IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


මේජර් මළත් පරිගණකය බොරු නොකියයි

තිහගොඩ දී අත් බෝම්බයක් පිපිරී මියගිය මේජර් හා ප්‍රේම සම්බන්ධතාවය පැවැත් වූ බව කියන තරුණිය)17) සහ ඇගේ පවුලේ සාමාජිකයන් අතර සමීප සම්බන්ධතාවයක් පැවැත් වූ බව තහවුරු කෙරෙන ඡයාරූප 200ක් සොයාගත් බව තිහගොඩ පොලිසිය කියයි. මේජර්ට අයත් ලැප්ටොප් පරිගණකය පරීක්ෂා කිරීමේ දී එම ඡායාරූප හමු වී තිබේ. එම පරිගණකය තරුණියගේ පියා ළඟ තිබී පොලිස් බාරයට ගෙන ඇත. තරුණිය හා ඇගේ මවුපියන් සමග එකට ගත් ඡායාරූප 200කට ආසන්න සංඛ්‍යාවක් එහි තුබූ බව පොලිසිය කියයි. තරුණියගේ පියා වන විශ්‍රාමික යුද හමුදා සැරයන් මේජර් පොලිසියට ප්‍රකාශ කර තිබුනේ තම දියනිය සමග සම්බන්ධතාවය පැවැත්වු මේජර්  මෙම සිද්ධියට පෙර දැක නැති බවයි. මේජර් තරුණියගේ පවුලේ අය මේජර් සමග යාල ජාතික වනෝද්‍යානය හා දෙහිවල සත්තු වත්ත බැලිමට ද ගොස් තිබෙන බව එම ඡායාරූපවලින් පෙනෙතියි පොලිසිය පවසයි. තරුණිය ද පොලිසියට ප්‍රකාශ කර තිබුණේ උපකාරක පන්ති ගිය අවස්ථා හතරකදී පමණ මේජර් හමු වී කතා බහ කළ බවයි. අනුරාධපුර සාලියපුර යුද හමුදා කඳවුරේ 8 වැනි ගජබා රෙජිමේන්තුවේ මේජර් කලිගුරාල ආරච්චිලාගේ නලින් සම්පත් කුමාර (37) සිය කැබ් රථයේ බෝම්බයක් පිපිරී මරුමුවට පත් වූයේ ඉකුත් 18 වැනි දායි. දෙදරු පියකු වන ඔහු කුරුණෑගල හිරියාල ලේනව, බන්ඩිපොළ පදිංචිකරුවෙකි. මේජර්ගෙ අවසන් කටයුතු කුරුණෑගල දී සිදුවිය. මහේස්ත්‍රාත් පරීක්ෂණයේ මූලික සාක්කි විභාගය ද අද කැඳවීමට නියමිතව තිබූ නමුත් බිරිය අවසන් යටයුතුවලට සහභාගී වීම නිසා එය ලබන 26 වැනිදාට කල් තැබිණි. තිහගොඩ පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ඩබ්ලිව්. පී.එස්. පුෂ්පකුමාර විජේනායක මහතා පරීකෂණ පවත්වයි.



අදහස් (0)

මේජර් මළත් පරිගණකය බොරු නොකියයි

චමිල ප්‍රනාන්දු Friday, 21 September 2012 10:59 PM

ජීවත්වෙන ආදරණීය බිරිද දරැ දෙදෙනා ගැනයි දුක.. කොයි තරම් ඉහළ තනතුරු දැරුවත් මොලයක් තියෙන බවක් නම් පේන්නේ නැහැ.. යුද්දෙ කාලෙ බෝම්බයක් බැදගෙන එල්.ටී.ටී.ඊ කදවුරකටවත් පැන්නම් රටේම ගෞරවය ලැබෙනවා..!(නු)

:       0       0

රසික Saturday, 22 September 2012 01:05 PM

ඒ වැඩේ නම් හොදයි

:       0       0

ක්‍රිශාන් Saturday, 22 September 2012 01:06 PM

ආලය අන්දයි කියන්නේ මේවට වෙන්න ඇති..(ස)

:       0       0

මහේෂ් Friday, 21 September 2012 11:43 PM

ඔහු පිස්සු පුද්ගලයෙක්නේ. අඩුමගාණේ දරුවන් ගැනවත් හිතන්න තිබුණා. (නි)

:       0       0

ක්‍රිෂාන් Saturday, 22 September 2012 01:14 PM

මේජර් මැරුණද, මැරුවද යන්නත් ළගදීම දැනගන්න පුලුවන් වේවි. (නි)

:       0       0

දීපසිකා Friday, 28 September 2012 11:35 AM

ආලය මුලාවක් කෙල්ලෝ අසරණයි (අ)

:       0       0

රොහාන් Saturday, 22 September 2012 12:05 AM

මෙහෙම කට්ටිය හින්දා අද අපේ හමුදාවම ඉවරයි. (නි)

:       0       0

රජීව් Saturday, 22 September 2012 12:31 AM

ළමයි ගැන බිරිද ගැන හිතපු නැති සැමියා මිය ගියා කියලා අඩලා වැඩක් නැහැ. මේ ගැහැණු ළමයාගේ පියා තමයි නියම මිනිහා..!(නු)

:       0       0

කාලිදාස Saturday, 22 September 2012 12:42 AM

මේ මිනිස්සුද?(නු)

:       0       0

පූජ්‍ය ගම්මැදගම චන්දාජෝති හිමි Saturday, 22 September 2012 01:34 PM

සාමුහිකව සිදුකළ වැරුද්දට දඩුවම් ලැබුවේ මෝඩ පුද්ගලයාද?(ස)

:       0       0

උපාලි ලියනගේ Saturday, 22 September 2012 09:42 PM

මම ඉන්නෙ කැනඩාවෙ.. පේස් බුද්ක එක හැමෝම පාවිච්චි කරනවා.. සයිබර් මිතුරන් වගේ.. අපි හොදට කල්පනා කරලා වැඩ කරන්න ඕන..එක්කෙනෙකුට දොස් පවරන්න බැහැ දෙන්නම වැරදියි.!(නු)

:       0       0

චන්දිමා Monday, 24 September 2012 09:12 AM

මේජර්ගෙ සිරුරෙ නිදිමත ක්ලාන්තය හැදෙන යම් සංයෝගයක් තිබුන වත්ද? (ස)

:       0       0

පින්සිරි Saturday, 22 September 2012 01:49 PM

ඇත්තටම ආදරේට වයසක් නෑ (අ)

:       0       0

සුභාෂිණී Saturday, 22 September 2012 02:13 AM

මම නම් මුලින්ම කිව්වා මේ ක මිනීමැරැමක් කියලා.. ගැහැණු ළමයාගේ තාත්තා හමුදාවෙ නිසා මෙහෙම දෙයක් කරන එක ඒ තරම්ම දෙයක් නෙමෙයි.. පව් අසරණ දරු දෙදෙනයි ගුරුතුමියයි. (නු)

:       0       0

නිලූක Saturday, 22 September 2012 10:18 PM

එයා මැරෙන්න නෙමෙයිලු හිටියෙ, හදිස්සියට වාහනේට ගිහින් වාඩිවෙලා තියෙන්නේ බෝම්බෙ උඩින්ලු. (නි)

:       0       0

රාජු Sunday, 23 September 2012 04:56 PM

‍බොම්බයක් පිපිරුනාද නැත්නම් බෝම්බයක් පිපිරෙවුවද කියලා හොයලා බලන්න. මෙය මිනීමැරුමක් විය හැකියි. (නි)

:       0       0

සොනා Saturday, 22 September 2012 03:54 AM

බලාගෙන යනකොට ඔක්කොමලා හොද නැටුම් නටලා.. අනේ අර පොඩි දරුවො දෙන්නා ගැන තමයි දුක..!(නු)

:       0       0

අරුණ Sunday, 23 September 2012 05:14 PM

මම මේ සර්ගේ කෑම්ප් එකේ පුහුණු වූ කෙනෙක්. සර් හරිම එඩිතරයි. කවදාවත් මෙහෙම කරගන්නෙ නැහැ. (නි)

:       0       0

නලීන් Saturday, 22 September 2012 04:38 AM

එළිවෙන ජාමෙටලු හොද හොද සෙල්ලම්. (නි)

:       0       0

දේශ ධම්ම Saturday, 22 September 2012 05:25 AM

මට විශ්වාසයි මේකනම් මනුෂ්‍ය ඝාතනයක්..!(නු)

:       0       0

ලාල් Saturday, 22 September 2012 02:35 PM

අන්න හරි

:       0       0

ශානිකා Sunday, 23 September 2012 06:13 PM

මේ වැඩේ නම් බොහොම නරකයි (නි)

:       0       0

රම්‍යා Saturday, 22 September 2012 02:47 PM

දූව ආධායම් මාර්ගයක් කරන් වගේ (ස)

:       0       0

වේලු Sunday, 23 September 2012 06:39 PM

මෙය කිසිසේත් සිය දිවි නසා ගැනීමක් නොවේ. ඔහු බෝම්බය පුපුරවා ගත්තේනම් තනියම මිය යන්නේ නැත. නියත වශයෙන්ම මිනී මැරීමක් බව පැහැදිලියි. (නි)

:       0       0

රම්‍යා Sunday, 23 September 2012 06:53 PM

කෙල්ලන්ගේ හැටි ඔහොම තමයි කියලා, අනුන්ගේ පවුල් කඩලා හරියනවද? (නි)

:       0       0

ගාල්ලේ සමන් Saturday, 22 September 2012 07:20 AM

හමුදා නිලධාරීන් රණවරැවන් ලෙස ජීවිතාන්තය දක්වා සලකන්නේ අපේ රටේ පමණයි. ඒ ගෞරවය ආරක්ෂා කර ගන්නට බොහෝ අය දන්නේ නෑ. (නු)

:       0       0

කුරුවිට‍ Saturday, 22 September 2012 03:04 PM

දරුවන් දෙන්නෙකුගේ පියෙක් හා ආදරණීය සැමියෙක්..(ස)

:       0       0

අමිල කටුනායක Saturday, 22 September 2012 07:27 AM

මේජර්ව හොදට අන්දවලා මුදල් ගන්නත් ඇති..!(නු)

:       0       0

ජනක Saturday, 22 September 2012 03:21 PM

අයියෝ සල්ලි කියුවලු

:       0       0

ශෂි Monday, 24 September 2012 10:37 AM

මට නම් හිතෙන්නේ මේක මනුෂ්‍ය ඝාතනයක්. දිගටම පරීක්ෂණ පවත්වන්න. එතකොට ඇත්ත හෙළිවෙයි. (නි)

:       0       0

සිංහයා Sunday, 23 September 2012 08:35 AM

ගම කනවා

:       0       0

ප්‍රියන්ත Saturday, 22 September 2012 03:44 PM

ආශ්චර්‍යමත් රටක මේවත් වැඩද? මේ අනාගතය කියාපාන හොද අවස්ථාවක්.ගැඹුරින් සිතන්ත......(ස)

:       0       0

ප්‍රියා Saturday, 22 September 2012 03:54 PM

කෙල්ලන්ගේ හැටි ඔහොම තමයි..(ස)

:       0       0

දනුෂ්ක දිසානායක Sunday, 23 September 2012 08:54 AM

ආලය කලාවකි, ආලය මුලාවකි, කෙතරම් පඩිවරු කිවත් අනාවැකි, ආලය මිනි වල කපනා උදැල්ලකි...

:       0       0

ගයා Sunday, 23 September 2012 09:03 AM

තාත්තයි දුවයි බේරුනේ අනූ නවයෙන් කියලයි මටනම් හිතෙන්නේ?

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 25 September 2012 03:47 PM

මේක සැලසුම්ගතව සිදුකළ අපරාධයක් බවට සැක මතුවේ(නු)

:       0       0

රන්දෙණිය Saturday, 22 September 2012 09:02 AM

කවුද දන්නේ ඔය මේජර්ව මැරුවද කියලා.....?(ස)

:       0       0

ජනක Saturday, 22 September 2012 09:03 AM

හමුදාවේ ප්‍රධාන නිලධාරියෙක් වෙලත් මෙහෙම සියදිවි නසා ගනීවිද.. නැත්නම් ඔහු මැරුවද...??(ස)

:       0       0

රංජිත් Saturday, 22 September 2012 04:05 PM

පලමුව අම්ම පසුව දුවට හේත්තු උනා වගේ. (ස)

:       0       0

නාලක Saturday, 22 September 2012 09:21 AM

ලැජ්ජයි

:       0       0

සමන් Sunday, 23 September 2012 09:28 PM

මේක නම් මිනී මැරුමක්. සියදිවි හානි කර ගැනීමට තරම් හමුදා නිලධාරීන් මෝඩ නැහැ. තරුණියගේ පියා සැකකරන්න වෙනවා. (නි)

:       0       0

චමින්ද Sunday, 23 September 2012 10:16 AM

මේක නම් මිනී මැරුමක්. සියදිවි හාකි කර ගැනීමට තරම් හමුදා නිලධාරීන් මෝඩ නෑ.

:       0       0

ඉන්ද්‍රජිත් Saturday, 22 September 2012 10:08 AM

හමුදාවේ ගෞරවයට හානි වෙනවා කියා කියා චිත්‍රපටි තහනම් කරවපු, රණවිරු උපහාර ගී සංදර්ශන සංවිධානය කරපු දේශප්‍රේමී උත්තමයන්ගේ කටවල් වලට මේ දවස්වල කවුරුන් හෝ මුඛ බන්ධනයක් මතුරලාවත්ද කියා සොයා බැලීමට කොමිසමක් පත්කළ යුතුයි. අපේ රටට වින කටින එක හැරෙන්නට වෙන මොකුත්ම රාජකාරියක් නැති දියුණු විදේශ රටවල් මොන මොන කුමන්ත්‍රණ කරනවාද කවුද දන්නේ... (ස)

:       0       0

මුදිත Saturday, 22 September 2012 10:13 AM

අහිංසක බිරිය සහ දරුවන් පවු. තහනම් ගස් වලින් ගෙඩි කඩන්න යනවට හොදම හොද වැඩේ. (නි)

:       0       0

ජයන්ත - ඉබ්බාගමුව Saturday, 22 September 2012 10:27 AM

මෙම මේජර් මම හොදින් හදුනන අයෙක්, ඒ මා ගිය පාසලේ ඔහුද ශිෂ්‍යෙයකුව සිටි බැවින්. සම්පත් අයියා ප්‍රධාන ශිෂ්‍ය නායකයෙකු ලෙස සිටි අතර, ඇත්තෙන්ම හොද විනයකුත් තිබුණා. මා එකළ කුඩා ශිෂ්‍යෙයක් වූවත්, ඔහුගේ මිනිස් ගති පැවතුම් සහ හැසිරීම ඉතා හොද බව කිව හැකියි. එත් මම ඉහත සිද්ධිය ගැන කිසිවක් දන්නෙ නැහැ. තත්ත්වය කුමක් වූවත් මා ඔහුට නිවන් සුව පතනවා.(ස)

:       0       0

උමා Wednesday, 26 September 2012 09:56 AM

නියම වැඩේ. ඔහොම තමයි වෙන්න ඕනි. ඕකට මුල මුසාවාදයනේ ඉතින්. .(ස)

:       0       0

රමේෂ් Sunday, 23 September 2012 11:22 AM

ලොකු ගැටළුකාරී ප්‍රශ්නයක් (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Saturday, 22 September 2012 10:57 AM

ජයන්ත ඔබ කියන දේ ඇත්ත විය හැකියි. එහෙත් මිනිසකුට දේවත්වයේ සිට මලපෙරේතයකුගේ තත්වයට පිරිහෙන්න ගතවන්නේ ඇසිල්ලක් පමණයි. අපි දන්නා ඉතාමත් ගුණයහපත් චරිත හිමිව තිබුණ පහන් ටැඹවල් වන් මිනිසුන් කී දෙනෙක් අද වනවිට අංශක 180 කින් අනෙක් පැත්ත ගසා පරිහානියේ අන්තයට ගොස් තිබේදැයි මතක් කර බලන්න. කොහොම වුනත් ඔබට මෙන්ම මටත් කනගාටුයි.. (ස)

:       0       0

බණ්ඩාර Saturday, 22 September 2012 11:07 AM

යථාර්තය ගැන අපි දන්නේ නැහැ. නමුත් දරු දෙදෙනෙක් සිටින ඉහළ නිළදාරියෙක් මීට වැඩිය ආදර්ශවත් වුණානම් තමයි හොද. (නි)

:       0       0

අතපත්තු Sunday, 23 September 2012 11:31 AM

මේවා හොද පාඩම්. (නි)

:       0       0

නුවන් Sunday, 23 September 2012 11:24 AM

අපි කාටවත් ස්වභාදහමට විරුද්ධ විය නොහැක.

:       0       0

රණසිංහ හේරත් Saturday, 22 September 2012 05:38 PM

හැම දේටම දැං පේස් බුක් වග කියන්න වෙලා..!(නු)

:       0       0

ප්‍රියන්ත Friday, 21 September 2012 09:08 PM

මේවා හොද පාඩම්. (නි)

:       0       0

සුමිත් Monday, 24 September 2012 12:28 AM

මේක මිනීමැරුමක් කියලා මට හිතෙනවා. (නි)

:       0       0

රාජපක්ෂ Saturday, 22 September 2012 11:31 AM

මැරුණද ! මැරුවද ! (ස)

:       0       0

මනම්පේරි Saturday, 22 September 2012 11:42 AM

කමක් නෑ. එයා දැන් මැරිලා ඉවරයිනේ .අනික් කට්ටියත් අනිත් කට්ටියත් මේවගෙන් පාඩම් ඉගෙන ගනීවි. තහනම් ගෙඩි කද්දි ෆොටෝ නොගෙන ඉන්න..(ස)

:       0       0

ඇන්ටන් Friday, 21 September 2012 09:19 PM

පවු අසරණ දරුවෝ! (නි)

:       0       0

ප්‍රසන්න Sunday, 23 September 2012 12:12 PM

පසුගිය යුධ සමයේ හමුදාවට බදවාගත් මේජර්ලා හුගදෙනෙක් මානසික ලෙඩ්ඩු කියන්නේ ඇත්තද? (නි)

:       0       0

චින්තක Thursday, 27 September 2012 12:47 PM

ආදරය සුන්දුර වරදකි කිසිදා සමාවක් නම් නැති.. (නු)

:       0       0

මොහොමඩ් Friday, 21 September 2012 09:32 PM

මේජර්ලාට අපලයි. (නි)

:       0       0

ජනක Saturday, 22 September 2012 11:50 AM

17 හැවිරිදි තරුණීය පොලිසිය නොමග යවන්නද සිව් වතාවක් පමණයි හමුවුණේ ඒත් ක්ලාස් යද්දි විතරයි කියලා තියෙන්නේ. ඇගේ පියත් එක වතාවයි දැක්කේ කියලා තියෙන්නේ.මේ අය සැලසුම් කරලා මොහු මැරුව බවට සැකකරන්න වෙනවද ? (ස)

:       0       0

තාරක Saturday, 22 September 2012 11:57 AM

මේව‍‍ගේ අය මැරෙන්නමයි ඕනි....(ස)

:       0       0

ජානි Sunday, 23 September 2012 12:31 PM

මම හිතන්නේ මේ සිද්ධියේදී ගොඩක් සිතිය යුතු පැති තිබෙනවා කියලයි (නි)

:       0       0

ශාන් Saturday, 22 September 2012 12:25 PM

කෙල්ල කෙල්ලගේ තාත්ත එක්ක හවුල්වෙලා හොද ගේමක් ගහපු බව පේනවා. කෙල්ල පෙන්නලා හොදට හොයාගෙන තියෙනවා වගේ. අන්තිමේදී මරලදාන්න ඇති. (ස)

:       0       0

කමල් Saturday, 22 September 2012 07:09 PM

මේක හැමෝටම හොද පාඩමක්..!(නු)

:       0       0

රොහාන් Monday, 24 September 2012 03:15 AM

මේක මේජර්ලාට අපල කාලයක්. (නි)

:       0       0

පෙරේරා Saturday, 22 September 2012 12:28 PM

අන්තෝ ජඨා බහි ජඨා (ස)

:       0       0

ගමගේ Saturday, 22 September 2012 12:35 PM

වැඩෙ නමි අභිරහස් මරනයක් වගේ .තරුණියගේ පියා විශ්‍රාමික යුද හමුදා සැරයන් කෙනෙක් නේ..(ස)

:       0       0

සිල්වා Saturday, 22 September 2012 12:41 PM

මනම්පේරි ඔ‍බේ අදහසට මාත් එකඟයි..(ස)

:       0       0

උපුල් Saturday, 22 September 2012 12:39 PM

ආදරයට සීමාවල් නෑ..නමුත් මේ ගැන හොඳට හොයලා බලන්න ඕනි.(ස)

:       0       0

සනත් Friday, 21 September 2012 10:57 PM

විශ්‍රාමික යුද හමුදා සැරයන් මේජර්.... මැරුණ මේජර්ට දුව පෙන්නලා වාසි ලබාගෙන ඇති ආකාරයක් තමයි පේන්නෙ.. නැත්නම් බොරු සාක්ෂි දෙන්න ඕන නැහැනෙ..!(නු)

:       0       0

දයාරත්න Saturday, 22 September 2012 12:41 PM

දැන් මොකද කරන්නේ

:       0       0

ලාල් Monday, 24 September 2012 08:06 AM

තමන්ට කියලා රූමත් බිරියක් සහ දරුවන් සිටියදී මෙවැනි දේවල් කළාට මෙහෙම වෙලා මදි (නි)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 22 September 2012 01:00 PM

දරුවන්ගේ ආදර සම්බන්ධ වලින් දෙමාපියෝ අසරණ වෙනවා..(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 982 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 2020 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 1062 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 353 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1580 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 1111 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39790 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25850 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 82 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 390 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1255 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site