බණ්ඩාරගම වල්ගම ප්‍රදේශයේ මඤ්ඤොක්කා ගලවාගෙන ගිය සොරෙකු ග්‍රේරෝ නම් පොලිස් සුනඛයාගේ ඉවෙන් අල්ලා ගැනිමට බණ්ඩාරගම පොලිසිය සමත් වුහ.
හේනේ තිබු සෙරප්පුවක් ඉව කිරීමෙන් පසු ග්‍රේරෝ සොරා සොයා ගියේය.
බණ්ඩාරගම වල්ගම ප්‍රදේශයේ මඤ්ඤොක්කා ගලවාගෙන ගිය සොරෙකු ග්‍රේරෝ නම් පොලිස් සුනඛයාගේ ඉවෙන් අල්ලා ගැනිමට බණ්ඩාරගම පොලිසිය සමත් වුහ.
හේනේ තිබු සෙරප්පුවක් ඉව කිරීමෙන් පසු ග්‍රේරෝ සොරා සොයා ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර ග්‍රේරෝලගේ නෑදෑයෝද? (නි)
බඩගින්න නිසා කළ පුංචි සොරකමක් වෙන්න ඇති. (නි)
කවුද මේ බල්ලව මේ වැඩේට දාලා තියෙන්නේ? (නි)
මඤ්ඤොක්කා හොරු අල්ලන්න පොලිස් බල්ලෝ මෙහෙයවන්න පොලිස් නිලධාරීන් හිටියට ඔය රටේ අතුරුදහන් වෙන මිනිස්සු පාරේ මරලා දාන උදවිය අල්ලන්න ලංකාවේ ඔය කියන එක බල්ලෙක්වත් නැහැ. රටේ මිනිස්සු බල්ලෝ වගේ මරල දාද්දි රටේ නීතිය මඤ්ඤොක්කා හොරු අල්ලනවා. (නි)
බණ්ඩාරගම පොලිසියේ මහත්තුරුත් අති දැවැන්ත වැඩක් නේ කරලා තියෙන්නේ. අර පොල් ගෙඩි 4 ට හිරේ දැම්ම කතාවට දෙවෙනි නැහැ මේකත් (නි)
රටේ තිබෙන ආර්ථිකය ජීවත් වන්න අමාරු නිසා හොරෙන් මඤ්ඤොක්කා කන එක සාධාරණයි (නි)
රට තිබන අර්ටික ය හමුවේ ජිවත් වෙන්න අමාරුයි
රටේ තිබන අර්ටිකයෙන් ජිවත් වන්න අමාරු නිසා හොරන් මඤ්ඤොක්කා කන එකසාධාරණයි
උසස්වීමක් දියයුතුයි.
බල්ලාගේ නමයි අර අහවලාගේ නමයි ටිකක් ළගින් යනවා වගේ නේද? (නි)
මේ සේරම දේ කරන්නේ අහිංසක මිනිස්සුන්ට නේද ? (නි)
මේක සුනඛයට කරපු අසාධාරනයක්. (නි)
රටේ මේ තරම් අපරාධ වෙද්දී මඤ්ඤොක්කා හොරු අල්ලන්න බල්ලෝ දානවද?මේවට කියන්න වචන නැහැ (නි)
බල්ලට තිබෙන ඉව පොලීසියට තිබෙනවා නම්... (නි)
කාගේ හරි ලොක්කෙක්ගේ වත්තක් වෙන්න ඇති. ඒකයි පොලිසිය ඔච්චර උනන්දු (නි)
පත්තරේ දැම්මම ග්‍රේරෝට ලේජ්ජ හිතිලා ඇති. පවු අහිංසකයා (නි)
බණ්ඩාරගම වල්ගම මීට වඩා හොද හොරු නිදැල්ලේ ඉන්නවා (නි)
මෙවෙනි විහිළු අපේ පොලිසියත් කරනවා ඒවා මාද්‍යයෙන් උලුප්පා පෙන්වා විහිළුව ඩබල් කරනවා.
ඇයි මේ බල්ලා වැලිවේරියට යවන්නේ නැත්තේ? (නි)
මඤ්ඤොක්කා හොරා අල්ලන්නත් පොලිස් සුනඛයෝ යොදාගෙන වීර මෙහෙයුමක් කරලා. ඒත් කටුගෙයි සොරා අල්ලගන්න මොනතරම් නම් කරදර වුණාද? (නි)
අයියෝ! බල්ලන් දානවද මඤ්ඤොක්කා හොරු අල්ලන්න? (නි)
මිනීමරන උන් හොයන්න බැරි අය බල්ලන් දානවද හොරු අල්ලන නොදෝමකින් ,,,,,(අ)
ඔය වගෙ දෙයක් නම් කරයි. හැබැයි මඤ්ඤොක්කා හොරු තමා අල්ලන්නෙ (නි)
අනේ ඔය වගේ පොඩි හොරකමකට ග්‍රේරෝව යවන්න එපා. මීට වඩා ලොකු හොරකම්, දුෂණ නැද්ද මේ රටේ? (නි)
අයියෝ!!මඤ්ඤොක්කා අලේටත් පොලිස් බල්ලෝ ගෙනැල්ලද?ෂා... මරුනේ !!! ඔන්න දැන්නම් පොඩි පොඩි හොරු අඩු වෙයි. එහෙත්,ලොකු හොරු?? (නි)
බඩගින්නට කන්නට දෙයක් සොරකම් කළ මිනිසා අල්ලන්න පොලිස් බල්ලා දාලා.මහා පරිමාණ හොරු අල්ලන්න කිසිම සතෙක් නැහැ .මේක තමා( අ)මුතු ඇටේ නම් රටේ හැටි.අනේ කාලේ වනේ වාසේ! (නි)
ඔය කියන සුනඛයාට බැයිද රටේ ඉන්න මත් කුඩු ජාවාරම්කාරයන්ව අල්ලන්න? (නි)
මේ රටේ වෙන අපරාධ වෙන්නේ නැද්ද මේ පොලිස් බල්ලෝ මඤ්ඤොක්කා හොරු අල්ලන්න දාන්නේ (නි)
ඒ වගේ වැදගත් සුනඛ නිලධාරියෙකුගෙන් ගන්න කෝටියක් වටිනා වැඩ තියෙනවා කියලයි මං නම් හිතන්නේ. (නි)
ඔයිට වඩා ලොකු හොර කම් වෙනවා ආයුබෝවන්
මිනිස්සුන්ට එදා වේල හොයා ගන්න එකත් ප්‍රශ්නයක් වෙලා.බඩගින්නට ගලෝගන්න ඇති අනේ. අරහේ කුඩු ගේන ලෝක හොරු නිදැල්ලේ. (නි)
දැන් පොලිස් බල්ලනටත් 'බල්ලා මාර්ක්' කරන්න වගෙයි යන්නේ (නි)
මඤ්ඤොක්කා කොටුව කාගේ හරි ලොකු එක්කෙනෙක්ගේ වෙන්න ඇති (නි)
පොලිස් බල්ලෝ මඤ්ඤොක්කා හොරු අල්ලන්න? වීර මෙහෙයුමක් නේ? කුඩු,අපරාධ, මහා පරිමාණ හොරු නැද්ද අල්ලන්නේ. (නි)
මේකත් ලොකු හොරකමක් තමා. විශාල මහන්සියක් දරලා හේනක් හදලා, ඒකට බෙහෙත් පෝර දාලා, වල් නෙලලා, වතුර දාලා, මහා පරිමාණ වගාවකින් අස්වැන්න බලාපොරොත්තුවෙන් ඉන්නකොට වැඩක් නොකර අනුන්ගේ මහන්සිය සොරකම් කරන පල් හොරෙක් ඒ අස්වැන්න අරන් යන එක විශාල හොරකමක්. පොලිස් බල්ලො දාලා හරි අල්ලපු එක හොඳයි. (නි)
දුප්පතා මඤ්‍ඤොක්කා හොරකම් කළ ඒවා ඇල්ලුවාට මහා පරිමාණ වංචා අහුවෙන්නෙම නැති හැටි? (නි)