාධ්‍ය මහා මෙහෙවරක් කළා.පොලිසියටත් මාධ්‍ය ටත් අපගේ උපහාරය පුදමු.දරුවාට නිදුක් නිරෝගී දීර්ඝායු පතමි. (දී)
බොහොම හොද වැඩක් නීතිය අකුරට ක්‍රියාත්මක කරන්න (දී)
නැවතත් මෙවන් අපරාද සිදු නොවන්න නිසි උපරිම දඩුවම් දෙන්න (දී)
මේ වගේ මංකොල්ල කාරින්ට උපරිම දඩුවම් දිය යුතුය , දරුවා සොයා ගන්න උපකාර කල සැමට පින් (දී)
දේශපාලකයකු නොගැවුණු සැම තැනකම අපේ පොලිසිය තමන්ගේ නිළ ඇදුමේ ගරුත්වය රැකගෙන දක්ෂ ලෙස වැඩ කලා. මේ තියෙන්නේ උදාහරණ. පොලිසියට අපේ උපහාරය (නදී)
මෙවැනි අපරාධකරුවන්ට උපරිම දඩුවම් ලබා දෙන්න ඕනේ. සුභ පැතුම්! (නදී)
සුභපැතුම් මගේ පුතාට (දී)
පොලිසියට ස්තුතියි (දී)
උපරිම දඩුවම් දෙන්න (දී)
නැවත මෙවන් දේ නොකරන්න අච්චු කරන්න (දී)
අම්මාලා තාත්තලා මේවා ආදර්ශයට ගන්න (දී)
තෙරුවන් සරණයි (දී)
මෙවැනි අපරාධ කරන අයට උපරිම දඩුවම් දෙන්න ඕනේ (දී)
ඔබට බුදු සරණයි (දී)
ගෙදර අයට කොච්චර සතුටු ඇත්ද? (දී)
පොලිසියට හා මාධ්‍යට අපගේ උත්තමාචාරය (දී)
දරුවාට බුදුසරණයි (දී)
මේ අපරාධ කරුවන්ට නිසි දඬුවම් දෙන්න (දී)
ලංකාවේ බොහොම පිරිසක් ආකල්ප අතින් හරිම පහත තත්වයක ඉන්නේ . ඉතා කුඩා අවදියේ සිට ආකල්ප දියුණු කල යුතුය . නීති මාර්ග වලින් හරි හැදියාව දියුණු කල යුතුය . තරුණ ඇමති වරු හරි එකතු වෙලා රට හදිය යුතුය (දී)
එපා දෙන්න නිදහසක් (දී)
මෙවැනි අපරාධ කරුවන් එල්ලුම් ගස් යැවිය යුතුයි (දී)
මේ මොහොත මුළු රටම එක්වී සිටියේය . අපරාද කරුවන්ට නිතිය උපරිම දඩුවම ලබා දිය යුතුයි (දී)
පුතාට ජීවිතය රැක ගන්න හැමෝගෙම ආශිර්වාධ ලැබුන (දී)
මමත් මීගැලේවේ පොලිස්සියට මාධ්‍යට ගොඩක් පින් මේ වගේ වැඩ කරපු අයගේ අත පය කපලා දාන්න ඕනේ (දී)
දරුවා බේරගත්තට හැමට පින්. නමුත් මේ අපරාද කරුවන්ට මහජනතාව ඉදිරිපිට දඩුවම් දෙන්න පුලුවන්නම් තමා හොද (දී)
දේශපාලන ඇගිලි ගැසීම් නැත්නම් ලංකාවේ පොලීසිය කොච්චර ලස්සන දක්ෂ පොලීසියක් වේවිද (දී)
අපරාදෙ අත්අඩංගුවට ගත්තෙ. කට්ටියට පැනල යන්න දීල වෙඩි තියන්න තිබ්බෙ. (දී)
පාලිත මහතා කියන එක ඇත්ත . සමහර මිනිසුන් නෑදෑයන් ගේ දේවල් කඩා වඩා ගන්න පුදුම දහන් ගැට ගහන්නේ. අපේ ගමේ එක්තරා විවාහක යුවලකට දරුවන් හිටියේ නැහැ . සැමියා හදිසියේ මියගියා. එයින් මාස 3 ක ගතවුණා විතරයි හරිම පුදුම විදියට බිරියත් අනතුරකින් මිය ගියා . මිනිය උස්සන්නත් කලින් සැමියාගේ සහෝදරියෝ ඇවිත් ඔවුන්ගේ දේපල ඔක්කොටම අයිතිය කියා ගත්තා. ගමේ කට්ටිය නම් කිව්වේ ඔප්පු කරන්න සාක්කි නැති වුනාට කාන්තාවගේ මරණය සැක සහිතයි , දේපල ලියා දෙන්න කියල සැමියාගේ ඥාතින් ගෙන් කරදරයි කියල ගමේ කීප දෙනෙක් සමගම මියගිය බවලතා ඊට කලින් කියා තිබුනා කියලා. (දී)
ඉදිරියට කව්රුන් හෝ මෙවැනි දෙයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නම් ඔව්න් දැනගත යුතුයි මෙවැනි දේ කරලා බේරිලා ඉන්න බැරි බව. ස්තුති පොලිසියේ මහත්තුරුන්ට (දී)
කළු කෝට් මහත්වරු මේ අයව බේරගන්න ඉදිරිපත් නොවේව කියල මුළු ලංකාවාසීන්ම බලාපොරොත්තු වෙනවා (දී)
ලේ නෑකමින් නෑදෑය වූ පමණින් නෑදෑය කියන කෙනා ඇඟේ ගාවා ගන්න සංස්කෘතියට පයින් ගසා තමන්ට හිතවත් කියන කෙනෙක් පමණක් පවුලේද නැද්ද කියා බේදයක් නැතිව බටහිර මෙන් ආශ්‍රය කරනවා නම් මෙවැනි තමන්ගේ කියන උදවියගෙන් එන ප්‍රශ්න අඩු කර ගත හැක. (දී)
පැහැරගෙන ගිය පිරිස කොටුකරගත්තා නම් ඒ තක්කඩි ගැන වචනයක්වත් පළ නොකරන්නේ ඇයි? තුන්වන පාර්ශවයක මැදැහත්වීමක් නිසා ද? (දී)
නරකද මේ කට්ටිය අවි පෙන්නන කියා එක්ක ගියොත් ? රෝහණ මහතයෝ ? (දී)
ගලපිටමඬ, පැහැරගත් මිනිස්සු බලවත් වගේ ? (දී)
හැමදාම පොලිසියට බනින උදවිය අදත් බනින්නේ පොලිසියට. අපේ පොලිස් විරුවන්ට ජයෙන් ජය වේවා. (නදී)
කාලෙකින් පොලිසිය හොදක් ඇහුව. වැඩේ නම් හොදයි. ඒත් දරුව තනියම ගිහින් කැලේ ඉන්න කොට අහුඋනා කියල නම් කියන්න එපා මාද්‍ය ප්‍රකාශක තුමනි (දී)