බොරැල්ලේ තැන් කිහිපයකින් මින් මද වේලාවකට පෙර හෙරොයින් කුඩු කිලෝ දහයකට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
කුඩු අයිතිකරුගේ විවාහ මංගල්‍යය බ්‍රහස්පතින්දා (17) සිදු වීමට නියමිතය.
පොලිසියකින් ඇල්ලු ලොකුම කුඩු තොගය මේ බව දැනගන්නට ඇත.
බොරැල්ලේ තැන් කිහිපයකින් මින් මද වේලාවකට පෙර හෙරොයින් කුඩු කිලෝ දහයකට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
කුඩු අයිතිකරුගේ විවාහ මංගල්‍යය බ්‍රහස්පතින්දා (17) සිදු වීමට නියමිතය.
පොලිසියකින් ඇල්ලු ලොකුම කුඩු තොගය මේ බව දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුමාකාර අවාසනාවන්තයෙක් (නි)
පොලිසියට මගේ සුබ පැතුම් (නදී)
කුඩු පොවන්න හැදුවද දන්නේ නැහැ වෙඩින් එකට (නදී)
කුඩු කිව්වොත් අරයා තමයි (නදී)
මහත්වරුනි, කතා නම් බොහොමයි. ඒත් ඉතින් තාම ඔප්පු වුණේ නැහැනේ. (නි)
ඉසුරන්දි නියම කතාව. (නදී)
බලවත් අය ගෙනත් විකුණලා ඊට පස්සේ පොලිසියෙන් අල්ලනවා නේද? හිතන්න බලවත් කෙනෙක් නැත්නම් ලංකාවට මෙච්චර කුඩු කොහෙන්ද ? අපේ කොල්ලෝ ටික විනාශ කරනවා , ඉස්සර ලංකාවේ මෙච්චර කුඩු තිබුනේ නැහැ. කුඩු කන්ටේනරයට මොකද උනේ ? ඒවා තමයි මේ එලියට එන්නේ (නදී)
මධු සමය හිර ගෙදර ගෙවන්න පුලුවන් (නදී)
රටට බුදු සරණයි! (නි)
කුඩු කිලෝ 261න් බාගයක් නැති උනානේ. ඒවා ද මේ අල්ලන්නේ? දැන් ඡන්දෙත් කිට්ටුයිනේ.(නදී)
මඟුල් පාටි එකට වෙන්න ඇති සමහරවිට (නි)
හොඳට මඟුල් ගෙදර ගන්න හිතාගෙන ඉන්න ඇති (නි)
නැන්දම්මාට හරි ආඩම්බර ඇති බෑණා පොඩ්ඩ ගැන. (නි)
දවසෙන් දවස හොයාගන්න කුඩු වලට මොකද වෙන්නේ කියලා දන්නේ උඩ ඉන්න දෙවියන් තමයි. මාසෙකට කලින් විතර බියගමින් කෝටි 80ක කුඩු ඇල්ලුවා. අලුත්ගම සිද්ධිය නිසා ලංකාවේ මිනිසුන්ට ඒක නිකන්ම අමතක වුණා. දැන් බොරැල්ලෙන් කිලෝ 9ක්. මේවාට ඇත්තටම මොනවද වෙන්නේ? මම මේ නිකන් අහන්නේ? මෝඩකමට වගේ.... (නි)
මඟුල් දවසට බෙදන්නද දන්නෙ නැහැ (නි)
මේ කට්ටිය අත්අඩංගුවට ගත්තා වගේ අනිත් දොරෙන් එලියට එන එකනේ වැඩේ....... (දී)
ඔය අල්ලන කුඩු වලට මොකද වෙන්නේ? ෂා! මඟුල් ගෙදර ගියා නම් කුඩු වල රහ බලන්නත් තිබුනා. අපරාදේ! (නි)
අපොයි අපොයි දැන් ලංකාව කුඩේ කුඩු. (ස)
අනේ මනමාලි (නදී)
දැන් කාලයේ අම්මලාත් සල්ලිකාරයෙක් නම් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් කරන්නෙ නැහැ. බෑණා සල්ලි හෙව්වේ කොහොමද කියලා දැනගන්නකොට ප්‍රමාද වැඩියි. (නි)
බෑනා අලුත්ම කාර් එකෙන් ඇවිත් බැහැලා ගෙදරට පාක්කුඩම් උස්සාගෙන එනකොට අපේ අම්මලාටත් මෙලෝ සිහියක් නැහැ . නැතිනම් මෙහෙම පිරිමින්ට තමන්ගේ ගෑනු දරුවාව හොයන්න බලන්නේ නැතිව භාර දෙනවාද ? (නදී)
මනමාලි දේශපාලන පවුලක වෙන්න ඇති. එතකොට තකට තක. මගුලට ආරාධනා නොකරපු තරහට ඇල්ලෙවුවද දන්නෙත් නැහැ. (නදී)
ඉතා හොඳයි. දැන් දැන් ලංකාවේ කුඩු අල්ලන ප්‍රමාණය එන්න එන්නම වැඩි වෙනවා. ඒ කියන්නේ පොලිසියෙන් කරන මෙහෙයුම් සාර්ථකව කිසිම දේශපාලන බලපෑමකින් තොරව එක දිගට කෙරෙනවා කියන එකයි. ඔහොම දිගටම කරලා ලංකාවෙන් කොහොම හරි ඔය ජරාව ඉවත් කරන්න ඕනා. මන්ද බුද්ධිකයන් කියනවා ආණ්ඩුවෙන් මේවා ගෙන්නනවා කියලා. ආණ්ඩුවෙන් ගෙන්නනවා නම් ඔහොම අල්ලයිද ? ඉස්සරත් ඕවා ඔහොම්මම ගේන්න ඇති. දැන් තමයි හරියට අල්ලන්නේ. ජය වේවා ! (නදී)
උමේෂ් එතකොට අර ආණ්ඩුවේ බලවතෙක්ගේ නමක් ගෑවුනු කුඩු කිලෝ 261 ට මොකද දන්නේ නෑ උනේ? පව් අනේ ඔයා (නදී)
නෑ! නෑ!! මනමාලිත් දන්නවා ඇති. උමේෂ් නම් මොකුත්ම දන්නේ නැහැ. (ස)
ඇත්තම නේන්නම් චන්දෙ දුන්න මහජනතාව දැන් නරියන්, බූරුවන්, බල්ලන් , තප්පුලන ගොනුන් සහ මන්ද බුද්ධිකයන් ගේ කුලකයේ තමයි දැන් ඉන්නේ. (ස)
අරක්කු වෙනුවට කුඩු පොවන්න හැදුවද දන්නේ නැහැ වෙඩින් එකට එන මිනිසුන්ට. (නදී)
මොකද මේ පට පට ගාලා කුඩු අල්ලන්නේ? මතට තිත මතක්වෙලාද? කෝ මේ කුඩු ගෙනෙන්න උපදෙස් දෙන ලොකු කට්ටිය? (නි)
මනමාලි බේරුනා එහෙනම්... (නි)
ඉස්සර කියන්නේ කොයි කාලෙද උමේෂ් ? (නි)
කුඩුවලට ඇමති කෙනෙක් පත්කරලා, අමාත්‍යාංශයක් දාන්න වෙයි මෙහෙම ගියොත් (නි)
පූර්ණ ඒ අල්ලපු කිලෝ 261 දැන් 75% විතර අඩුවෙලානේ. ඒ කියන්නේ ශුද්ද කුඩු තියෙන්නේ 25% විතරයිලු . ( මට මතක හැටියට ) දැන් මේ අල්ලන කුඩුවලත් ශුද්ද බර බලනවද දන්නේ නැහැ නේද. (නදී)
මෙතන සමහරු මොළේ උඩ ඉඳගෙන අදහස් දානවා. (නදී)
දැන් කුඩු අල්ලන නිසා ඝෝෂාව වැඩියි (නදී)