මන්නාරම සිලාවතුරේ නාවට්කුලි හා කරදිකුලමේදී මහ පාර මාරු වෙමින් සිටි වැලිහින්නක වාහනයකට යට වී මිය ගිය බව මන්නාරම වන සත්ව කාර්යාලය කියයි.
විල්පත්තු කැලෑවේ සිට නිතරම ඒ පැත්තට එන බව කියන මේ වැලිහින්න උස අඩි පහක් පමණ වන අතර වයස අවුරුදු අටක් පමණ වෙතියි කියති.
මේ පාරේ වේගයෙන් යන වාහන වන සතුන්ට මාරකයක් වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වනසතුන් කියන්නෙත් රටක සම්පතක් බව අපි අමතක නොකළ යුතයි
අනේ අපේ සම්පත් ඇයි අපට මේවා දකින්න වෙන්නේ.(නදී)
මේත් අම්ම කෙනෙක්. සමහරවිට පැටව් මග බලාගෙන ඇති. (අ)
විනයක් නැති අයට රියදුරු බලපත් ලැබෙන එකේ පල විපාක තමයි මේ. මනුස්සයෙක් උනත් ඔචර තමයි. අපේ රටේ තියෙන නීතියේ තියෙන අඩු ලුහුඩ කම් වලට තවත් උදාහරණයක්. අනේ මන්ද මේවා කවද හැදේවිද කියල (අ)
ඕවා මොනවද අපේ ලොරි මාමලට.පාරේ යන අලිත් හප්පපු එකේ.බොරු නම් ෆොටෝ එක තියෙනව . පව් අහිංසක සත්තු. (අ)
අනේ මේ රියදුරෝ පාරේද යන්නේ අහසේද යන්නේ අහිංසක සතා (අ)
තවත් වනාන්තර බෙද බෙදා රට සංවර්ධනය කරන්න..... නූගත් නිලධාරීවාදයට සහ නූගත් දේශපාලන ක්‍රමයට බිලි වන අහිංසක සතුන්.! කිසිකලෙක මෙවන් අනතුරක් නොම වේවා...!!! (අ)
තව ටික දවසකින් ලංකාවේ වලස්සු හිටියේ නැති රටක් කියාවි. (අ)
මගේ බලවත් කනගාටුව.(නදී)
උස අඩි 5 ක් කිව්වේ හිටගත්තහම වෙන්න ඇති. (අ)
අනේ.... මෙවන් විපතක් නොවේවා නැවතත්. (ස)
වන සතුන් මාරුවෙන ස්ථාන වලට ගුවන් හෝ උමන් මාර්ග දීම වැදගත් (අ)
මහා මාර්ගයේ වන සතුන් මාරුවෙන මංකඩ පුවරු යොදා නැද්ද?එවිට රියදුරන් දැනුවත් වේවි.නොහික්මුණු රියදුරන් අධි වේගයෙන් එම ස්ථාන වලින් රිය පදවනවානම් ඊට යමක් කරන්න වේවි.මිනිසුන් වලසුන්ට බය වුනාට මේත් අහිංසක සත්තු.(අ)
මට නම් මේ වගේ දුර්ලබ සතුන් මිය යන එක ගැන ලොකු කණගාටුවක් තියන්නේ. අපේ රටේ ජීවත් වන සියලුම වන සතුන් ගහ කොළ රැක ගැනීම අපි කාගේත් පරම යුතුකමයි. (අ)
විනයක් නැති රියදුරන් ත්‍රස්තවාදින්ට වඩා වෙනසක් නැ (අ)
අපි යන්නේ වේගවත් ගමනක් නිසා ගහ කොළ සත සීපාවා සොබාදහම අපිට අදාළ නැහැ , කවුරු මලත් අපිට ඇති වැඩකුත් නැහැ , දසක දෙකකට කලින් බල්ලෙක් මලත් අනේ අපොයි කියපු ජාතියකට ගිය කල නේද ? (අ)
මේත් අම්ම කෙනෙක්. සමහරවිට පැටව් මග බලාගෙන ඇති. (අ)
අපේ රටේ ඉන්න අහිංසක වන සත්වයන් ගැන අපි මිට වඩා අවධානය යොමුකරන්න කාලය ඇවිත් නේද (අ)
අනේ අසරණ සතුන් පෙර කර්මයක් වෙන්න ඇති (අ)
පව් අසරණ සතා! මෙවැනි අනතුරු වලක්වා ගැනීමට පිළියම් යෙදිය යුතුමයි. (ස)